Wednesday, October 1, 2025

එදා හෙළදිව-06

 පාඩම 06


මහා සීහළ වංශයේ ඇරඹුම‭ 

-‭ ‬Beginning of the great Sinhalese homeland‭ 


සියලුම සිංහලුන්‭ ‬සහ බෞද්ධයින්ගේ දැනගැනීම පිණිසයි... 
මෙය නොදන්නා සිංහල කම හා බෞද්ධකම කුමකටද?
  
හෙළ මනුවංශයේ මේ යුගයේ මහා හෙළ විරුවාණන්‭ ‬වූ‭ ‬අති‭ ‬ශ්‍රේෂ්ඨ සීහළයේ නිර්මාතෲ නරසීහයාණන්‭ ‬වහන්සේගේ හෙළ කතාවයි‭ ‬මේ...

මහා සීහළ වංශයේ ඇරඹුම‭ ‬- 01 කොටස
සැබෑ සිංහල බෞද්ධයා යනු‭ ‬කවුරුන්ද?  මේ මහා භද්‍ර කල්පයේ ඇරඹුම කොතනද? කවුද මේ සුර අසුර කියන්නේ? කවුද දේව,මනුස්ස,අමනුස්ස කියන්නේ? කවුද මේ රාම රාවණ කියන්නේ? සක්විති‭ ‬රාජ හා බුදු‭ ‬රජුන්‭ ‬කවුද? එදා ජම්බුද්දීපය පිහිටියේ කොහේද? මහරජවරු‭ ‬4 දෙනා කවුද?  සීහළයේ නිර්මාතෘ කවුද? බුද්ධ වංශයේ ඇරඹුම කොතනද? ආදී‭ ‬බොහෝ ප්‍රශ්ණ වලට මෙම කොටසින්‭ ‬පිළිතුරු‭ ‬සැපයෙනවා...

ශාක්‍ය හෙවත්‭ ‬සූර්‍ය වංශයෙන්‭ ‬පැවත අවුත්‭ ‬ගෝතම බුද්ධ වංශය පිහිටුවාලූ, අප සැමගේ නායකයාණන්වූ,  ගුරුවරයාණන්වූ,  රජුන්වූ, පියාණන්වූ, මුණිවරයාණන්වූ‭ ‬ගෝතම නරසීහ බුදුන්වහන්සේට නමස්කාර වේවා...

 සිංහල වංශයේ මහා කතාවයි‭ ‬මේ දිග හැරෙන්නේ..
   හෙළ මනුවංශයේ මේ යුගයේ මහා හෙළ විරුවාණන්‭ ‬වූ‭ ‬අති‭ ‬ශ්‍රේෂ්ඨ සීහළයේ නිර්මාතෲ නරසීහයාණන්‭ ‬වහන්සේගේ හෙළ කතාවයි‭ ‬මේ.. මේ කතාව මධ්‍යස්ථව සිතීමට නොහැකි සමහරුන්න්ට නම්‭ ‬ටිකක්‭ ‬තේරුම්‭ ‬ගන්න අමාරු‭ ‬වෙයි. යම්‭ ‬කෙනෙක්‭ ‬මේක වටහා ගත්තානම්‭ ‬ඔහු‭ ‬හෝ ඇය සැබෑම බුද්ධිමතෙක්‭ ‬මෙන්ම ආර්ය සිංහළයෙක්ද වනවාමයි.

   යටත්‭ ‬විජිත යුගයේදී‭ ‬අපේ හෙළ ඉතිහාසය පටළවා ලියු‭ ‬සුදු‭ ‬ජාතිකයින්ට සොයා ගන්නට නොහැකිවූ‭ ‬හෙළ ඉතිහාසය සොයා ගත යුත්තේ අප විසින්මය. මෙහිදි‭ ‬අප කිසිසේත්ම නායක්කර්ලට හෝ බටහිරයන්ට හෝ මිත්‍යා භූතයන්ට හෝ දේශපලිතයින්ට හෝ මාධ්‍යයන්ට හෝ කිසිම පක්ෂාග්‍රාහිත්වයකින්‭ ‬තොරව තනිවම විමර්ශණානුකූලවයි‭ ‬සත්‍ය වටහා ගත යුත්තේ.. සම්මත විෂය මාළාව පිළිගන්නේ අවිචාරවත්‭ ‬මනසක්‭ ‬ඇත්තන්‭ ‬විසින්මය.. සිංහළ බෞද්ධයින්‭ ‬නම්‭ ‬සවාධීන නිරවුල්‭ ‬මනසක්‭ ‬ඇති‭ ‬අයම විය යුතුය..

   මෙහි‭ ‬කිසිම අන්තවාදීත්වයක්‭ ‬හෝ අසීමිත ජාතිවාදයක්‭ ‬අන්තර්ගත නැහැ.. එසේම මෙහි‭ ‬කිසිම පුද්ගලික හෝ පටු‭ ‬දේශපාලනික අරමුණක්‭ ‬නැහැ..  කවුරුත්‭ ‬පක්ෂ භේද අත හැර එකා වගේ රටක්‭ ‬ජාතියක්‭ ‬හැටියට නැගී‭ ‬සිටිමු. අපත්‭ ‬හැදෙමු.. රටත්‭ ‬හදමු.. සසරින්‭ ‬එතෙර වන නිවැරදි‭ ‬මගත්‭ ‬සොයා ගෙන යමු..  
   ඒ වගේම මේ කතාව තේරුම්‭ ‬ගන්නට පාසලේ පොතපතේ උගත්කම එතරම්ම වැදගත්‭ ‬වෙන්නෙ නෑ. උගත්‭ ‬මානය නැති‭ ‬වුනත්‭ ‬ප්‍රඤ්ඤා වන්තයාට නම් පහසුවෙන්‭ ‬වටහා ගන්න පුලුවන්. එසේම ප්‍රඤ්ඤාව නැත්නම්‭ ‬කොතරම්‭ ‬පොතපතේ දැනුමෙන් උගත්‭ ‬වුනත්‭ ‬මෙතන වරද්ද ගන්නවාමයි.. කොහොමත්‭ ‬පන්තියේ ඔක්කොම අය විභාගෙ පාස්‭ ‬වෙන්නත්‭ ‬නැති‭ ‬බවද දත යුතුයි..     
     කොහොම හරි‭ ‬යම්‭ ‬කෙනෙක්‭ ‬මෙතන හරියට නිරවුල්ව අල්ලා ගතහොත්‭ ‬එයාට තිබුණ ගොඩාක්‭ ‬ප්‍රශ්ණ ජාලයක්ම එකාන්තයෙන්ම ලිහා ගන්න පොට පෑදෙනවා.. මිත්‍යා දෘෂ්ඨි‭ ‬ජාලයක්ම කැඩිල බිඳිල යනවා. ඇත්තටම මෙය සකස්‭ ‬කළේ දැනට ජීවමානව වැඩ නොසිටින ධ්‍යාන අභිඤ්ඤා ලාභී‭ ‬පැවිදි‭ ‬ආර්ය උත්තමයෙකුගේද අනුශාසනාවන්‭ ‬මූළික කොට ගෙන බවද දැක්විය යුත්තේය... වටහාගත හැකි‭ ‬බුද්ධිමත් අයට එබව මනාව පසක්‭ ‬වනු‭ ‬ඇත. සමහරුන්ට ආර්‍යොපවාද කරගැනිමට ඇති‭ ‬ඉඩකඩ වැඩි‭ ‬බැවින්‭ ‬උන්වහන්සේගේ නම මෙහිදී‭ ‬සඳහන්‭ ‬නොකරනු‭ ‬ලබන බව සඳහන්‭ ‬කළයුතුය.. 

     කෙසේ හෝ ඔබ මෙම සත්‍යතාව ග්‍රහණය කරගන්නවාමයි‭ ‬කියා අධිෂ්ඨාන කරගෙන කළබළ නැතිව සෙමෙන් නැවත නැවතත්‭ ‬කියවා තේරුම්‭ ‬ගන්න උත්සාහ කරන්න... කිසි විටෙකත්‭ ‬මෙම වටිනා කතාව කිසිදා අහක නොයනු‭ ‬ඇත. මිත්‍යාදෘෂ්ටියෙන්‭ ‬යමෙක්‭ ‬වෙලා ඇති‭ ‬ප්‍රධාන පළමු‭ ‬ගැට කිහිපයයි මෙයින්‭ ‬ලිහෙනුයේ.. මිත්‍යාදෘෂ්ටිය නම්‭ ‬ඉතා බලවත්‭ ‬පාපයක්ම බව දැනගත යුතුයි.. 

     ඒ වගේම අප මෙතෙක්‭ ‬පාසැල්‭ ‬පොත පතෙන් උගත්‭ ‬සියලු දේ හා බාහිර සමාජයෙන් සංස්කාර වශයෙන්‭ ‬උපාදාන කරගත්‭ ‬සියල්ලම මදකට පසෙකින්‭ ‬තබා මෙය කියවුව හොත්‭ ‬වඩාත්‭ ‬පහසුවෙන්‭ ‬මේ කියන දේ වටහා ගත හැකිවෙයි. සමහරෙකුට මෙය ඉතා රසවත්‭ ‬වෙන්නත්‭ ‬සමහරෙකුට නීරස වෙන්නත්‭ ‬පුලුවනි.. තමන්ගේ ප්‍රධාන සතුරා ඉන්නේ තමන්‭ ‬සිත තුලම මෙහි‭ ‬බවත්‭ ‬මතක තබාගෙන ඉදිරියට යන්න‭…

සැබෑ සිංහල බෞද්ධයා යනු‭ ‬කවුරුන්ද?

     සිංහල යනු.. කිසිසේත්ම සිංහබාහුගේ සිංහ රුධිරය හෝ පණ්ඩුකාභය රජු‭ ‬සිංහයන්‭ ‬මැරීම නිසා ඇති‭ ‬වූ‭ ‬සිංහ ලේ වලින්‭ ‬හටගත්‭ ‬පරපුරක්‭ ‬නම්‭ ‬නොවේ. හුදෙක්‭ ‬එම වැරදි‭ ‬අදහස විජාතිකයින්‭ ‬විසින්‭ ‬අපට බලෙන්‭ ‬ඇලවූ‭ ‬ලේබලයක්ම පමණකි. එසේම එම වැරදි‭ ‬අදහස සමහරක්‭ ‬අප සිංහල අය විසින්ද අවිචාරීව දමාගත්‭ ‬තොප්පියක්ද වන්නේමය.
සිව්+හෙළ නිසා සිංහළ වූවා කියාද අද උගතුන්‭ ‬කියනු‭ ‬ලැබේ. එහෙත්‭ ‬එය සම්මතයට යම්‭ ‬පමණකින්‭ ‬උචිත වුවද පද+අර්ථ වශයෙන්‭ ‬අනුචිත වේ.. 
     එසේනම්‭ ‬කුමක්ද මෙහි‭ ‬නියම පිරිසිදු‭ ‬මුල්ම පද ගත අර්ථය?
සීහ+හෙළ සීහළ විය. පසුව එයින්‭ ‬සීහෙළ, සිව්හෙළ, සිංහළේ, සිංහල, හිංගල ආදී‭ ‬සමාන පද රැසක්‭ ‬බිහි‭ ‬වූහ.
මෙහි‭ ‬නියම තත්වය වටහා ගන්න නම්‭ ‬අප ලෝක ඉතිහාසය හෙවත්‭ ‬ආරම්භය පිළිබඳව මූළික අවබෝධයක්‭ ‬ගත යුතුමය. නැත්නම්‭ ‬සියල්ල අවුල්‭ ‬කර ගන්නවාය..

    අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන්‭ ‬පරිදි‭ ‬ආභස්සර බඹ ලොවෙන්‭ ‬පැමිණි‭ ‬බ්‍රහ්මයෙක්, පෘතුවි‭ ‬පංචකාම රසයට තණ්හා උපාදානය වී‭ ‬ඇලී‭ ‬වාසය කළා. කල්‭ ‬යත්ම තවත්‭ ‬අය එලෙසින්ම එක්වුනා. මුලින්‭ ‬තනිව බ්‍රහ්මව සිටි‭ ‬මේ අය, දෙදෙනෙක්‭ ‬සමග එකතුවී‭ ‬දේව වුනා.. මේ දේව වූවන්‭ ‬පංචකාමයම උසස්‭ ‬කොට උතුම්‭ ‬කොට සැලකුවා.. ඔවුන්ගේ එක්වීමෙන්‭ ‬දරු‭ ‬පරපුරක්‭ ‬හටගත්තා.. 
කල්‭ ‬යත්ම මේ පිරිසෙන්‭ ‬සමහර අය තව තවත්‭ ‬රාගයෙන්‭ ‬තන්හා වී‭ ‬අධාර්මික වැඩ කරන්නට වුනා.. සමහරු‭ ‬විෂම ලෝබය,රාගය, ද්වේෂය නිසා අනුන්ගේ වස්තුව සොරකම්‭ ‬කරන්නටත්, අන්සතු‭ ‬දේ උදුරා ගන්නටත්, අන්‭ ‬අයට හිංසා කරන්නටත්, බොරු‭ ‬කියන්නටත්, රාගයෙන්‭ ‬මත්වී‭ ‬කටයුතු‭ ‬කරන්නටත්‭ ‬පුරුදු‭ ‬වුනා..

   ඉතින්‭ ‬ධාර්මිකවූ‭ ‬ගුණයහපත්‭ ‬වූ‭ ‬අය එක්‭ ‬රැස්වී‭ ‬මේ අධාර්මික ක්‍රියා පාළනය කරන්නට අවශ්‍ය නිසා, වැරදි‭ ‬කරන්නන්ට දඬුවම්‭ ‬කළ යුතුයැයි‭ ‬කවුරුත්‭ ‬ඒකමතිකව සම්මත කොට ගෙන, ප්‍රජාව පාළනය කරන්නට පුද්ගලයෙකු‭ ‬පත්‭ ‬කළා. රාගය පාළනය කරන්නාවූ‭ ‬ඔහු‭ ‬රාජ වුනා. මහාසම්මතයෙන්‭ ‬පත්‭ ‬කොටගත්‭ ‬ඒ පළමු‭ ‬රජු‭ ‬මනු‭ ‬නම්‭ ‬වුනා.. ඉන්පසු‭ ‬ඒ දේව වූ‭ ‬අයට අමතරව පාළන තන්ත්‍රයේ කටයුතු‭ ‬කරන අයට‭ ‬‘මනුස්ස’ කියා ව්‍යවහාර කළා.. මෙසේ මහා රාජ යටතේ අනෙකුත්‭ ‬ප්‍රාදේශීය රජවරුද පත්‭ ‬කරනු‭ ‬ලැබුවා. දැන්‭ ‬දේව හා මනුස්ස කියා දෙපිරිසකි. 

     මේ දේවවරු‭ ‬'රා' කියන්නාවූ‭ ‬පංචකාමයම උතුම්‭ ‬කොට‭ ‬'සු' කියා ගත්‭ ‬නිසා‭ ‬'සුර' වුනා..  මේ පංචකාමය අසුවයි‭ ‬නින්දිතයි‭ ‬කියා ඒවා පාළනය කරන අය‭ ‬‘අසුර’ වුනා.. මෙසේ සුර අසුර හෙවත්‭ ‬දේව මනුස්ස පිරිසක්‭ ‬බිහිවූ‭ ‬අතර, මේ දෙපිරිස අතර අදහස්මය වශයෙන්‭ ‬නොයෙක්‭ ‬අවශ්ථාවල යුධ ගැටුම්‭ ‬හට ගත්තා.. ඇත්තටම කියනවානම්‭ ‬මේ කියනුයේ‭ ‬ රාගයට බර දේව හා ද්වේෂයට බර අසුර අයගේ රාග ද්වේෂ ගැටුමම නොවේදැයි‭ ‬ඔබම වටහා ගන්න.. මෙම සුර අසුර ගැටුම කාම භූමියේ සදාකල්ම පවතින්නක්මය.

මෙම ගැටුම සමතයට පත්‭ ‬කරන්නට කාළාණුරූපීව යුගයෙන්‭ ‬යුගයට සක්විති‭ ‬රජවරු‭ ‬හා බුදුවරු‭ ‬කාම ලොව පහළ වන්නාහ. යමෙක්‭ ‬මේ සියලූම රා‍ය්‍යයන්ට ප්‍රධානව මේ හෙළ දිවයිනේ ඇති මුළු‭ ‬මිනිස්‭ ‬ලොවම දසරාජ ධර්මයෙන්‭ ‬පාළනය කරන්නට සමත්‭ ‬වූවානම්‭ ‬ඔහුට‭ ‬‘සක්විති‭ ‬මහා රාජ’ කියා එදා කියනු‭ ‬ලැබුවා.. 

    එමෙන්ම කාම ලොව සිටින දෙව්‭ ‬මිනිස්‭ ‬දෙපිරිසටමත්‭ ‬අමතරව රූපි‭ ‬බඹ ලොවටත්‭ ‬ආධිපතිත්වය දරණු‭ ‬ලබන්නේ බුදුවරුම පමණයි. එහෙනම්‭ ‬දෙවියන්‭ ‬සහිත, මිනිසුන්‭ ‬සහිත, බඹුන්‭ ‬සහිත වූ, භෞතික ඝණ රූපීව සකස්වුණු‭ ‬ලෝක වලටත්, අභෞතිකව සියුම්වූ‭ ‬මනෝරූපීමය වශයෙන්‭ ‬සකස්‭ ‬වුනු‭ ‬ලෝක වලටත්‭ ‬කියන්නාවූ‭ ‬මේ සියලු‭ ‬ලෝක තලයන්ටම නායක වන්නේ ලොව්තුරා බුදුවරුන්ම පමණක්මයි.. ඒ අති‭ ‬උත්තම බුදුවරු‭ ‬ලෞකිකවූ‭ ‬දුකෙන්‭ ‬මිදෙන මගත්‭ ‬සියලු‭ ‬ලෝක‭ ‬31ක්‭ ‬තලයෙන්ම එතෙරවන, ලෝකෝත්තර මගත්‭ ‬දේශනා කරන්නාහ.. මෙතෙක්‭ ‬ලොව පහළවූ‭ ‬සියලු‭ ‬බුදුවරුන්ගේ සත්‍යයේ ගුණානුභාව බලයෙන්‭ ‬ඔබට සද්ධර්මය අවබෝධ වේවා... 

    දැනට අවුරුදු‭ ‬2850කට පමණ එහාට දිවෙන, රාවණ නමින්වූ‭ ‬සක්විති‭ ‬රාජ පරපුරක්‭ ‬මේ හෙළබිමේ සිටියා. ඒ උතුමන්ලා මනාව ලෝකයා පාළනය කරමින් පැමිණ, 7 වන රාවණ රජුන්‭ ‬දක්වාම දසරාජ ධර්මයෙන්‭ ‬මේ මුළු‭ ‬දිවයිනම ධාර්මිකව පාළනය කළා. ඔවුන්ට අහසින්‭ ‬යාමට ගුවන්‭ ‬යානාද(චක්‍ර රත්නය) තිබූ‭ ‬අතර ඉතාමත් සෞභාග්‍යයෙන් සශ්‍රීකව මුළු‭ ‬දිවයිනම දැහැමින්‭ ‬පාළනය කළා. එතුලින්‭ ‬ඉතා පිංවන්ත බුද්ධිමත්‭ ‬මිනිසුන්‭ ‬පිරිසක්ද බිහි‭ ‬වුනා.. 
    දසරාජ ධර්මයෙන්‭ ‬දිවයිනම පාළනය කරන, මේ රාවණ සක්විති‭ ‬පරපුරේ‭ ‬8 වෙනියට පහළවූ‭ ‬රාවණ රජුගේ ධාර්මිකත්වය අඩුවුනා. යම්‭ ‬යම්‭ ‬අධර්මවාදී‭ ‬වූ‭ ‬ක්‍රියාවන්‭ ‬නිසා ඔහුගේ චක්‍රවර්ති‭ ‬බලයද පිරිහුණා. 
   කල්යල්‭ ‬බලාසිටි සුරයින්, අයෝද්‍යාවේ සිටි‭ ‬රාම කියන සුර දේව රජුගේ මූලිකත්වයෙන්, සියලු‭ ‬සුර දේව වංශිකයින්ගේ සහාය හා යක්ක ගෝත්‍රිකයින්ගේ සහායද ඇතිව, යුධ කොට අසුර රාවණ බළය බිඳ දමා ජය ගත්තා... 

  කවුද මේ රාම රාවණ කියන්නේ කියා අප පොඩ්ඩක්‭ ‬නුවණින්‭ ‬විමසා බලමු.

රා කියන්නාවූ‭ ‬පංච කාම අමයි‭ ‬(උතුම්) කියල, අමෘතයයි‭ ‬කියල ගන්න අය රාම‭ ‬(රා+අම) වෙනව. මොවුන්‭ ‬රාගය අග්‍ර‭ ‬(රා+අග්‍ර‭ ‬= රාග) කරගෙනයි‭ ‬ඉන්නේ.  
   රා කියන්නාවූ‭ ‬පංච කාමවල ආදීනව දැකල වාරණය කරන අයට රාවණ‭ ‬(රා+වණ)  කියනව. මෙලෙස රාම කියන පාර්ශවයකුත්, රාවණ කියන පාර්ශවයකුත්‭ ‬ඇති‭ ‬වුනා.. රාම කියන පාර්ශවය නියෝජනය කළේ සුර හෙවත්‭ ‬දේව කියන ජන කොටසයි. රාවණ කියන පාර්ශවය නියෝජනය කළේ අසුර හෙවත්‭ ‬මනුස්ස කියන ජන කොටසයි.
   රාම කියන දෙවි‭ ‬කොටස රාගයට බරයි, දැඩි‭ ‬නීති‭ ‬රීති‭ ‬නෑ. සතුටින්‭ ‬විනෝදයෙන්ම ඉන්න බලනවා. රාවණ කොටස රාගයට ඇලීම අඩුයි, භූමි, රාජ‍ය පාළනයට දක්ෂයි. වැරදි‭ ‬කරන්නන්ට නිසි දඬුවම්‭ ‬දෙනව. නව නිර්මාණශීලීයි. 
    රා කියන්නාවූ‭ ‬රාත්‍රී‭ ‬අන්ධකාරය වනසන අර්ථයෙනුත්‭ ‬රාවණ කියනව. කාමය නැමති‭ ‬අවිද්‍යා අන්ධකාරය වනසා ‭ ‬දමන වංශය සූර්‍ය වංශය කියල කියනව. ශාක්‍ය වංශය කියන්නෙත්‭ ‬සූර්‍ය වංශයටමයි. එනිසා මේ උතුම්‭ ‬රාවණ වංශයෙන්‭ ‬පැවත එන නිසා අප බුදු‭ ‬රදුන්ට සූර්‍යවංශාභිධාන කියල කියනවා..

මේ‭ ‬රාම රාවණ, සුර අසුර හෙවත්‭ ‬දේව මනුස්ස යුද්ධයෙන්‭ ‬පසු මෙතෙක්‭ ‬තිබූ‭ ‬මේ ඒකීය රාජ්‍යය දේව, යක්ඛ, රක්ඛ, නාග වශයෙන්‭ ‬කොටස්‭ ‬වලට වෙන්ව පාලනය වුනා. උසස්‭ ‬පහත්‭ ‬හෙළ කොටස්‭ ‬වශයෙන්‭ ‬බෙදී‭ ‬වෙන්වී‭ ‬මේහෙළ දිවයිනේ රාජ්‍ය පාළනය කරන්නට වුනා‭…

     මේ මහා බද්‍ර කල්පයේ කකුසඳ, කෝණාගමණ, කාශ්‍යප, ගෝතම නමින්‭ ‬ලොව්තුරා බුදුවරු‭ ‬සිව්‭ ‬නමක්‭ ‬පහළ වූවාහ. මේ සියලුම බුදුවරු‭ ‬කිසියම්‭ ‬ධර්මතාවකට අනුව පහළවන නිශ්චිත මධ්‍ය භූමියක්‭ ‬වන්නේය. 
    පෙර කළ වරදීප, ඕජදීප, මණ්ඩදීප, ජම්බුදිප ආදී‭ ‬නම්වලින්‭ ‬හැඳින්වූයේ මේ මධ්‍ය දේශයමයි. කාළානුරූපීව විවිධ නම්‭ ‬වලින්‭ ‬හැඳින්වූ‭ ‬මේ මධ්‍ය දේශය පිහිටියේ, අපගේ මේ උත්තම දිවයින තුළමයි..
    මෑත යුගයේ පහළ වූ‭ ‬අප කාගේත්‭ ‬නායකයාණන්වූ,  ගුරුවරයාණන්වූ,  රජුන්වූ, පියාණන්වූ, මුණිවරයාණන්වූ‭ ‬ගෝතම නරසීහ බුදුන්වහන්සේ පහළ වන විට තිබූ, ඒ මධ්‍ය දේශයට කීවේ ජම්බුද්දීපය කියායි.. 
    මේ හෙළ දිවයිනේම පිහිටි‭ ‬ජම්බුද්වීපයට අමතරව, මේ හෙළ දිවයිනේම පුබ්බ විදේහ, අපරගෝයාන, උතුරුකුරු‭ ‬දිවයින යනුවෙන්‭ ‬තවත්‭ ‬මිනිස්‭ ‬ජන වර්ග වාසය කරන ‭ ‬ප්‍රධාන භූමි‭ ‬කොටස්‭ ‬4ක්‭ ‬පිහිටා තිබුණා..
    මේ හෙළභූමි‭ ‬කොටස්‭ ‬4හි‭ ‬සිටින ප්‍රධාන මිනිස්‭ ‬ජනවර්ග අනුව මිනිස්‭ ‬ලෝක‭ ‬4ක්‭ ‬කියාද එදා ව්‍යවහාර කළා.. ජන ගෝත්‍ර වර්ග වලට අනුව ඒවා මනුස්ස ලෝකය, නාග ලෝකය, යක්ෂ ලෝකය, කුම්භණ්ඩ ලෝකය ආදී‭ ‬වශයෙන්‭ ‬වෙන්‭ ‬කොට කතා කළා.. 

    මේ කියන ජම්බුද්දීපය පිහිටියේ, මේ හෙළ දිවයිනේම මධ්‍යවූ‭ ‬විශාල භූමි‭ ‬භාගයකයි. එයටම මනුස්ස ලෝකය කියාද එදා ව්‍යවහාර කළා.. මේ ජම්බුද්දීපය පිහිටි‭ ‬ඉහළ කොටසේ සම්මත දේව/සුර ලෝකය හෙවත්‭ ‬දේව හෙළය පිහිටා තිබුණා.
(මේ කියන ඒවා එදා පැවති‭ ‬පරිසරයට අනුව වටහාගනු‭ ‬මිසක, අද පවතින තාක්ෂණිකව දියුණු‭ ‬බාහිර පරිසරය බලමින්‭ ‬මහා ලොකුවට සිතා වටහා ගන්නට නොහැකි‭ ‬බව තේරුම්‭ ‬ගනිත්වා..)
   දේව ජනයා සිටි‭ ‬දේව හෙළයේ ජනාකීර්ණවූ‭ ‬ස්ථාන පුරයන්‭ ‬වූ‭ ‬අතර මනුස්ස ජනයා සිටි‭ ‬ජම්බුද්දීපයේ පිහිටියේ ජනපදයන්ය. එමෙන්ම නාග හෙළයේ නගර වූ‭ ‬අතර, යක්ක හෙළයේද පුර යන නම නගරයන්‭ ‬සඳහා භාවිත කළා. මේ ආකාරයට එදා ‭ ‬ජම්බුද්දීපයේ හෙවත්‭ ‬දඹදිව්‭ ‬තලයේ ප්‍රධාන ජනපද‭ ‬16ක්‭ ‬පමණ පිහිටා තිබුණා. ඒවා පාළනය කිරීමට වෙන වෙනම ප්‍රාදේශීය රජවරුන්ද සිටියා. එයිනුත්‭ ‬ප්‍රධාන රාජ්‍යයන්‭ ‬4ක්‭ ‬සහ ඒ මහා රාජික සතර පාළනයට ප්‍රධාන මහ රජවරුන්‭ ‬4ක්‭ ‬සිටියා..

     එසේම මේ ජම්බුද්දීපය හා දේව හෙළයට පරිබාහිරව තිබූ‭ ‬යක්ක, නාග, කුම්භණ්ඩ, ගන්ධබ්බ යන ජන කොටස්‭ ‬වල පාළනයටද රජවරුන්‭ ‬සතරක්‭ ‬සිටියා. එයිනුත්‭ ‬ප්‍රධාන මහරජු‭ ‬වෙසමුණි‭ ‬හෙවත්‭ ‬වෛශ්‍රවණ රජුවූ‭ ‬අතර, ඔහුගේ රාජධානිය වූයේ උතුරුකුරු‭ ‬දිවයිනේ වූ‭ ‬ආලක මන්දාව නම්වූ පුරයයි. අලංකාර පුරය නමින්ද හැඳින්වූ‭ ‬මෙයටම පසුව ලංකා පුරය කියාද කියන ලදහ. අද ලංකාව කියා අප මුළු‭ ‬දිවයිනටම කියන්නාක්‭ ‬මෙන්ම සමහරුන්‭ ‬එදා පොදුවේ මේ වෙසමුණි‭ ‬මහ රජුගේ මුළු‭ ‬රාජධානියටම ලංකා පුරය කියා කීවාහුය.  
     අප බුදුරදුන්‭ ‬තෙවරක්ම මෙම ලංකා රාජධානියට වැඩි‭ ‬බවත්, එවකට නැතත්‭ ‬මතු‭ ‬කළදි‭ ‬එහි‭ ‬ධර්මය හොඳින්‭ ‬ස්ථාපිත වන බව දෙසූ‭ ‬බවත්, දඹදිව කොටසින්‭ ‬පැමිණි‭ ‬විජය නම්‭ ‬රජෙකු‭ ‬එම ලංකා පුරය ආක්‍රමණය කළ බවත්, පසු‭ ‬කළෙක මහින්ද මහ රහතන්‭ ‬වහන්සේ එහි‭ ‬වැඩම කොට බුද්ධාගම පිහිටවූ‭ ‬බවත්, මහානාම හිමියන්‭ ‬එම ලංකා කොටසේ සිටි‭ ‬විජය රජුගේ ඉතිහාසයෙන්‭ ‬පමණක්‭ ‬පටන්ගෙන මහාවංශය ලියූ‭ ‬බවත්‭ ‬සියලු‭ ‬දෙනාම, තහවුරුවූ, ඓතිහාසගත තොරතුරු‭ ‬වලට අනුව, වටහාගත යුත්තේමය... 
කුඩාකළ සිටම ඔලුවට වැටුනු‭ ‬වැරදි‭ ‬අවබෝධයන්‭ ‬පසෙකට දමා, යමෙකුට මේ ඉතිහාසගත සත්‍ය මනාව නුවණින්‭ ‬දැක ගැනිමට හැකිනම්‭ ‬ඔහු‭ ‬සෑබෑම බුද්ධිමතෙක්මය‭…‬ 

වැරදි‭ ‬දත්තයන්..
    වානර පරිනාමයෙන්‭ ‬මිනිසා නිර්මාණය වී‭ ‬ක්‍රමයෙන්‭ ‬දඩයම්‭ ‬යුග, එඬේරයුග, කෘෂියුග වලින්‭ ‬ඇවිත්‭ ‬මොහොන්ජොදාරෝ, හරප්පා, ඉන්දුනිම්න සිෂ්ඨාචාර වලින්‭ ‬ඇරඹි‭ ‬එන ආර්යයන්‭ ‬ගැන අප කුඩාකළ උගත්‭ ‬වැරදි‭ ‬භයානක මිත්‍යා මතයන්‭ ‬සැබවින්ම අපගේ සිත මුළාකොට අපව විශාල ආධ්‍යාත්මික ‭ ‬පරිහාණියකට ඇද දැමූ‭ ‬බව තරයේ මෙහිදී‭ ‬සිහිතබා ගත යුත්තකි. 
     කුඩා කළ අපගේ යටි‭ ‬සිතට ගෙදරින්, පාසලෙන්, සමාජයෙන්‭ ‬ඇතුලත්වී‭ ‬තැන්පත්ව ඇති‭ ‬මේ ආකාරයේ සියලු‭ ‬වැරදි‭ ‬දත්තයන්‭ ‬තිබෙන නිසා ඒවා පහසුවෙන්‭ ‬අකාමකා ගත නොහැකිව අප සියල්ලෝම පාහේ අසරණව ඇතිබව අකමැත්තෙන්‭ ‬වුවද මෙහිදී‭ ‬කිව යුතුමය...
     වෙනත්‭ ‬ලෙසකින්‭ ‬කියනවානම්, බාහිර සමාජයෙන්‭ ‬අපගේ යටිසිත නම්වූ‭ ‬පරිගණකයේ, හාඩ්‭ ‬එකෙහි‭ ‬ඉන්ස්ටෝල්‭ ‬වී‭ ‬ඇති, මිත්‍යාමත නම්‭ ‬වූ‭ ‬වැරදි‭ ‬දත්ත සහිත මෘදුකාංග, ඉවත්‭ ‬කරගැනීමට හෙවත්‭ ‬අන්‭ ‬ඉන්ස්ටෝල්‭ ‬කර ගැනීමට, අපොහොසත්ව අප පීඩා විඳිමු..
   මේවා උදුරා දැමිය නොහැකි‭ ‬කෙළෙස්‭ ‬තත්වයට හෙවත්‭ ‬වෛරස්‭ ‬බවට පත්වී, මේ වනවිට මනස හෙවත්‭ ‬මුලු‭ ‬පරිගණකයම උදාසීන තත්වයට පත්වී‭ ‬හමාරය.. 
    එසේනම්‭ ‬ප්‍රඤ්ඤාව නැමති‭ ‬වෛරස්‭ ‬ගාඩ්‭ ‬එක දමා, සෙවිල්ලෙන්‭ ‬පිරිසිදු‭ ‬කර, නිසි‭ ‬තත්වයට පත්කර ගන්නවාද? නැතිනම්‭ ‬එලෙසම පවත්වාගෙන යනවාද? කියන එක ඔබටම බාර කරමු.. 
   එහෙයින්‭ ‬එය, තමන්‭ ‬විසින්ම කරගත හැකි‭ ‬දෙයක්‭ ‬වන අතර, අන්තිමටම ලෙඩේ උත්සන්න වී‭ ‬ඇතිනම්, භාවනාවකින්‭ ‬හෝ ෆෝමැට්‭ ‬කර ගත යුතුමය...
එසේත්‭ ‬කරගත නොහැකිනම්‭ ‬ඉතින්, උමතුවෙන්‭ ‬පිස්සු‭ ‬නටමින්, සමාජයේ අන්‭ ‬අයටත්‭ ‬මහත්‭ ‬හිරිහැර පීඩා නොකර, දෙන දෙයක්‭ ‬කා වෙන දෙයක්‭ ‬බලාගෙන ඉන්න එක ඉතාමත්‭ ‬උතුම්මය... 
    මක්නිසාද යත්‭ ‬අප කරන කියන සියලුම දේවල්, විශ්වයේ ඇති‭ ‬නොපෙනෙන කැමරා පද්ධතියකින්, ඒවා සියල්ලම නිරතුරුවම නිරීක්ෂණය වී, කර්ම නැමති‭ ‬තොරතුරු‭ ‬ගබඩාවක තැන්පත්‭ ‬කර ගන්නා බැවිනි... 
එනිසා සමහරුන්‭ ‬දහම නැමති‭ ‬සර්පයා වැරදියට අල්ලාගෙන, ආත්ම හා අනාත්මවාදී‭ ‬විවිධ මිත්‍යා අදහස්‭ ‬ගෙන මානයෙන්‭ ‬සිටියාට, මරණින්‭ ‬මතු‭ ‬ඒ සියල්ල විභාග කිරීමකට ලක්වන බව සිහිකොට ගත යුතුමය.. මිත්‍යා දෘෂ්ඨිය නම්‭ ‬ඉතා බරපතලම පාපයකි...

දැන්‭ ‬අප සීහළ වංශයේ නිර්මාතෘ වරයාණන්‭ ‬සොයාගෙන යමු.
    මේ හෙළ දිවයිනේ අසුර හෙවත්‭ ‬මනුස්ස රාජ පරපුරට අමතරව, සුර හෙවත්‭ ‬දේව වංශයක්ද, යක්ක, නාග, කුම්භණ්ඩ ආදී‭ ‬තවත්‭ ‬ජන කොටස්ද වෙන වෙනම රාජ්‍ය පාලනයන්‭ ‬ගෙන ගිය බව දැන්‭ ‬ඔබ හොඳින්‭ ‬දන්නවා.. 
    මහාසම්මත මනු‭ ‬පරපුරෙන්‭ ‬ඇරඹී‭ ‬රාවණ පරපුරෙන්‭ ‬පැවත එන ශාක්‍ය හෙවත්‭ ‬සූර්‍ය වංශික සුද්ධෝදන නම්වූ‭ ‬ප්‍රාදේශීය රජෙකු‭ ‬වසර‭ ‬2550 කට පමණ පෙර මේ ජම්බුද්වීපයේ විය. මේ ශාක්‍යවංශික සුද්ධෝදන රජුගේ පාලන ප්‍රදේශය කපිලවස්තු‭ ‬හෙවත්‭ ‬කිඹුල්වත්‭ ‬නුවරයි.
    කාළයක්‭ ‬පටන්‭ ‬මේ අසුර ශාක්‍ය වංශිකයන්‭ ‬හා සුර පාර්ශවයේ කෝලීය වංශිකයන්‭ ‬අතර නිතර යුධ ගැටුම්‭ ‬ඇතිවූහ. දෙපැත්තටම සමාන බළයක්‭ ‬විය.  
 මේ වන විට දේව හා මනුස්ස අය අතරේ, සක්විති‭ ‬රජෙකු‭ ‬හෝ බුදුවරයෙකු‭ ‬නැවතත්‭ ‬පහළ වන්නට කාළය පැමිණ ඇති‭ ‬බවට විශ්වාසයක්‭ ‬ඇති‭ ‬වුනා.

   මෙහිදී‭ ‬කපිලවස්තුවේ සිටි‭ ‬සුද්ධෝදන රජතුමා තම ශාක්‍ය වංශික මානය බිඳදමා අපූරු‭ ‬සූක්ෂම තීරණයක්‭ ‬ගත්තේය. එනම්‭ ‬එතුමා කෝලීය වංශයේ ප්‍රබලම රජුගේ දියණියවූ‭ ‬මායාරටේ දේවිය වූ‭ ‬මායා දේවිය සරණපාවා ගත්තේය. ඊට හේතුව නම්‭ ‬ඒ දෙපළට ලැබෙන දරුවාට සක්විති‭ ‬රජකම ලබාදීමට කිසිඳු‭ ‬බාධාවක්‭ ‬නොවන බව දන්නා නිසාය.
    එහිදී‭ ‬කාලයද, දීපයද, දේශයද, කුළයද, මවද මනාව හොඳින්‭ ‬ගැලපී‭ ‬තිබුණි. වසර‭ ‬2550 කට පමණ පෙර මේ අපගේ දිවයිනෙහි‭ ‬පිහිටි‭ ‬ජම්බුද්වීපයේ බිහිවූ‭ ‬ශ්‍රේෂ්ඨතම සීහළ පුත්‍රයා සීදන්ත, සිද්ධත්ථ, සිද්ධාර්ථ, සිදුහත්‭ ‬නම්‭ ‬වූවාහ. ඒ උපන්‭ ‬පිංවත්‭ ‬කුමරා බිහිවූයේ බෙදීගිය සුර අසුර හෙළ පාර්ශවයන්ද එකතු‭ ‬කරමිනි.

     සුද්ධෝදන රජු‭ ‬ඇතුලු‭ ‬ශාක්‍ය ඤාතීන්ට අවශ්‍ය වූයේ මේ පින්වත් කුමරාව සක්විති‭ ‬රජෙකු‭ ‬කරන්නට වුවත්, ඒ සිද්ධත්ථ කුමරා පසු‭ ‬කලෙක සක්විති‭ ‬කම පසෙක දමා සියලු‭ ‬මාර පාක්ෂික බළවේග පරදවා, අසහාය අසමසම බුද්ධත්වය සාක්ෂාත්‭ ‬කොට මේ උතුම්‭ ‬හෙළදිව තුළදී‭ ‬දෙවියන්, මිනිසුන්, බඹුන්‭ ‬සහිත වූ‭ ‬මුළු‭ ‬ලෝකයටම නායකයාණන්,  ගුරුවරයාණන්, රජුන්, පියාණන්, මුණිවරයාණන්‭ ‬බවට පත්වූහ.
     මෙතෙක්‭ ‬පැවති‭ ‬සියලු‭ ‬කුළ ගොත්‭ ‬වංශයන්‭ ‬පසෙක දැමූ‭ ‬සිද්ධාර්ථ බුදුන්‭ ‬වහන්සේ මවගේ නාමය වන ගෝතම යන නාමය යොදා ගනිමින්‭ ‬බුද්ධ වංශය පිහිටුවාලූහ. එලෙසින්ම තම අගසව්‭ ‬දෙපළද එසේම කළහ. උපතිස්ස ගාමයේ විසූ‭ ‬පළමුවැන්නාට මවගේ නාමයවූ‭ ‬රූපසාරී‭ ‬නාමයෙන්‭ ‬සාරිපුත්ත යැයි‭ ‬නම්‭ ‬තැබීය. කෝලීය ග්‍රාමයේ විසු‭ ‬දෙවැන්නාට මොග්ගලී‭ ‬බැමිණියගේ පුත්‭ ‬බැවින්‭ ‬මොග්ගලී‭ ‬පුත්ත යැයි‭ ‬නම්‭ ‬තැබීය.
මේ ගෝතම බුද්ධ වංශයේ ඇරඹුමයි‭…
     දේව, මනුස්ස, අමනුස්ස සියලු‭ ‬ජන කොටස්‭ ‬එක්‭ ‬කරමින්‭ ‬මුළු‭ ‬දිවයිනටම රජුන්වූ‭ ‬ඒ අසහාය නායකයාණන්‭ ‬වහන්සේ අප බුදු‭ ‬රජාණන්වහන්සේමය. උන්වහන්සේ දෙවි‭ ‬මිනිස්‭ ‬සියල්ලන්ටම පුරා වසර‭ ‬45ක්‭ ‬සදහම්‭ ‬දෙසමින්‭ ‬මෙළොව පරළොව දෙළොවටම අවශ්‍ය යහ මග පෙන්වා දුන්හ...
   
සීහළ ආර්යයෝ..
    බුද්ධත්වයට පත්‭ ‬වන්නට පෙර මේ සීදන්ත කුමරාගේ පියා මහාසම්මත මනු.. රාවණ,  සූර්ය රාජ පරපුරෙන්‭ ‬පැවත එන අසුර, මනුස්ස වු‭ ‬ශාක්‍ය සීහ සුද්ධෝදන නම්‭ ‬වූ‭ ‬අතර සිද්දත්ත කුමරාගේ සීයා සීහහනු‭ ‬නම්‭ ‬වූහ.. එම පරපුර රාජ්‍ය මෙන්ම වෙළඳ කටයුතු‭ ‬වලදී‭ ‬සිංහ රූප ලාන්ඡන යොදාගෙන ඇත.
   සීහ හා සීහළ යනු‭ ‬ගොතම බුදුරදුන්ට නමකි.. උන්වහන්සේ සීහළ නාද පවත්වන, සීහ සෙය්‍යාවෙන්‭ ‬සැතපෙන, අති‭ ‬උත්තම‭ ‬'නර සීහ' නම්‭ ‬වූහ. (..ඒස හි‭ ‬තුය්හ පිතා නරසීහො...නරසීහ ගාථා බලන්න)
     හෙළ‭ ‬- යනු‭ ‬ශුද්ධ භාවය, ස්වේත බාවය හෙවත්‭ ‬සුපිරිසුදු‭ ‬භාවයයි. හෙල, හෙළු, එළ, එළු‭ ‬ආදී‭ ‬සමාන අදහස්‭ ‬පද පසුව බිඳී‭ ‬ආ ඒවාය.. යමක්‭ ‬ඉතා හොඳයි‭ ‬ශ්‍රේෂ්ඨයි‭ ‬කීමට අදටත්‭ ‬අප හෙළ, එළ, එළකිරි‭ ‬වැනි‭ ‬වචන භාවිතා කරනවා නොවේද?  
    ශුද්ධ භාවයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වූ‭ ‬බුදුරදුන්‭ ‬යන අර්ථයෙන්‭ ‬(සීහ+හෙළ) සීහළ කියා කියනවා.. 
    ඒ බුදු‭ ‬මග ගොස්‭ ‬ශුද්ධත්වයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වූ‭ ‬අනෙක්‭ ‬ශ්‍රේෂ්ඨ පිරිස ආර්යයන්‭ ‬වහන්සේලා වුනා.. ආර්‍යන්‭ ‬වහන්සේලා නම්‭ ‬අරහතුන්‭ ‬වහන්සේලාමයි. ඒ සුපිරිසුදු‭ ‬ශ්‍රේෂ්ඨ සීහළ උතුමාණන්ගේ හා ආර්‍ය උතුමාණන්‭ ‬වහන්සේලා අනුගාමී‭ ‬ශ්‍රාවකයන්වූ‭ ‬භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක්‭ ‬පිරිසට ආර්ය ශ්‍රාවකයින්‭ ‬කියා කියනවා..  
    ඔන්න ඔතනයි‭ ‬ආර්යයන්ගෙ මුළාරම්භය වනුයේ. ඉන්‭ ‬එහා කොහෙවත්‭ ‬ආර්යයන්‭ ‬හිටියේ නැති‭ ‬බවත්‭ ‬අනාර්යන්‭ ‬පමණක්ම සිටි‭ ‬බවත්‭ ‬අප දැන ගන්නට ඕනි.. ආර්‍යයන්‭ ‬පහළ වෙන්නේ බුදුවරයෙකුගෙන්ම පමණයි. එහෙනම්‭ ‬හෙළ ආර්‍යයන්ගේ මුළ අප බුදුරජානන්‭ ‬වහන්සේමය. 
    ඒ පිරිසුදු‭ ‬ශ්‍රේෂ්ඨ සීහළ උතුමාණන්ගේ අනුගාමී‭ ‬ආර්ය ශ්‍රාවකයන්වූ‭ ‬භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක්‭ ‬පිරිසේ උපාසක, උපාසිකාවන්ගෙන්, බිහිවුණු‭ ‬පරපුර සම්මත ආර්යයන්‭ ‬වුණා.. සම්මත ආර්යයන්ගේ ආරම්භයද එතැනයි. ඒ උසස්‭ ‬ආර්ය ජාතියට ආර්ය සීහළ හෙවත්‭ ‬ආරිය සිංහළ ජාතිය කියාද කියනවා..
   එසේනම්‭ ‬හෙළදිව සිටි‭ ‬අනෙක්‭ ‬අය අනාර්‍යයෝම වූවාහ.. ආර්ය ශ්‍රද්ධා භක්තියක්‭ ‬එම අනාර්‍යයන්ට නැහැ..   
  ආර්ය වාසස්ථාන වැඩි‭ ‬වශයෙන්‭ ‬වූයේ ඉහළ(ඉහ+හෙළ) ප්‍රදේශයන්හිය. අනාර්යන්‭ ‬පහළ(පහ+හෙළ) ප්‍රදේශයන්හි වූහ. (එදා වැඩි‭ ‬වශයෙන්ම පන්සල්, ආවාස වැනි‭ ‬දේද සකස්‭ ‬කළේ ඉහළ භූමි‭ ‬පිහිටීමකය) 
(මේවා සකස්‭ ‬වුනු‭ ‬අකාරය ආර්ය උතුමෙකුගෙන්ම අසා දැන ගන්නවා මිසක්‭ ‬පොත්වලින්‭ ‬ඉගෙන ගන්නට නොහැකියි..)

සිංහළ භාෂාවේ හා සීහළේ මූළාරම්භය..
   බුදුරදුන්‭ ‬සදහම්‭ ‬දෙසූ‭ ‬භාෂාව කුමක්දැ කියා එමග යන සියලු‭ ‬බෞද්ධයන්‭ ‬දැන ගැනීම ඉතාමත්‭ ‬වටිනා නිසා දැන්‭ ‬අපි‭ ‬මොහොතකට භාෂාවන්‭ ‬සකස්වුණු‭ ‬ආකාරය කෙටියෙන්‭ ‬විමසා බලමු. 
   මාර්ගයේ ආදී‭ ‬භාෂාව වන මාගදී‭ ‬කියන්නේ, පංචකාමයන්ගෙන් ශුද්ධ වුනු‭ ‬හා ඇලීම්‭ ‬ගැටීම්‭ ‬වලින්‭ ‬අයින්‭ ‬වුණු‭ ‬නමුත්‭ ‬මෝහය ඉවත්‭ ‬කර නොගත්‭ ‬මානසික තත්වයක්‭ ‬ඇති‭ ‬බ්‍රහ්මයින්ගේ භාෂාවටයි..  
    පංචකාමයන්‭ ‬කියන පහක්‭ ‬හෙළි‭ ‬කරගත්‭ ‬නිසා එයට පාළි‭ ‬කියල කියනවා. (පහ+හෙළි -පාළි). පාළි‭ ‬භාෂාව හැදුනේ එලෙසයි. පසුව මෙම පාළි‭ ‬භාෂාවටම පෙළ භාෂාව කියාද කීවා.
බුදු, අරහත්‭ ‬ආර්ය උතුමන්‭ ‬හය වෙනි‭ ‬මෝහයත්‭ ‬සියලු‭ ‬ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨත්වයට පත්වී‭ ‬ඉවත්‭ ‬කර ගත්‭ ‬නිසා සීහ හෙළි‭ ‬වෙලා සීහළ වුනා.. (සය+හෙළි- සීහළ)

    ඒ ශුද්ධවූ‭ ‬ශ්‍රේෂ්ඨත්වයට පත්වූ‭ ‬ආර්‍යය උතුමන්‭ ‬වහන්සේලා අතර ව්‍යවහාර කළ භාෂාවක්‭ ‬තිබුණා. මෙතෙක්‭ ‬කාලයක්‭ ‬රාග,ද්වේෂ, මෝහ සහිත පුද්ගලයො කතා කළ භාෂාවට ගෝචර නොවුනු‭ ‬ශුද්ධ හැඟීමක්‭ ‬උන්වහන්සේලාට පහළ වුනා.. ඒ ආර්ය ශුද්ධ හැඟීම අනෙක්‭ ‬අනාර්ය කාටවත් ඇතිවූයේ නැහැ. ඉතින් එම උතුමන්ගේ භාෂාව හෙළ මාගදී‭ ‬භාෂාවයි කියා තේරුම්‭ ‬ගත යුතුයි.. 
     එම උතුමන්ගේ භාෂාව කෙළෙස්‭ ‬සහිත සාමන්‍ය අයට තේරුම්‭ ‬ගන්නට අමාරු‭ ‬වුනා. එනිසා පසුව බුදු‭ ‬සසුනේ අනුගාමී‭ ‬ශ්‍රාවකයන්ගේ අවශ්‍යතාව තකා හෙළ මාගදී‭ ‬පද සම්මිශ්‍රිතවූ‭ ‬ශුද්ධවූ‭ ‬සීහළ භාෂාවක්‭ ‬නිර්මාණය වුණා. ඒකට කියනවා‭ ‬(සීහ+හෙළ) සීහළ භාෂාව කියලා.. පසුව මෙය සිංහළ භාෂාව වුනා. එනම්‭ ‬එය ශුද්ධ සිංහළ භාෂාවයි.. මේ ශ්‍රේෂ්ඨවූ‭ ‬ශුද්ධ සිංහළ භාෂාවේ නිර්මාතෘ වූයේද අප සිද්ධාර්ථ බුදුරජාණන්‭ ‬වහන්සේමය.. 

    බුදුන්වහන්සේ ජනයාට සද්ධර්මය දේශනා කලේ මේ හෙළ මාගදී‭ ‬භාෂාවෙන්ම වූ‭ ‬අතර එය සියලු‭ ‬දෙනාටම වටහා ගැනීමට විෂේශ හැකියාවක්‭ ‬එදා පැවතුණි. එමෙන්ම ජනපද නිරුත්තිය පැහැර හැරිය නොයුතු‭ ‬බවත්, කිසිවිටෙකත්‭ ‬මේ ධර්මය ඡන්දසට හෙවත්‭ ‬වෛදික භාෂාවට නොහැරවිය යුතු‭ ‬බවත්‭ ‬උන්‭ ‬වහන්සේ දේශනා කොට විනය පද පැමිණුවා.. ඇත්තටම මේ සද්ධර්මය මනාව තේරුම්‭ ‬ගැනීමට නම්‭ ‬අද අප ත්‍රිපිඨකයට අර්ථ නිරුත්ති‭ ‬ධර්ම වටහාගත යුත්තේ සීන්හල හා පාළි‭ ‬භාෂාවෙන්ම පමණයි. වෛදික සංස්කෘත භාෂාවෙන්‭ ‬අර්ථ දක්වන්නට ගියහොත්‭ ‬පිරිසිදු දහම අවුල්‭ ‬සහගත වනවාමය.. 

    මේ උතුම්‭ ‬සීහළ වංශයටම එළු, එළ වංශය කියාද පසුව සමහර තැනෙක ව්‍යවහාර විය. (දහමට සරිකොට එළුවෙන්‭ ‬පෙර කී..) පසුකාලීන කළා නිර්මාණ වලදී‭ ‬මෙම වංශිකයින්‭ ‬හඳුනා ගැනීමේ පහසුව තකා චිත්‍රයට නැගුවේ එල්ලෙන එළු‭ ‬කන්‭ ‬සහිතවයි. එයට ලම්ඹකර්ණ වංශය කියාද කියනවා.. එනිසාම බුදුරදුන්ගේ ප්‍රතිමා රූපද එල්ලෙන කන්‭ ‬දෙකක්‭ ‬සහිතව සමහරුන්‭ ‬නිර්මාණය කළා. 
     ඒ අපගේ සීහළ දීපයේ, සීහළ වංශයේ නිර්මාතෘවරයාණන්වූ‭ ‬නරයන්ට ශ්‍රේෂ්ඨවූ‭ ‬නරසීහයාණන්‭ ‬වහන්සේට නමස්කාරය වේවා‭…

මහා සීහළ වංශයේ ඇරඹුම‭ ‬- 02 කොටස
සීහ හා සීහළ යනු‭ ‬කවුරුන්ද? සැබෑ ආර්යයන්‭ ‬කවුද? ආර්යයන්ගේ ආරම්භය කොතනද?  සිංහළ භාෂාවේ හා සීහළේ මූළාරම්භය කුමක්ද? බුද්ධ පරිණිර්වාණයෙන්‭ ‬පසු‭ ‬කුමක්‭ ‬වීද? විජාතිකයින්ගේ ආක්‍රමණ කෙසේ පැමිණියාද? සුදුජාතිකයින්‭ ‬ලියූ‭ ‬ඉතිහාසය කුමක්ද? දඹදිව සොයා ඉන්දියාවට ගියේ කවුද? බුදු‭ ‬ඉතිහාසය නොසෙවිය යුතු‭ ‬දෙයක්ද? මේ සත්‍ය හෙළි‭ ‬කිරීමට ප්‍රධාන වශයෙන්‭ ‬විරුද්ධ වන අය කවුද? කුමක්ද මේ මුළාව?  ආදී‭ ‬බොහෝ ප්‍රශ්ණ වලට මෙම කොටසින්‭ ‬පිළිතුරු‭ ‬සැපයෙනවා...






බුද්ධ පරිණිර්වාණයෙන්‭ ‬පසු..
    බුදුන්‭ ‬වහන්සේ වදාළ සුපිරිසුදු‭ ‬ධර්මය මුඛ පරම්පරාවෙන්‭ ‬රැගෙන ආවේ එම සීහළ හෙවත්‭ ‬හෙළ භාෂාවෙනි. බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු‭ ‬450කට පමණ පසු‭ ‬මුඛ පරම්පරාවෙන්‭ ‬රැගෙන ආ එම ශ්‍රී‭ ‬සද්ධර්මය අරහතුන්‭ ‬වහන්සේලා විසින්‭ ‬මාතුල අලුලෙන විහාරයේදී‭ ‬තුන්‭ ‬පිටකයකට ග්‍රන්ථාරූඪ කරන ලදී.. ඒ වන විටත්‭ ‬ව්‍යවහාර සිංහළ භාෂාවට අක්ෂර රටාවක්‭ ‬නොතිබූ‭ ‬බැවින්‭ ‬එහිදී‭ ‬තල්පත්වල ලීවේ බ්‍රාහ්මී‭ ‬අක්ෂර වලින්ය.  

    ඉන්‭ ‬පසු‭ ‬බුද්ධ පරිණිර්වාණයෙන්‭ ‬අවුරුදු‭ ‬915කට පමණ පසු, කළිඟු‭ ‬රටෙන්‭ ‬නාලන්දාවේ අධ්‍යාපනය ලබා මෙහි‭ ‬පැමිණි‭ ‬බුද්ධඝෝෂ හිමියන්, අනුරපුරයේ සිටි‭ ‬මහා විහාරික භික්ෂූන්‭ ‬වහන්සේලා මුළා කොට, පිරිසුදු‭ ‬හෙළ අටුවා පාළියට පරිවර්ථනය කර ලීයා තැබුවා.. එතැනින්‭ ‬තමයි‭ ‬සිහළ භාෂාවට වට අකුරු‭ ‬සාශ්ත්‍රය එක්‭ ‬වුනේ. 
     ඉන්‭ ‬සුලු‭ ‬කලකට පසු‭ ‬ඇතිවූ‭ ‬මහාවිහාර අභයගිරි‭ ‬ගැටුමේදී‭ ‬අභයගිරිකයන්‭ ‬විසින්‭ ‬දේශපාළන සහායද ඇතිව දිවයිනේ තිබූ‭ ‬සියලුම ත්‍රිපිඨක හා ඉතිහාසගත පොත්පත්‭ ‬ගෙන්වා මහාසෑය අභියස ඇතුන්‭ ‬හත්‭ ‬දෙනෙකුගේ උසට ගොඩ ගසා ගිනිතබා විනාශ කර දමන ලදී.. 
     මේ දේශපාළණික කුමන්ත්‍රණයෙන්‭ ‬අනතුරුව බෞද්ධ අපට ඉතිරි‭ ‬වූයේ බුද්ධඝෝෂ හිමියන්‭ ‬විසින්‭ ‬ලියන ලද පෙළ පොත්පත්‭ ‬ටික හා පතංජලී, වෛදික භාෂා පොත්පත් පමණයි. අහෝ..ඉතින්‭ ‬ඉන්පසු‭ ‬සියල්ල අවුල්‭ ‬නොවේවිද? හෙළ බෞද්ධයාටත්, හෙළ රටටත්‭ ‬කුමක්‭ ‬සිදු‭ ‬වූවාද? අප සීහළයේ නිර්මාතෘවරයාණන්‭ ‬වහන්සේ පිරිනිවී‭ ‬වසර 1000ක්‭ ‬වන්නටත්‭ ‬මත්තෙන්ම මේ හෙළ සිහළ වංශයේ පරිහාණියේ කණ කොක්‭ ‬හඬමයි‭ ‬දසතින්‭ ‬පැතිරුණේ... 

      ආධ්‍යාත්මික බාහිර සියලු‭ ‬ආකරයෙන්ම පරිපූර්ණවූ‭ ‬ස්වයංපෝෂිතවූ‭ ‬ලොව ඉහලින්ම සිටි‭ ‬මේ උතුම්‭ ‬සිහළ රට ඉන්‭ ‬පසුව ක්‍රමයෙන්‭ ‬අගාධයටම පිය නගමින්‭ ‬ගියා.. නොයෙකුත්‭ ‬ලෙසින්‭ ‬ආගමත්, රටත්, ජන සමාජයත් පිරිහෙන්නට වුණා.. ජන සමාජයත්‭ ‬මෙතෙක්‭ ‬පැවති‭ ‬පිරිසිදු‭ ‬දහම සඟව අතුරුදන්‭ ‬වී‭ ‬ගියා.. සද්ධර්මය තුලට විවිධ ආචාරී‭ ‬වාද මත, අත්තනෝ මත එක්‭ ‬වුනා.. දහමටත්, ආගමටත්‭ ‬නොයෙකුත්‭ ‬දේවවාදී‭ ‬සංකල්ප එක්වී‭ ‬අවිචාරී‭ ‬ඇදහිලි‭ ‬ක්‍රම වලට යොමුවුනා.. මිනිසුන්‭ ‬ආධ්‍යාත්මිකවත්‭ ‬පිරිහී‭ ‬ගියා.. නොයෙකුත්‭ ‬විදේස්‭ ‬ආක්‍රමණයන්‭ ‬පැමිණියා.. 

     මේ ආකාරයෙන්‭ ‬කල්‭ ‬යත්ම ඕලන්ද, පෘතුගීසි, ලන්දේසි, ඉන්ග්‍රීසි‭ ‬ආදී‭ ‬විජාතිකයින්ගේ ආක්‍රමණ අප රටට පිට පිටම පැමිණියා.. යුධ කරනවා විනා ආගමක්‭ ‬දහමක්‭ ‬ගැන හිතන්නවත්‭ ‬කලක්‭ ‬නැතිවුනා..  අපේ සිටි‭ ‬ශ්‍රේෂ්ඨ හෙළ හිංගල විරුවන්‭ ‬සියල්ලක්ම පාහේ තුවක්කු‭ ‬වලට බිළි‭ ‬ගත්තා.. පන්සල්වල භික්ෂූන්ද නැතිවුනා.. අන්තිමට දැනට අවුරුදු‭ ‬200කට ඉහතදී‭ ‬අප රටේම සිටි‭ ‬පරගැති‭ ‬අදහස්‭ ‬දරණ ජන කොටස්වලද සහාය ඇතුව බලවත්‭ ‬වී‭ ‬සිටි එම විජාතිකයින්ට මේ උතුම් හෙළ රට ලියලම දෙන්නට සිදු‭ ‬වුනා.. අහෝ හෙළ දෙවිවරුනි‭ ‬බුදුන්‭ ‬සිටි රටකට ගිය කළ‭…

     ක්‍රි‭ ‬ව‭ ‬1815 වනවිට මහා හෙළ වෘක්ෂයේ මහා අතු‭ ‬කඳන්‭ ‬සියල්ලකම පාහේ සිඳී‭ ‬බිඳී‭ ‬විනාශවී‭ ‬ගොස්‭ ‬හමාරය. දලු‭ ‬ලා වැඩෙන කොළ අතු‭ ‬පවා කඩා බිඳ දැමීමට සතුරන්‭ ‬බලවත්වී‭ ‬ඇත. ඒ වන විට ධර්මය, ඉතිහසය දත උගත්‭ ‬අයද ඉතා විරලය. කෙසේ හෝ ඒ සුදු‭ ‬ජාතිකයන්ට අවශ්‍ය ආකාරයට සියල්ල පාහේ සිදුවිය. ඔවුන්‭ ‬ඉන්දියාවද ඒ වනවිට අල්ලා යටත්‭ ‬කොට ගෙනය. 
    ඉන්දියාවේ සිටි‭ ‬අශෝක නම්‭ ‬ඇති‭ ‬බලවත්‭ ‬රජෙකු‭ ‬විසින්‭ ‬රාජ්‍ය පාළනය උදෙසා කෘතිම ලෙස නිර්මාණය කර තිබූ‭ ‬ධර්ම රාජ්‍යටද දඹදිව කියා නම්‭ ‬කළාය.  ඔවුන්‭ ‬අපේ හෙළ ඉතිහාසයද ඔවුන්ට අවශ්‍ය අකාරයටම ලියුවේය. අපේ ඉතිරිවී‭ ‬තිබුනු‭ ‬වටිනා පොත්‭ ‬පත්‭ ‬වස්තු‭ ‬ආදී‭ ‬සියල්ලක්ම පාහේ ඔවුන්ගේ රටවලට ගෙනිච්චාය.. ඔවුන්ගේ සංකර ගති‭ ‬සිරිත්‭ ‬මෙන්ම ඔවුන්ගේ ආගම දහමත්‭ ‬මෙහි‭ ‬පැතිරවීය. ඔවුන්ගේ ගති‭ ‬සිරිත්‭ ‬ඇති‭ ‬පරපුරක්ද මෙහි‭ ‬බිහි‭ ‬කළේය.. 

        කෙසේ හෝ නැවතත්‭ ‬ටිකෙන්‭ ‬ටික ලක්දිව බුදුදහම/ආගම අදහන පිරිස ටිකෙන්‭ ‬ටික ඒකරාශී‭ ‬වන්නට වූහ. කාළයක්‭ ‬අතහැරී‭ ‬තිබුනු‭ ‬බුදු‭ ‬දහමත්‭ ‬බෞද්ධාගමත්‭ ‬සොයන්නට පෙළඹුනි. එහිදී‭ ‬මහත්‭ ‬පරිශ්‍රමයක්‭ ‬සිදුකළ අනගාරික ධර්මපාල තුමා සුදුජාතිකයින්‭ ‬ලියූ‭ ‬ඉතිහාසය බලා මුළාවී‭ ‬දඹදිව සොයා ඉන්දියාවට ගියේය. අවුරුදු‭ ‬සිය ගනනක්‭ ‬කාළයේ වැලිතලාවෙන්‭ ‬වැසී‭ ‬ගොස්‭ ‬හෙල රටේම තිබුණු‭ ‬දඹදිව ගැන ඔහු‭ ‬නොදත්තේය. 
කෙසේ හෝ ඉන්දියාවට ගිය එතුමාට හමුවුනේද වැලලී‭ ‬ගොස්‭ ‬තිබූ‭ ‬බුද්ධාගමට සමාන යැයි‭ ‬සිතිය හැකි‭ ‬පැරණි‭ ‬සුන්බුන්‭ ‬කීපයක්‭ ‬පමණයි.. 
     ඇත්තටම ඒවා ජෛන පිළිම හා නිඝණ්ඨාරාම කීපයක්ම විය. එහි‭ ‬කිසිඳු‭ ‬බෞද්ධයෙකුදු‭ ‬නොසිටි‭ ‬අතර හින්දු‭ ‬ආගමිකයන්‭ ‬විසින්‭ ‬අයිති‭ ‬කරගෙන තිබූ‭ ‬ඒවාම විය. අන්තිමට ඒවා හෙලි‭ ‬පෙහෙලි‭ ‬කොට‭ ‬'බුද්ධගයාව බේරා ගනිව්' යන තේමාව යටතේ එතුමා නඩු‭ ‬කියා දිනා බෞද්ධ උරුමයන්‭ ‬ලෙස ඒවා නම්‭ ‬කළේය. ඒ දැනට අවුරුදු‭ ‬100කට පමණ පෙරය. 

     එතෙක්‭ ‬එම සිද්ධස්ථාන වන්දනා කිරීමට ඉන්දියානු‭ ‬හෝ අන්‭ ‬කිසිම රටකින්‭ ‬බෞද්ධයෙකු‭ ‬නම්‭ ‬පැමිණ නැත. කොහොම වුනත්‭ ‬ධර්මපාල තුමා ලාංකිකයෙකු‭ ‬හැටියට නම්‭ ‬අන්‭ ‬රටකට ගොස්‭ ‬කළේ මහත්‭ ‬වික්‍රමයෙකි. එතුමාට වැරදුනේ සුදු‭ ‬ජාතිකයින්‭ ‬විසින්‭ ‬දඹදිව ඉන්දියාවට ආදේශකොට වැරදියට ලියා තිබූ‭ ‬ඉතිහාස උගුලට හසුවීම පමණයි. ලක්දිව විජාතිකයින්ට විරුද්ධව විශාල සටනක්‭ ‬ගෙන ගිය එතුමා හිතා හිතා මතා නම්‭ ‬කිසිදා මෙවැනි‭ ‬දෙයක්‭ ‬නොකරනු‭ ‬ඇත.  
       වැදගත්‭ ‬කරුන නම්‭ ‬මුළාවක වැටුණු‭ ‬බව තේරුම්‭ ‬ගත්‭ ‬ධර්මපාල තුමා විසින්‭ ‬තම ජීවිත අවසන්‭ ‬කාළයේදි, ඔහු‭ ‬දැන්‭ ‬වයෝවෘද්ධ බවත්‭ ‬සැබෑ හෙළ ඉතිහාසය බෞද්ධයන්‭ ‬සොයාගත යුතු‭ ‬බවත්‭ ‬ලාංකික අපට දන්වා තිබීමයි.  

    කෙසේ හෝ ඉන්පසු‭ ‬අප ලක්දිව අලුතෙන්‭ ‬බිහිවූ‭ ‬බෞද්ධ පරපුරද දඹදිව යනවා කියා ඉන්දියාවට යන්නට ටිකෙන්‭ ‬ටික පුරුදු‭ ‬විය. ඉන්‭ ‬පෙර කිසිම හෙළ වැසියෙක්‭ ‬දඹදිව කියා කවදාවත්ම ඉන්දියාවට නම්‭ ‬ගොස්‭ ‬නැත්තේමය. කොහොම හරි‭ ‬අදවන විට මේ ඉන්දියා දඹදිව වන්ඳනා ක්‍රමය එරට හා මෙරට ව්‍යාපාරිකයින්ට නම්‭ ‬හොඳ ආර්ථික තෝතැන්නක්‭ ‬වී‭ ‬තිබීමයි සිදුව ඇත්තේ. 
     ඒත්‭ ‬මේ අපගේ හෙළවැසි‭ ‬අහිංසක බෞද්ධ ජනතාවගේ මිළ මුදල්‭ ‬නේද නිකරුණේ හරයක්‭ ‬නැති‭ ‬දෙයකට මුළාවී‭ ‬මේ විනාස කරන්නේ කියා සිතෙන විට අප සිතට නැගෙන්නේ බලවත්‭ ‬සංවේගයකි. මන්ද යත්‭ ‬සද්ධාවන්ත කුළ පුත්‍රයෙකුට සදහම්‭ ‬මග යන්නට බෙහෙවින්‭ ‬උපකාරවන ශක්තියක්‭ ‬ලබා ගැනීමට නම්‭ ‬බුද්ධ ශක්තිය හා විශ්ව ශක්තිය ගැබ්වූ‭ ‬නියම තැන වෙතමයි ‭ ‬බෞද්ධයෙකු‭ ‬යා යුතු‭ ‬වනුයේ..

      කෙසේ හෝ දැනට අවුරුදු‭ ‬15කින්‭ ‬පමණ මෙහා කාළයකදී‭ ‬නියම දඹදිව පැවතුනේ අප මේ හෙළදිව තුළම බවත්, මේ මහා බද්‍ර කල්පයේ සියලුම සක්විති‭ ‬රජවරුන්‭ ‬හා සියලුම බුදුවරුන්‭ ‬පහළ වූයේ මේ හෙළදිව තුළම බව හඳුනා ගන්නට ලැබීමත්, පිරිසිදු‭ ‬බුදු‭ ‬දහම නිවැරදිව හඳුනා ගන්නට ලැබීමත්‭ ‬අප සැමගේම ඉමහත්වූ පුණ්‍ය භාග්‍යකි. 
     එමෙන්ම කාලයක්‭ ‬තිස්සේ බොහෝ ගිහි‭ ‬පැවදි‭ ‬උතුමන්‭ ‬පිරිසක්‭ ‬විසින්‭ ‬බොහෝ කැප කිරීම්‭ ‬කොට සොයාගත්‭ ‬දේ නිසයි‭ ‬අප සැමට මෙම සත්‍ය දකින්නට උපකාරී‭ ‬වී‭ ‬ඇත්තේ. ඒ සියලූම උතුමන්ලාටත්‭ ‬අප මෙහෙදී‭ ‬ඉතාමත්‭ ‬ගෞරව පූර්වක කෘතඤතාවය පුදකල යුතුයි.. ඒසියලුම ගිහි‭ ‬පැවදි‭ ‬බෝසත්‭ ‬උතුමාණන්ලාට අපගේ නමස්කාරය වේවා...

     දැන්‭ ‬ටිකෙන්‭ ‬ටික හෝ මෙම සත්‍යතාව ජනතාවට අවබෝධ වෙමින්‭ ‬යනවා.. තව ටික කළකින්‭ ‬ස්ථිර වශයෙන්ම බුදුරදුන්‭ ‬වැඩසිටි‭ ‬ජම්බුද්වීපය නම්‭ ‬මේ හෙළ දීපයම බව මුළු‭ ‬ලෝකයාටම සක්‭ ‬සුදක්සේ පැහැදිළි‭ ‬වන කාළයක්‭ ‬පැමිණේවි... ඉන්පසු‭ ‬නැවතත්‭ ‬මේ හෙළ දෙරණෙහි‭ ‬අප සියල්ලන්ටම ජය සක්‭ ‬සීහළ නාද පැවැත්විය හැකි‭ ‬වනු‭ ‬ඇත..

     එහෙත් එය ඉබේ සිදුවනකම්‭ ‬අප කොහෙත්ම බලා නොසිටිය යුතුය.. ඒ සඳහා කුමන හෝ ක්‍රියා දාමයක්‭ ‬මෙහෙයක්‭ ‬කැපවීමක්‭ ‬කළ යුතුමය.. එය සියලු‭ ‬හෙළවැසියන්ගේ යුතුකමක්ය. බෞද්ධයන්ගේ යුතුකමක්ය..  
    බෞද්ධ වූ‭ ‬අයද බොහෝ දෙනෙක්‭ ‬ධර්මය වැරදියට අල්ලාගෙන බුදු‭ ‬ඉතිහාසය නොසෙවිය යුතු‭ ‬දෙයක්‭ ‬යන මිත්‍යා මතය ග්‍රහණය කරගෙන, ඔවුන්‭ ‬දැන හෝ නොදැන අන්‭ ‬අයවද නොමග යවමින්‭ ‬සිටිනවා පෙනෙන්නට ඇත.. ඇත්තටම මේ සත්‍ය කතාව නොදන්නෙකුට නොවටහාගන්නෙකුට සද්ධර්මය හොඳින්‭ ‬පිහිටනු‭ ‬ඇතැයි‭ ‬විශ්වාස කළ නොහැකියි.  
    බුදුරදුන්‭ ‬සද්ධර්මය දේශණා කොට වදාල හෙළ මාගදී‭ ‬භාෂාව වැරදියට ග්‍රහණය කර ගතහොත්‭ ‬කෙසේ නම්‭ ‬අර්ථ ධර්ම නිරුත්ති‭ ‬වටහා ගත හැකිදැයි‭ ‬ඔවුන්‭ ‬විමසිය යුතුමය. උන්වහන්සේ ඉන්දීය භාෂාවකින්‭ ‬ධර්මය දෙසුවායැයි‭ ‬වැරදියට සිතුවොත්‭ ‬සියලු‭ ‬දහම්‭ ‬කරුණු‭ ‬අවුල්‭ ‬වෙනවාය. අනෙක නම්‭ ‬උන්වහන්සේ ත්‍රිපිටකයේ සඳහන්‭ ‬සෑම උපමාවක්, කතාවක්ම ගෙන තිබෙන්නේ මේ හෙළ දිවයිනේ පරිසරයෙන්ම බව වටහා නොගත්තොත්‭ ‬මොන තරම්‭ ‬දහම අවුල්‭ ‬සහගත වනවාදැයි‭ ‬විමසා බැලිය යුතු‭ ‬කරුණකි..

    අපි‭ ‬සරණ ගිය දහමේ නායකයා ගුරුවරයා ගැන, සොයන්නට එපා කියනවනම්, අප අදහන ආගමේ නායකයා ගුරුවරයා ගැන සොයන්නට එපා කියනවානම්‭ ‬මේ මොන විහිලු කතාවක්ද? කියා නුවණැත්තෝ විමසා බලත්වා...  
    බුදුරදුන්‭ ‬උපන්‭ ‬බිම දැන ගැනීමෙන්‭ ‬රටට, ජාතියට හා ධර්මාවබෝධයට විශාල ශක්තියක්, යහපතක්, පිටුවහලක්‭ ‬වන බව පැහැදිළිවම, එක හෙළාම ‭ ‬සඳහන්‭ ‬කළ යුතුය. එය ලෞකික හා ලෝකෝත්තර යන දෙමගෙහිම යන අයට බෙහෙවින්ම උපකාරී‭ ‬වනු‭ ‬ඇත.
     බුද්ධාගම සහ බුද්ධ දර්ශණය යන දෙකෙහිම සංකළනය නිසා පෙර රජ දවස මේ රට ඉතාමත්‭ ‬සශ්‍රීක රටක්‭ ‬වුනා. ස්වයංපෝෂිත රටක්‭ ‬වුනා. සදාචාර සම්ම්පන්න රටක්‭ ‬වුනා.. ඉන්‭ ‬පසුව ක්‍රමයෙන්‭ ‬මේ රට අගාදයට ගියේ සොලී‭ ‬ඇතුලු‭ ‬අනෙකුත්‭ ‬විදේශ ආක්‍රමණත්‭ ‬සමගයි.  
    විජාතිකවූ‭ ‬ඔවුණුයි‭ ‬මේ රට හා පිරිසිදු‭ ‬දහම විනාශ කරන්නට ප්‍රයත්න දැරුවෙ. ඔවුන්‭ ‬එහිදී‭ ‬අපේ ඉතිහාසයත්‭ ‬අන්තිමට වෙනස්‭ ‬කළා. එය ඔවුන්ට ඕනි‭ ‬විදියට ලිව්ව. ඉතින්‭ ‬ඔන්න ඔතන ඉඳල තමයි‭ ‬අපි‭ ‬එය නිවැරදි‭ ‬කළ ගත යුතු‭ ‬වන්නේ.. 
    ඉන්‭ ‬රටටත්‭ ‬ආගමටත්‭ ‬දහමටත්‭ ‬විසාල යහපතක්‭ ‬මිස කිසිම අවැඩක්‭ ‬වෙන්නෙ නෑ. (සමහර ව්යාපාරිකයින්ට හා වෙනත්‭ ‬රටවලට නම්‭ ‬එය ලොකු‭ ‬පාඩුවක්‭ ‬වෙන්න පුලුවන්)
 ඉතින්‭ ‬ඇයි‭ ‬අපිට ඔතන ලොකුම වැරැද්ද හදාගන්න අවශ්‍ය නෑ කියන්නේ.. අප නිවැරදි‭ ‬වෙන්නට අපි‭ ‬මොකටද කාටවත්ම බය වෙන්නේ? 

   අප බුදු‭ ‬රජාණන්වහන්සේ මහියංගන, සමන්ගිර, කැළණිය, කල්පිටිය ආදී‭ ‬නොයෙක්‭ ‬තැන්වල හටගත්‭ ‬යුධ ප්‍රශ්න සමතයට පත්‭ ‬කොට සිරිපතුල්‭ ‬පිහිටුවා මේ දීපය ධර්මද්වීපය බවටම සනාථ කළ සේක. එදා සිටි‭ ‬ඒ සියලුම යක්ක, නාග, කුම්භණ්ඩ ආදී‭ ‬සීහළ නොවූ‭ ‬අනෙකුත්‭ ‬ජන කොටස්ද මෙය ධර්මද්වීපය බවටම පිළිගත්තාහ. ඔවුහු‭ ‬තමන්ගේ රජ අසුන්‭ ‬කැළණිය වැනි‭ ‬තැන්වලදී‭ ‬බුදුන්වහන්සේටම පැවරූහ. ඔවුන්‭ ‬බුද්ධ සිරිපතුල්‭ ‬වන්ඳනා කොට බුද්ධ අණට ගරු‭ ‬කළාහ. 
    අද සිටින බොහෝ අය මේ සියල්ලම අවුල්‭ ‬කරගෙන ඇත්තේ ඉතිහාසය හරියට නොදන්නා කමත්‭ ‬එය වැරදියට අල්ලාගෙන සිටින නිසාත්මය. එසේනම්‭ ‬අප කවුරුත්ම අපගේ නායකවු, ගුරුන්වූ, රජුන්වූ, මහාමුණි නරසීහයාණන්‭ ‬වහන්සේගේ සත්‍යවූ‭ ‬ඉතිහාස කතාව නිවැරදිව දැන හැඳින ගත යුතුමය. එය සියලුම සිහළ ජාතිකයින්‭ ‬සහ සිහළ බෞද්ධයන්‭ ‬විසින්‭ ‬විෂේශයෙන්ම උගෙන දැන නිවැරදි‭ ‬කර ගත යුතුමයි. එය සිහළ බෞද්ධයන්‭ ‬වගකීමක්මයි. අපගේ ගුරු‭ ‬බුදුරජාණන්‭ ‬වහන්සේගේ සත්‍ය ඉතිහාස කතාවවත්‭ ‬හරියට නොදනීනම්‭ ‬කුමක්ද ඒ බෞද්ධකම කියා සිතිය අප යුතුයි.. 

     හෙල ඉතිහාසය බොහෝ දෙනෙක්‭ ‬හරියට නොදන්නා කම නිසයි‭ ‬අද වන විට මේ රට මෙතරම්‭ ‬අගාධයකට වැටිල තියෙන්නේ. අපි‭ ‬අල්ලාගෙන ඉන්නෙ ඉන්දියානුවන්ටයි, ජර්මන්‭ ‬ජාතිකයින්ටයි‭ ‬ඕනි‭ ‬විදියට ලියපු‭ ‬ඉතිහාසෙ කියල ගොඩක්‭ ‬අය දන්නෙ නෑ. මහා සම්මත, රාවණා, සුද්ධෝදන පරපුරෙන්‭ ‬එන උතුම්‭ ‬ශ්‍රේෂ්ඨ ජාතියක්‭ ‬කියල එයාල දන්නෙ නෑ. සත්‍ය වසා‭ ‬‘උඹල සින්හයෙකුට දාව උපන්‭ ‬පහත්‭ ‬ජාතියක්’ විදියට අපව හංවඩු‭ ‬ගැහුවේ කවුද? ඒ වැරැද්දයි‭ ‬අප නිවැරදි‭ ‬කර ගන්නට ඕනි.. එහෙනම්‭ ‬විජය කුවේණි‭ ‬ඉතිහාසයට කොටු‭ ‬වෙලා බෑ අපට ඉදිරි‭ ‬ගමනක්‭ ‬යන්නට කියල කවුරුත්‭ ‬තේරුම්‭ ‬ගත යුතුයි. 
   සිංහළ රටේ ප්‍රෞඩ හෙළ ඉතිහාසය නොදන්න, සිංහළ රට ගැන අභිමාණයක්‭ ‬නැති, සිංහළ රටට ද්වේෂ කරන, පරගැති‭ ‬වහල්‭ ‬මානසිකත්වයක්‭ ‬ඇති‭ ‬මිනිසුන්‭ ‬සිටින තාක්‭ ‬මේ රට නැවත ඉදිරියට ගන්නට නම් නොහැකි බව වටහා ගත යුතුයි. අපේ බිඳපු‭ ‬කොඳු‭ ‬නාරටි‭ ‬වලට නිසි‭ ‬ප්‍රතිකාර කරගෙන නැවතත්‭ ‬කොන්ද සෘජුව තබා ගත යුතුයි..
මේ සත්‍ය හෙළි‭ ‬කිරීමට ප්‍රධාන වශයෙන්‭ ‬විරුද්ධ වන තුන්‭ ‬ගොල්ලක්‭ ‬අපට හමුවෙයි. 
      එක්‭ ‬පිරිසක්‭ ‬නම්‭ ‬ඉන්දියාවේ වන්දනා නඩ සංවිධානය කරන අපේම වියාපාරිකයින්ය. මෙය ඔවුන්ගේ ජීවිකාවට ප්‍රබළ තර්ජනයකි. එය එසේ කියා අප සත්‍ය සැඟවිය යුතුද?
එමෙන්ම අනෙක්‭ ‬පිරිස නම්‭ ‬සිංහල නොවන ජාතීන් හා ඉංදියානුවන්ය. 
(ඊට හේතුව නම්‭ ‬මේ ඇත්ත හෙළි‭ ‬වීමෙන්‭ ‬ඔවුන්ට අපේ පෞරාණික දේපොළ නැවත අපවෙත දෙන්නට වේ යැයි‭ ‬ඇතිවන බය නිසාත්, ඉංදියාවට ලංකාවේ හා ලෝකයේ වන්ඳනා කරුවන්‭ ‬නිසා ලැබෙන විදේශ විනිමය මහා ආදායම අහිමි‭ ‬වන නිසාත්ය)
 එනිසා ඔවුන්‭ ‬මේ සත්‍ය වහන්නට නොයෙකුත්‭ ‬යටි‭ ‬උපක්‍රම එදත්‭ ‬අදත්‭ ‬හෙටත්‭ ‬නිබඳවම ගෙනෙනු‭ ‬ඇත. 
     දැනට ටික කලකට උඩදීද මෙම පිරිස්‭ ‬විසින්‭ ‬විශාල මුදලක්‭ ‬යොදවා‭ ‬ යුරෝපා ජාතික 'කනිම්හම්' නැමැත්තෙකු‭ ‬ගෙන්වා නේපාලය ලුම්බිණිය බව සනාථ කිරීම සඳහා මහත්‭ ‬උත්සාහයක්‭ ‬දැරූ‭ ‬අතර අප රට වැසියන්‭ ‬බොහෝ දෙනෙකුන්ද එම උගුලට හසුවුණි. දැනටත්‭ ‬ඔවුන්‭ ‬මහත්‭ ‬කැපවීමකින්‭ ‬චිත්‍රපට, ටෙලිනාට්‍ය වැනි‭ ‬මාධ්‍යන්‭ ‬හරහාද කිසියම්‭ ‬වැඩ කොටසක්‭ ‬කරගෙන යන අයුරු‭ ‬පෙනෙන්නට ඇත..  සත්ය විනාශ කරනු‭ ‬දැක දැකත්‭ ‬අප කෙසේවත්‭ ‬මුනිවත රැකිය යුතු‭ ‬වන්නේද?

ඇත්ත පිළිගැනීමට විරුද්ධ අනෙක් බලවත්ම පිරිස
   මේ ඇත්ත පිළිගැනීමට විරුද්ධ අනෙක් බලවත්ම පිරිස නම්‭ ‬අප උපන්දා සිටම බුදුන්‭ ‬ඉන්දියාවේ කියා මුල්‭ ‬බැසගත්‭ ‬අපේම යටි‭ ‬සිතුවිලි‭ ‬සමුදායයි. උපන්දා සිටම සම්මතයෙන්‭ ‬බුදුන්‭ ‬වහන්සේ යනු‭ ‬ඉන්දියාවේ සිටි‭ ‬කෙනෙකු යයිද, ලංකාව එවන්‭ ‬වූ‭ ‬බුද්ධෝත්පාදයකට නුසුදුසුරටක්‭ ‬යයිද අපේ යටි‭ ‬සිත්‭ ‬වලට කවා ඇති‭ ‬නිසා, බුදුන්‭ ‬උපන්නේ හෙළ බිමයි‭ ‬කියූ‭ ‬පමණින්‭ ‬සමහරුන්‭ ‬හට තදබල වේදනාවක්‭ ‬කෝපයක් ඇතිවීම ස්වභාවිකය.
    මෙහි‭ ‬ඇත්ත දැක්කත්‭ ‬තම යටි‭ ‬සිත නම්‭ ‬පහසුවෙන්‭ ‬මෙය පිළිගන්නට තමාට ඉඩ දෙන්නේ නැහැ. එය හරියට තමන්‭ ‬වඩාත්ම ආදරය කළ කෙනෙකු‭ ‬වියෝවූ‭ ‬විට අප සිතට ඇති‭ ‬වන වේදනාවට හා සමානයැයි‭ ‬කීවොත්‭ ‬නිවැරදියි. (එහිදී‭ ‬ඔහු‭ ‬හෝ ඇය වියෝ වුවද තමා හා ජීවත්ව සිටිනවා යැයි‭ ‬මනෝ සංස්කාර ලෝකයක්‭ ‬ගොඩ නගාගෙන සිටීමට බොහෝ දෙනා උත්සාහ කරනවා..) 
  බුදුන්‭ ‬උපන්‭ ‬හෙළදිව නම්‭ ‬මේ සිරි‭ ‬ලංකාවමයි‭ ‬කියූ‭ ‬සැනින්ම එය එසේ නොවේ යයි‭ ‬කීමට නොයෙකුත්‭ ‬තර්ක විතර්ක අපගේ යටි‭ ‬සිත නිරතුරුවම ගෙනෙනු‭ ‬ඇත. ඊට බලපාන ගොඩාක්‭ ‬හේතු‭ ‬ඇත. 
    බොහෝ අය පුරුදු‭ ‬වෙලා තියෙන්නේ තමන්ගේම සිත තමන්ම රවටා ගෙන ජීවත්‭ ‬වීමටයි‭…
බුදුන්‭ ‬යනු‭ ‬මහා දෙවියෙකු‭ ‬බ්‍රහ්මයෙකු‭ ‬මෙන්‭ ‬මවාගත්‭ ‬චිත්‍රයක්‭ ‬සහිතව වැඳුම්‭ ‬පිදුම්‭ ‬කරගෙන සිටි‭ ‬අය එම සිහිනයෙන්‭ ‬මිදීමට අකමැතිය. බුදුන්‭ ‬අපේ කුඩා රටේ යැයි‭ ‬කී‭ ‬පමණින්‭ ‬සමහරෙකුට හීන මානයක්ද උපදියි. 
'අපි‭ ‬මුදල්‭ ‬වියදම්‭ ‬කරගෙන ඉන්දියාවටත්‭ ‬ගියා, තවත්‭ ‬නොයෙකුත්‭ ‬දෙවල්‭ ‬කරා, ඒව අහක යන්න දෙන්න බෑ' යැයි‭ ‬සමහරෙකුට ලෝභී‭ ‬සිත හරස්‭ ‬වෙයි. තවත්‭ ‬සමහරෙකු‭ ‬තමන්‭ ‬මෙතෙක්‭ ‬කල්‭ ‬රැවටී‭ ‬සිටියා, මුළාවී‭ ‬සිටියා යැයි‭ ‬පිළිගැනීමට තම උඩඟු‭ ‬සිත ඉඩ නොදෙයි. 
  තවත්‭ ‬සමහර අයට‭ ‬'මා මෙතෙක්‭ ‬කල්‭ ‬අනුන්ට කියා දුන්න දේවල්‭ ‬දැන්‭ ‬නැහැ කියන්නෙ කොහොමද, එයාල මා ගැන මොනව හිතයිද' ආදී‭ ‬වශයෙන්‭ ‬තම මාන්නාධික සිත හරස්‭ ‬වෙයි.
   මේ හට ගන්නා කෙලෙස්‭ ‬සිතුවිලිත්‭ ‬සමග සටන්‭ ‬කර ජය ගැනීමට සාමාන්ය කෙනෙකුට පහසුවෙන්‭ ‬නම්‭ ‬නොහැකිය.  
   බොහෝ නූගත් අය පුරුදු‭ ‬වෙලා තියෙන්නෙ වැඩි‭ ‬පිරිසක්‭ ‬කියන දේ විචාරයකින්‭ ‬තොරව පිළිගන්නටයි. 'මෙච්චර අය පිළිගත්ත දෙයක්‭ ‬අපි‭ ‬කොහොමද එහෙම එකපාරට නෑ කියන්නෙ.. ඕව බොරු‭ ‬වෙන්න ඇති’යි සිතමින්‭ ‬ඔවුන්‭ ‬මුළා සිතටම වහල්‭ ‬වෙයි. 
   ධර්මය දත උගත්‭ ‬අයත්‭ ‬ඉන්‭ ‬ගැලවීමට නොහැකිව නොයෙකුත්‭ ‬තර්ක විතර්ක ඉදිරිපත්‭ ‬කරමින්‭ ‬'බුදු‭ ‬හාමුදුරුවො කොහේ හිටියත්‭ ‬මොකද..ධර්මය තියෙනව නම්‭ ‬ඒ ඇතිනෙ.. නිවනට ඒව වැඩක්‭ ‬නෑ.., බුදුන්‭ ‬කිව්වෙ තමන්‭ ‬ගැන පමණක්‭ ‬සොයන්න කියල විතරයි.. ඕව දැන්‭ ‬හාරවුස්සන්න ගිහින්‭ ‬ජාතිවාදය ඇවිස්සෙයි.., මිනිස්සු‭ ‬කළබල වෙයි.. යට ගියාව ඔහොමම තිබිච්චාවෙ..' ආදී‭ ‬නොයෙක්‭ ‬දේ කියමින්‭ ‬තම සිතද රවටාගෙන අනුන්වද රවටාලමින්‭ ‬මෝහයේම ගිලී‭ ‬සිටියි..

   බුදුරදුන්‭ ‬තමන්‭ ‬ගැන සොයන්නට එපා කීවා යැයි‭ ‬කීම සාවද්‍ය මතයකි. උන්වහනේ කීවේ අවශ්‍ය නම්‭ ‬තමන්ගේ බුද්ධත්වය ගැනද විමසා සොයා සැක හැර ගත යුතු‭ ‬බවයි. කිසි‭ ‬විටෙකත්‭ ‬සිතීමට, විමසීමට ඇති‭ ‬නිදහස අන්‭ ‬ආගම්වල මෙන්‭ ‬බුදුදහමේ අවහිර කර නැත. සත්‍ය දැකීමට නම්‭ ‬සියල්ලක්ම පට්ට ගසා‭ ‬(පට්ඨාන කර) විමසා බලා මුල, මැද, අග විභාග කර දත යුතු‭ ‬වෙනව.
ඉතින්‭ ‬මේ ඇත්ත සත්‍ය දැක දැකත්.. එය යටපත්‭ ‬කරගෙන මනෝ සංකාර ලෝක වල සැඟවෙන්නට වෙර දරන අය.. කෙසේ නම්‭ ‬ලෝබ ද්වේෂ මෝහ නැමැති‭ ‬කෙලෙස්‭ ‬මුල්‭ ‬ගලවා දමා සංසාරයෙන්‭ ‬මිදී‭ ‬නිවන දකින්නේ දැයි‭ ‬තමන්ම විමසා බලත්වා...
    සත්‍ය යනු‭ ‬සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි.. අන්ධ මුළාවෙන්‭ ‬මිදී‭ ‬සිහි‭ ‬බුද්ධියෙන්‭ ‬විමසමුද..? නොමැතිනම්‭ ‬ඇත්ත වසන්‭ ‬කොට බොරුවෙන්‭ ‬තනාගත්‭ ‬මනස්කල්පිත ලෝකයක මුළාවී‭ ‬සිටින්නෙමු‭ ‬ද..?

    ඇත්තම කියනවනම්‭ ‬ප්‍රධාන සතුරා තමන්‭ ‬තුලමයි‭ ‬ඉන්නේ කියා ගොඩක්‭ ‬අය දන්නෙ නෑ. එයාල තමන්ගෙම හිත රවට්ටගෙන මවාගත්‭ ‬ලෝකෙක සැඟවෙන්නයි‭ ‬බලන්නේ. මේක තමයි‭ ‬විඤ්ඤාණයෙ ඇති‭ ‬මායාව හෙවත්‭ ‬මාරයාගේ මුළාව. ඒ වුනත්‭ ‬එතනට අහු‭ ‬වෙලා තමන්‭ ‬ඉන්නෙ කියල ඒයාල දන්නෙ නෑ. ඉතින්‭ ‬මෙතනින්‭ ‬ගැලවෙන්න බැරුව කොහොමද එයාල අනෙක්‭ ‬කෙළෙස්‭ ‬ප්‍රහාණයක්‭ ‬ගැන කතා කරන්නෙ? ඇත්තටම මේක වංචක ධර්මයක්. එයින්‭ ‬බේරෙන්නෙ බුද්ධිමත්‭ ‬අය විතරයි, අත්‭ ‬හරින්න බැරි‭ ‬කෙනා මෙතනදි‭ ‬දැඩිව අල්ලා ගන්නව. 
    ඇත්ත වශයෙන්ම මෙතන අපට කළබල වෙන්නට කිසිම දෙයක්‭ ‬නෑ.. මොකද අපි‭ ‬කවුරුත්‭ ‬කලින්‭ ‬සිතාගෙන සිටියේ බුදුරදුන්‭ ‬ඉන්දියාවේම කියල තමයි.. ඒත්‭ ‬අපක්ෂපාතීව ඉවසීමෙන්‭ ‬කරුණු‭ ‬හොයාගෙන යනකොට මේ සම්බන්ධ අවිද්‍යා මුළාව දුරුවෙලා සත්‍ය මතුවෙනවා.. එනිසා මෙය තවමත්‭ ‬පිළි‭ ‬නොගත්‭ ‬අයට මුලින්ම තොරතුරු‭ ‬සොයන්න උත්සාහ ගන්න කියල අප කාරුණිකව ඉල්ලා සිටිනව.. 
     මේ ලොව සත්‍ය කියා දෙයක්‭ ‬තිබෙනවා. එය බොහෝ විටදී‭ ‬සැඟව යටපත්වයි‭ ‬පවතින්නේ. එයට හේතුව නම්‭ ‬මායාකරී‭ ‬විඤ්ඤාණය විසින්‭ ‬සත්‍ය සැම විටම වසා දමන නිසාය. එහෙත්‭ ‬ප්‍රඤ්ඤාවන්ත පුද්ගලයා අවිද්‍යා මායා මුළාවෙන්‭ ‬මිදී‭ ‬තමන්‭ ‬විසින්ම සත්‍ය වටහා ගන්නවා.. 
    ඒ වගේම මෙහෙදී‭ ‬අපගේම විඤ්ඤාණය විසින්‭ ‬සත්‍ය සැමවිටම ‭ ‬නොයෙක්‭ ‬අකාරයෙන්‭ ‬වංචක ධර්ම වලින්‭ ‬සඟවන්නට උත්සාහ ගනීවි. එය මැඩපැවැත්වීමට බළවත්සේ ඒ ගැන අවධාණය රැඳවිය යුතුය. දැන්‭ ‬ඉන්න බොහෝ බුද්ධිමත්‭ ‬දෙනා මෙහි‭ ‬නියම සත්‍ය ප්‍රත්‍යක්ෂවම වටහාගෙනයි‭ ‬ඉන්නේ.. සත්‍ය වැටහුණු‭ ‬දාට, මොනතරම්‭ ‬මුළාවක සිටියේදැයි‭ ‬සිතා අපම අප ගැනම ලජ්ජා වෙනවා..
    අප කවුරුත්‭ ‬මුලින්‭ ‬වැරදියටම හිතන්‭ ‬සිටිය නිසා මෙතන කවුරුවත්‭ ‬නිවැරදි‭ ‬අයත්‭ ‬වැරදි‭ ‬අයත්‭ ‬නැත්තේය.. එහෙත්‭ ‬ඇත්ත පෙනි‭ ‬පෙනිත්‭ ‬එය මතු‭ ‬කර නොගෙන යටපත්‭ ‬කිරීමට යමෙක්‭ ‬ප්‍රයත්න කරයි‭ ‬නම්‭ ‬එය අන්ධ මුළාවක්මය.. ඔවුන්‭ ‬අන්ධ මුළාවෙන්‭ ‬මිදී‭ ‬සිහි‭ ‬බුද්ධියෙන්‭ ‬විමසත්වා.. 
     මෝහයෙන්‭ ‬මිදී‭ ‬මෙය නිවන්‭ ‬දැකීමට උපකාර කර ගනිත්වා...මිසදිටුව දහමට ගරහා පව්‭ ‬සිදු‭ ‬කර නොගනිත්වා... තවත්‭ ‬බොහෝ දෙනෙකුට මෙම පරම සත්‍ය පෙන්වා දීමට සහයෝගය දක්වා පිං සිදු‭ ‬කරගනිත්වා....
මේ හෙළ ධර්මද්වීපයටත්‭ ‬සියලු‭ ‬බෞද්ධ ජනතාවටත්‭ ‬සදා ජයවේවා… 

මහා සීහළ වංශයේ ඇරඹුම‭ ‬- 03 කොටස
එක එක්කෙනා ලියල දීපු‭ ‬බොරු‭ ‬ඉතිහාසෙට රැවටුනේ කවුද?  සත්‍ය වශයෙන්ම නියම බුදුදහම කුමක්ද? ධර්මද්වීපය කුමක්ද? එද බුදුරදුන්‭ ‬ඉදිරියේ සම්මත කරගත්‭ ‬ඒ මහා ගිවිසුම කුමක්ද? කුමක්ද මේ යට ගැසීම? අපේ නියම අරමුණ කුමක්ද? අපේ උගතුන්ගේ අදහස්‭ ‬මොනවාද? අප ධර්මද්වීපය සුරැකිය යුත්තේ ඇයි? ආදී‭ ‬බොහෝ ප්‍රශ්ණ වලට මෙම කොටසින්‭ ‬පිළිතුරු‭ ‬සැපයෙනවා...





අපි‭ ‬එකම ලක්මවකගේ දරුවන්‭ ‬විලස ඉඳිමු..

    අපි‭ ‬මෙතෙක්‭ ‬කල්‭ ‬මහ ඉහලින්‭ ‬රැකගෙන ඇවිත්‭ ‬තියෙන්නේ ඉන්දියානුවොයි, ජර්මන්‭ ‬ජාතිකයොයි‭ ‬ලියල දීපු‭ ‬බොල්‭ ‬වැරදි‭ ‬ඉතිහාසයක්ම බව දැන්වත්‭ ‬තේරුම්‭ ‬ගනිමු.. එක එක්කෙනා ලියල දීපු‭ ‬බොරු‭ ‬ඉතිහාසෙට අපේ අප්පච්චිල, සියලත්‭ ‬අහු‭ ‬උනා.. එයාල අපේ ඤාති‭ ‬බුදු‭ ‬හාමුදුරුවන්ගෙ ඉතිහාසෙත්‭ ‬විකුර්ති‭ ‬කරා..ඉන්‭ ‬පස්සෙයි‭ ‬මේ රටටයි‭ ‬අපිටයි‭ ‬හෙණ ගැහුනේ..දැන්‭ ‬අපිත්ත්‭ ‬මොට්ටයො වගේ මොනවත්‭ ‬හොයන්නෙ බලන්නෙ නැතුව වැඩ කරන්න ගියොත්‭ ‬මොකද වෙන්නෙ කියල හිතමු.. දැන්වත්‭ ‬වැරැද්ද හදාගමු.. නැත්නම්‭ ‬අපිටත්‭ ‬රටටත්‭ ‬මේ අගාධයෙන්‭ ‬ගොඩ යන්න නම්‭ ‬බෑ...

     මේව කියන්නෙ තරහට නෙවෙයි‭ ‬හෙළ දරුවනේ.. මේ හෙළ රටට, දැයට, සමයට තියෙන ආදරේ හින්ඳමයි.. එක එක්කෙනාගෙ බොරු‭ ‬අහ අහ ඉන්නෙ නැතුව අපි‭ ‬අපිම සත්‍ය සොයා බලමු.. තමන්‭ ‬දන්නවා කියා සිතන පුහු‭ ‬මාණය ඉවතළා, කම්මැළි‭ ‬නැතිව සත්‍ය ඉතිහාසෙ හොයාගෙන හොඳට කියවමු.. අහමු.. ඊට පස්සෙ තීරණයකට එමු..


     අපි‭ ‬අපේ බුදු‭ ‬හාමුදුරුවන්ගේ පුරවැසි‭ ‬අයිතියත්‭ ‬විදෙස්‭ ‬රටකට තල්ලු‭ ‬කරල අපේ අහිංසක බෞද්ධ අම්මලගෙ තාත්තලගෙ අහිංසක සල්ලි‭ ‬ටිකත්‭ ‬වැඩකට නැති, හරයක්‭ ‬නැති ‭ ‬බොරු‭ ‬තැනකට පුදවල මේ රට තව තවත්‭ ‬අගාධයටම තල්ලු‭ ‬කරවන්නට ඔබ කුමන අයුරකින්වත්‭ ‬කටයුතු‭ ‬කරල ඊට දායක වෙලා පාප කර්මයක්‭ ‬කරගන්නවද නැත්නම්‭ ‬සත්‍ය පෙන්වල දීල මේ රටටත්‭ ‬ජන සමාජයටත්‭ ‬යහපතක්‭ ‬කරනවද කියල ඔබම තීරණය කරන්න..
    එහෙම නැතුව කවුරුන්‭ ‬හෝ ඉන්දියානුවොයි, ජර්මන්‭ ‬කාරයොයි‭ ‬ලියල දීපු‭ ‬බොරු‭ ‬ඉතිහාසය දොහොත්‭ ‬මුදුනෙන්ම පිළි‭ ‬අරගෙන, ඊට මුළාවෙලා, ධර්මය පසෙක තබා සිහි‭ ‬බුද්ධියක්‭ ‬නැතුව දෙවි‭ ‬වරුන්ට බුදුවරුන්ට වන්දො වගේ වැඳ වැඳ ඉන්න ආගමක් ‭ ‬පමණක්‭ ‬කරේ තියාගෙන දිව්‍ය ලෝකෙම යන්න බලාගෙන ඉන්නවනම්‭ ‬එයම හැර වෙන සරණක්‭ ‬නම්‭ ‬නෑ එයාලට... අපි‭ ‬ඔවුන්ටත්‭ ‬අනුකම්පා කරමු..

    සත්‍ය වශයෙන්ම කියනවනම්‭ ‬මේ නියම බුදුදහම කියන්නේ, මර්ණයටවත්, අපායටවත්‭ ‬බය වෙලා දාඩිය පෙරාගෙන දුවල හැන්ගිලා ශාන්ත දාන්ත තීන්ත කූඩු‭ ‬වගේ ඉඳගෙන අවිචාරී‭ ‬විදියට හැමදේම දුකයි‭ ‬දුකයි‭ ‬අනිත්‍යයි‭ ‬කිය කියා ‭ ‬මුළුගැන්විලාම ඉන්න දහමක්‭ ‬පමණක්‭ ‬නොවේ.. 
බුදු‭ ‬දහම මෙලොව, පරලොව, ලෞකික, ලෝකෝත්තර දෙකටම පොදුවූ‭ ‬කාටත්‭ ‬එකසේ ඵල ප්‍රයෝජන ලැබිය හැකි‭ ‬අකාලික වූ‭ ‬සුපිරිසිදු‭ ‬දහමකි..
 බුදුන්‭ ‬වහන්සේ යනු‭ ‬මුණිවරයෙක්, ගුරුවරයෙක්, නායකයෙක්,රජෙක්, පියෙක්, මවක්‭ ‬මෙන්ම හෙළයන්ට නර සීහයෙක්‭ ‬වනවා කියාද අප දත යුතුයි..

      එහෙමනම්‭ ‬විශේෂයෙන්‭ ‬සිංහල බෞද්ධ අපි‭ ‬කවුරුත්‭ ‬එකම අදහසකට ඇවිත්, නොයෙක්‭ ‬ලෙසින්‭ ‬පක්ෂ අදහස්‭ ‬පළාත්‭ ‬ආදී‭ ‬වශයෙන්‭ ‬පිල්‭ ‬නොබෙදී‭ ‬මේ සත්‍ය බුද්ධ ඉතිහාස කතාව ලොවටම විදහා දක්වමු.. බුද්ධ බලය, බුද්ධ ශක්තිය අන්‭ ‬ජාතීන්ටත්‭ ‬පෙන්වාදී‭ ‬එකම රටක්‭ ‬ජාතියක්‭ ‬හැටියට නැගී‭ ‬සිටිමු..
     ඔවුන්ටත්‭ ‬මේක ධර්මද්වීපයම බව සියලු‭ ‬සාක්ෂි‭ ‬සහිතවම පෙන්වා දී‭ ‬බුද්ධ අණට ගරු‭ ‬කරන්න කියමු.. ආනාටිය සූත්‍රයේ සඳහන්‭ ‬පරිදි‭ ‬එදා අනෙක්‭ ‬ජාතීන්‭ ‬බුදු‭ ‬වදනට ගරු‭ ‬ගල ආකාරය, බුදුරජුන්ව ඔවුන්ගේද, දිවයිනේද නායකයා ලෙසට ඔවුන්ගේ මුතුන්‭ ‬මිත්තන්‭ ‬පිළිගත්‭ ‬ආකාරය පෙන්වා දෙමු.. යමෙක්‭ ‬බුදු‭ ‬දහමටත්, බුද්ධ ශ්‍රාවකයෙකුටත්‭ ‬හිරිහැර කළොත්‭ ‬එදාසිටි‭ ‬වෙසමුණි‭ ‬රජු‭ ‬ඇතුලු‭ ‬ඔවුන්ගේ නායක රජවරුන්‭ ‬එම ගොත්‭ ‬වල අයට දෙන දඬුවම්‭ ‬කුමක්දැයි‭ ‬පෙන්වා දෙමු.. බුදුරදුන්‭ ‬ඉදිරියේ සම්මත කරගත්‭ ‬ඒ මහා ගිවිසුම, වෙසමුණි‭ ‬රජුගේ ආක්ඤාව කුමක්ද කියා අප ඔවුන්ට පෙන්වා දෙමු..
     ආටානාටිය පිරිත කියන්නේ නිකම්ම ඉවත දැමිය යුතු‭ ‬පිරිතක්‭ ‬නම්‭ ‬නොවේ.. එහි‭ ‬හරයක්‭ ‬හරියට වටහා නොගෙන කොතරම්‭ ‬රැ එලිවෙනකම්‭ ‬ජප කළත්‭ ‬ඉන්‭ ‬නියම වටිනා කමක්‭ ‬ගන්නට නම්‭ ‬බැහැ.. මේ උතුම්‭ ‬පිරිත භෞතිකව ඝණ ශරීර හා අභෞතිකව සියුම්‭ ‬ශරීර වලින්‭ ‬යුත්‭ ‬දෙකොටසටමයි‭ ‬වැදගත්‭ ‬වන්නේ..
      අපේ නායක වූ‭ ‬බුදුරජාණන්‭ ‬වහන්සේ අපිට ඉගැන්නුව, කාත්‭ ‬එක්කත්‭ ‬සහයෝගයෙන්, සමගියෙන්, සමානාත්මතාවයෙන්, කරුණා මෛත්‍රියෙන්‭ ‬ඉන්න ඕනි‭ ‬ආකාරය. ඒ පරිදි‭ ‬මේ දිවයිනේ අන්‍ය ජාතීන්ටත්‭ ‬තම සීමා උල්ලංඝනය නොකර අප ඉන්නට කියමු.. අපි‭ ‬අපේ අභිමාණය සහ උරුමය ලෝකයටම පෙන්වාදී‭ ‬සාධාරණ ධාර්මික මිනිසුන්‭ ‬බව පෙන්වා දෙමු.. අපි‭ ‬එක ලේ බිඳුවක්වත්‭ ‬නොසලා සියලු‭ ‬සතුරු‭ ‬බලවේග පරාජය කරන්නට එකමුතු‭ ‬වෙමු.. රටට වින කරන අය අපි‭ ‬කවුරුත්‭ ‬එක්වී‭ ‬නෙරපා දමමු.. සැම විටම සිංහල බෞද්ධයෙකුම මේ ධර්මද්වීපයේ නායකත්වයට පත්‭ ‬කරමු.. ධර්මවාදියෙකුට කොතැනක හෝ අයුත්තියක්‭ ‬අසාධාරණයක්‭ ‬සිදු‭ ‬වනවානම්‭ ‬එතැනදී‭ ‬නැගී‭ ‬සිටිමු..
    මෙහි‭ ‬කිසිම පුද්ගලික හෝ පටු‭ ‬දේශපාලනික අරමුණක්‭ ‬නැහැ.. කවුරුත්‭ ‬පක්ෂ භේද අත හැරල එකා වගේ රටක්‭ ‬ජාතියක්‭ ‬හැටියට නැගී‭ ‬සිටිමු. අපත්‭ ‬හැදෙමු.. රටත්‭ ‬හදමු.. සසරින්‭ ‬එතෙර වන නිවැරදි‭ ‬මගත්‭ ‬සොයා ගමු.
    අපට වැරදුන තැනක්‭ ‬තියෙනවා.. අප රැවටුන තැනක්‭ ‬තියෙනවා.. මුල වරද්දාගෙන අප මුළා වෙලයි‭ ‬ඉන්නෙ.. ඒක හදා ගන්නෙ නැතිව රටටත්, දැයටත්, අපටත්‭ ‬අපේ දරුවන්ටත්‭ ‬යහපතක්‭ ‬වෙන්නෙ නෑ.. තවත්‭ ‬මෝඩ නොවෙමු.. දැන්වත්‭ ‬තේරුම්‭ ‬ගමු.. දැන්වත්‭ ‬වැරැද්ද නිවැරදි‭ ‬කරගමු.. මේ ඊට නිසි‭ ‬කාළයයි.. මේ ඊට නිසි‭ ‬සමයයි…

  අපි‭ ‬මහාසම්මත, රාවණ, සුද්ධෝදන ශාක්‍ය වංශවලින්‭ ‬ඇරඹී‭ ‬එන සිව්‭ ‬හෙළයේ සීහළ වංශික සීදන්ත කුමාරයගෙ පරපුරේ පිරිසිදු‭ ‬ලේ වලින්‭ ‬ජනිත, සීහල රටටත්, සිංහල ජාතියටත්, දහමටත්‭ ‬ආදරය කරන සිංහල වංශ කතාවේ ආරම්භක මුදුන්‭ ‬මුලේ සිට සුළ මුළ හොඳින්ම හඳුනන සීහෙළ පුත්තු‭ ‬සහ සීහෙළ දූවරු‭ ‬කියල කොන්ද පණ ඇතුව කියන්න පුලුවන්‭ ‬විදියට ඉඳිමු...
    සාමාන්‍ය සුණඛ සිංහයෙකු‭ ‬ලඟට ගලක්‭ ‬ගැසුවොත්‭ ‬ඒ ගලටයි‭ ‬ගොරවන්නේ. එහෙත්‭ ‬කේශර සිංහයෙකු‭ ‬ලඟට ගල්‭ ‬එනවනම්‭ ‬ඒ ගල පැමිණෙන දිසාව ගැන වහාම විපරම්‭ ‬කරනවා. අපත්‭ ‬කේශර සිංහයන්‭ ‬වන්‭ ‬අය වෙමු. මෙලොවත්‭ ‬ජයගෙන සත්‍ය වටහාගෙන බව උදුරා දමා යාමට හැකියාව ඇති‭ ‬අභීත කේශර සිංහයන්‭ ‬බඳුව පරලොවත්‭ ‬ජය ගනිමු.. 

    අපි රටට ආදරය කරමු.. අන්‭ ‬රටවල්‭ ‬අල්ලා ගැනීමට නොව තම දේශය රැකගන්නට...
අපි ජාතිවාදී‭ ‬වෙමු.. අන්‭ ‬ජාතීන්‭ ‬නැසීමට නොව තම ජාතිය රැකගන්නට...
අපි ආගම්වාදී‭ ‬වෙමු..අන්‭ ‬ආගම්‭ ‬නැසීමට නොව තම ධර්මද්වීපය සුරකීමට...
අපි ධර්මවාදී‭ ‬වෙමු.. කිසිවෙකුටත්‭ ‬හිංසාවක්‭ ‬නොකර තම තමන්ගේ සසර දුකෙන්‭ ‬මිදීමට...
අද විට බොහෝ දෙනා රටට, ජාතියට, ආගමට, දහමට ආදරෙයි‭ ‬කියන්නත්‭ ‬බය වෙලයි, බය කරලයි තියෙන්නේ..

    මේ සත්‍ය හෙලි‭ ‬දැක්වීම අරභයා කවුරු, කොතැනක හෝ නිවැරදි‭ ‬තොරතුරක්‭ ‬කවුරු‭ ‬හෝ හුවා දක්වයි‭ ‬නම්‭ ‬එවැනි‭ ‬තැනකදී‭ ‬සහාය පල කරනවානම්‭ ‬ඔබ මේ රටට, දැයට, සමයට, ලොවට වටිනා සැබෑම උසස්‭ ‬පුද්ගලයෙක්ම වනු‭ ‬ඇත.. එය සමාජ මෙහෙවරක්ද වනු‭ ‬ඇත.. එමෙන්ම එය අඳුරේ සිටින ජනයා එයින්‭ ‬මුදා ගැනීමේ මහත්වු‭ ‬පුණ්‍ය කර්මයකට සහාය දැක්වීමක්ද වනු‭ ‬ඇත...

      මේ උතුම්‭ ‬සත්‭ ‬ධර්මය පිහිටවූ ධර්මද්වීපයම බව අප දනිමු.. අද සත්‭ ‬දහම යම්‭ ‬පමණකින්‭ ‬හෝ සුරැකුනේ අපගේ මුතුන් මිත්තන්‭ ‬දිවි‭ ‬හිමියෙන්‭ ‬මේ දහම්‭ ‬දීපය ආරක්ෂා කළ නිසා බවද අප දනිමු.. පුද්ගලික වාසි‭ ‬නොතකා අප සැම සිදු‭ ‬කරන මේ මෙහෙවරද උතුම්‭ ‬කර්තව්‍යයක්මයි..
සුදුසු‭ ‬තැනදී‭ ‬බුදුරදුන්ගේ උරුමය සත්‍ය පැවසීමට අප කෙලෙසකවත්‭ ‬පසුබට නොවෙමු.

    කුමන බාධාවක්‭ ‬පැමිණියත්‭ ‬අභීත සිංහයන් විලසින්‭ ‬නොසැලී‭ ‬සිටින්නට අපි‭ ‬කවුරුත්‭ ‬වෙහෙස ගමු. සමහර අය අපට නොයෙක් නින්දා අපහාස පරිභව කරාවි..  එහෙත්‭ ‬මෙත්‭ ‬සිතින්ම කාටවත්‭ ‬හිංසාවක්‭ ‬නොකර, බුද්ධ ශක්තිය ගැබ්වූ‭ ‬රට, දැය, සමය සුරකිමින්, උතුම්‭ ‬මානුෂීය මෙහෙවරක් කරමින්‭ ‬අප යන සුමගෙහි‭ ‬අවසන ඇති‭ ‬උතුම්‭ ‬නිවනම කරාද යමු...
   අප කාගේවත්‭ ‬එක ලේ බිඳුවක්වත්‭ ‬නොසලා අවිහිංසාවාදීව මේ ධර්ම යුධය විජය ගත යුතුමයි... ලාංකිකයෙකු‭ ‬හැටියට ධර්මපාල තුමාට පුලුවන්‭ ‬නම්‭ ‬ඉන්දියාවට ගොස්‭ ‬එරටෙහිත්‭ ‬අයිති වාසිකම්‭ ‬දිනා ගන්නට, අපට ඇයි‭ ‬බැරි ‭ ‬අපේ නියම හෙළ අයිතිය ලබාදෙන්නට කියා අප සිතිය යුතු‭ ‬නොවේද?
    අප කිරි‭ ‬බිව්‭ ‬මවට ණය නැතිවාක්‭ ‬මෙන්ම ලක්‭ ‬මවටද ණය නැති‭ ‬අයම වෙමු. එනිසා ලොවට අණන වූ‭ ‬විනය ඇති‭ ‬අප මාරයාගේ ණයද ගෙවා දමන අයමය..

   යටවූ‭ ‬ඉතිහාසය තුලින්‭ ‬සැබෑ සත්‍ය මතුකොට උතුම්‭ ‬දේශය සුරැකීම තුලින්‭ ‬නිවන්‭ ‬මග පාදාදීමයි‭ ‬අපගේ එකම අභිප්‍රාය වනුයේ... ඉදිරියේදී‭ ‬දීප ව්‍යාප්තවද ජාත්‍යන්තරවද මෙම වැඩසටහන විවිධ ක්‍රමවේධ ඔස්සේ කරගෙන යාමට අප විධිවිධාන ගෙන යනවා.. සත්‍ය දත්තාවූ‭ ‬පරහිතකාමී‭ ‬අයගේ සහායද මෙහිදී‭ ‬අපට අවශ්‍යයි.. ඔබට හැකි‭ ‬කුමන අයුරක හෝ සහායක්‭ ‬දක්වත්වා..
   මේ උතුම්‭ ‬යුග මෙහෙවරෙහි‭ ‬යන මගෙහි‭ ‬පහනක්‭ ‬හෝ දල්වා පිං රැස්කර ගනිත්වා... සියල්ලන්ටම නිවනම වෙත්වා... සත්‍ය සොයා නිවැරදි මාවතේ යන ඔබට යහපතක්ම වේවා.. තෙරුවන්‭ ‬සරණයි






විජය හා කුව්වේණියගේ ඇත්ත කතාව මෙන්න.. 




    මේ අප ඉදිරිපත්‭ ‬කරන්නේ ලක්දිව මෙතෙක්‭ ‬හමුවී‭ ‬ඇති‭ ‬පැරණිතම ලේඛණ වලින්‭ ‬හා මූළාශ්‍ර වලින්‭ ‬සොයා දැනගත්, ජර්මානුවන්‭ ‬විසින්‭ ‬විකුර්ති‭ ‬කරනලද සිංහළේ සැබෑ විජය කුව්වේණි‭ ‬කතා පුවතයි... (මෙය රාවණ සොයුරන්‭ ‬විසින්‭ ‬සොයා ගත්‭ ‬මූළික තොරතුරු‭ ‬වලට අනුව අප විසින් ගොණු‭ ‬කරන ලද්දක්‭ ‬වන අතර එහි‭ ‬පූර්ණ ගරුත්වය ඔවුන්ට හිමිවිය යුතුය)

දැනට අවුරුදු‭ ‬2500කට පමණ ඉපිටින්‭ ‬විජය නමින්‭ ‬පුද්ගලයෙක්‭ ‬විය. එහෙත්‭ ‬ඔහු‭ ‬අප හෙළ දිවයිනේම සිටි‭ ‬අයෙක්‭ ‬මිස ඉන්දියානුවෙක්‭ ‬නම්‭ ‬නොවේ.
කසී‭ ‬රටේ(එදා හෙළදිව පිහිටි‭ ‬‘ජම්බුද්වීපයට/දේව හෙළයට’ අයිති‭ ‬ප්‍රදේශයක) බ්‍රහ්මදත්ත නම් (බ්‍රහ්මයා විසින්‭ ‬දෙනලද) අසුර වංශික රජෙක්‭ ‬සිටියා. ඒ රජුට තේජාන්විත බාල සොයුරෙක්‭ ‬සිටියා.. සිංහයෙකු‭ ‬බඳු‭ ‬බාහු‭ ‬බළ සම්පන්නයෙකු‭ ‬වූ‭ ‬ඔහු‭ ‬සිංහබාහුය. රණ සූරත්වයෙන්‭ ‬හෙබි‭ ‬මේ සිංහබාහු කුමරුන්‭ ‬පඬුවස්‭ ‬නුවර විජිතය ආක්‍රමණය කළා.. පඬුවස්‭ ‬නුවර විජිතය කලින්‭ ‬තිබුණේ අසුර වංශිකයන්‭ ‬යටතේයි. 

ඉතින්‭ ‬මේ සිංහබාහු‭ ‬රජු‭ ‬පඬුවස්‭ ‬නුවර රජකම්‭ ‬කරන කාළයේ නාග ගෝත්‍රික කාන්තාවක්‭ ‬ඇගේ දෙමාපිය විරෝධය මද්‍යයේම බිසව කරගත්තා. (තම ගෝත්‍රයන්ට නොගැලපෙන විවාහයන්‭ ‬සැලකුවේ එක පවුලේ දෙදෙනෙකු‭ ‬සහ සම්බන්ධ වීම හා සමාන ලෙසමය) කෙසේ හෝ ඔහුගේ එම නාග ගෝත්‍රික බිසව පුතුන්‭ ‬10 දෙනෙකුත්, දියණියන්‭ ‬5 දෙනෙකුත්‭ ‬බිහි‭ ‬කළා. ඉන්‭ ‬වැඩිමහලු‭ ‬පුතා සුමිත්ත නම්‭ ‬වුනා. දෙවැනියා හිතුවක්කාරයෙකු‭ ‬වූ‭ ‬විජය නම්‭ ‬වුනා. 

මේ හිතුවක්කාර විජය තම අයියාට රජකම ලබාදීමට විරුද්ධව ජනයා එක්‭ ‬රැස්‭ ‬කරමින්‭ ‬කැරළි‭ ‬ගහන්නට වුනා. ඉතින්‭ ‬මේ විජය පුතා ඇතුලු‭ ‬තක්කඩි‭ ‬කොලු‭ ‬රැළ පන්නා දැමීමට එම උරණවූ‭ ‬පියා කටයුතු‭ ‬කළා. විජය ඇතුලු‭ ‬පිරිස තම්මැන්නාව පැත්තට නැව්‭ ‬නැග ගියා. 
කොහොම හරි‭ ‬තමන්ගේ විජය මළනුවන්‭ ‬ගියාට පසු‭ ‬අයියාවු‭ ‬සුමිත්ත කුමරු‭ ‬එම පඬුවස්‭ ‬නුවර රජකම්‭ ‬කළා. ඉන්‭ ‬කලකට පසු‭ ‬සුමිත්තගේ පුතා ජෛන ආගම වැළඳ ගෙන තමාට ලැබෙන්නට තිබුනු‭ ‬රජකමත්‭ ‬හැරදමා ගියා. පසුව සුමිත්ත පියාත්‭ ‬තම පුතු‭ ‬අනුගමනය කරමින්‭ ‬ගිහිසැප හැරදමා ගියා.. (සුමිත්තගේ ලෙන්‭ ‬ලිපිය සිලෝන්‭ ‬ජර්නල්‭ ‬දෙවන කාණ්ඩය පිටු‭ ‬අංක‭ ‬211, අංක‭ ‬659 යටතේ විමසා බලන්න.)
  
නැව්‭ ‬නැගි‭ ‬විජය කුමරා තම්මැන්නාවෙන්‭ ‬ගොඩ බැස්සා. තම්මැන්නාව යනු‭ ‬තම්මැන්න නම්වූ(මිස්කෝඩෝන්‭ ‬සෙලනිකස්) ගස්වලින්‭ ‬වටවූ‭ ‬වැවක්‭ ‬සහිත ප්‍රදේසයක්‭ ‬මිස තඹ වැල්ලක බොරු‭ ‬කතා පුවතක්‭ ‬නම්‭ ‬නොවේ. කෙසේ හෝ මේ තම්මැන්නාවට පැමිණි‭ ‬විජය යක්ක ගෝත්‍රික ජාතිකයන්‭ ‬සමග යුද කොට විජය ලබා එහි‭ ‬බළය අල්ලා ගත්තේය. එමෙන්ම තම ඤාති‭ ‬නෑනා කෙනෙකුවූ‭ ‬යක්ක ගෝත්‍රික කුවිණිය සමග විවාහද විය. ඒ ඇගේ ඤාතීන්ගේ දැඩි‭ ‬විරෝධය මැදය. විජය හමුවෙන්නට පෙර කුවිණියට අසුර වංශික අයෙකුට දාව උපන්‭ ‬ජීවහත්ථ නම්‭ ‬පුතෙක්‭ ‬විය. විජය විසින්‭ ‬ඔහුව පන්නා දැමීය.  

විජයට දාව කුවිණිය ලද සියලු‭ ‬පුතුන්‭ ‬අසුර වංශිකයින්ට විරුද්ධව කැරළි‭ ‬ගහන්නට පෙලඹුනා. එහෙත්‭ ‬ඉන්‭ ‬බහුතරයක්‭ ‬දෙනා පසුකාලීනව පණ්ඩුකාභය අතින්‭ ‬මැරුම්‭ ‬කෑවා..
මේ අතර විජයගේ අයියාවු‭ ‬සුමිත්තගෙන්‭ ‬සහ ඔහු‭ ‬පුතුගෙන්‭ ‬හිස්වූ‭ ‬පඬුවස්නුවර රාජධානියට පැමිණි‭ ‬විජය එහි‭ ‬බළය පහසුවෙන්ම යුද කොට විජය ගත්තා. කුවිණියගෙන්‭ ‬සියලු‭ ‬දෙයම උදුරා ගත්‭ ‬විජය අවසානයේ හිත්පිත්‭ ‬නැතිව ඇයව පළවා හැරියා.. ඉන්පසු‭ ‬මේ විජය කුමරා‭ ‬'පඬුවස්දෙව්' නමින්‭ ‬අභිෂේක ලැබුවා.  

අසරණවූ‭ ‬කුවිණිය තම කලින්‭ ‬පුත්‭ ‬ජීවහත්ථ කුමරු‭ ‬සමග අවුත්‭ ‬විජයට විරුද්ධව සටන්‭ ‬දියත්‭ ‬කළා. ඒ සටනින්‭ ‬කුවිණියට ජීවහත්ථයන්ද අහිමි‭ ‬වුණා.. ඇයට විජයගෙන්‭ ‬සිදු‭ ‬වූ‭ ‬මේ අසාධාරණයේ අඳෝනාව දේව හෙළයේ රජවරුන්ටද දන්වා සිටියා. අවසානයේ ඇය ශ්‍රමණ දිවියට ඇතුල්‭ ‬වූවාය. (...ලිලවරී‭ ‬හරිනුයෙ පඨිරාය රොඅඊ බියෙ ච ගයෙ....)

විජය හෙවත්‭ ‬පඬුවස්දෙව්‭ ‬රජු‭ ‬පඬුවස්නුවර ප්‍රදේශයේ රජ කරන කාලයේම සිව්‭ ‬හෙළයේ අනුකුත්‭ ‬ප්‍රදේශ වල තවත්‭ ‬ප්‍රාදේශීය හා මහ රජවරුන්‭ ‬එදා සිටිය බව අප හොඳින්‭ ‬තේරුම්‭ ‬ගත යුතුයි. අද මෙන්‭ ‬යාන වාහන නොතිබුනු‭ ‬එදායුගයේ මේ එකම දිවයිනේ කොටස්‭ ‬වලට බෙදී‭ ‬වෙනම රාජ්‍යයන්‭ ‬කළ බව සිහි‭ ‬තබා ගන්න. අද මේ දිවයිනටම ලංකාව කියා කීවත්‭ ‬එදා ලංකා පුර කියා කීවේ මේ දිවයිනෙන්‭ ‬සුලු‭ ‬කොටසකට බවත්‭ ‬හොදට මතක තියාගන්න. විජය ඔය කියන ලංකා කොටසට පැමිණියේ මේ දිවයිනේම සිට මිසක්‭ ‬ඉන්දියාවේ සිට නොවේ. බුදුරදුනුත්‭ ‬එසේම ඔය කියන ලංකාවට වැඩියේ මේ හෙළබිමේ තිබුණු‭ ‬ජම්බුදීපයේ සිටමයි. මිහිඳු‭ ‬හිමියනුත්‭ ‬එසේමයි. පසුකාලීනවයි‭ ‬මේ ඔක්කොම අවුල්‭ ‬ඇති‭ ‬කරගෙන තියෙන්නේ. 

බුදුරදුන්‭ ‬පිරිණිවී‭ ‬අවුරුදු‭ ‬850කට පමණ පසු‭ ‬ඉන්දියාවෙන්‭ ‬පැමිණි‭ ‬මහානාම හිමියන්‭ ‬මහාවංශය ලියුවේද මේ ලංකාපුර රාජධානිය පමණක්‭ ‬මුල්‭ ‬කරගෙනයි. එමෙන්ම ඒ ලියූ‭ ‬තොරතුරු‭ ‬වලද සමහර තැන්වල බලවත්‭ ‬වැරදි‭ ‬අඩුපාඩු‭ ‬පවතින බව හොඳින්ම පෙනේ. එම අඩුපාඩු‭ ‬ඇති‭ ‬මහාවංශයම පමණක්‭ ‬මුල්‭ ‬කරගෙන සුදු‭ ‬ජාතිකයන්‭ ‬විසින්‭ ‬අප රට ඔවුන්ට යටත්‭ ‬විජිතයක්ව පැවති‭ ‬සමයේ ලියූ‭ ‬ඉතිහාසයයි‭ ‬අද වන විට සියල්ලන්ම වාගේ පරිශීලණය කරන්නේ. එනිසා එයම ගුරු‭ ‬කොට නොගෙන අනෙකුත්‭ ‬පැරණි‭ ‬පොත පතද ශිලා ලේඛණද ඇතුලු‭ ‬මූලාශ්‍ර මතින්‭ ‬ඉතිහාසය ගවේෂණය කිරීමෙන්‭ ‬සත්‍ය මතුවනවා ඇත. 

දීපවංශ මහාවංශ පොත්‭ ‬වල මුල්‭ ‬පිටපත්‭ ‬අපට අහිමි‭ ‬කොට, ජර්මානු‭ ‬සම්භවයක්‭ ‬ඇත්තන්ට වුවමනා පරිදි‭ ‬සකස්කළ පොතක්‭ ‬පරිශීලණය කිරීම නිසා අද පරම්පරා ගනනක්‭ ‬අපි‭ ‬අසරනව සිටිමු..  මේවා විමසනේ නැතිව පොතේ ඇති‭ ‬දේම ඇත්ත යැයි‭ ‬සිතා අපට බැන වැදිමද සිහියෙන්‭ ‬විමසා සත්‍ය දැනගැනීමද ඔබටම බාරයි.

අද අපට සිංහළ රටක්‭ ‬දැයක්‭ ‬නැති වුවහොත්‭ ‬මේ ඉතිහාසයෙන්‭ ‬අනාගතයටද පලක්‭ ‬නැත.  ඔබ කාගෙන්වත්‭ ‬අසන්නේ නැතිව තනිවම ජාතියේ මුදුන්‭ ‬මුල්‭ ‬ගැන සොයා දැනගන්න. අප දන්නාදේ අපම සොයා දැනගත්‭ ‬දෙයක්‭ ‬නම්‭ ‬අප කාගේවත්‭ ‬රූකඩ බවට කවදාවත්‭ ‬පත්වන්නේ නැත. එසේ පැවසිය හැක්කේ සිංහල බෞද්ධයන්ටම පමණක්‭ ‬වනු‭ ‬ඇත...

හෙළ සොයුරනේ, සොයුරියනේ, අපට වැරදුන තැනක්‭ ‬තියෙනවා.. අප රැවටුන තැනක්‭ ‬තියෙනවා.. ඉතිහාසය වරද්දාගෙන අප මුළා වෙලයි‭ ‬ඉන්නෙ.. ඒක හදා ගන්නෙ නැතිව රටටත්, දැයටත්, අපටත්‭ ‬අපේ දරුවන්ටත්‭ ‬යහපතක්‭ ‬වෙන්නෙ නෑ.. තවත්‭ ‬මෝඩ නොවෙමු.. දැන්වත්‭ ‬තේරුම්‭ ‬ගමු.. දැන්වත්‭ ‬වැරැද්ද නිවැරදි‭ ‬කරගමු.. මේ ඊට නිසි‭ ‬කාළයයි.. මේ ඊට නිසි‭ ‬සමයයි.. අපේ මුතුන්‭ ‬මිත්තන්ගේ අභිමාණය ශ්‍රේෂ්ඨත්වය රැකදිය යුතුයි.. එය රැක ගත යුතුයි.. මතු‭ ‬පරපුරට එය හිමි‭ ‬කර දිය යුතුයි…

හෙළ සිංහල මිනිසුනේ, උඹල සිංහයෙකූට දාව පැවතෙන පහත්‭ ‬ජාතියක්‭ ‬කියල කවුද ඔයාලට බොරු‭ ‬ඉගැන්නුවෙ?
රාවණා රාජ පරපුරෙන්‭ ‬පැවත එන සූර්‍ය වංශික හෙවත්‭ ‬ශාක්‍ය වංශික බුදුහාමුදුරුවොත්‭ ‬අපේ ඤාතියෙක්‭ ‬බව කවද හරි‭ ‬දැනගත්තු‭ ‬දාට ඔයාල කවුද කියල ඔයාලටම තේරෙයි.
ඔය මනස්ගාත ලෝක වලම හිරවෙලා අනුන්ගෙ ගුලිකකා අඳුරෙම ගිලිල ඉන්න එපා.
 මේ පටලැවිල්ල හරියට ලිහාගන්න ඕනිනම්‭ ‬එක එක්කෙනාගෙ බොරු‭ ‬කතා අහන්නෙ නැතුව ඉතිහාසය පොඩ්ඩක්‭ ‬හොයල බලන්න...ඔබට සදා ජයවේවා...



මේ රටේ ඉතිහාසය සමහරුන්‭ ‬මුල ඉඳලම අවුල්කරගෙන ඇති‭ ‬බව සෝම හාමුදුරුවන්‭ ‬පෙන්වා දුන්‭ ‬අයුරු.. 
අද අපේ රටේ සමහරුන්‭ ‬ඉතිහාසය මුල ඉඳලම අවුල්‭ ‬කරගෙනයි‭ ‬තියෙන්නේ... විජය කුවේණිගෙන්‭ ‬සිංහලයා පැවත එනවා කියන කතාව මහාම මුළාවක්.. ඊට කලින්‭ ‬ඉඳලම මේ රටේ ශ්‍රේෂ්ඨ මිනිසුන්‭ ‬හා රාජ්‍යයන්‭ ‬පැවතුනා.. මහානාම හිමියන්‭ ‬ලියූ‭ ‬මහාවංශය ගොඩක්‭ ‬වැරදියි.. ඊට කලින්‭ ‬තිබුනු‭ ‬ඉතිහාස පොත්‭ ‬ගොඩක්‭ ‬විනාශ වෙලයි‭ ‬තියෙන්නේ.. අපි‭ ‬විජයගෙන්‭ ‬පැවත එන අය නොවෙයි.. එදත්‭ ‬අදත්‭ ‬මේ රට පාවාදීම ජරා ජාතියේ හැටි‭ ‬තමයි.. ඉදිරියට යන්න නම්‭ ‬ඉතිහාසෙ මේ මහා අවුල හදාගත යුතුමයි.. 
මේ වීඩියෝ එකත්‭ ‬බලල අහලම යන්න... 
හෙළ රට ජාතිය ආගම වෙනුවෙන්‭ ‬අසහාය මෙහෙයක්‭ ‬සිදු‭ ‬කරමින්‭ ‬යන අතරේ අපවත්‭ ‬වී‭ ‬වදාළ ඒ යතිවරයානන්ට සියලු‭ ‬හෙළයන්ගේ උපහාරය වේවා.. 

කොතැනද අපට වැරදුනේ?








No comments:

Post a Comment