Wednesday, October 1, 2025

පාඩම 13

 පාඩම 13



මනුස්ස, ප්‍රේත, භූත, අසුර හා දිව්‍යලෝක? 

 භූතයන්, ප්‍රේතයන්,දෙවියන්‭ ‬කියන්නෙ කවුද? එහෙම අය නැද්ද? එයාල කොහෙද ඉන්නෙ? මොනවද කරන්නෙ? අපායක්‭ ‬තියෙනවද? දිව්‍යලෝක තියෙනවද? කොහෙද තියෙන්නෙ?  වගේ බොහෝ ප්‍රශ්ණ වලට නියම පිළිතුරු‭ ‬මෙහි‭ ‬තියෙනවා... කියවලම බලන්න... ඔබට පුදුමත්‭ ‬හිතෙයි...
මනුස්ස‭ ‬‍ලොව පදනම වී‭ ‬ඇත්තේ ආශාව, අපේක්ෂාව, සංසිඳවීම, ගැටීම, සැකය ආදී‭ ‬දෙය පදනම්‭ ‬කරගෙනය. සංසාරයෙන්‭ ‬එතෙර වන්නට සිතන අයෙකුට ලැබිය හැකි‭ ‬වඩාත්ම ප්‍රයෝජනවත්‭ ‬බව නම්‭ ‬මිනිස්‭ ‬බවක්‭ ‬ලැබීමයි.
මනුස්ස උපතකින්‭ ‬පසු‭ ‬ලැබෙන ජිවිතය නිවැරදි‭ ‬ලෙස යොදා ගන්නේ නම්‭ ‬ඉතා ඉහළ ඵල ලැබිය හැකිය. මනුස්ස භවය ඉහාම දුර්ලභව ලැබෙන්නකි. එයට හේතුව අප මනුස්ස ජීවිතයට, වස්තුවට ඇති‭ ‬තණ්හාව ආදී‭ ‬කරුණු‭ ‬හේතුවෙන්‭ ‬වැරදි‭ ‬සිතුවිලි‭ ‬හා ක්‍රියාවන්හි‭ ‬නිරතවීමයි. එමනිසා බොහෝ විට මනුස්ස භවයක්‭ ‬ලැබු‭ ‬බොහෝ දෙනෙකු‭ ‬නැවත උපත ලබන්නේ ඊට පහත්‭ ‬භවයකය.
මනුස්ස භවයක්‭ ‬ලබා ගැනීම සඳහා කුසල්‭ ‬රැස්කිරීම ඉතා අපහසුය. එසේම එය සෙමින්‭ ‬සිදුවන්නකි. එම නිසා මනුෂ්‍ය භවයක්‭ ‬ලබා ගැනීම සඳහා විශාල ආත්ම ගණනක්‭ ‬බලා සිටින්නට සිදු‭ ‬වේ.
මිනිසෙකුට තම මරණින්‭ ‬පසුව නැවත මිනිසෙකු‭ ‬ලෙසම උපදින්නට ලැබුණ හොත්‭ ‬ඔහු‭ ‬ඝන ශරීරයක්‭ ‬සහිත සමාන උපතක්‭ ‬ලැබුවා යැයි‭ ‬කියනු‭ ‬ලබනව. නමුත්‭ ‬මෙය කොහෙත්ම ලේසි‭ ‬පහසු‭ ‬කටයුත්තක්‭ ‬නම්‭ ‬නොවේ. මිනිස්‭ ‬අත්බවක්‭ ‬ලැබීම ඉතාමත්‭ ‬දුර්ලබ කටයුත්තකි. තමන්ට හිමිකමක්‭ ‬ඇති‭ ‬සුදුසු‭ ‬මව්‭ ‬කුසක්‭ ‬සොයා ගැනීමට ඉතා දීර්ඝ කාලයක්‭ ‬බලා සිටිය යුතු‭ ‬වෙනව. මේ උස්‭ ‬පහත්‭ ‬දෙකම සමව තිබෙන තැනක්‭ ‬තමයි‭ ‬මනුස්ස ලොව කියල කියන්නේ.
(මේ කියන දේවල්‭ ‬පිළිබඳව භෞතික විද්‍යා ඇහෙන්‭ ‬බලා තේරුම්‭ ‬ගැනීමට නොහැකි‭ ‬වනු‭ ‬ඇත. මේවා මණැසින්‭ ‬බලා තේරුම්‭ ‬ගත යුතු‭ ‬දේවල්ය. අප ඇසෙන්‭ ‬දකින බොහෝ දේවල්‭ ‬හුදු‭ ‬මායාවන්මය. ඇස්‭ ‬වසා ගෙන නුවණින්‭ ‬දකින දේ සත්‍ය වනු‭ ‬ඇත)
මනුස්සයන්න්ටම සමහර තැනකදී‭ ‬අසුර කියාද කියන බවත්‭ ‬හොඳට සිහි‭ ‬තබා ගන්න. මෙතන තමයි‭ ‬කවුරුත්‭ ‬වගේ පටලවා ගන්න තැන. මෙය මෙහෙම තේරුම්‭ ‬ගන්න බලන්න. මෙය හරියට තේරුම්‭ ‬ගතහොත්‭ ‬ඔබ මහත්‭ ‬ප්‍රඤ්ඤාවන්තයෙකු‭ ‬වෙනවාමයි.
1.ඝන වූ‭ ‬මාංශ කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට පෙනෙන මනුස්සයො ඉන්නව. (මනුස්ස(අසුර), රාක්ෂ,යක්ෂ)
2.සියුම්‭ ‬වූ‭ ‬කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට නොපෙනෙන මනුෂ්‍යයො ඉන්නව. (මනුෂ්‍ය(අසුර), රාක්ෂ, යක්ෂ)
3.ඝන වූ‭ ‬මාංශ කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට පෙනෙන දෙවියෝ ඉන්නව. (සම්මත දේව(සුර), රාම්, සක්කස්ස දේව වැනි)
4.සියුම්‭ ‬වූ‭ ‬කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට නොපෙනෙන දිව්‍යයෝ ඉන්නව. (උප්පත්ති‭ ‬දේව(සුර+අසුර)  - සදිව්‍යලෝක වල ඉන්න දෙවිවරු) 
5.ඝන වූ‭ ‬මාංශ කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට පෙනෙන අමනුස්සයො ඉන්නව. (අමනුස්ස(අසුර), යක්ඛ, නාග, මිනිස්‭ ‬කුම්භණ්ඩ, මිනිස්‭ ‬ගන්ධබ්බ වැනි)
6.සියුම්‭ ‬වූ‭ ‬කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට නොපෙනෙන අමනුෂ්‍යයො ඉන්නව. (අමනුෂ්‍ය(අසුර), යක්ඛ, අමනුෂ්‍ය නාග, අමනුෂ්‍ය කුම්භාණ්ඩ, අමනුෂ්‍ය ගන්ධබ්බ වැනි)
7. භෞතික වශයෙන්‭ ‬සහ මනෝරූපීයමය වශයෙන්‭ ‬යන දෙයාකාරයෙන්ම සකස්වී‭ ‬ඇති‭ ‬දේවලෝක-දිව්‍යලෝක, මනුස්සලෝක-අමනුෂ්‍යලෝක ආදිය තිබෙනවා. 
හොඳයි‭ ‬ඔය කරුණු‭ ‬7 පිළිබඳව ඔබ මනා විශ්ලේශනයක්‭ ‬කළහොත්‭ ‬මහා අවුල්‭ ‬ගොඩකින්‭ ‬මිදෙන්න පුලුවන්. මේ ලෞකික සම්මා දිට්ඨියේ වැදගත්ම තැනක්. මේතන ලිහා ගත්තොත්‭ ‬ඉන්‭ ‬එහා හරිම සරලයි.
මෙලොව ජීවත්‭ ‬වන මිනිසුන්‭ ‬මරණින්‭ ‬පසු‭ ‬නැවත උපතක්‭ ‬නියතවම ලබනව‭ ‬(අරහතුන්‭ ‬හැර). ඒ උපදින අය අතරින්‭ ‬විශාල කොටසක්‭ ‬උපදින්නේ නිරය, තිරිසන්, ප්‍රෙත, අපාඅසුර කියන ‭ ‬සතර අපායේමයි. තව සුළු‭ ‬කොටසක්‭ ‬නැවත මිනිස්‭ ‬ලොවමද, සදිව්‍යලෝක තල වලද, බ්‍රහ්ම ලෝක තල වලද කර්මානුකූලව උපදිනු‭ ‬ලබනව. 
මේ අයගෙන්‭ ‬ඝන වූ‭ ‬ශරීර ඇතිව‭ ‬(පියවි‭ ‬ඇසට පෙනෙන ආකාරයෙන්) උපදින්නේ මිනිස්‭ ‬ලෝකයේ, සම්මත දේවලෝකයේ හා තිරිසන්(පක්ෂි‭ ‬උරග ජලජ සිව්පා ඇතුළුව) ලෝකයේ උපදින අය පමණයි. අනෙකුත්‭ ‬(බ්‍රහ්ම ලෝක තල‭ ‬4ක හැර) සියල්ලෝම උපදින්නේ අපගේ පියවි මිනිස්‭ ‬ඇසට නොපෙනෙන ආකාරයෙන්‭ ‬සියුම්‭ ‬වූ‭ ‬ශරීරයක්‭ ‬සහිතවය. මෙසේ සියුම්‭ ‬වූ‭ ‬ශරීර සහිතව උපදින සියල්ලන්ම උපදිනුයේ ඕපපාතිකවමය. එනම්‭ ‬මව්‭ ‬කුසක්‭ ‬නොමැතිවය.
මෙහිදී‭ ‬අප සෑම කෙනෙකුම මරණින්‭ ‬මතු‭ ‬උපදින ස්ථානයන්‭ ‬පිළිබඳව නිසි‭ ‬අවබෝධයක්‭ ‬ගත යුතුම වෙනව. එවිටයි‭ ‬අපට මේ ලෝකය කුමක්දැයි‭ ‬නිසියාකාරව අවබෝධ වන්නේ. මේ මරණින්‭ ‬මතු‭ ‬උපදින අයගෙන්‭ ‬සමහරෙකු‭ ‬ජීවත්ව සිටිය තත්වයට වඩා පහළ තත්වයකටත්, සමහරෙකු සම තත්වයකටත්,  සමහරෙකු‭ ‬ඉහළ තත්වයකටත්‭ ‬අනුව උපදිනව. එය සිදුවන්නේ තමන්‭ ‬පෙර කළ හෝ මෙකළ කරන ලද කර්ම ශක්තීන්ට අනුරූපවමයි.  
ලොව සිටින්නාවූ සියලු‭ ‬දෙනාම සංඛාර කරමින්‭ ‬යන බව ගමන කෙළවර නොකළහොත්‭ ‬මරණින්‭ ‬පසුව පියවි‭ ‬ඇසට නොපෙනෙන ආකාරයෙන්‭ ‬සියුම්‭ ‬වූ‭ ‬ශරීරයක්‭ ‬සහිතව හෝ ඝන වූ‭ ‬ශරීරයක්‭ ‬සහිතව උසස්‭ ‬පහත්‭ ‬ස්ථාන භේදයකට අනුව කිසියම් තැනෙක උපදිනු‭ ‬ලබනව. ඝන වූ‭ ‬ශරීරයක්‭ ‬ඇති‭ ‬අය සම්මත දේව ලොව, මිනිස්‭ ‬ලොව හා තිරිසන්‭ ‬ලොව‭ ‬(පක්ෂි‭ ‬උරග ජලජ සිව්පා සහිත‭ ‬) උපදින අය බවත්‭ ‬අප තේරුම්‭ ‬ගත යුතුයි. එමෙන්ම සියුම්‭ ‬වූ‭ ‬ශරීර ඇතිව සාමාන්‍ය මිනිස්‭ ‬ඇසට නොපෙනෙන අය නිරය, ප්‍රේත, අසුර, දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල ඕපපාතිකව උපදින බවත්‭ ‬තේරුම්‭ ‬ගත යුතුයි. 
යමෙකු‭ ‬නිරය, තිරිසන්‭ ‬හෝ ප්‍රේත වැනි‭ ‬ලොවක ඉපදීම පහළ තත්වයක ඉපදීමක්‭ ‬වනවා වගේම දිව්‍ය හෝ බ්‍රහ්ම ලොවක ඉපදීම ඉහළ තත්වයක්‭ ‬‍යයි‭ ‬සාමාන්‍යයෙන්‭ ‬අපි‭ ‬කියනව. මේ උස්‭ ‬පහත්‭ ‬දෙකම සමව තිබෙන තැනක්‭ ‬තමයි‭ ‬මනුස්ස ලොව කියල කියන්නේ.
  
මිනිසෙකුට තම මරණින්‭ ‬පසුව නැවත මිනිසෙකු‭ ‬ලෙසම උපදින්නට ලැබුණ හොත්‭ ‬ඔහු‭ ‬ඝන ශරීරයක්‭ ‬සහිත සමාන උපතක්‭ ‬ලැබුවා යැයි‭ ‬අප මෙහිදී‭ ‬කියනු‭ ‬ලබනව. නමුත්‭ ‬මෙය කොහෙත්ම ලේසි‭ ‬පහසු‭ ‬කටයුත්තක්‭ ‬නම්‭ ‬නොවේ. මිනිස්‭ ‬අත්බවක්‭ ‬ලැබීම ඉතාමත්‭ ‬දුර්ලබ කටයුත්තකි. තමන්ට හිමිකමක්‭ ‬ඇති‭ ‬සුදුසු‭ ‬මව්‭ ‬කුසක්‭ ‬සොයා ගැනීමට ඉතා දීර්ඝ කාලයක්‭ ‬බලා සිටිය යුතු‭ ‬වෙනව. 
සමහර මිනිසෙකුට තම මරණින්‭ ‬පසුව‭ ‬(ඉහළ හෝ පහළ තලයක උපදින්නට හේතුවන බලවත්‭ ‬පුණ්‍ය හෝ පාප කර්මයක්‭ ‬කර නැතිනම්) තමන්‭ ‬ජීවතුන්‭ ‬අතර සිටි‭ ‬කාලයේ ගති‭ ‬සිරිත්‭ ‬වලට සහ රූපයට සමාන ලෙසට මැවුනු‭ ‬සියුම්‭ ‬වූ‭ ‬ශරීරයක්‭ ‬සහිතව ඕපපාතිකව උපදින්නට අවශ්ථාව සැලසෙනව. මෙන්න මේ කියන අවශ්ථාවටත්‭ ‬අප පොදුවේ‭ ‬'භූත/අන්තරාභවික/ගන්ධබ්බ’ කියන නම්‭ ‬ව්‍යවහාර කරනව. (මෙතනදී‭ ‬වචන අල්ලගෙන ගැටෙන්නට නොයා අදහස ත පමණක්‭ ‬වටහා ගන්නට බලන්න‭ ‬) මේ කියන භූත ලොව ඉපදීමද රූපයට, ගතියට සමාන රුවක්‭ ‬ඇතිව සියුම්‭ ‬කායයක්‭ ‬සහිතව උපතක්‭ ‬ලැබුවා යැයි‭ ‬කියනු‭ ‬ලබනව.  
 මේ සම තත්වයන්‭ ‬තුලත්‭ ‬කිසියම් උස්‭ ‬පහත්‭ ‬භේද ඇතිව උපදින බව අප දත යුතුයි. මෙම සමාන තත්වයෙන්‭ ‬ඉපදීමටම ගන්ධබ්බ අවශ්ථාව කියලත්‭ ‬හඳුන්වන්න පුලුවන්. සමහරුන්‭ ‬නම්‭ ‬මේකට කියන්නෙ අන්තරාභවයක ඉන්නව කියලයි. කොහොම වුනත්‭ ‬මේ උපතක්මයි‭ ‬සිදුව ඇත්තේ කියල වටහා ගන්න.
ඇත්තටම මේ ඉපිද ඇත්තේ මනෝමය වූ‭ ‬අසුර ලොවකයි. ඝන වු‭ ‬කයක්‭ ‬නැති‭ ‬නිසා තමන්ට කිසිවක්‭ ‬කර කියා ගන්නට ඔහුට නොහැකියි. තමන්ගේ ඤාති‭ ‬හිත මිතුරන්‭ ‬ඔහු‭ ‬වෙනුවෙන්‭ ‬කැප කර දෙන දේනම්‭ ‬ගන්නට, භුක්ති‭ ‬විඳින්නට පුලුවන්. එත්‭ ‬යමක්‭ ‬කියල ඉල්ල ගන්නත්‭ ‬බෑ. දුකම තමයි‭ ‬ඔහුට දැන්‭ ‬විඳින්නට වෙලා තියෙන්නෙ. මෙයින්‭ ‬මිදෙන්න නම්‭ ‬එක්කෝ තමන්ගේ කර්ම ශක්තිය ඉවර වෙල අන්‭ ‬තැනක්‭ ‬උපදින්න ඕනි, නැතිනම්‭ ‬කවුරු‭ ‬හරි‭ ‬දෙන පිං අනුමෝදන්‭ ‬වෙලා සුගතියකට යන්නට ඕනි. ඉතින්‭ ‬මේ තත්වයටත්‭ ‬කියන්නෙ අපා අසුර ලොව ඉපදුනා කියලා තමයි. අපායට ගියොත්‭ ‬ආයිත්‭ ‬ගොඩ එන්න නම්‭ ‬ලේසි‭ ‬පහසු‭ ‬නෑ. නිරය නම්‭ ‬ඉතින්‭ ‬මිටත්‭ ‬වඩා මහා භයානකයි.
මිනිස්‭ ‬ලොව අවසන්‭ ‬කාල සීමාවේ තිබුණු‭ ‬ගති‭ ‬හා රූප ලක්ෂණ වලට ආවේණිකවම බොහෝ දුරට සමාන ලෙසමයි‭ ‬මෙම සමාන රූපී‭ ‬උපත සිදුවන්නේ. එනම්‭ ‬මෙහිදී‭ ‬'නාමකාය' එලෙසමත්‭ ‬'රූපකාය' එලෙසින්ම සියුම්‭ ‬සිරුරක්‭ ‬ලෙසිනුත්‭ ‬උපත ලැබීමයි.  මෙහි‭ ‬ආයුෂ දින ගනනක්‭ ‬වන සුලු‭ ‬කලක්‭ ‬වෙන්නත්‭ ‬පුලුවන්‭ ‬වගේම අවුරුදු‭ ‬දහස්‭ ‬ගනනකටත්‭ ‬වැඩි‭ ‬දිගු‭ ‬කළක්‭ ‬වෙන්නත්‭ ‬පුලුවන්. එය තීරණය වන්නේ තමන්ගේම කර්ම ශක්තිය මතයි.  
භූතයින්‭ ‬යනු‭ ‬ඔබ සිතා සිටින ආකාරයේ පහත්‭ ‬පිරිසක්‭ ‬හෝ භයානක හොල්මන්‭ ‬කරන කොටසක්ම නොවේ. මෙහිදී‭ ‬ඔබ මේවා තේරුම්‭ ‬ගැනීමට නම්‭ ‬ඔබ සිතේ මැවී‭ ‬ඇති‭ ‬හා චිත්‍ර වලින්‭ ‬දුටු‭ ‬රූප ආදිය අමතක කර බුද්ධිමත්ව දැකිය යුතුය. 
මිනිසුන්‭ ‬හොඳ නරක වන්නාක්‭ ‬මෙන්ම භූතයින්ද හොඳ නරක වනු‭ ‬ඇත. ප්‍රේත භූත, අසුර භූත, මනුෂ්‍ය භූත, යක්ෂ භූත, යක්ඛ භූත, නාග භූත, ගන්ධබ්බ භූත, කුම්භාණ්ඩ භූත, දේව භූත ආදී‭ ‬වශයෙන්‭ ‬භූතයින්‭ ‬විවිධාකාර වෙති. මෙසේ බොහෝ ජාතීන්‭ ‬ඇති‭ ‬නිසා බහුභූත වෙති. මිනිසුන්‭ ‬අතර උස්‭ ‬පහත්‭ ‬තරා තිරම්‭ ‬ඇතිවාක්‭ ‬මෙන්ම භූතයින්‭ ‬අතරද එසේම උස්‭ ‬පහත්‭ ‬තරා තිරම්‭ ‬වෙයි. 
අප සිටින මේ භෞතික වූ‭ ‬මිනිස්‭ ‬ලොවෙහි‭ ‬ප්‍රතිබිම්බය භූත ලෝකය යැයි‭ ‬කීවොත්‭ ‬බොහෝ දුරට නිවැරදියි. මිනිස්‭ ‬ලොව සිටින මිනිස්‭ ‬ඇසට පෙනෙන ඝන ශරීර ඇති‭ ‬අය මිනිසුන්ය. මිනිස්‭ ‬ලොව අවට සිටින මිනිස්‭ ‬ඇසට නොපෙනෙන සියුම්‭ ‬ශරීර ඇති‭ ‬අය භූතයින්ය.  මිනිස්‭ ‬ලොව සිටින මනුස්සයින්ට වඩා ලක්ෂ, කෝටි‭ ‬ගනනකට වඩා මේ භූත ලොව ජනගහනය අධික වන අතර එය මෙතෙක්‭ ‬යැයි‭ ‬කිව නොහැකිය. 
 මෙම සිරුර සියුම්‭ ‬රූපමය හා මනෝමය වශයෙන්‭ ‬නිර්මාණය වන්නකි. එය අන්‭ ‬අයට ස්ඵර්ශ කල නොහැකිය. එහි‭ ‬බරක්‭ ‬නැත. භෞතික වූවක්‭ ‬නොවේ. එය සාමාන්‍ය මිනිස්‭ ‬ඇසට හෙවත්‭ ‬මසැසට නොපෙනේ.  සිත දියුණු‭ ‬කරගත්‭ ‬උතුමන්ට පෙනේ. එය අධි‭ ‬උච්ච සංඛ්‍යාතයකින්‭ ‬බ්‍රමණය වන්නකි. එයට බිත්ති,කඳු,පොළොව ආදී‭ ‬ඕනෑම තැනක්‭ ‬සිසාරා ගමන්‭ ‬කල හැකිය. ඉතා දුර සිට කෙනෙකුගේ රූපය තම දුරකථනයෙන්, පරිඝණකයෙන්‭ ‬හෝ රූපවාහිණියෙන්‭ ‬ඔබ දකින්නාක්‭ ‬මෙනි. 
 මොවුන්ට කොතරම්‭ ‬දුරකට වුවත්‭ ‬සැණෙකින්‭ ‬යා හැකිය. දුරක වෙන දෙයක්‭ ‬දැකිය හැකිය, ඇසිය හැකිය. මිනිසුන්‭ ‬කරන කියන දේවල්‭ ‬තමන්ට ඇසිය දැකිය හැකිය. එහෙත්‭ ‬තමන්ට සාමාන්‍ය මිනිසුන්‭ ‬ඉදිරියේ පෙනෙන්නට හෝ යමක්‭ ‬කියන්නට නොහැකිය. (නමුත්‭ ‬නිද්‍රාගත අවශ්ථාව වැනි‭ ‬මනස ඒකාග්‍ර වන සමහර අවශ්ථා වලදී‭ ‬ඇතැම්‭ ‬මිනිසුන්‭ ‬වෙත පෙනී‭ ‬යමක්‭ ‬කියන්නට හෝ සංඤා හුවමාරු‭ ‬කිරීම්‭ ‬වැනි‭ ‬දේ කරන්නට පුලුවනි.)
මෙම විවිධ වූ‭ ‬භූත කොටස්‭ ‬සිටිනුයේ ගස්, ගල්, කඳු, ඇල,දොල,ගංගා, මං මාවත්, ගම්‭ ‬නගර, කෙත්‭ ‬වතු, ගෙවල්, ඉඩකඩම්, වස්තු‭ ‬දේපොළ ඇති‭ ‬තැන්‭ ‬ආදී‭ ‬නොයෙකුත්‭ ‬ස්ථාන වල කර්ම ශක්තීන්ට අනුව තම තමන්ට වෙන්වූ‭ ‬විමණක්‭ ‬මවාගෙන හෝ නොමැතිවය. 
බොහෝ විට මොවුන්ට මිනිස්‭ ‬ලොව සිටියදී‭ ‬සිටි‭ ‬ඤාතීන්‭ ‬හා වස්තු‭ ‬දේපොළ වලට කිසියම්‭ ‬වූ‭ ‬අයිතිවාසිකමක්‭ ‬ඇත. එනිසා ඔවුන්‭ ‬ඒවාට ආශාවෙන්‭ ‬සිටිනවානම්‭ ‬ඒවා ආරක්ෂා කිරීමටත්, ඒවා බලා කියා ගන්නන්ට උදව්‭ ‬උපකාර කිරීමටත්, ඒවා විනාශ කරන්නන්ට සතුරු‭ ‬කම්‭ ‬කිරීමටත්‭ ‬නිබඳවම පෙළඹෙනු‭ ‬ඇත.  
මේ භූත කොටස්‭ ‬වලට හරි‭ ‬හම්බ කරගෙන උපයා සපයා ගැනීමක්‭ ‬කල නොහැකිය. ඔවුන්‭ ‬භුක්ති‭ ‬විඳින්නේ මිනිසුන්‭ ‬ලබා දෙන දෙයක්‭ ‬හෝ ඔවුන්ටම කියා වෙන්වී‭ ‬ඇති‭ ‬දේවල්ය. මිනිසුන්‭ ‬දෙනු‭ ‬ලබන ආහාර පාන වස්ත්‍ර ආදිය තටු, දොළ, පිදේනි‭ ‬හෝ පූජාවන්‭ ‬ලෙස මෙම විවිධ වූ‭ ‬භූත කොටස්‭ ‬වලට ලබා ගත හැකිය. එසේම මිනිසුන්‭ ‬දෙනු‭ ‬ලබන පිං පෙත්‭ ‬ලබාගන්නත්‭ ‬අනුමෝදන්‭ ‬වෙන්නත්‭ ‬ඉන්‭ ‬පසු‭ ‬තම තත්වය එතුලින්‭ ‬උසස්‭ ‬කර ගන්නත්‭ ‬ඔවුන්න්ට පුලුවනි.
සමහරවිට භූත කොටස්‭ ‬වලට කිසියම්‭ ‬මිනිස්‭ ‬කෙනෙකුගේ හෝ තිරිසන්‭ ‬සත්වයෙකුගේ සිරුරට ඇතුල්‭ ‬වෙන්නත්‭ ‬පුලුවන්‭ ‬(බොහේ විට කුමන හෝ හිමිකාරිත්වයක්‭ ‬ඇත්නම්‭ ‬පමණි‭ ‬). එහෙම ඇතුල්‭ ‬වෙලා එම සිරුර තුල ඉඳගෙනම තමන්ට අවශ්‍ය හොඳ හෝ නරක දේවල්‭ ‬කරවා ගන්නත්‭ ‬පුලුවන්. අනුන්ට උදව්‭ ‬කරන්නත්‭ ‬සතුරු‭ ‬කම්‭ ‬කරන්නත්‭ ‬පුලුවන්. ඔවුන්‭ ‬එසේ කරන්නේ මිනිස්‭ ‬ලොවේ දී‭ ‬ජීවත්‭ ‬වූ හොඳ හෝ නරක ආකාරයටමයි.
දැන්‭ ‬අපි‭ ‬සිතමු‭ ‬මිනිසෙකු‭ ‬මරණින්‭ ‬පසු‭ ‬සියුම්‭ ‬ශරීරයක්‭ ‬සහිතව භූත ලොව ඉපදුනා කියා. මෙතන සිදුවන්නේ තමන්ගේ රූපකායේ පැවැත්ම අවසන්වී‭ ‬කර්මජ කායයේ ශක්තිය පැවැත්මයි. එම ශක්තිය කෙතෙක්‭ ‬කල්‭ ‬පවතීදැයි‭ ‬නිශ්චිතව කිව නොහැකිය. එනිසයි‭ ‬සමහරුන්‭ ‬කියන්නේ අන්තරාභවයක ඉපිද සිටිනවා කියා. එම කර්මජ ශක්තිය අවසන්‭ ‬වූ‭ ‬පසු‭ ‬ඔහු‭ ‬කරන ලද වෙනත්‭ ‬කර්ම ශක්තියක්‭ ‬හේතුවෙන්‭ ‬නැවතත්‭ ‬සුගතියක හෝ දුගතියක උපත ලබනව. 
එකිනෙක මිනිසා තම ක්‍රියා කලාපයන්න්ට අනුකූලව තිරිසන්‭ ‬ගති, ප්‍රේත ගති, යක්ෂ ගති, මිනිස්‭ ‬ගති, දේව ගති, බ්‍රහ්ම ගති‭ ‬ආදී‭ ‬වශයෙන්‭ ‬උසස්‭ ‬පහත්‭ ‬ලෙස බෙදෙන බවත්,  තමන්ගේ ජාති‭ ‬කුලවලට අනුව යක්ඛ, නාග, රක්ඛ, දේව ආදී‭ ‬වශයෙන්‭ ‬බෙදෙන බවත්, තමන්‭ ‬කරන වෘත්තීන්ට අනුව ගොවි, වෙද, ගුරු, ගම්භාර, ප්‍රාදේශීය පාළක, රජ, මහරජ ආදී‭ ‬වශයෙන්‭ ‬බෙදෙන බවත්‭ ‬අප දන්නව.
හොඳයි‭ ‬අපි‭ ‬සිතමු‭ ‬අවුරුදු‭ ‬80ක්‭ ‬වියැති‭ ‬කිසියම්‭ ‬ගුරු‭ ‬වරයෙකු‭ ‬මරණින්‭ ‬පසු‭ ‬සම උපතක්‭ ‬ලෙස භූත ලොව උපන්නා කියා. දැන්‭ ‬ඔහුට ඇත්තේ‭ ‬80 වියේදී‭ ‬මිනිස්‭ ‬ලොව තිබුණු‭ ‬රූපයටම සමාන සියුම්‭ ‬වූ‭ ‬රූපකායකි. ඇඳුම්‭ ‬පැළඳුම්‭ ‬අඳින්නේ ද එලෙසමය. කකුලක කොර ගතියක්‭ ‬තිබුනා නම්‭ ‬එයත්‭ ‬එසේ පවතී. එමෙන්ම දැන්‭ ‬ඔහුට ඇත්තේ අවසන්‭ ‬භාගයේ තිබුණු‭ ‬ගති‭ ‬පැවතුම්‭ ‬වලටම සමාන නාම කායයයි. ඔහුගේ සිරිත්‭ ‬විරිත්‭ ‬ගති‭ ‬ගුණ එලෙසම පවතී. ඔහුගේ පොත පතේ දැනුම ද එලෙසම පවතී. අනුන්ට යමක්‭ ‬උගන්වන්නට කැමතිය. තම ගරුත්වය රැකගෙන වැදගත්‭ ‬ලෙස සිටියි. දැන්‭ ‬අපි‭ ‬සිතමු‭ ‬කිසියම්‭ ‬රජ කෙනෙකු‭ ‬මරණින්‭ ‬පසු‭ ‬සම රූපි‭ ‬තත්වයක උපදිනව කියල. එසේනම්‭ ‬ඔහු‭ ‬භූත‭ ‬(අසුර) ලොව උපදින්නට ඕනි.
  
නිරයේ උපදින අය සියුම්‭ ‬වූ‭ ‬මනෝමය ශරීරයක්‭ ‬සහිතව, ඉතාමත්‭ ‬දුකසේ, මනෝමය වශයෙන්‭ ‬නොයෙකුත්‭ ‬භයානක හිංසා පීඩා කරදර විඳිමින්‭ ‬ඉතා දීර්ඝ කාලයක්‭ ‬ජීවත්‭ ‬වෙති. ඔවුන්ට ලේසියෙන්‭ ‬ගොඩ ආ නොහැකිමය. තිරිසන්‭ ‬ලෝකයේ උපදින අය පෙර කරන ලද අකුසළ කර්ම ශක්තීන්ට අනුව ඊට ආවේණිකව ඝණවූ‭ ‬ශරීරයක්‭ ‬සහිතව දුකසේ සුළු‭ ‬කාලයක්‭ ‬ජීවත්‭ ‬වෙති.
ප්‍රේත ලෝකයේ උපදින අය සැමදාමත්‭ ‬තම කුසට නිසි‭ ‬අහරක්‭ ‬නොමැතිව, අනුන්ගෙන්‭ ‬ලැබෙන දෙයක්‭ ‬ගනිමින්‭ ‬ඉතා දුකසේ සියුම්‭ ‬ශරීරයක්‭ ‬සහිතව කිසියම්‭ ‬කාලයක්‭ ‬ජීවත්‭ ‬වෙති. ඔවුන්‭ ‬බොහෝ විට සිටිනුයේ ජීවත්ව සිටියදී‭ ‬ආශා කළ දේපොළ හා ඤාති‭ ‬හිත මිතුරන්‭ ‬පසු‭ ‬පස්සේමය.  සුරයින්ගේ හෙවත්‭ ‬දෙවියන්ගේ පහත්‭ ‬තත්වය ප්‍රේත තත්වයයි. රාගයට දැඩිව ලොල්වූ‭ ‬අය බොහෝ විට උපදිනුයේ ප්‍රේත ලෝකය තුලයි.
සමහරවිට ඔවුන්ට කිසියම්‭ ‬මිනිස්‭ ‬කෙනෙකුගේ(දුර්වල සිත්‭ ‬සහිත) සිරුරට ඇතුල්‭ ‬වෙන්නත්‭ ‬පුලුවන්‭ ‬(බොහේ විට කුමන හෝ හිමිකාරිත්වයක්‭ ‬ඇත්නම්‭ ‬පමණි). එහෙම ඇතුල්‭ ‬වෙලා එම සිරුර තුල ඉඳගෙනම තමන්ට අවශ්‍ය පහත්‭ ‬දේවල්‭ ‬කරවා ගන්නත්, තමන්ට අවශ්‍ය ආහාර ගන්නත්‭ ‬පුලුවන්. මොවුන්‭ ‬මිනිසුන්ට උදව්‭ ‬කිරීමට වඩා කරන්නේ නරකක්මය.  
ඔවුන්ට අවශ්‍ය දේවල්‭ ‬නොදෙන විට අපට ද්වේෂ කරනව. ඔවුන්‭ ‬අනුන්ගේ සැපතට ඊර්ෂියා කරනව. එවිට එය තම දියුණුවට බාධාවක්‭ ‬වෙනව. මොවුන්ගෙන්‭ ‬සමහරෙකුට අප විසින්‭ ‬දෙනු‭ ‬ලබන ආහාර පාන අනුභව කර තම කුසගිනි‭ ‬නිවා ගන්නත්, අප විසින්‭ ‬දෙනු‭ ‬ලබන පින්‭ ‬අනුමෝදන්‭ ‬වී‭ ‬දුකින්‭ ‬මිදී‭ ‬ඉහළ තැනකට යන්නත්‭ ‬පුලුවන්කම තිබෙනව.
(මේ කියන දේවල්‭ ‬පිළිබඳව භෞතික විද්‍යා ඇහෙන්‭ ‬බලා තේරුම්‭ ‬ගැනීමට නොහැකි‭ ‬වනු‭ ‬ඇත. මේවා මණැසින්‭ ‬බලා තේරුම්‭ ‬ගත යුතු‭ ‬දේවල්ය)
භූත(අසුර‭ ‬) ලෝකයේ උපදින අය තම‭ ‬(මිනිස්‭ ‬ලොව‭ ‬) ගති‭ ‬පුරුදු‭ ‬හා ගති‭ ‬ලක්ෂණ වලට අනුරූපීවම සියුම්‭ ‬කයක්‭ ‬සහිතව බොහෝ කාලයක්‭ ‬ජීවත්‭ ‬වෙනව.  මොවුන්ද තමන්ට ඝන වූ‭ ‬ශරීරයක්‭ ‬නොමැති‭ ‬නිසා අවශ්‍ය දේ කර කියා ගන්නට නොහැකිව දුකසේම ජීවත්‭ ‬වන කොටසකි. 
ඉහළ පෙළේ හා පහත්‭ ‬පෙළේ වශයෙන්‭ ‬භූතයින්‭ ‬දෙකොටසකි. ඉන්‭ ‬සමහරෙක්‭ ‬තම ඤාතීන්ට හා හිත මිතුරන්ට උදව්‭ ‬උපකාර කරනව. ඉන්‭ ‬සමහරෙක්‭ ‬තම සතුරන්ට හිංසා පීඩා කරනව. ඔවුන්ට අනෙක්‭ ‬අය කරන කියන දේවල් ‭ ‬(කොපමණ දුරක හිටියත්‭ ‬ක්ෂණිකවම) දකින්න අහන්න පුලුවන් හැකියාවක්‭ ‬තියෙනව.
සමහරවිට ඔවුන්ට කිසියම්‭ ‬මිනිස්‭ ‬කෙනෙකුගේ හෝ තිරිසන්‭ ‬සත්වයෙකුගේ සිරුරට ඇතුල්‭ ‬වෙන්නත්‭ ‬පුලුවන්‭ ‬(බොහේ විට කුමන හෝ හිමිකාරිත්වයක්‭ ‬ඇත්නම්‭ ‬පමණි). එහෙම ඇතුල්‭ ‬වෙලා එම සිරුර තුල ඉඳගෙනම තමන්ට අවශ්‍ය හොඳ හෝ නරක දේවල්‭ ‬කරවා ගන්නත්‭ ‬පුලුවන්. අනුන්ට උදව්‭ ‬කරන්නත්‭ ‬සතුරු‭ ‬කම්‭ ‬කරන්නත්‭ ‬පුලුවන්. ඔවුන්‭ ‬එසේ කරන්නේ මිනිස්‭ ‬ලොවේ දී‭ ‬ජීවත්‭ ‬වූ‭ ‬ආකාරයටමයි. ජීවත්ව සිටියදී‭ ‬හොරකම්, දාමරික කම්, පාතාල මැර කම්‭ ‬කළ කෙනා මේ භූත ලෝකයේදී‭ ‬කරන්නෙත්‭ ‬එසේමයි. (ඔවුන්ට යක්ෂ නායකයින්‭ ‬කියල කියන්න අපි‭ ‬පුරුදු‭ ‬වෙලා තියෙනව. ඒත්‭ ‬සමහරුන්ට උදව්‭ ‬පදව්‭ ‬කරන යක්ෂයොත්‭ ‬ඉන්නව). 
ජීවත්ව සිටියදී‭ ‬කාටත්‭ ‬හිරිහැර නොකර, තම ඤාති‭ ‬හිතවතුන්ට උදව්‭ ‬උපකාර කරගෙන සිටි‭ ‬අයත්‭ ‬ආශාවන්‭ ‬නිසා දේව අසුර ලෝකයේ උපදනව. ඔවුන්‭ ‬එහි‭ ‬සිටත්‭ ‬තම ඤාති‭ ‬හිතවතුන්ට යහපත්‭ ‬දේ කරනව. උදව්‭ ‬උපකාර කරනව. ඔවුනුත්‭ ‬අපි‭ ‬කරන යහපත්‭ ‬දේ බලා පින්‭ ‬අනුමෝදන්‭ ‬වෙනව. අපි‭ ‬ඔවුන්ට ඉෂ්ට දෙවියන්‭ ‬කියල කියන්න පුරුදු‭ ‬වෙලා තියෙනව. ජීවත්ව සිටියදී‭ ‬කාටත්‭ ‬උදව්‭ ‬උපකාර කරගෙන කාටත්‭ ‬යහපතක්‭ ‬කරගෙන සිටි‭ ‬අයත්‭ ‬ආශාවන්‭ ‬නිසා දේව අසුර ලෝකයේ උපදිනව. ඔවුන්‭ ‬එහි‭ ‬සිටත්‭ ‬මිනිසුන්ට යහපත්‭ ‬දේ කරනව. සෙත්‭ ‬ශාන්ති‭ ‬කරනව. අපි‭ ‬ඔවුන්ට දෙවියන්‭ ‬කියල කියන්න පුරුදු‭ ‬වෙලා තියෙනව.  
බොහෝ සෙයින්ම මේ ලෝක පාලක දෙවි‭ ‬වරුන්‭ ‬සිටිනුයේ මනෝමය වශයෙන්‭ ‬නිර්මිත මෙම චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේය. මෙය අසුර දිව්‍ය ලෝකයයි. යහපත්‭ ‬ලෙස රාජ්‍ය පාළන කටයුතු‭ ‬කල අය මරණින්‭ ‬මතු‭ ‬උපදිනුයේ මේ චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේය. ඔවුන්‭ ‬එහි‭ ‬සිට යහපත කරන මිනිසුන්ට උදව්‭ ‬උපකාර කරමින්‭ ‬පිං අනුමෝදන්‭ ‬වෙනව.
තාවතිංස වැනි‭ ‬සුර දිව්‍ය ලෝක වල සිටින දිව්‍යයන්ද යහපත්‭ ‬මිනිසුන්ට සෙත්‭ ‬ශාන්ති‭ ‬කරමින්, දුකට පත්‭ ‬අයට හැකි‭ ‬උදව්‭ ‬උපකාර කරමින්‭ ‬පින්‭ ‬අනුමෝදන්‭ ‬වෙනවා. එහෙත්‭ ‬මේ මනෝමය වශයෙන්‭ ‬මැවී‭ ‬ඇති‭ ‬දිව්‍ය තල වල සිටින සියුම්‭ ‬වූ‭ ‬කයක්‭ ‬ඇති‭ ‬දිව්‍යයන්‭ ‬කවදාවත්‭ ‬ඝන ශරීර මවාගෙන නොයෙන බව අප තේරුම්‭ ‬ගන්නට ඕනි. මේ දිව්‍යයන්‭ ‬තම පුණ්‍ය එර්දියෙන්‭ ‬සැප විඳිමින්‭ ‬සිටින උසස්‭ ‬පිරිසකි.

ලෝක සත්වයින්‭ ‬උපදින ප්‍රධාන ස්ථාන‭ 
කුසල්‭ ‬අකුසල්‭ ‬විපාකයන්ට අනුව අපාය‭ ‬4ක්, මිනිස් ලොවක්, දිව්‍යලෝක‭ ‬6ක්, රූපී‭ ‬බඹතල‭ ‬16ක්‭ ‬හා අරූපී‭ ‬බඹතල‭ ‬4ක් වශයෙන්‭ ‬සත්ත්වයන්‭ ‬වාසය කරන්නා වූ‭ ‬ප්‍රධාන ස්ථාන‭ ‬31ක් මේ සත්ව ලොව ඇත. ඒ ඒ ස්ථාන වලට අනුකූළව මොවුහු‭ ‬මව්කුසක්‭ ‬ඇතිවත්, මව්කුසක්‭ ‬නැතිවත් (ඕපපාතිකව), සාමාන්‍ය මිනිස්‭ ‬පියවි‭ ‬ඇසට නොපෙනෙන සියුම්‭ ‬වූ‭ ‬ශරීර සහිතවත්, මිනිස්‭ ‬පියවි‭ ‬ඇසට පෙනෙන ඝන වූ‭ ‬ශරීර සහිතවත්‭ ‬උපදිනු‭ ‬ලබන බව වටහා ගන්න.
අපාය ප්‍රධාන කොටස්‭ ‬4කට බෙදේ. 
1.නිරය ලොව
 නිරයේ උපත ලැබීමට හේතු වෙන්නේ පෙර භවවලදි‭ ‬අධික කෝපයෙන්‭ ‬හා වෛරයෙන්‭ ‬ක්‍රියා කිරීමේ ඵලයක්‭ ‬නිසයි. මොවුහු‭ ‬උපදිනුයේ සාමාන්‍ය මිනිස්‭ ‬ඇසට නොපෙනෙන සියුම්‭ ‬වූ‭ ‬ශරීර සහිතව ඕපපාතිකවමය. ඔවුහු‭ ‬මනෝමය වශයෙන්‭ ‬අප්‍රමාණව දුක්‭ ‬විඳිති.
ඒක දේවවාදී‭ ‬සම්ප්‍රදායන්හි‭ ‬සඳහන්‭ ‬අපායයන්ගෙන්‭ ‬බුදු‭ ‬දහමේ දැක්වෙන අපාය වෙනස්වේ. නිරයේ දුක්‭ ‬විඳින්නෝ සදාකාලිකවම එහි‭ ‬සිරවී‭ ‬නොසිටිති. සිය අකුසල කර්ම සියල්ලම දුක්විඳ ගෙවා අවසන්‭ ‬වූ‭ ‬පසු‭ ‬ඔවුහු‭ ‬වෙනත්‭ ‬භවයක උපත ලබති. එනමුත්‭ ‬මෙහි‭ ‬ආයුෂ කාලය නම්‭ ‬ඉතාමත්ම දීර්ඝය. නිරය ද කොටස්‭ ‬8කට බෙදේ. එනම්,
සංඝීතිය  2.සංඝාතය  3.කාල සූත්‍රය  4.රෞරවය  5.මහා රෞරවය  6.තාපය  7.ප්‍රතාපය  8.අවීචිය  යනුවෙනි.
2.තිරිසන්‭ ‬සත්තු ලොව
       පක්ෂි, උරග, ජලජ, අපා, දෙපා, සිව්පා, බහුපා, කෘමි, ශුද්‍රජීවී‭ ‬ආදී‭ ‬මිනිස්‭ ‬ඇසට පෙනෙන ඝන වූ‭ ‬ශරීර ඇතිව උපදින සියල්ලෝම තිරිසන්‭ ‬ලොව සත්තු වෙති. අධික මෝහ බව හා පෙර භව වලදි‭ ‬සිදු‭ ‬කරන ලද අවිචාරවත්‭ ‬හැසිරිම්‭ ‬ආදිය නිසා තිරිසන්‭ ‬යෝනී‭ ‬බවයක්‭ ‬ලැබීමට හේතුවේ. ඔවුන්ට තම ගතියට අනුකූල ඝන කයක්ද පිහිටනු‭ ‬ඇත. මෙය මිහි‭ ‬මත පවතින තිරිසන්‭ ‬සත්තු ලෝකයයි. මනුෂ්‍යය ඇසට තිරිසන්‭ ‬සත්තු ‍ලෝකය පෙනේ.     
3.ප්‍රේත ලොව
 යමෙකු ප්‍රේත ලෝකයේ උපත ලබන්නේ පෙර භවයේ පැවති‭ ‬අධික වස්තු‭ ‬තණ්හාව හේතුවෙනි. ප්‍රේත ලෝකයේ වසන සංචේතන සත්වයෝ‭ ‬"කුසගිනි‭ ‬භූතයන්" ලෙසද හැඳින්වේ. ඔවුහු නිරතුරුවම අධික කුසගින්නෙන්‭ ‬හා පිපාසයෙන්‭ ‬පෙළෙති. එහෙත්‭ ‬එම අවශ්‍යතා සංසිදුවා ගැනීමට ක්‍රමයක්‭ ‬නැත. ඔවුන්‭ ‬කොතෙකුත්‭ ‬ආශාවන්ගෙන්‭ ‬පීඩා වින්දද ඔවුන්ට ඒවා ඉටු‭ ‬කර ගෙන සෑහීමකට පත්විය නොහැකියි.  ප්‍රේත ලෝකය තුල විවිධ ප්‍රේත වර්ග කොටස්‭ ‬ඉන්නවා.
නිජ්ඣාමතණ්හික‭ ‬- නිතර නිතර ගින්නෙත්‭ ‬දැවෙන ප්‍රේතයන්
ඛුප්පිපාසික‭ ‬  - ඇග ඇතුලෙන්‭ ‬දැවෙන ප්‍රේතයන්
පාංශුපිසාචක‭ ‬- කාණුවල ඉන්න‭ ‬,මළ, සොටු‭ ‬කන ප්‍රේතයන්
පරදත්තූපජීවී‭ ‬- දුකෙන්‭ ‬ඉන්න ප්‍රේතයන්‭ ‬(මේ ප්‍රේතයන්ට පමණයි‭ ‬පින්‭ ‬අරගෙන හොද තැනකට යන්න පුලුවන්)
කාලකඤ්ජක‭ ‬- ඇඟ අයිස්‭ ‬වගේ ප්‍රේතයන්. මේ ප්‍රේතයන්ගේ ඇඟ ගොඩක්‭ ‬ශීතයි‭ ‬
අට්ඨිසංඛලික‭ ‬- සැතපුම්‭ ‬ගණන්‭ ‬දිග ඇට සැකිල්‭ ‬ගොඩක්‭ ‬තියෙන ප්‍රේතයන්
මංසපිණ්ඩික‭ ‬ - ඉතා ගද ප්‍රේතයන්
මීට අමතරව ගූතකාදක මහාඍද්ධික වේමානික පාෂාණ භූත ආදී‭ ‬වශයෙන්‭ ‬විවිධ ප්‍රේත කොටස්‭ ‬ඇත.
4. අපාගත අසුර ලොව
       මේ අපාගත අසුර ලොව පිරිස්‭ ‬වර්ග‭ ‬5කට වෙන් කොට පෙන්වා දෙන්න පුලුවන්
දේවවිරෝධී අසුර‭ ‬- දෙවියන්ගේ සතුරු‭ ‬කොටස්‭ ‬ 
විනිපාතිකාසුර‭ ‬- පියංකරමාතු‭ ‬සහ උත්තරමාතු‭ ‬වැනි‭ ‬අසුර කොටස්
ලෝකාන්තරිකාසුර‭ ‬- නරක, තිරිසන්, ප්‍රේත යන ලෝක අතර ඉන්න අසුරයින්
ප්‍රේතාසුර‭ ‬- මේකේ ඉන්නේ අසුර ප්‍රේතයින් කියලයි‭ ‬සදහන්‭ ‬වෙන්නේ 
වෙමානිකාසුර‭ ‬- තමන්‭ ‬විසින්‭ ‬මවා ගන්නා ලද විමනක ජීවත්‭ ‬වෙයි
සුර-අසුර, රාම-රාවණ , දෙවි- මිනිස්‭ ‬හා බුදුහාමුදුරුවෝ ?
අන්ධ මුළාවෙන්‭ ‬මිදී‭ ‬සිහි‭ ‬බුද්ධියෙන්‭ ‬විමසත්වා..
මෝහයෙන්‭ ‬මිදී‭ ‬නිවන්‭ ‬දැකීමට උපකාර කර ගනිත්වා...
මිසදිටුව දහමට ගරහා පව්‭ ‬සිදු‭ ‬කර නොගනිත්වා...


සුර-අසුර, රාම-රාවණ , දෙවි- මිනිස් හා බුදුහාමුදුරුවෝ ?

 මෙහි‭ ‬දක්වා ඇති‭ ‬කරුණු‭ ‬කාලයක්‭ ‬තිස්සේ පරිශීලනය කරන ලද පොත්‭ ‬පත්, ලිපි‭ ‬ලේඛණ ආදී‭ ‬දෙයින්‭ ‬උගත්‭ ‬දෙයද, කළ්‍යාණ මිතුරන්‭ ‬ඇසුරු‭ ‬කිරීමෙන්‭ ‬උගත්‭ ‬දෙයද, මවිසින්ම හුදෙකලාව බුද්ධිය යොමා තර්කාණුකූලව උගත්‭ ‬දෙයද වනු‭ ‬ඇත.
කාලයක්‭ ‬තිස්සේ බොහෝ ගිහි‭ ‬පැවදි‭ ‬උගත්‭ ‬පිරිසක්‭ ‬විසින්‭ ‬බොහෝ කැප කිරීම්‭ ‬කොට සොයාගත්‭ ‬දේ නිසයි‭ ‬අපට මෙම සත්‍ය දකින්නට උපකාරී‭ ‬වී‭ ‬ඇත්තේ. ඒ සියලූම උතුමන්ටත්‭ ‬මා මෙහෙදී‭ ‬ගෞරව පූර්වකව ස්තුතිය පුදකරනව. සියලු‭ ‬දෙනාටම සත්‍ය තුලින්‭ ‬ධර්මාවබෝධය ලැබෙත්වා...

No comments:

Post a Comment