Friday, October 18, 2019

Independent Judiciary or is it not?

Reproduction

රාජපක්‍ෂ ආණ්ඩුවේ කැලෑ නීතියට උදාහරණ දුන් 43 වැනි අගවිනිසුරු දෝෂාභියෝගය

හිටපු අගවිනිසුරු ෂිරාණි බණ්ඩාරනායක මහත්මිය පසුගියදා ‘උත්තරීතර’ නමින් පොතක් පළකළාය. එහි විස්තර වන්නේ පසුගිය රාජපක්‍ෂ පාලන සමයේදී ඇය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සඳහා රාජපක්‍ෂවරුන් ගත් නීති විරෝධී, බිහිසුණු එසේම අවමන් සහගත උත්සාහයයි.
දිවිනැගුම නිසාම නොවේ
හිටපු අගවිනිසුරුවරිය හෙවත් ලංකාවේ 43 වැනි අගවිනිසුරු, එමෙන්ම ලංකාවේ පළමුවැනි කාන්තා අගවිනිසුරුවරිය වූ ආචාර්ය ෂිරාණි අංශුමාලා බණ්ඩාරනායක, 2013 අවුරුද්දේ අගවිනිසුරු ධුරයෙන් නීති විරෝධී ආකාරයෙන් නෙරපා හරින ලද්දේ ‘දිවි නැගුම’ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇයද ඇතුළත් විනිසුරු මඬුල්ලක් ලබාදුන් අර්ථ නිරූපණය නිසාය යන්න ජනප‍්‍රිය මතයයි. එහෙත් සිය පොතේදී බණ්ඩාරනායක මහත්මිය කියන්නේ දිවිනැගුම ඒ ක‍්‍රියාවලියේ එක් කොටසක් පමණක් බවයි.
‘මේ රටේ 43වැනි අග‍්‍රවිනිශ්චයකාරවරිය විදියට මම දිවුරුම් දීපු මොහොතේ ඉඳලා මට නොයෙකුත් ආකාරයේ කරදර බාධකවලට මුහුණ දෙන්ඩ සිද්ධ වුණා.’ ඇය කියන්නීය.
2011 මැයි 19 ඇය 43වැනි අගවිනිසුරු හැටියට දිවුරුම් දුන් දිනයයි. දිවුරුම් දීම සූදානම් කර තිබුණේ ජනාධිපති මන්දිරයේය. දිවුරුම් දීම සාමාන්‍ය පරිදි සිදුවිය. එහෙත් ඊට පසු තත්වය සුවිශේෂ විය. ඇය ඒ ගැන කියන්නේ මෙලෙසය.
‘දිවුරුම් දීම අවසාන වුණ හැටියේම ජනාධිපතිතුමාට  ඕනෑ වුණා මට කතා කරන්ඩ. මට ඒ ගැන කිසිම ගැටලූවක් තිබුණේ නැහැ. ජනාධිපතිතුමා කියන්නේ රටේ පළමු පුරවැසියා වගේම මගේ පත්වීම් බලධාරියා. තමන් මේ දැන් පත්කරපු අගවිනිසුරු එක්ක සුහදව වචන කීපයක් කතා කරන්ඩ හදනවා කියලා මට හිතුණේ. ඒ කතාබහ අපි දෙන්නා සහ ජනාධිපති ලේකම්වරයා අතරේ පමණයි කියන අදහසේ මම හිටියේ.
ජනාධිපතිතුමා පුටුවක වාඩිවෙලා ඒක ඉදිරියෙන් තිබුණ පුටුවක මට වාඩිවෙන්න ආරාධනා කරනකොටම පස් හය දෙනෙක් ජනාධිපතිතුමා පිටිපස්සෙන් හිටගත්තා. ඒ ජනාධිපතිතුමාගේ ලේකම්ට අමතරව. ජනාධිපතිතුමා මගෙන් ඇහුවේ එකම ප‍්‍රශ්නයයි.
‘අධිකරණ සේවා කොමිසමේ ලේකම් විදියට පත්කරන්නේ කවුද?..’
.. ඒ ප‍්‍රශ්නය මම විමතියට පත්කළා. 17වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කලින් අධිකරණ සේවා කොමිසමේ ලේකම් පත්කිරීමේ බලය තිබුණේ කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්ඡුා කරලා ගන්න තීරණයක් මත ජනාධිපතිවරයාට. මේ ප‍්‍රතිපාදනය 17වැනි සංශෝධනයෙන් වෙනස්වෙලා පත්කිරීමේ බලය අධිකරණ සේවා කොමිසමට පවරලා තිබුණා. .. අගවිනිසුරු නිල බලයෙන් පත්වෙන අධිකරණ සේවා කොමිසමේ සභාපති. කොමිසමේ තවත් සාමාජිකයන් දෙන්නෙක් ඉන්නවා. කොමිසමේ තීරණයක් කියන්නේ තුන්දෙනාම එකතු වෙලා සාකච්ඡුා කරලා ගන්න තීරණයක්. එහෙම නැතිව ඒකේ සභාපතිට  ඕනෑ විදියට එක එක වෙලාවට තීරණ ගන්ඩ බැහැ…
.. ජනාධිපතිතුමා උත්තරයක් බලාපොරොත්තුවෙන් මම දිහා බලා ඉන්නවා. මට දෙන්ඩ උත්තරයක් නැහැ. අලූත් තනතුරක දිවුරුම් දුන්න ගමන්ම අනිකත් පත්වීම් ගැන මම තීරණය කරන්නේ කොහොමද? ..
මේ හැම දෙයක් ගැනම හිතලා මම ජනාධිපතිතුමාට කිව්වා, කොමිසමේ අනික් සාමාජිකයන් දෙන්නත් එක්ක සාකච්ඡුා කරලා මුලින්ම වැඩ බලන පත්වීමක් කරන්ඩ අදහස් කරනවා කියලා. ඒ වගේම මට කලින් හිටපු අගවිනිසුරුතුමා පත්කරපු, දැනට නියෝජ්‍ය ලේකම් විදියට වැඩ කරන මංජුල තිලකරත්නව බොහෝ දුරට වැඩ බලන ලේකම් විදියට පත්කරන්නඩ සිදුවෙයි කියලත් මම කීවා.
ජනාධිපතිතුමා පුපුරා හැලූණා.
2009 ජුනි මාසයත් 2011 මැයි මාසයත් අතර කාල පරාසය ඇතුළේ මම ජනාධිපතිතුමාව කීප වතාවක්ම මුණගැහිලා තිබුණා. ඒ මම නව වතාවක් විතර, ඒ වකවානුව ඇතුළේ, වැඩ බලන අගවිනිසුරු විදියට දිවුරුම් දෙන්න ගිය නිසා. ඒ හමුවීම් ඉතාම සුහදයි. මම කවමදාවත් ජනාධිපතිතුමා මේ විදියට කෝපයට පත්වෙලා ඉන්නවා දැකලා නැහැ…
.. ජනාධිපතිතුමාට එච්චර තදින් කෝපයට පත්වෙන්න හේතුව මොකක්ද කියලා මම කල්පනා කළා. තරහව තියෙන්ඩ ඇත්තේ කොමිසම කරන්ඩ ගිය පත්වීම ගැන නෙමෙයි. තමන් කරපු පත්වීම ගැනයි. තමන් පත්කරපු පුද්ගලයා තමන්ගෙන් කිසිම විමසීමක් නොකර පත්වීම් කරන එක ගැනයි. නමුත් අගවිනිසුරුවරයකුගේ කාර්යභාරය කවුරුවත් සතුටට පත්කරන එක නෙවෙයි. නීතියයි යුක්තියයි නිවැරදි විදියට ක‍්‍රියාත්මක කිරීම. එදා උදේ වරුවේ සිදුවෙච්ච ඒ සිද්ධිදාමයම මහා අප‍්‍රසන්න හැඟීමක් මගේ හිතට ඇතුළු කළා.’ (උත්තරීතර, පිටු 27-30*
තමා අගවිනිසුරු ධුරයෙන් ඉවත්කිරීමේ සිද්ධි දාමයේ පළමුවැනි අවස්ථාව හැටියට ෂිරාණි බණ්ඩාරනායක මහත්මිය සලකන්නේ, 2011 නොවැම්බරයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද ‘නගර සහ ග‍්‍රාම සැලසුම්’ සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් දීම හා බැඳුණු සිද්ධීන්ය.
2011 ඔක්තෝබර් 14 ගැසට් පත‍්‍රයේ පළකරන ලද එම පනත් කෙටුම්පත, නොවැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවේ නයාය පත‍්‍රයට ඇතුළු කරනු ලැබ තිබේ. පනත් කෙටුම්පතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලභාවය ප‍්‍රශ්න කරමින් පෙත්සම්කාරයන් දෙදෙනකු හා අතරමැදි පෙත්සම්කාරයකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් තිබේ. පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම්කරුවන් ගෙනා  මූලිකම තර්කය වුණේ, එය පළාත් සභබා විෂයන්ට අයත් වන එකක් බැවින් පළාත් සභාවල එකඟතාව නොමැතිව පාර්ලිමේන්තුව විසින් සම්මත කළ නොහැකි බවයි. පනත් කෙටුම්පත ඒ අනුව ජනාධිපති විසින් පළාත් සභාවලට යොමු කර නැති බවයි.
ෂිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ප‍්‍රධානත්වය ඉසිලූ විනිසුරු තුන්කට්ටුව අවසානයේ තීන්දු කළේ, කෙටුම්පතේ තිබෙන විෂය පළාත් සභාවලට අයත් විෂයක් බවටය. ව්‍යවස්ථාවේ දක්වා තිබෙන ප‍්‍රතිපාදනවලට අනුකූලව කෙටුම්පත ඉදිරිපත් කර නැති බැවින් නගර හා ග‍්‍රාම සැලසුම් සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමේ හැකියාවක් නැති බවය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීරණය කතානායකට දැනුම් දුන් පසුව, ආණ්ඩුව පනත් කෙටුම්පත දෙසැම්බර් 7වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කර ගත්තේය. එහෙත් අවසානය එය නොවීය. 2012 මුල, සංශෝධනය වුණ එම පනත් කෙටුම්පත පළාත් සභාවට මත විමසුමට යවන ලදි. 2012 පෙබරවාරි වනවිට බස්නාහිර හා දකුණු පළාත් සභා පමණක් ඊට අනුමැතිය දී තිබුණි. ඉතිරි පළාත් සභා එම කෙටුම්පතට තවත් සංශෝධන ඉදිරිපත් කර තිබුනි.
ඒ සිදුවීම් ගැන පසුව පුවත්පත්වලට ලියූ මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රමගේත්, තිසරණී ගුණසේකරගේත් නිරීක්‍ෂණය වී තිබුණේ, ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට රාජපක්‍ෂ පාලනය දැරූ උත්සාහයට ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය නිසා බාධා පැමිණුණ බවයි. ඒ නිසා පනත් කෙටුම්පත පළාත් සභාවලට ඉදිරිපත් කරන්නට සිදුවුන අතර, පළාත් සභාවටලින්ද අවශ්‍ය අනුමැතිය නොලැබුණි. තිසරණී ගුණසේකර, ‘එම අනර්ථකාරී අසාධාරණ පනත් කෙටුම්පත පිළිබඳ සිද්ධිය නිසා තමාට කරදර, හිරිහැර, අභියෝග මෙන්ම අපහාසවලටත් මුහුණ දීමට සිදුවුණේ යැ’යි ලියා තිබුණු බව බණ්ඩාරනායක මහත්මිය සිය පොතේ ලියයි.
‘එම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වී නම්, හිතුමතේ ඉඩම් රජයට පවරාගැනීම පහසු ඉක්මන් වගේම පූර්ණ නීතියට අනුකූල ක‍්‍රියාවක් බවට  පත්වන්නට ඉඩ තිබුණි. රාජපක්‍ෂ පවුලට, ගොවිපළක් පිහිටා තිබෙන්නේ ‘සංරක්‍ෂිත ප‍්‍රදේශයක’, කර්මාන්ත ශාලාවක් තියෙන්නේ ‘ආරක්‍ෂිත ප‍්‍රදේශයක’, එහෙම නැතිනම් ගෙයක ‘ගෘහ නිර්මාණ වටිනාකමක්’ තියෙනවා කියලා ඒවා නීත්‍යනුකූලව පවරාගන්න හැකියාව තිබුණු බව’ තිසරණී ගුණසේකර ලියා තිබුණු බවද, බණ්ඩාරනායක මහත්මිය කියන්නීය.
2011 අගෝස්තුවේ පැවැති උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අසාධාරණය කියන මුලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් ද තමා ප‍්‍රමුඛ විනිසුරු මඬුල්ලක් දුන් තීරණ ගැන ආණ්ඩුව අප‍්‍රසාදයෙන් සිටි බව ’උත්තරීතර’ පොතේ සඳහන් වෙයි.
‘ඔය වකවානුවේ වරින් වර තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා පවරපු පත්සම් ගණනාවක්ම මම මූලාසනය දරපු විනිශ්චයාසන ඉස්සරහට ඇවිත් තිබුණා. ඒවාට දීපු තීන්දු තීරණ ගැන බලයේ හිටපු උදවියගේ ප‍්‍රතිචාර යහපත් වුණේ නැහැ.’ ඇය කියයි. (පිටුව 55*
දිවිනැගුම
දිවිනැගුම පනත් කෙටුම්පත් එකක් නොව දෙකක්ම තිබුණි.
පළමුවැනි කෙටුම්පත 2012 ජුලි 27 ගැසට් පත‍්‍රයේ පළකර 2012 අගෝස්තු 10 පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළු කරන ලදි. ඊට එරෙහිව පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීම කෙටුම්පතේ අරමුණ විය. 1995 සමෘද්ධි අධිකාරිය, 1996 ශ‍්‍රී ලංකාවේ දකුණු සංවර්ධන අධිකාරිය, 2005 ශ‍්‍රී ලංකාවේ උඩරට සංවර්ධන අධිකාරිය යන ආයතන තුන ඒකාබද්ධ කර දිවිනැගුම පිහිටුවීමට යෝජනා ව තිබිණ. ඒ සම්බන්ධයෙන්ද නැගුණු පෙත්සම්කරුවන්ගේ විරෝධතාව වුණේ,  එය පළාත් සභා විෂයක් වන නිසා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලව පළමුව පළාත් සභාවල එකඟත්වය විමසා මිස සම්මත කළ නොහැකි බවයි. එය පළාත් සභාවලට ඉදිරිපත් කර නැති බවද නීතිපති කීවේය.
අධිකරණය තීරණය කළේ, දිවිනැගුම කෙටුම්පත නීතියක් බවට පත්වන්නට නොහැකි බවයි. තීන්දුව ජනාධිපතිටත් කතානායකටත් දන්වා යැවූ ටික දිනකින් දෙවැනි දිවිනැගුම පනත් කෙටුම්පතද අධිකරණයට ඉදිරිපත් විය. පළමුවැනි කෙටුම්පත 2012 සැප්තැම්බර් 21 පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කරගත් අතර, ඔක්තෝබර් 9වැනිදා දෙවැනි කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර ඇත.
එය පළාත් 8 කට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත් බවත්, උතුරු පළාත් සභාව ක‍්‍රියාත්මක නැති නිසා එහි ආණ්ඩුකාරයාගෙන් අනුමැතිය ගත් බවත් අධිකරණයට දන්වන ලදි. අධිකරණය තීරණය කෙළේ, කෙටුම්පතේ සමහර වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සමහර ව්‍යවස්ථා සමග නොගැළපෙන  නිසා තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බවයි. තවත් වගන්ති ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවට නොගැළපෙන නිසා, ජනමත විචාරණයකට යොමුකොට සම්මත කළ යුතු බවටද නියම කෙරිණ. එහෙත් ඒ ප‍්‍රශ්න නිරාකරණය කරගන්නා ආකාරයත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි කරන ලදි.
පනත් කෙටුම්පත පිළිබඳ අර්ථ නිරූපණය, 2012 ඔක්තෝබර් 31 ජනාධිපතිටත් කතානායකටත් යවන ලදි.
අධිකරණ ඇමති කැළඹී
එහෙත්, එදිනට පෙර දින, එනම් 30දා සවස විභාග කළ අනෙක් විනිසුරුවරුන් දෙදෙනාද සමග අගවිනිසුරුවරිය සවස් භාගයේ සිය නිල මැදිරිය තුළ අධිකරණ තීරණයේ අවසන් කෙටුම්පත ගැන කතාකරමින් සිටින අතර, අධිකරණ ඇමතිවරයා (රවුෆ් හකීම් : අවධාරණය ලිපියේ ලේඛකයාගෙනි.* පුර්ව දැනුම්දීමක් නැතිවම ඇය හමුවීමට නිල මැදිරියට පැමිණියේය. අගවිනිසුරුවරිය සිය කාර්යයෙන් මඳ විරාමයක් ගෙන වෙනත් ශාලාවක රැුඳී සිටි ඔහු හමුවීමට ගියේය.
‘කිසිම දැනුම්දීමක් නැතිව වෙලාවක් වෙන් කර ගන්නේ නැතිව ආපු එක ගැන කනගාටුව තදබල විදියට ඇමතිතුමා කියාහිටියා. කනගාටුව තිබුණේ වචනවල විතරක් නෙවෙයි. හාව භාව ප‍්‍රකාශනවල කනගාටුව පැහැදිලිවම දෝරේ ගලමින් තිබුණා. මට හිතුණේ ඇමතිතුමා බොහෝම තදට කැළඹුණු මනසකින් හිටියේ කියලා…. අහක දාන්න වෙලාවක් නැති බවත්, ඉතාම හදිසි වගේම වැදගත් කාරණයක් තිබෙන බවත් කියපු ඇමතිතුමා මේ දැන්ම ඔහුත් එක්ක ජනාධිපතිතුමා මුණගැහෙන්ඩ යන්ඩ එන්ඩ කියලා මගෙන් ඉල්ලා හිටියා. පහුවෙනිදා, ඔක්තෝබර් 31 වැනිදා උදේ වෙනකොට යවන්න තියෙන වැදගත් අර්ථ නිරූපණයක අවසන් අදියරේ වැඩකටයුතු කරමින් මම ඉන්න බව ඇමතිතුමාට මම කිව්වා. … අන්තිමට යුක්තියේ නාමයෙන් මට මේ ඉල්ලීමට කැමති වෙන්ඩ බැහැයි කියලත් කිව්වා.
ඇමතිතුමාගේ මූණ එකපාරටම අඳුරු වෙලා සුදුමැලි වුණා. මම දැක්කේ බය බිරාන්ත වුණ පුද්ගලයෙක්. ඇස්වල තිබුණේ එකම එක ප‍්‍රශ්නයක්.
‘ඇයි?’ (61,62 පිටු*
උසාවියට ගල් ගැසීම
2018 ජුලි 18 දා, මන්නාරම මහේස්ත‍්‍රාත් උසාවියට ගල් ගසන ලදි. නඩුභාණ්ඩ කාමරයට ගිනි තබන ලදි. මාදැල්වාඩිය ප‍්‍රදේශයේ ජීවත්වුණ දමිළ ධීවරයන්ගේ නිවෙස් ගිනිතැබූ ඇමති රිෂාඞ් බදියුදීන්ගේ සහචර පිරිසකට එරෙහිව පැමිණිල්ල විභාග කරද්දීය. ඒ අතර, රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා ¥රකථනයෙන් කතාකර මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනයද කර තිබිණ. රට පුරාම නීතිඥවරුන්ද සමග නීීතිඥ සංගමය මීට විරුද්ධව පෙළගැසුණේය.
සැමියාගෙන් පළිගැනීම
අගෝස්තු මස මැද දිනක, 2010 සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිව සිට, 2012 මැයි මාසයේ ඉන් ඉල්ලා අස්වී සිටි ෂිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා, ප‍්‍රදීප කාරියවසම්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ඇරඹිණ. ද ෆිිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමට තීරණය කළ වේලාවේ ඇතිවුණ ප‍්‍රශ්නකාරී තත්ත්වයක් නිසා එසේ ඉල්ලා අස්වුණ බව ඇය කියයි.
අරවින්ද පෙරේරා
2012 සැප්තැම්බරය වන විට, කොළඹ දිසා විනිසුරුවරයකු හැටියට වැඩ කළ අරවින්ද පෙරේරා මහතාට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි විශාල වශයෙන් ලැබී තිබිණ. බැංකු සහ මූල්‍ය ආයතන ගණනාවකින් ගත් ණය මෙන්ම ක්‍රෙඩිට් කාඞ් ගෙවීම් පැහැර හැරීම් නිසා, ඔහුගේ නම ණය තොරතුරු කාර්යාංශ ලේඛනයේ (ක‍්‍රිබ්* ද ඇතුළුව තිබිණ. ඔහු එසේ නොගෙවූ මුදල් මිලියන 20ක් පමණ විය. මේ පැමිණිලි මත අධිකරණ සේවා කොමිසම විනය පරීක්‍ෂණයක් පවත්වන්නට තීරණය කෙළේය.
‘විනිශ්චයකාරවරයා ගැන මූලික විනය පරීක්‍ෂණයක් පවත්වන්ඩ පටන්ගත්තා කියන ආරංචිය පැතිරුණ ගමන්ම බොහෝ දෙනෙක් තූෂ්ණිම්භූත වුණා කියලා මට හිතුණා. මං අවට හිටිය බොහෝ දෙනෙක් ගාව තිබුණේ වචනවලින් විස්තරකරන්න බැරි විදියේ බය වෙච්ච ගතියක්.’ (පිටුව 77*
මූලික විනය පරීක්‍ෂණ වාර්තාව ලැබුණු විට එය සලකා බැලූ කොමිසම විනිසුරුගේ වැඩ තහනම් කෙළේය. පරීක්‍ෂණයක් පවත්වන්නට තීරණය කෙළේය. සැප්තැම්බර් 11 දා ඒ තීරණය ක‍්‍රියාත්මක කෙරිණ.
ජනාධිපති හමුවෙන්න
ඊට පසුදා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන් අගවිනිසුරුවරියට ¥රකථන ඇමතුමක් ලැබිණ. අධිකරණ සේවා කොමිසමේ ඉතිරි සාමාජිකයන් දෙදෙනාත් සමග තමා මුණගැසීමට ජනාධිපති රාජපක්‍ෂට අවශ්‍ය බව එයින් දන්වනු ලැබිණ. ඒ බව කොමිසමට දැනුම්දීමට ලිඛිතව එවන ලෙස ලලිත් වීරතුංගට දන්වන ලදුව ලිපියකින්ද දන්වන ලදි.
එහෙත් කොමිසම විධායකයේ ප‍්‍රධානියා සමග රැුස්වීමකට සහභාගි වීම ප‍්‍රතික්‍ෂෙප කෙළේය. ඒ, මන්නාරම උසාවියට ගල් ගැසීම, එම සිද්ධිය පිටුපස තිබුණු විධායකයේ බලපෑම ආදිය මත මේ අවස්ථාවේදී විධායකය හමුවීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ය යනුවෙන් තීරණය කිරීම නිසාය. තමන් නොඑන බව කොමිසම ලලිත් වීරතුංගට දන්වන ලදි.
හඩු කතා
ඒ අතර, 2012 මාර්තු මාසයෙන් පසු ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ එවකට සභාපති හඞ්සන් සමරසිංහ, උදේ පැය දෙකක වැඩසටහනක් මගින් අධිකරණයටත්, අගවිනිසුරුවරියටත් කුණුහරුප කියමින් බැනවදින්නට පටන්ගත්තේය. කොමිසමට පැමිණිල්ලක්වත් නොලැබුණ නිසා පියවරක් ගත්තේ නැත.
හැම අතින්ම කොමිසමට එරෙහිව නැගෙමින් තිබුණු බලපෑම් නිසා තත්ත්වය පැහැදිලි කරමින් කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙළේය. ‘කොමිසම වෙත එල්ල වන කිසිදු බලපෑමකට, තර්ජනයකට, බියගැන්වීමකට යටත් නොවී කොමිසමේ සහ සමස්තයක් ලෙස අධිකරණයේ ස්වාධීනත්වය රැුකගැනීම කොමිසමේ අත්‍යන්ත වගකීමක් වන බවද ඒ සඳහා කොමිසම කැපවී සිටින බව’ද එම නිවේදනයෙන් කියැවිණ. සැප්තැම්බර් 18දා නිවේදනය නිකුත් විය.
25 වැනිදා ලලිත් වීරතුංග නැවතත් ලියුමක් එවමින් තනිව අගවිනිසුරුවරිය හමුවීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බව සඳහන් කෙළේය. ‘මේ ලිපියේ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීම වඩා සුදුසු බව’ද ලිපියේ සඳහන් විය. ‘ජනාධිපතිතුමා සමග මේ මොහොතේ රැුස්වීමකට සහභාගි වුවහොත් අධිකරණයේ ස්වාධීනත්වයට හානිකර වන අයුරින් මහජන විශ්වාසය පලූදු වන ආකාරයේ අනවශ්‍ය තත්ත්වයක් උද්ගත විය හැකි නිසා එය සුදුසු නොවන බව’ට පිළිතුරු සපයා එම ඉල්ලීමද ප‍්‍රතික්‍ෂෙප කරන ලදි. ඒ ඔක්තෝබර්  3 දාය.
ලේකම්ට පහර දෙයි
ඔක්තෝබර් 7 වැනිදා, අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න ගල්කිස්ස හෝටල් පාරේ ශාන්ත තෝමස් විදුහල ඉදිරිපිට තම බිරිඳ හා දරුවා බලාපොරොත්තුවෙන් වාහනය නවතාගෙන සිටිද්දී ඔහු වටකළ මැරයෝ් හතර දෙනෙක් පිස්තෝලයක අග කොටසින් ඔහුගේ මුහුණට පහර දුන්හ. ඔහු ජාතික රෝහලට ඇතුළු විය. කොමිසමේ නිල නිවේදනය මාධ්‍යවලට නිකුත් කළේ ලේකම්වරයා නිසා මේ ප‍්‍රතිඵල අත්වන්නට ඇති බව පැහැදිලිය.
ඔක්තෝබර් 24 වැනිදා අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයාට විරුද්ධව අල්ලස පනත යටතේ බී වාර්තාවක් කොළඹ මහෙස්ත‍්‍රාත් උසාවියේ ගොනු කෙරිණ.
ඒ අතර අගවිනිසුරුවරිය පදවාගෙන යන වාහනය පසුපස නිරන්තරයෙන් හඹා එන වාහනයක් දැකගන්නට ලැබිණ. දෙසැම්බර් 8 වැනිදා, (දෝෂාභියෝගය ගැන විභාග වෙමින් තිබුණු අතරතුර* මහනුවර මහානායක හිමිවරුන් බැහැදැක නැවත කොළඹ එන අතරතුර, කඩුගන්නාවේ පල්ලම බහින විට, ඒ වාහනය තම වාහනය පැත්තට කපා ප‍්‍රපාතයට හෙලන්නට දැරූ වෑයමක් සිය රියැදුරුගේ දක්‍ෂකම නිසා වළක්වාගත හැකිවුණු බවද ඇය ලියයි.
සුබ නැකතින් දෝෂාභියෝගය
2012 නොවැම්බර් 1 වැනිදා උදේ 10.12ට යෙදුණු සුබ නැකතින් කතානායකවරයා වෙත ෂිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව භාරදුන්නේය. ඒ අරුන්දික ප‍්‍රනාන්දු, පවිත‍්‍රා වන්නිආරච්චි, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, ශාන්ත බණ්ඩාර විසිනි. පුද්ගලයකු රැුකියාවෙන් ඉවත්කිරීම සඳහා නැකැත් බලා පියවර ගැනීමේ ජඩ සම්ප‍්‍රදායක් රාජපක්‍ෂ ආණ්ඩුව පවත්වාගෙන ගිය ආකාරය එයින් සංකේතවත් විය. අදත් මාධ්‍ය සාකච්ඡුාවලට කපුරු පත්තු කර පොල්ගෙඩි ගෙනැවිත් සාප කරන්නේ ඒ රාජපක්‍ෂ චින්තනයේම දිගුවක් අනුවය.  
දෝෂාභියෝගය විභාග වීමට පෙර ඉල්ලා අස්වී අනාගත කරදරවලින්ද මිදෙන ලෙස විවිධ ඉල්ලීම් තිබුණත් ඊට මුහුණ දීමට ආචාර්ය බණ්ඩාරනායක තීරණය කළාය. ඒ සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප‍්‍රමුඛ නීතිඥවරුන් කණ්ඩායමක්ම, කිසිම මුදලක් නොගෙන ඈ වෙනුවෙන් පෙනීසිටීමට ශපථ කළහ. වැඩ කළහ. සතියේ දින සියල්ලේදීම මෙන් ඇගේ නිල නිවෙසෙහි රැුස්වෙමින් ඒ සඳහා මේ නීතිඥවරුන් තමන්ගේ වටිනා කාලයෙන් හා දැනුමෙන් දායක වූහ. ඒ සියල්ලන්ටම තිබුණේ, හුදෙක් එක් සේවාදායිකාවක වෙනුවෙන් පෙනීසිටිනවා කියන හැඟීම නොවේ. විධායකයේ බුල්ඩෝසරයෙන් විනාශවන්නට යන රටේ අධිකරණ ස්වාධීනත්වය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් තමන්ගේ දායකත්වය දැක්වීමය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග යෝජනාව ප‍්‍රකාර, එහි ඇති චෝදනා 14ක් ගැන විභාග කර, අගවිනිසුරුවරිය ඒවාට වරදකරුදැයි පරීක්‍ෂා කර වාර්තා කිරීම සඳහා මන්ත‍්‍රීවරුන් 11කගෙන් යුත් විශේෂ කාරක සභාවක් පත්කරන ලදි. අනුර ප‍්‍රියදර්ශන යාපා සභාපතිත්වය දැරූ එම කාරක සභාවේ සාමාජිකයන් 7ක් ආණ්ඩු පක්‍ෂයෙනි. 4ක් විපක්‍ෂයෙනි. ආර් සම්පන්දන්, ලක්‍ෂ්මන් කිරිඇල්ල, විජිත හේරත්, ජෝන් අමරතුංග ඒ හතර දෙනාය.
වරදකරු කිරීමටම
කාරක සභාව පත්කරන ලද්දේ ඇය වරදකරු කිරීමට අවශ්‍ය සියලූ තීරණ හා ක‍්‍රියාමාර්ග ගැනීමටය. චෝදනා 14කට පිළිතුරු දීමට සුමාන හයක කාලයක් ඇය ඉල්ලූ නමුත්, ලැබුණේ දින 7කි. ඒ කාලය තුළ තමාට එරෙහිව නගා තිබුණු කිසිම පදනමක් නැති චෝදනා 14ට, ශක්තිමත් එහෙත් කෙටි පිළිතුරු යැවීමට ඇයට හැකිවිය. සමහර චෝදනා පැහැදිලි නොවීය. සමහර දෙචා්දනාවලට පිළිතුරු සැපයීමට තවත් විවිධ ලේඛන හා තොරතුරු අවශ්‍ය වුණත් ලැබුණේ නැත. කාරක සභාව පවත්වාගෙන යන කාර්ය පටිපාටිය ගැන දිගින් දිගටම විමසා සිටියත් පැහැදිලි කිරීමක් නොලැබුණි. තමාගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමට කිසිම අවකාශයක් කාරක සභාවෙන් නොලැබුණ බව ඇය කියයි. ඈ කියන කිසිම කරුණක් සලකා බැලීමට ආණ්ඩුවේ 7 දෙනා උනන්දු වුණේ නැත. සියලූ විරෝධතා ප‍්‍රතික්‍ෂෙප කරන ලදි. කාරක සභාවේදී බණ්ඩාරනායක මහත්මියගෙන් දිවුරුමක් ලබාගැනීමට උත්සාහ කරන ලදි. සාක්‍ෂි දීමකදී අධිකරණයක දිවුරුමක් දීම සාමාන්‍ය ක‍්‍රමය වුණත් කාරක සභාවකදී පැවැත්වෙන්නේ නඩු විභාගයක් නොවන නිසා දිවුරුම් දීම අවශ්‍ය නැති බව කෙතරම් පැහැදිලි කළත් ආණ්ඩුවේ හත්දෙනා ඒ කිසිවක් නොසැලකූහ. විරුද්ධ පක්‍ෂයෙන් පත්ව සිටි සාමාජිකයෝ කාරක සභාවේ අත්නෝමතික ක‍්‍රියාකාරිත්වයට එරෙහිව දිගින් දිගටම පෙනීසිටියහ. එසේ කිරීමට බලයක් නැති නමුත්, නීති විරෝධී ලෙස කාරක සභාව විසින් ලේඛන කැඳවන ලදි. ඒ හැම ලේඛනයක්ම කැඳවා ඇත්තේ බණ්ඩාරනායක මහත්මියට අභූත චෝදනා නගා ඇය වැරදිකාරිය කිරීමට බව පැහැදිලි විය. ඒ මදිවාට කාරක සභාවේ සිටි ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ වැනි අයගේ අශිෂ්ට පහත් අවලාද කතාවලට මුහුණ දෙන්නටද ඇයට සිදුවිය.‘පිස්සු ගෑනි, අපි මේ නෝනව මෙතන තියාගෙන මඩවනවා, බබා-නෑ බාබා හුකුන්, උසාවියේ නාඩගම් නටනවා, මෙයාට ඇඩම්ලා ගොඩක් ඉන්නවා, බබා වගේ හිටියට බබා වගේ වැඩ නෑ.’ ඒ අශිෂ්ටයන්ගේ මුවෙන් පිටවුණු වචන කිහිපයකි.
වර්ජනය
කාරක සභාව දිගින් දිගටම පීඩාකාරී ලෙසත්, ඒකපාර්ශ්වික ලෙසත්, නීති විරෝධී ලෙසත් තමා වැරදිකාරිය කිරීමේ තනි වුවමනාවෙන්ම කටයුතු කරන බව පෙනීගිය නිසා එක් අවස්ථාවකදී, කාරක සභාව වර්ජනය කරන්නට ආචාර්ය බණ්ඩාරනායකත් ඇගේ නීතිඥ මණ්ඩලයත් තීරණය කළෝය. ඒ දෙසැම්බර් 7 වැනිදා පස්වරුවේය.
එදා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කාරක සභාවට මෙසේ කීවේය. ‘මේකේ විෂය පථය පුළුල් කරලා අපට සාක්‍ෂිකරුවන්ගේ ලැයිස්තුවයි ලේඛන ලැයිස්තවයි දීලා නැහැ. අපට අපේ විත්තිවාචක සූදානම් කර ගන්ඩ ප‍්‍රමාණවත් කාලයක් දීලා නැහැ. කාරක සභාවේ සමහර සාමාජිකයෝ හැසිරුණ විදියට ඒ අය දැනටමත් අවසාන තීරණය ගැන මතයක් අරගෙන තියෙනවා කියලා අපට තීරණය කරන්ඩ වෙලා තියෙනවා. මෙතැනදි කියපු සමහර දේවල් කාරක සභාවේ සාමාජිකයන්ට ගැළපෙන්නේ නැහැ. මේ ඔක්කොම එකට අරගෙන බැලූවාම සාධාරණ නඩු විභාගයක් පැවැත්වුණේ නැතිවා වාගේම, අපට මේ කමිටුවෙන් යුක්තිය ඉෂ්ට වෙන්නේ නැති බවත් පැහැදිලියි.
අපි සම්පූර්ණයෙන්ම නිර්දෝෂියි. අපි මේ චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරලා තියෙන්නේ. අපට හංගන්ඩ කිසිම දෙයක් නැහැ. සාධාරණ අපක්‍ෂපාතී නඩු විභාගයක් තිබුණොත් අපි නිදහස් වෙන බවට ඒකාන්ත විස්වාසයක් තියෙනවා. නඩුව පවරලා නඩුව අසන පුද්ගලයෝ නැති අපක්‍ෂපාති නඩු විභාගයකට ඉදිරිපත් වෙන්ඩ අපි තවමත් කැමැත්තෙන් ඉන්නේ. මේ කාරණා හින්දා සර්, මේ විමර්ශනයට අපට තවදුරටත් සහභාගි වෙන්න බැහැ. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වර්ජනය කරනවා.’ (පිටුව 197*
ඇය නැතිව කාරක සභාව විභාගය ඉදිරියට ගෙනගියේය. එහෙත් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු සිව්දෙනා විරෝධය පාමින් කාරක සභාවෙන් ඉවත්වූහ. කාරක සභාව ඉදිරියේ සාක්‍ෂිකරුවෝ සාක්‍ෂි දුන්හ. ඇය සමග එකම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සේවය කළ විනිසුරු ශිරාණි තිලකවර්ධන ඇයට එරෙහිව කාරක සභාව හමුවට පැමිණ සාක්‍ෂි දුන්නාය.
ඒ අතර අගවිනිසුරු නිල නිවස පිහිටා තිබෙන බෞද්ධාලෝක මාවතේ විජේරාම මාවත පටන්ගන්නා තැන, නිල නිවෙසේ තාප්පයට පිටින් පදික වේදිකාවේ ‘මාකි’ ටෙන්ට් එකක් ගසා පිරිසක් එහි සිට මහ හඬින් ගීත වාදනය කරමින් සිත්සේ සතුටු වූහ. ඊට වරින්වර කාරක සභාවේ සාමාජික මන්තී‍්‍රවරුන් මෙන්ම ආණ්ඩුවේ වෙනත් මැති ඇමතිවරුද ආවා ගියහ. ඊට අඩි දෙකතුනක් එහායින් පොලිස්පතිගේ නිල නිවෙස තිබුණත්, අධි ආරක්‍ෂිත කලාපයක සිදුවන මේ බාධාකිරීම් හා විගඩම් ගැන කිසිම පියවරක් ගැනුණේ නැත.
ලැබී තිබුණ කාලය ප‍්‍රමාණවත් නොවන නිසා කාරක සභාව විමර්ශනය කරන්නට තීරණය කළේ 1 සිට 5 දක්වා චෝදනා පමණකි. ඉන් 1,4,5 යන චෝදනාවලට ෂිරානි බණ්ඩාරනායක මහත්මිය වරදකරු කොට කාරක සභාව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
‘සම්පූර්ණ විමර්ශනයම අති දක්‍ෂ විදියට අධිවේගීව අවසන් කරලා. වාර්තාවේ කෙටුම්පත ලියපු කෙනාට කාර්ය සටහන්, ලේඛන, සාක්‍ෂි ඔක්කෝම කියවලා බලලා ඒක ලියන්ඩ තිබිලා තියෙන්නේ පැය 10කටත් අඩු කාලයක්. මුද්‍රණය කරපු වාර්තාවේ පිටු 1575ක් තිබුණා. ඒක වෙලූම් දෙකක් විදියට තිබුණේ. කාරක සභාවේ වාර්තාව පිටු 31යි. දෙසැම්බර් 8 වැනිදා කාරක සභාවේ සභාපති, කමිටුවේ කාර්යභාරය අවසන් කළා.’ (පිටුව 203*
2013 ජනවාරි 12 වැනිදා තමා අගවිනිසුරු ධුරයෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙසට නියෝග කරන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ලිපිය ෂිරාණි බණ්ඩාරනායක මහත්මියට ලැබිණි.x
පන්දම අතට ගත් ආණ්ඩුකාරයෝ
පේරාදෙණිය ගන්නොරුව රණබිම රාජකීය විදුහලේ විදුහල්පති ස්ථාන මාරු කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කළ නියෝගයක් අවලංගු කිරීමට මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගත් බව පසුගිය දා මාධ්‍ය වාර්තා කෙළේ ය.
මැතිවරණ කොමිසම විසින් ඡුන්ද විමසීමක් ප‍්‍රකාශයට පත්කළ කාලය තුළ රජයේ නිලධාරීන් පත් කිරීම, ස්ථාන මාරු කිරීම, සේවයෙන් පහ කිරීම වැනි දේ කළ නොහැකි බව අපේ මැතිවරණ නීතියයි. ‘ඡුන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව’ ගැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104ඒ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්නේ මෙසේ ය. ‘අවස්ථාවෝචිත පරිදි ජනමත විචාරණයක් හෝ ඡුන්ද විමසීමක් හෝ පැවැත්වීම සඳහා ප‍්‍රකාශනයක් හෝ නියමයක් හෝ කරනු ලැබූ දිනයෙන් ආරම්භව, ඒ ජනමත විචාරණයේ හෝ ඡුන්ද විමසීමේ ඡුන්ද ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත්කරනු ලබන දිනයෙන් අවසන් වන කාලසීමාව.’
මේ කාසීමාව තුළ ඉහත කී කාර්යයන් කිසිවක් කළ නොහැකි බව නීතිය ගැන සාමාන්‍ය දැනීමක් ඇති  ඕනෑ ම කෙනකුට පැහැදිලි වනු ඇත.  කාලයක් ඡුන්ද නිරීක්‍ෂණ රැුකියාවක ද නියැලූණු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, ඒ ගැන නොදැන සිටින්නට හේතුවක් නැත. යම් හෙයකින් නොදැන සිටියා නම්, ඡුන්ද නිරීක්‍ෂකයකු හැටියට කටයුතු කළ ඔහුගේ අතීත ක‍්‍රියාකාරිත්වය ගැන ලජ්ජා විය යුතු ය. දැන ගෙන සිටියා නම්, ඔහුගේ උද්දච්චභාවය ගැන විරෝධය පෑ යුතු ය. ඒ එක් ආණ්ඩුකාරවරයෙකි.
තව ආණ්ඩුකාරවරයෙකු පසුගිය දිනවල පුවත්පත්වලට කියා තිබුණේ, උතුරු පළාතට පිටින් ඇවිත්, එම පළාතේ නොවන නාඳුනන පුද්ගලයන් දේශපාලන කටයුතුවල යෙදෙන බවත්, ඒවා වැළැක්වීමට තමා පොලිසියට උපදෙස් දී ඇති බවත් ය.  ඕනෑ ම පළාතකට,  ඕනෑ ම මැතිවරණයක දී පිට පළාත්වලින් පිරිස් පැමිණීමත්, දේශපාලන ක‍්‍රියාකාරකම්වල යෙදීමත් අමුත්තක්, වරදක් නොවේ. ඒ මිනිසුන්ගේ ප‍්‍රකාශන හා ඡුන්ද අයිතියයි. එය වළක්වන්නටත් ඒ සඳහා පොලිසියට නියෝග දෙන්නටත් ආණ්ඩුකාරවරයකුට ඇති බලය කුමක් ද?
ඊළඟට ඌව පළාත් ආණ්ඩුකාරවරයා ය.
ඔහු තමාගේම හිතලූවක් අනුව, ඌව පළාත තුළ බුර්කාව ඇඳීම තහනම් කර ඇත්තේ ලූ. ඒවා අඳින යම් කිසිවෙක් වෙත් නම්, ඔවුන් පොලිසියට රැුගෙන ගොස් ප‍්‍රශ්න කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇත්තේ ලූ.  හදිසි නීතිය රටේ තව දුරටත් නොපවතින තත්ත්වයක් යටතේ, හදිසි නීති රෙගුලාසි තුළ තාවකාලික ව තහනම් කළ, සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන සේ ඇඳුම් ඇඳීම, හදිසි නීතියේ බලය අවසන් වීමත් සමග අවසන් වූ බව ඇත්තකි. (අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය එල්ල කෙළේ බුර්කා ඇඳගත් ගැහැනුන් හෝ පිරිමින් නොවන බවද, බුර්කාව ඇඳීම තහනම් කිරීම ගෙදර තිබෙන මුවහමට තඩි බෑමේ ක‍්‍රියාවට සමාන වන්නක් බව ද සටහන් කර තැබිය යුතු ය.* එහෙත්, රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සලකා බලා, අනන්‍යතාව පරීක්‍ෂා කිරීම සඳහා සාධාරණ සහ යුක්ති සහගත ක‍්‍රියාමාර්ග ගැනීමට නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලට, නීතියෙන් ම අවසර තිබේ. එය ආණ්ඩුකාරවරයකුට නියම කළ හැක්කක් නොවේ.  ආණ්ඩුකාරවරයකු අණ කළ පමණින්, පොලිසියේ ඉහළින් නියමයක් නැති ව පළාත් පොලිස් බලධාරීන්ට ක‍්‍රියාත්මක කළ හැකි දෙයක් ද නොවේ. ඒ නිසා, ඌව පළාත් ආණ්ඩුකාරයාගේ මේ බුර්කා තහනම, පොලිසියේ නිලධාරීන්ගේ වුව ද විහිළුවට, උපහාසයට ලක් විය හැකි එකකි.
මේ ආණ්ඩුකාරවරුන් තිදෙනාගේ ක‍්‍රියාකාරිත්වයෙන් පෙනෙන්නේ, වළං කඬේට පැන්න හරකුන් වැනිය කියන පරණ පිරුළට අනුව සිය ආණ්ඩුකාර ක‍්‍රියාකාරිත්වය හැඩ ගස්වා ගන්නට ඔවුන් දරන අනේක මහන්සියයි. මේ දිනවල පමණක් නොව, ඉහත සමහර ආණ්ඩුකාරවරුන් තමන්ට පත්වීම් ලැබුණු දිනයේ පටන් ම වැඩ කර ඇති විහිළු සහගත ආකාරය නිරික්සන විට ඒ ඇත්ත පැහැදිලි ව පෙනේ. තමන්ට බලයක් නැති තැන්වලට කඩා පැන මාධ්‍ය සංදර්ශන පවත්වමින් මේ සමහරුන් ක‍්‍රියා කරන්නේ, සුපර් ස්ටාර් තරගයකට සහභාගි වන තරගකරුවන් හැකි තරම් විච්චූරණ කිරීමෙන් පේ‍්‍රක්‍ෂකයන්ගේ අවධානය තමා වෙත දිනා ගන්නට දරන (ලජ්ජාසහගත* ආකාරයෙන් මෙනි.
ආණ්ඩුකාරයන් පත් කරන්නේ ජනාධිපති නිසා, ජනාධිපතිගේ බලතල ආණ්ඩුකාරයාට ඇතැ’යි බොහෝදෙනා වරදවා සිතති. කියති. එහෙත්, විශේෂ අවස්ථා කිහිපයක දී හැර ආණ්ඩුකාරයා ක‍්‍රියාත්මක විය යුත්තේ පළාතේ ඇමති මණ්ඩලයේ උපදෙස් මත බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියයි. ඒ නිසා ඔහුට ඇත්තේ ඉතා සීමිත බලයකි. තනි මතය අනුව, පළාත් සභාවක් විසුරුවා හැරීමටවත් ආණ්ඩුකාරවරයකුට බලයක් නැත.
පළාත් සභා නොපවතින තත්ත්වයක් යටතේ වුවද පළාත් සභාවේ සියලූ බලතල ආණ්ඩුකාරයාට නැත. තම පළාත තුළ යම් නීතියක් පනවන්නට හැක්කේ පළාත් සභාවට මිස ආණ්ඩුකාරයාට නොවේ. පොලිසියට නියෝග දීමේ බලය ඇත්තේ ද පොලිස්පතිවරයාට මිස ආණ්ඩුකාරයාට නොවේ. දේශපාලනය කිරීම හෝ නොකිරීම පාලනය කිරීමට ආණ්ඩුකාරයාට කිසි ම බලයක් නැත.
මේ ආන්ඩුකාරයන්ගේ උද්දච්ච ක‍්‍රියා දෙස බලන විට එකක්, ඒ ආණ්ඩුකාරයන් එවැනි වගකීමකට කෙතරම් නුසුදුස්සන් දැයි පැහැදිලි ව පෙනේ. දෙක, ඔවුන් පත් කළ ජනාධිපතිවරයාගේ මුහුණ මැවී පෙනේ.