Monday, September 29, 2025
Tamil who lack Phonetics are creating BOGUS Letters within the last SIX months
බොරුවක් කියන්න පුරුදු වෙන්න
බොරුවෙන් රාජ්ජ්ය කරන සමයක එංගලන්තයේ මහාචාර්ය තුමාට වත් අල්ලන්න බැරි බොරු ආණ්ඩු පක්ෂය කියනවා.
යමෙකු බොරුවක් කියන බව දැන ගන්නේ කෙසේද?
මානසික විද්‍යාව පිළිබඳ මහාචාර්ය රිචඩ් වයිස්මන් බ්‍රිතාන්‍යය තුළ සිදු කළ සමීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵල පුදුම එළවන සුළුය.
මහාචාර්ය වයිස්මන් සිදු කළ එක් පරීක්‍ෂණයක් මෙසේය.
තමන් කැමතිම චිත්‍රපටය ගැන දෙවරක් කතා කරන ලෙස එක්තරා මාධ්‍යවේදියෙකුට ආරාධනා කළේය.
එම අවස්ථා දෙකම වීඩියෝ ගත කරන ලදී.
ඉන් එක් වීඩියෝ පටයක ඇත්තේ සත්‍ය වශයෙන්ම ඔහු කැමතිම චිත්‍රපටය ගැන කෙරෙන විස්තරයයි.
අනෙක් වීඩියෝ පටයේ ඇත්තේ තමන් කැමතිම චිත්‍රපටය ලෙස හුවා දක්වමින් ප්‍රකාශ කරන බොරු සම්භාරයකි.
මෙම වීඩියෝ පට දෙකම සජීවී රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ විකාශනය කිරීමෙන් අනතුරුව නරඹන්නන් ගෙන් ඉල්ලීමක් කළේය.
එම පුද්ගලයා 'ඇත්ත' කතා කරන වීඩියෝ පටය කුමක් දැයි අනුමාන කර දුරකථනය ඔස්සේ දැනුම් දෙන ලෙස මහාචාර්යවරයා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.
එම වීඩියෝවෙන් ලබා ගත් හඬ පට දෙකම ගුවන් විදුලිය ඔස්සේ ද ප්‍රචාරය කෙරුණි. ගුවන් විදුලි ශ්‍රාවකයන්ගෙන් ද ඉහත කී ඉල්ලීම කරන ලදී.
එමෙන්ම, අදාළ පුද්ගලයා අවස්ථා දෙකෙහි ම කළ ප්‍රකාශය ලේඛනගත කොට පුවත් පතක පළ කෙරුණි. 'බොරු කියන' වීඩියෝව සහ 'ඇත්ත කියන' වීඩියෝව තෝරන ලෙස පාඨකයන්ට ද ආරාධනා කළේය.
අනතුරුව, ලැබුණු දත්ත විශ්ලේෂණය කෙරුණි.
යමෙකු බොරුවක් පවසන අවස්ථාවක දී එය අනුමාන කර ගැනීම සඳහා අප විසින් සාමාන්‍ය ජීවිතයේ දී භාවිත කරනු ලබන 'ඉඟි' පිළිබඳව යම් වැටහීමක් ලබා ගැනීමට මහාචාර්ය වයිස්මන් ට සහ ඔහුගේ පර්යේෂක කණ්ඩායමට එමගින් හැකි විය.
සමීක්ෂණය අවසානයේ, 'බොරුකාරයෙකු' හඳුනා ගන්නේ කෙසේදැයි මහාචාර්ය රිචඩ් වයිස්මන් මෙසේ විස්තර කළේය.
1. බොරුකාරයා දෙස බලන්න එපා; ඔහුට සවන් දෙන්න.
"හඬ පටයට සවන් දීමෙන් සහ අදාළ ලේඛනය කියවීමෙන් බොරුකාරයා හඳුනා ගැනීමට වැඩි පිරිසක් සමත් වී ඇති බව සමීක්ෂණයෙන් පෙනී ගොස් තිබෙනවා. වීඩියෝ පට දෙක රූපවාහිනිය ඔස්සේ නැරඹූ පිරිසට එය අසීරු වෙලා තියෙනවා."
"මේකට හේතුව, ඇසට දකින 'ඉඟි' නිසා ඔහු කියන දේ අපට හරිහැටි ග්‍රහණය කරගැනීමට නොහැකි වීමයි.
දක්ෂ බොරුකාරයන්ට පුළුවන් තමන්ගේ ප්‍රකාශනයට වඩා ලෙහෙසියෙන් තමන්ගේ ඉරියව් සහ අභිනයන් (body language) හොඳින් පාලනය කරන්න."
"ඒ නිසා, බොරුකාරයෙක් අල්ල ගන්න ඕනෙනම් ඔවුන් දෙස බලන්න එපා. ඔවුන් කියන දෙයට සහ එය කියන ආකාරයට සවන් දෙන්න."
2. තමන් පිළිබඳව සඳහන් කිරීම අඩු වෙයි
"මුසාවක් දොඩන විට 'තමන්' යන අර්ථය දෙන වදන් අතහැර දමා කතා කිරීමට ඔවුන් වග බලා ගන්නවා. ඒ නිසා 'මම', 'මට' හෝ 'මගේ' යන ආදී වචන හැලෙනවා."
3. බොරුව අඩුවෙන්
"කියන දේ සම්පූර්ණයෙන් නොකියා අඩුවෙන් කියන්න බොරුකාරයා පෙළඹෙනවා. සමහර විට තමන් කෙරෙහි පැමිණිය හැකි අවදානම අවම කරගැනීම සඳහා එසේ කරනවා විය හැකියි."
(ඉහත සඳහන් කළ වීඩියෝ පට දෙක ගත් කල, තමන් කැමතිම චිත්‍රපටය ලෙස හුවා දක්වමින් අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කරන වීඩියෝව කෙටි ය. සත්‍ය ප්‍රකාශය දෙගුණයකින් දිගු විය.)
4. පිළිතුර පමා වීම
"ප්‍රතිචාර දැක්වීමට වැඩි කාලයක් ගන්නවා. මිනිස්සු බොරු කියන විට, ප්‍රශ්නයේ අවසානයත් පිළිතුරේ ආරම්භයත් අතර නිහඬ කාලයක් තියෙනවා."
5. බොරුකාරයාගේ භාවාත්මක බව
"බොරු කීමේදී භාවාත්මක බව (යමක් හදවතින් ම පවසන බව දැනීම) අඩු වෙනවා."
6. සමීපතමයන් සහ ආදරණීයයන් ගැන කල්පනාකාරී වන්න
ඔබ මුළා කිරීමට වැඩි හැකියාවක් ඇත්තේ ඔබේ සමීපතමයන් සහ ආදරණීයයන්ට බව මහාචාර්ය රිචඩ් වයිස්මන් පෙන්වා දෙයි.
"අවුරුදු 20ක් විතර ආශ්‍රය කරන කෙනෙක් බොරුවක් කියනකොට අල්ල ගන්න හරිම ලේසියි කියල හිතෙන්න පුළුවන්. ඒත් යථාර්ථය ඊට වෙනස්. සමීප බව වැඩි වන තරමට හසු නොවන විදියට බොරු කියන්න ලෙහෙසියි."
ඒ බොරුව සහ බොරුකාරයා හඳුනා ගැනීම සඳහා මහාචාර්ය රිචඩ් වයිස්මන් ඉදිරිපත් කළ කරුණු හයයි.
නමුත් NPP/JVP බොරු අපි දැන් කට අරින්න ඉස්සෙල්ලා අනුමාන කරන්න දන්නවා.
අවුරුද්දක් වත් ගිහිල්ල නෑ.
අපේ අර්ජුන මන්ත්‍රීවරයා අපිට මේක හොදට පැහැදිලි කරලා දුන්න.
බොරුව, බොරු බොරුව සහ සැබෑ බොරුව
Reproduction from Mawbima
බොරුව, බොරු බොරුව සහ සැබෑ බොරුව
බොරුවෙහි ප්‍රභේද ගණනාවක් තිබේ.
අසත්‍යයක් බව නිශ්චිතව නොදැන කරන ප්‍රකාශය බොරුවකි.
බොරුවක් බව දැනගෙනම අනෙකා නොමඟ යවන අදහසින් කරන ප්‍රකාශය වනාහි බොරු බොරුවය.
සැබෑ බොරුව යනු බොරුව දීර්ඝ කාලයක් නොකඩවා ප්‍රකාශ කිරීම හේතුවෙන් සමාජගතව තහවුරු වී ඇති බොරුවයි.
ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ මේ ආකාර තුනම තමන් රුචි පරිදි හසුරුවා ජනතාව මුළා කරති.
පොළේ බෙහෙත් තෙල් වෙළෙන්දාටත් රැවටෙන අපේ රටේ මිනිස්සු කපටි දේශපාලකයන්ට රැවටෙන එක පුදුමයක් නැත.
හිට්ලර් ජර්මනියට බෝම්බ දැම්මා කියන කතාව සහ අංගුලිමාල සිවුර කරේ දමාගෙන කඩුවක් ගෙන බුදුන් වහන්සේ පසුපස පැන්නුවා කියන ජනාධිපති රනිල්ගේ කතාව ඉහත තුන් ආකාරයකටම අයත් නොවන අතර ඒවා වැටෙන්නේ ජෝක් එකට කියන බොරුගානටය. යූඇන්පී ආණ්ඩුව බලයේ සිටියදී අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල ලියා අප මහත්
ආඩම්බරයෙන් ගායනා කළ “ලෝකෙන් උතුම් රට ලංකාවයි” ගීතය අයත් වන්නේ සැබෑ බොරු ලැයිස්තුවටය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදීත් සමුළු සම්මන්ත්‍රණවලදීත් ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි දිශානතිය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරමින් සිටී.
ඉකුත් දිනෙක ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2022 ආර්ථික සමුළුව අමතමින් හෙතෙම ප්‍රකාශ කළේ අපි 2050ට යන්න ලෑස්තිද, නැතිනම් 1950 දක්වා ආපසු යන්නට සූදානම්ද යන්න තීරණය කිරීමේ අවස්ථාව එළැඹ තිබෙන බවය.
කොළඹ වරාය ජා ඇළ දක්වා පුළුල් කළයුතු බව ඔහු ප්‍රකාශ කළේද එම සමුළුවේදීය.
එහිදී ඔහු මෙසේද ප්‍රකාශ කළේය.
“මට පෞද්ගලිකව ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු සැලැස්මක් නෑ. එම නිසා ආණ්ඩුවටත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සැලසුමක් නෑ. අපට අවශ්‍ය වන්නේ 2050ට මුහුණ දෙන නව ආර්ථිකයක් ගොඩනැඟීමටයි. පෞද්ගලික අංශය ඊට සූදානම්ද. මට ඔබෙන් ඇසීමට තියෙන ප්‍රශ්නය එයයි මට අහන්නට තිබෙන්නේ අභියෝගය භාර ගන්නවාද නැතිනම් හැංගෙනවාද යන්නයි.”
දැන් බන්දුල ගුණවර්ධනලා ඉන්නේ ආර්ථික විශ්ලේෂණ ගැන කතා කරනවා තියා අෑනුමක් අරින්නටත් කට අරින්නට බයේය.
නන්දලාල් අයි එම්.එෆ්. ගැන කියපු කතා අතේ පැළ වෙන බොරු වී තිබෙන්නේ වරක් දෙවරක් නොවේ.
සියල්ල බොරු බවත් ශ්‍රී ලංකා ආර්ථිකය පණ අදිමින් සිටින බවත් සියල්ලෝම දනිති.
ආණ්ඩුවේ ආස්ථානය යළි යළිත් අවධාරණය කරමින් රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.
“70 දශකයේ මම ඇමැතිකමට පත්වන විට ජාත්‍යන්තර අවධානය යොමුව තිබුණේ ඉන්දියන් සාගරයට නොව පැසිෆික් සහ අත්ලාන්තික් සාගරවලටය. අද එය එසේ නොවේ. ලෝක තරගය ඇමරිකාව සහ රුසියාවේ සිට ඇමරිකාව සහ චීනයට ගිහින්. ලංකාවේ ස්ථාවරය වන්නේ ඇමරිකාව ඉන්දියන් සාගරයේ සිටියත් අපේ විරුද්ධත්වයක් නැහැ. එදිරිවාදිකම් නැතිතාක් ජපන්, චීන හෝ වෙනත් අය ඉන්දියන් සාගරයේ සිටීම ගැනත් අපේ විරුද්ධත්වයක් නැහැ.”
70, ජාත්‍යන්තර අවධානය වඩාත් යොමු වී තිබුණේ ඉන්දියන් සාගරය. ඇමරිකාව ඉන්දියා සාගරයේ දියාගෝ ගාෂියාවේ යුද කඳවුරක් ඉදිකිරනවාට සෝවියට් කඳවුර තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කළේය.
ඉන්දියන් සාගරය සාම කලාපයක් කරන ලෙස ඉල්ලමින් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතා ඉල්ලා සිටියාය.
ඉන්දියන් සාගරයේ ඇමරිකන් යුද කඳවුරක් පිහිටුවනවාට විරෝධය පළකරමින් වමේ පක්ෂ පෙළපාළි ගියේය.
රනිල් වික්‍රමසිංහ පවසන්නේ, 70වේ ඉන්දීය සාගරය පිළිබඳව ලෝක අවධානයක් නොතිබූ බවය.
ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය සිරිමා බණ්ඩාරනායකගේ විදේශ ප්‍රතිපත්තියට සහමුලින් විරුද්ධය.
ඔහු කියන්නේ ජපනා, චීනා, ඇමරිකානුවා ඉන්දියන් සාගරයේ සිටියාට මගෙන් බාධාවක් නැත කියාය.
පුදුමය නම් පොහොට්ටුවේ ඊනියා දේශප්‍රේමීන් කිසිදු පසුබෑමකින් තොරව රනිල්ගේ ප්‍රතිපත්තියට නමස්කාර කිරීමය.
British Lies
කටින් බතල හිටවන අපේ ආණ්ඩුව
Peradeniya Abaya Ariyasinghe Kapati Horek
Peradeniya Abaya Ariyasinghe Kapati Horek
Gotama සුමන = Buddha