Saturday, July 22, 2017

Digital Obsession

Digital Obsession
I had a brief visit to Singapore.
Trained clinician (even doctors are digital slaves now) I observe people.
Singaporean children were very nice and many a times they offered me their (unlike our kids) seats, which I accepted politely BUT I found young Singaporeans were glued to their cellphone screens.
They were nibbling with their nails until they break away.
No eye contact and friendly smiles.
Although, all sales girls and salesmen never displayed their cellphones.
Yesterday, I went to a computer shop in Kandy  to report the faulty computer transaction my friend had made for his daughter in the university.
The guy was on the phone (to avoid listening to fault reporting) and I told loudly that if this guy is like this we should return the faulty computer and asked for full refund.

Come home, I called my friend that he should not have bought a defunct organization's (HP) product and go for ASUS.

මගේ ලමයි දෙන්නා කොම්පියුටර් ගේම් ගහනවා. දුවනවා. හැන්ඟෙනවා..කඩු සටන් කරනවා.. ළමයි නෙවෙයි..ස්ක්රීන් එකේ ඉන්න ඇනිමේටඩ් මිනිස්සු!.. එක වැඩයි..හිනා වෙනවා..විස්කෝප වෙනවා.. උඩ පනිනවා.. 'ඕ ශිට්' කියනවා...'ඕ මයි ගෝඩ්' කියනවා.. කොල්ලා හිටපු ගමන් අමතක වෙලා අර 'එෆ්' එකෙන් එන වචනෙත් කියලා වට පිට බලනවා අම්මට ඇහුනද කියලා..බලා ඉන්නකොට පවු හිතෙනවා..
අපි ඇත්තට කරපුවා මේ අය TV ස්ක්රීන් එකක කරනවා.. ඇඟ මහන්සිවෙන් නැතුව සෙල්ලන් කරනවා..අපි දාඩිය දාගෙන කරපු සෙල්ලන් මේ ලමයි කිසිම මහන්සියක් නැතුව කරනවා...සීමා, වැටවල් නොතිබිච්ච අපේ ලමා කාලේ TV ස්ක්රීන් එකෙන් ලබා ගන්නව.. 
අපි සොබාදමත් එක්ක කෙලින්ම ඩීල් දාගෙන හිටියේ. පලතුරු කෑවේ ගහෙන් කඩලා, සෙල්ලන් කරේ පිට්ටනියේ, ගස් ගල් වල නැග්ගා, සත්තු ඇල්ලුවා, මාලු ඇල්ලුවා, වැව් ඇල දොල වලින් නෑව, ගෙදර ඔක්කොටොම හදන බත් - එලවලු - කරවල කෑව. දැන් ඉන්න ළමයින්ට සොබාදමත් එක්ක කෙලින්ම වැඩකරන්න බෑ.. අතරමැදියෝ ඉන්නවා..පලතුරු කඩන්නේ සුපර් මාකට් ගස් වලින්! නගින්න ගස් නැති හින්ඳා බිත්ති දිගේ බඩ ගාන්න හදනවා, දොරවල් වල එල්ලෙනවා, සෝෆා උඩ දුවනවා..ටැන්කියක මාලු දාගෙන උන්ව අල්ලනවා, බාත් ටබ් එකේ, ස්විමින්ග් පූල් එකේ නානවා…

අපි පොඩි කාලේ බට්ට පැන්න හැටි අපේ කෙල්ලට ටෙලිෆෝන් එකෙන් විස්තර කරන්න ගිහින් මගේ හොඳ පණ ගියා..(ඉන්ග්රීසියෙන් බට්ට පනිනවට මොනවද කියෙන්නේ?? බටිස් ජම්ප්ස් ද? කවුරු හරි පින්වතෙක් මට කියලා දීපල්ල ප්ලීස්) ඒ අය ඇඟට එක්සර්සයිස් කරන්න යන්නේ ජිම් එකට. අපි ගියේ වත්තට, කැලේට, පිට්ටනියට. අපි හොරෙන් පොල් කට්ටෙන් රා බොනකොට මේ අය කූල් බියර් ගහන්නේ කෑන් වලින්..අපි මය්යොක්ක බයිට් කෑවට මේ අය කන්නේ රෝස්ට් චිකන්...අපි වැස්සේ මඩේ සෙල්ලන් කරලා මඩ කරියෝ වගේ ගෙදර ඇවිල්ලා හෝදගෙන ඉස්කෝලෙ යනවා.. දැන් එකෙක් තෙමුනොත් අම්මටත් උණ ගැනෙනවා..බෙහෙත් පෙත්තක් නොගිලපු අපේ ලොකුම බෙහෙත වුනේ කොත්ත-මල්ලි..දැන් ඉන්න උන් කොත්තමල්ලි වලින් දවස් හතක් නෑව්වත් හරි යන් නෑ.. වැටුනහම පේන් කිලර්ස් නොතිබුනාට පේන් ඉවසගන්න අපිට හයියක් තිබ්බා.. දැන් ඉන්න උන් දවස් දහයක් අඬනවා ඒ වැටුනු වැටිලි වැටුනනන්..

ස්වභාවධර්මය අපේ අයගෙන් ඈත් වෙනව. පොලොව පෑගෙන් නෑ..තණකොල, බොරලු පෑගෙන් නෑ..ගස් ගල් ඇඟේ වදින් නෑ.. නිදිකුම්ඹා ඇනිල තියා දැකලත් නෑ..කොන්ක්‍රීට් ලෝකෙ, මෙට්‍රස් උඩ ජීවිත.. වයි ෆයි නැත්තන් හිස් ජීවිත.. එහා ගෙදර එකාට හෙණ ගැහුවත් කමක් නෑ..සන්ස්කෘතියෙන්, ඉතිහාසයෙන් ඈත් වෙන ජීවිත..

ප්‍රශ්නයක්ද? නෑ ප්‍රශ්නයක් නෑ... අරුමයක්ද?..අරුමයක් නෑ..වැරැද්දකුත් නෑ...පරිණාමයේ විධිය. ‘Cyber human’ හැදීගෙන එනව. මුලු ලෝකෙම ස්ක්‍රීන් එකකට ගන්නව..මුලු ලෝකෙ එක්ක තත්පරෙන් සම්බන්ඳ වෙනවා..ඒ කාලෙ අපි දෙයක් ගැන දැන ගන්න පොත් හොයාගෙන දුවන්න ඕනෙ..අද ළමයෙකුට රොකට් සයන්ස්සුත් ඉගෙනගත හැකි ගූගල් කරල.. (අපිත් ඉතින් වෙන ‘රොකට්’ ජාතියක් ගැනනන් හොඳට දැනගෙන හිටිය)....
ගල් යුගයේ මිනිස්සුන්ට වඩා කෘෂි-යුගයේ අය වෙනස්. ඊට වඩා කාර්මික-යුගයේ මිනිස්සු වෙනස්. අපි ඉපදුනේ ආතල්-යුගයෙ (ඒක මම හදාගත්ත යුගයක්!)..අපේ ළමයි Cyber යුගයේ. අපි ජන්ජාල කරගෙන කරපු වැඩ දැන් උන් කරන්නේ අන්තර්ජාලයෙන්..'ගැජට්' වලින්..මොබයිල් එකෙන් පෙම් හසුන් ලියන්නේ (ඒකත් කෙටි පනිවිඩ; 'ඩූඩ් අයි ලව් යා' කියල), මූණ බලන්නේ ෆෝන් කැමර එකෙන්, සෙල්ලන් කරන්නේ ටැබ් එකේ, පොත් කියවන්නේ ලැප්ටොප් එකේ, දවස් පහක් වයිෆයි නැතිවුනොත් උණ ගැනෙනව..මාසයක් විතර නැතිවුනොත් දිවි නහගන්නත් බැරි නෑ.. techno man දැන් cyber man වේගෙන එනව..මුලු ලෝකෙම මොබයිල් ෆෝන් එකට ගත්ත, ඒත් තනිවෙච්ච මිනිහා හැදීගෙන එනවා. ආගම්, සන්කෘති, ජාති, කුල, ලින්ග බේද නැති, ගහ කොල සතා සීපව නොදකින අමුතුම මිනිහා බිහිවේගෙන එනවා.. ප්‍රශ්නයක්ද? නෑ ප්‍රශ්නයක් නෑ... අරුමයක්ද?..අරුමයක් නෑ..වැරැද්දකුත් නෑ...පරිණාමයේ විධිය.... එහෙම නේද?