Wednesday, October 1, 2025

පාඩම 08

   පාඩම 08


සුර-අසුර, රාම-රාවණ , දෙවි- මිනිස් හා බුදුහාමුදුරුවෝ ? 


අප මෙතෙක්‭ ‬කල්‭ ‬සිතාගෙන සිටිය හැටි‭ ‬හරියටම හරිද? ඇත්තටම මේ සුරයන්‭ ‬සහ අසුරයන් යනු‭ ‬කවුරුන්ද? රාම රාවණ යනු‭ ‬කවුද? දෙවියන්‭ ‬හිටියේ කොහේද? බුදු හාමුදුරුවන්‭ ‬හා මොවුන්ගේ සම්බන්ධය කුමක්ද? කුමක්ද මේ මහා මුළාව? මේවා නොදැනීමෙන්‭ ‬අපට වන හානිය කොතරම්ද? මේවා නොසෙවිය යුතු‭ ‬දේවල්ද? අප මංමුළා වූ‭ ‬තැන්, පටලවාගත්‭ ‬තැන්‭ ‬හඳුනා ගන්නේ කෙසේද? වගේ ගොඩාක්‭ ‬ප්‍රශ්ණ වලට මෙතුලින්‭ ‬නියම පිළිතුරු‭ ‬සැපයෙනවා.
  
ඇත්තටම ඔබට පහලින්‭ ‬ඇති‭ ‬තොරතුරු‭ ‬බුද්ධිය යොමා, ඉවසීමෙන්, ගැටෙන්නට නොයා තේරුම්‭ ‬ගන්න පුලුවන්ද කියා බලන්න. මේ කතා කරන්නේ ඔබේ ජීවිතයම කිසියම්‭ ‬මහා මිත්‍යාවකින්‭ ‬මිදෙන්නට අවතීර්ණ වන ඉතා වැදගත්තැනක්‭ ‬වෙන්න පුලුවන්‭ ‬බව මනාව සිහිතබා ගන්න.. එනිසා කළබල නොවී හෙමින්‭ ‬මේ පටළැවිල්ල ලිහා ගන්න බලන්න‭…
සාම්ප්‍රදායිකව අන්ධවූ‭ ‬භක්තියෙන්‭ ‬පමණක්‭ ‬ආගම දහම අදහමින්‭ ‬යන්නන්‭ ‬බොහෝ දෙනෙක්‭ ‬වූවත්, ඔබ බුද්ධිමත්ව සත්‍ය ධර්මය පමණක්‭ ‬සොයා යනවා කියා සෘජු‭ ‬අදහස සිහි‭ ‬තබාගන්න.  මිනිසුන්‭ ‬දහසක්, ලක්ෂයක්‭ ‬ඔලුවෙන්‭ ‬හිටගෙන කියාවි‭ ‬'මේක තමයි හරි‭ ‬ක්‍රමය ඔබත්‭ ‬එසේ ඉන්න' කියා. එහෙත්‭ ‬ඔබ එසේ නොසිටින්න. යම්‭ ‬විටෙක ඔබටම සත්‍ය හරි‭ ‬හැටි‭ ‬දැක වැටහුනා නම්‭ ‬ඔබ අභීතව දෙපයින්‭ ‬ඉන්න.. 
අනුන්‭ ‬කියන, කරන දේ නිසා කිසිවක්‭ ‬නොපිළිගන්න. තමන්‭ ‬විසින්ම සත්‍ය විවිධ කෝණයන්ගෙන්‭ ‬මනාව දැක්කාට පසු‭ ‬එය පිළිගන්නට පුරුදු‭ ‬වෙන්න. කිසි‭ ‬විටෙකත්‭ ‬ඔබ අනුන්‭ ‬විසින්‭ ‬නටවන රූකඩයක්‭ ‬නොවන්න‭…‬ 
ඔබ මෙය හොඳින්‭ ‬අවබෝධ කර ගත්තොත්‭ ‬මෙලොවත්, පරලොවත්‭ ‬දියුණුවට පත්‭ ‬කරගන්නා අති‭ ‬පිරිසිදු‭ ‬මාවතකට යොමුවනවා ඒකාන්තයි. ඔබ මෙතෙක්‭ ‬කල්‭ ‬අමාරුවෙන්‭ ‬කරපින්නා ගෙන ආ සමහර පුහු‭ ‬හරයක්‭ ‬නැති‭ ‬සාම්ප්‍රදායන්, සම්මතයන්, මිත්‍යාවන්‭ ‬සුණු‭ ‬විසුණු‭ ‬වෙළා කැඩී‭ ‬බිඳී‭ ‬යාවි. කිසිසේත්‭ ‬බිය නොවන්න. සරල මාවතක්‭ ‬ඔබට හමු‭ ‬වේවි. සත්‍යට හිස නමන්න. සත්‍යට ගරු‭ ‬කරන්න. කවදා හෝ සත්‍යම විජය ගනීවි. අභීත සිංහයෙකු‭ ‬විලසින්‭ ‬ඉදිරියටම්‭ ‬යන්න. ඔබට විජය වේවා...
ලෝකයේ සෑම දෙයක්ම වාගේ ද්වතාවයකට අනුව ක්‍රියාත්මක වෙනව. මිනිසුන්ද සමහර පිරිසක්‭ ‬වැඩිපුර රාගයට බරව ක්‍රියා කරනව. තවත්‭ ‬පිරිසක්‭ ‬වැඩිපුර ද්වේෂයට බරව ක්‍රියා කරනව. රාගයට බර අය අසීමිතව කාල බීල කම්සැප විඳල විනෝද වෙලා සතුටින්‭ ‬ඉන්න තමයි‭ ‬බලන්නේ. ඔවුන්‭ ‬පංචකාම සම්පත්‭ ‬වලට සාරයි‭ ‬කියල ඇලෙනව. 
ද්වේෂයට බර අනෙක්‭ ‬පිරිස සැමවිටම ගැටෙන්නයි‭ ‬බලන්නෙ. ඔවුන්‭ ‬පාලනයට යුද්ධයටත්‭ ‬දක්ෂයි. එසේම පංචකාම සම්පත්‭ ‬අසාරයි‭ ‬කියල ගැටිල ඒවායින්‭ ‬ඈත්‭ ‬වෙන්නත්‭ ‬ඔවුන්‭ ‬කටයුතු‭ ‬කරනවා. කෙසේ වෙතත්‭ ‬මේ දෙපිරිසම තුලම අවිද්‍යා, මෝහ, මුළාවන්ද එකට සම්මිශ්‍රණය වෙලාමයි‭ ‬පවතින්නේ.
කාම‭ ‬(අම හෙවත්‭ ‬පරම සුව කා දමන) දෙවි/මිනිස්‭ ‬බොහෝ අය පංච කාමයන්ට ආස කරනව. ඒවට ඇලිල එයම හොඳයි‭ ‬කියල වර්ණනා කරනව. අප මේ ඉපිද ඇත්තේ කාම භූමියකයි. මේ කාම ලෝකයටම කිසියම්‭ ‬අයිතියක්‭ ‬ඇති‭ ‬අධිපතියෙකු‭ ‬සිටිනවා. මේ කාම ලෝකයෙන්‭ ‬මිදෙන තාක්‭ ‬අප ඉන්නේ ඔහු‭ ‬යටතේයි. අපගේ ශරීරයද ඔහුටමයි‭ ‬අයිති‭ ‬වනුයේ. ඔහු‭ ‬බුදුවරුන්ටත්‭ ‬අභියෝග කරනවා. (කළබල නොවී‭ ‬ඉදිරියට යන්න. හෙමින්‭ ‬සත්‍ය වටහා ගමු)
කාම ලෝකයට අධිපති‭ ‬වසවත් දිව්‍ය පුත්‍රයා මේ කාම ලෝකය සත්වයාගෙන්‭ ‬පුරවා තබන්නමයියි‭ ‬හැම විටම උත්සාහ කරන්නේ. 
මහණ බමුණන්‭ ‬සහ ආර්‍ය උතුමන්‭ ‬සැමවිටම පංච කාමයන්‭ ‬ප්‍රතික්ෂේප කරනව. ඊට නිග්‍රහ කරනව. එනිසා මේ කාම ලොව අතහැර යන්නන්ට(බවුන්‭ ‬වඩන්නන්ට) එරෙහිව කාමලොව අධිපති‭ ‬දෙවියන්‭ ‬විවිධ බාධා ඇති දේ නිබඳවම කරනවා. මායාවන්ට මුළා කරවනවා. කාමයන්‭ ‬පස්සේ යන අයට නම්‭ ‬ඔවුන්‭ ‬ඊට උදව්‭ ‬කරනවා.


මේ වචන ටික පටලවාගන්න එපා.. පැටලුනොත්‭ ‬ගොඩාක්‭ ‬දේ වරදිනවා..

දිව්‍ය‭ ‬= භෞතික නොවන දිව්‍යලෝකවල සිටින ශූක්ෂම ශරීර ඇති‭ ‬දෙවිවරු
දේව‭ ‬= මිහිමත සිටින දෙවිවරු‭ ‬(සම්මත දේව)
දේවතා‭ ‬= අන්‭ ‬අයට යස ඉසුරු‭ ‬ලබාදෙන අය‭ ‬(හිරු,සඳු,වැස්ස,ඉෂ්ඨදේවතා,ගවයින්..වැනි)
මිනිස්‭ ‬= මිහිමත සිටින සියලුම මානව වර්ගයා‭ ‬(ලෝකවාසී‭ ‬සියලුම ජාතීන්)
මනුස්ස‭ ‬= මානව වර්ගයාගෙන්‭ ‬උසස්‭ ‬කොටස‭ ‬(රාජ්‍යපාළන,ගොවිතැන්,රක්ෂා කරන)
අමනුස්ස‭ ‬= මනුස්ස නොවන අනෙකුත්‭ ‬මානව වර්ගයා‭ ‬(යක්ඛ, නාග,කුම්භණ්ඩ,ගාන්ධර්ව වැනි)
මනුෂ්‍ය‭ ‬= භෞතික නොවන ශූක්ෂම ශරීරයක්‭ ‬ඇති‭ ‬මනුස්සභූත කොටස්‭ ‬(භූත,ගන්ධබ්බ,අන්තර්භවික වැනි)
අමනුෂ්‍ය‭ ‬= භෞතික නොවන ශූක්ෂම ශරීරයක්‭ ‬ඇති‭ ‬අමනුස්සභූත කොටස්‭ ‬(පහත්‭ ‬ගතිගුණ ඇති‭ ‬භූත, ගන්ධබ්බ කොටස්)
රාක්ෂ‭ ‬= රාජ්‍ය පාළන හා ගොවිතැන්‭ ‬කරන අය‭ ‬(රජ,ඇමති,ගම්භාර,ගොවි,රාජසේවක ආදීන්)
යක්ෂ‭ ‬= යස ඉසුරු‭ ‬ඇතිව සුවෙන්‭ ‬සිටින අය‭ ‬(සිටු,රදළ- ආළවක,සාතාගිර වැනි)
යක්ඛ‭ ‬= යකඩ තාක්ෂණ වැනි‭ ‬දැඩිදේ කරන‭ ‬(කර්මාන්ත, ලෝහ වැඩ,කම්මල්, කම්කරු) `
නාග‭ ‬=  මුහුදේ හා ගංගාශ්‍රිත වෙළඳ වැනි‭ ‬කටයුතු‭ ‬කරන අය‭ ‬(නාවික, නායක්කාර්,නාගර,වෙළෙඳුන්)
සුර‭ ‬= රාගයට,පංචකාමයට ඇලුනු‭ ‬අය‭ ‬(දෙවියන්,ස්වාධීන,ප්‍රජාතාන්ත්‍රිකයන්)
අසුර‭ ‬= ලිහිල්‭ ‬නැති‭ ‬දැඩි‭ ‬පාළන ප්‍රතිපත්ති‭ ‬ඇති‭ ‬අය‭ ‬(රජුන්, දේව විරෝධීන්)
රා‭ ‬= පංචකාමය, රාගය ‭ 
සුරා‭ ‬= පංචකාමය හොඳයි‭ ‬කියා ගැනීම‭ ‬(සු+රා‭ ‬= සුරා)
රාගය‭ ‬= පංචකාමය අග්‍ර කර ගැනීම‭ ‬(රා+අග්‍ර‭ ‬= රාග)
රාම‭ ‬= පංචකාමය අමා සැප කරගැනීම‭ ‬(රා+අම‭ ‬= රාම)
රාවණ‭ ‬= පංචකාමයන්‭ ‬වාරණය කිරීම‭ ‬(රා+වණ‭ ‬= රාවණ)  රාත්‍රිය වනසන සූර්ය වංශය හෙවත්‭ ‬ශාක්‍ය වංශය
මනු‭ ‬= මහාසම්මත මනු‭ ‬රජ පරපුරෙන්‭ ‬පැවත එන‭ ‬(මනුස්ස,අසුර)

  
රා කියන්නාවූ‭ ‬පංච කාම අමයි (උතුම්) කියල, අමෘතයයි‭ ‬කියල ගන්න අය රාම‭ ‬(රා+අම) වෙනව. මොවුන්‭ ‬රාගය අග්‍ර‭ ‬(රා+අග්‍ර‭ ‬= රාග‭ ‬) කරගෙනයි‭ ‬ඉන්නේ.  රා වල ආදීනව දැකල වාරණය කරන අයට රාවණ‭ ‬(රා+වණ‭ ‬)  කියනව. මෙලෙස රාම කියන පාර්ශවයකුත්, රාවණ කියන පාර්ශවයකුත්‭ ‬ඇති‭ ‬වුනා. රාම කියන පාර්ශවය නියෝජනය කළේ සුර හෙවත් දේව කියන මිනිස් කොටසයි. රාවණ කියන පාර්ශවය නියෝජනය කළේ අසුර හෙවත්‭ ‬මනුස්ස කියන මිනිස්‭ ‬කොටසයි. රාම කියන දෙවිමිනිසුන්‭ ‬රාගයට බරයි, දැඩි‭ ‬නීති‭ ‬රීති‭ ‬නෑ. සතුටින්‭ ‬විනෝදයෙන්ම ඉන්න බලනවා. රාවණ මිනිසුන්‭ ‬රාගයට ඇලීම අඩුයි, භූමි, රාජ‍ය පාළනයට දක්ෂයි. වැරදි‭ ‬කරන්නන්ට දඬුවම්‭ ‬දෙනව. නව නිර්මාණශීලීයි. 
රාම-රාවණ යුද්ධයක්‭ ‬කෙසේ හට ගත්දේදැයි‭ ‬නුවණින්‭ ‬දැන්‭ ‬ඔබටම තීරණය කරන්න පුලුවන්.

   දැනට අවුරුදු‭ ‬2850කට පමණ එහාට දිවෙන රාවණ නමින්‭ ‬සක්විති‭ ‬රාජ පරපුරක්‭ ‬සිටියා. එහි‭ ‬සිටි‭ ‬7 වන රාවණ රජුන්‭ ‬දක්වාම දසරාජ ධර්මයෙන්‭ ‬මේ මුළු‭ ‬දිවයිනම ධාර්මිකව පාළනය කළා. ඔවුන්ට අහසින්‭ ‬යාමට ගුවන්‭ ‬යානාද(චක්‍ර රත්නය) තිබූ‭ ‬අතර ඉතාමත්‭ ‬සශ්‍රීකව මුළු‭ ‬දිවයිනම දැහැමින්‭ ‬පාළණය කළා. එතුලින්‭ ‬ඉතා පිංවන්ත බුද්ධිමත්‭ ‬මිනිසුන්‭ ‬පිරිසක්ද බිහි‭ ‬වුනා. ඒ බොහෝ මිනිසුන්‭ ‬මේ කාමයන්ගේ ආදීනව දැකල කාමයන්ගෙන්‭ ‬බැහැරවී‭ ‬තපස්‭ ‬රැකළ ජීවතුන්‭ ‬අතරදිත්, මරණින්‭ ‬මතුත්‭ ‬බ්‍රහ්ම තලවලට(බ්‍රහ්ම තත්වයට) පිවිසුනා. 
රාවණ පරපුරේ‭ ‬8 වෙනියට පහළවූ‭ ‬රජුගේ ධාර්මිකත්වය ටිකක්‭ ‬අඩුවුනා. කිසියම්‭ ‬අධර්මවාදී‭ ‬වූ‭ ‬ක්‍රියාවන්‭ ‬නිසා චක්‍රවර්ති‭ ‬බලයද පිරිහුණා. මෙතැනදී‭ ‬කල්‭ ‬යල්‭ ‬බලා සිටි‭ ‬කාම ලොව අධිපතියා ගේ බලය ක්‍රියාත්මක වුනා. මිනිසුන්‭ ‬ධාර්මිකව සිල්වත්ව සිටිනතාක්‭ ‬කල්‭ ‬වසවත්‭ ‬මාර දිව්‍ය පුත්‍රයාටත්‭ ‬මොනවත්‭ ‬කරන්න පහසු‭ ‬නෑ. කොහොම හරි‭ ‬රාම කියන මේ බලය ගත්‭ ‬සුර දේව රජු‭ ‬සියලු‭ ‬සුරයින්ගේ සහායද ඇතිව යුධ කොට අසුර රාවණ බළය බිඳ දමා ජය ගත්තා... මෙයද‭ ‬සුර අසුර එක්‭ ‬යුද්ධයකි.
ඉන්පසු‭ ‬මෙතෙක්‭ ‬තිබූ‭ ‬මේ ඒකීය රාජ්‍යය දේව, යක්ඛ, රක්ඛ, නාග වශයෙන්‭ ‬කොටස්‭ ‬වලට වෙන්ව පාලනය වුනා. සිව්‭ ‬හෙළ වශයෙන්‭ ‬බෙදී‭ ‬වෙන්වුනා.
  
කාළානුරූපීව විවිධ යුගවලදී‭ ‬බෙදී‭ ‬ගොස්‭ ‬සිටි‭ ‬හෙළ ජන වර්ග සම්මිශ්‍රණයෙන්‭ ‬නැවත හෙළයෝ බිහිවෙති..එසේවූ‭ ‬මුණි‭ ‬වරයෙකු‭ ‬'හෙළ' නම්වූ‭ ‬දැයට අයිති‭ ‬වේ.. හෙළ, හෙළු, එළ, එළු‭ ‬ආදී‭ ‬සමරූපී‭ ‬අරුත්‭ ‬සංකේතාත්මකව සාහිත්‍යමය කළාවේදී‭ ‬නිරූපණය කළේ දිගු‭ ‬කන්‭ ‬මගිනි.. ඊට ලම්බකර්ණ වංශය කියාද ව්‍යවහාර විය. සිද්ධත්ත ගෝතම නම්‭ ‬අප මහා මුණීන්ද්‍රයන්‭ ‬හෙළබිම බෙදීගිය ජනවර්ග නැවත එක්කොට හෙළජාතිය ප්‍රතිනිර්මාණය කලෝය..උන්වහන්සේගේ පරිණිර්වාණයෙන්‭ ‬පසු‭ ‬නැවත හෙළයෝ කුළ‭ ‬28කට බෙදී‭ ‬ගියහ. එය නැවත එකතු‭ ‬කරන ලද්දේ ගාමිණී‭ ‬අභය නම්‭ ‬බෝසත්‭ ‬වරයෙකු‭ ‬විසිනි.. 
රා කියන්නාවූ‭ ‬රාත්‍රී‭ ‬අන්ධකාරය වනසන අර්ථයෙනුත්‭ ‬රාවණ කියනව. කාමය නැමති‭ ‬අවිද්‍යා අන්ධකාරය වනසා ‭ ‬දමන වංශය සූර්‍ය වංශය කියල කියනව. ශාක්‍ය වංශය කියන්නෙත්‭ ‬සූර්‍ය වංශයටමයි. එනිසා මේ උතුම්‭ ‬රාවණ වංශයෙන්‭ ‬පැවත එන නිසා අප බුදු‭ ‬රදුන්ට සූර්‍යවංශාභිධාන කියල කියනව.
රා කියන්නාවූ‭ ‬පංචකාමයන්‭ ‬සුවයි, හොඳයි‭ ‬කියල ගන්න අය සුර‭ ‬(සු+රා‭ ‬) වෙනව. පංචකාමයන්‭ ‬අසුවයි, අවැඩයි‭ ‬කියන අය අසුර(අ+සුර‭ ‬) යන්‭ ‬වෙනව. එයාල සුරයො නොවන නිසාත්‭ ‬ඔවුන්ට අසුරයො කියල කියනව. මේ දෙපිරිසම එක හා සමානව බලවත්. විටෙක සුරයනුත්, විටෙක අසුරයනුත්‭ ‬දිනන අවශ්ථා තිබෙනව. මේ අයගෙන්‭ ‬සුර පිරිස දේව කියන ගණයට වැටෙන අතර අසුර කියන ගණය වැටෙනුයේ මනුස්ස හා අමනුස්ස කියන ගණයටයි. වසවත්ති‭ ‬මාර දිව්‍ය පුත්‍රයත්‭ ‬සුරයුන්ට සහය දක්වනව. ඔහුතමයි‭ ‬මේ මුලු‭ ‬කාමලොවම පාලනය කරන්නේ. (කළබල නොවන්න)
  
මනුස්සයන්න්ට සමහර තැනකදී‭ ‬අසුර කියාද කියන බව දැන්‭ ‬ඔබ හොඳින්‭ ‬දන්නවා.. ඇත්ත වශයෙන්ම කියනවනම්‭ ‬මනුස්ස කියා එදා කීවේ ජම්ඹුද්වීපයේ සිටි‭ ‬දේව(සුර) නොවන කොටසටයි. ඔවුන්‭ ‬සුර නොවන නිසා අසුර මනුස්සයන්‭ ‬විය. හරිම දේව හෙළ කොටස තිබුනේ තව්තිසාව තිබුන ප්‍රදේශයේයි. ඉන්‭ ‬පහළ කොටසටයි‭ ‬ජම්බුද්වීපය කියා කීම වඩාත්‭ ‬සුදුසු‭ ‬වනුයේ. ජම්බුද්වීපය තුල ප්‍රධාන මහ රාජ්‍යයන්‭ ‬4 ක්‭ ‬සහ මහ රජවරුන්‭ ‬සතර දෙනෙක්‭ ‬එහි‭ ‬සිටියා. 
තව්තිසාවෙන්‭ ‬පහළ ජම්බුද්වීප කොටසේ සිටි‭ ‬මේ සියලු‭ ‬දෙනාටම කීවේ මනුස්ස(අසුර) කියාය. එවිට අනෙක්‭ ‬හෙළ වල සිටි‭ ‬යක්ක, නාග, කුම්භණ්ඩ ආදීන්ට කීවේ අමනුස්ස(මනුස්ස නොවන) අය කියාය. ඔවුන්ද‭ ‬(අමනුස්ස) අසුරයන්ය. (මනුස්සානං පියෝ හෝතී, අමනුස්සානං පියෝ හෝතී, දේවතා රක්ඛන්තී.. මෙතන කියන්නේ භෞතික ජීවීන්‭ ‬පිරිසක්‭ ‬ගැන මිස අද්භූත පිරිසක්‭ ‬ගැන නොවෙයි) 
 අද මනුස්ස කියන්නේ පොදුවේ සියලුම මිනිස්‭ ‬වර්ගයාටයි. මේවා පටලවා නොගෙන නොගැටී‭ ‬සත්‍ය පමණක්‭ ‬තේරුම්‭ ‬ගැනීමට උත්සාහ කරන්න.
 මෙතන තමයි‭ ‬කවුරුත්‭ ‬වගේ පටලවා ගන්න තැන. මෙය මෙහෙම තේරුම්‭ ‬ගන්න බලන්න. මෙය හරියට තේරුම්‭ ‬ගතහොත්‭ ‬ඔබ මහත්‭ ‬ප්‍රඤ්ඤාවන්තයෙකු‭ ‬වෙනවාමයි.
1.ඝන වූ‭ ‬මාංශ කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට පෙනෙන මනුස්සයො ඉන්නව. (මනුස්ස(අසුර), රාක්ෂ,යක්ෂ)
2.සියුම්‭ ‬වූ‭ ‬කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට නොපෙනෙන මනුෂ්‍යයො ඉන්නව. (මනුෂ්‍ය(අසුර), රාක්ෂ, යක්ෂ)
3.ඝන වූ‭ ‬මාංශ කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට පෙනෙන දෙවියෝ ඉන්නව. (සම්මත දේව(සුර), රාම්, සක්කස්ස දේව වැනි)
4.සියුම්‭ ‬වූ‭ ‬කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට නොපෙනෙන දිව්‍යයෝ ඉන්නව. (උප්පත්ති‭ ‬දේව(සුර+අසුර)  - සදිව්‍යලෝක වල ඉන්න දෙවිවරු) 
5.ඝන වූ‭ ‬මාංශ කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට පෙනෙන අමනුස්සයො ඉන්නව. (අමනුස්ස(අසුර), යක්ඛ, නාග, මිනිස්‭ ‬කුම්භණ්ඩ, මිනිස්‭ ‬ගන්ධබ්බ වැනි)
6.සියුම්‭ ‬වූ‭ ‬කයක්‭ ‬ඇති‭ ‬සාමන්‍ය අපට නොපෙනෙන අමනුෂ්‍යයො ඉන්නව. (අමනුෂ්‍ය(අසුර), යක්ඛ, අමනුෂ්‍ය නාග, අමනුෂ්‍ය කුම්භාණ්ඩ, අමනුෂ්‍ය ගන්ධබ්බ වැනි)
7. භෞතික වශයෙන්‭ ‬සහ මනෝරූපීයමය වශයෙන්‭ ‬යන දෙයාකාරයෙන්ම සකස්වී‭ ‬ඇති‭ ‬දේවලෝක-දිව්‍යලෝක, මනුස්සලෝක-අමනුෂ්‍යලෝක ආදිය තිබෙනවා. 
හොඳයි‭ ‬ඔය කරුණු‭ ‬7 පිළිබඳව ඔබ මනා විශ්ලේශනයක්‭ ‬කළහොත්‭ ‬මහා අවුල්‭ ‬ගොඩකින්‭ ‬මිදෙන්න පුලුවන්. මේ ලෞකික සම්මා දිට්ඨියේ වැදගත්ම තැනක්. මේතන ලිහා ගත්තොත්‭ ‬ඉන්‭ ‬එහා හරිම සරලයි.
 එක්‭ ‬කලෙක සුරයන්‭ ‬සහ අසුරයන්‭ ‬අතර හටගත්‭ ‬යුද්ධයක්‭ ‬ගැන ධජග්ග සූත්‍රයේද සඳහන්‭ ‬වෙනව. සුවයට සැරිසරන නිසා සුරා ඇසුරු‭ ‬කරන අයට සුරයො කියනව. සුරයන්ගේ පානයට සුරා හෙවත්‭ ‬අමෘතය කියලත්‭ ‬කියනව. මේ සුර කියන මිනිස්‭ ‬අයටම සමහර තැනෙකදී‭ ‬දේව කියාද ව්‍යවහාර කළා. මිහිරියාවෙන්‭ ‬වාසය කරන අයට මෙර වාසීන්‭ ‬කියනව. සුර හෙවත්‭ ‬දේව කියන මිනිස්‭ ‬කයක්‭ ‬ඇති අය වාසය කළේ මේ මහ මෙර පර්වතයට ඉහලින්‭ ‬පිහිටි‭ ‬උස්‭ ‬කඳු‭ ‬භූමිය තුලයි.
 එයට තාවතිංශය කියලත්‭ ‬කියනවා.. (මේ කතා කරන්නේ සම්මුති‭ ‬දේව ගැනයි. සත්වයින්‭ ‬ඕපපාතකව පහළවන කාමාවචර දිව්‍ය ලෝක වෙනම තියෙනවා... එය වෙනම කතා කරනවා) තාවතිංශයෙන්‭ ‬පහළ කොටසේ සිටි‭ ‬මනුස්ස කියන අසුර මිනිස්‭ ‬අය වාසය කළා. එහි‭ ‬සතර මහා රජ්‍යයද පිහිටා තිබුනා. (කළබල වන්නට එපා. සත්‍යයට මුහුණ දෙන්න. ඉදිරියටම යන්න) 
සුර දේවයන්‭ ‬සුරා පානය අමෘතයයි‭ ‬කියා පානය කොට මිහිරියාවෙන්‭ ‬කම්සුව විඳිමින්‭ ‬සිටියද අසුර පිරිස්‭ ‬ඊට විරුද්ධ වූහ. මේ දෙපිරිස අතර පාලනය සම්බන්ධව අනුගමනය කළයුතු‭ ‬නීති‭ ‬රීති‭ ‬සම්බන්ඳ කතා බහකදී‭ ‬සුරයන්‭ ‬විසින්‭ ‬අසුරයන්ට වංචනිකව සුරා (කම්සැපට ලොල්‭ ‬වන) පානය කරවූ‭ ‬හේතුවක්‭ ‬නිසා හටගත්‭ ‬යුද්ධයක්‭ ‬ගැනයි‭ ‬ධජග්ග සූත්‍රයේ කියවෙන්නේ. මෙලෙස හටගත් සුර අසුර යුද්ධයකදී‭ ‬අනන්ත කියන නාග ගෝත්‍ර රජෙකු‭ ‬සමග මුහුදේ හටගත්‭ ‬මහ ගැටුමකදී‭ ‬මහ මුහුද දෙවණක්‭ ‬වූ‭ ‬බවද, විටෙක මහමුහුද ගොඩ ගලා‭ ‬(සුනාමි) අසුර නාග හෙළයෙන්‭ ‬කොටසක්‭ ‬මුහුදට ගිලාබැස ගිය බවද සඳහන්ය. 
එක්‭ ‬කලෙක සුර රජුන්ගෙ නායකය හෙවත්‭ ‬මහරජු‭ ‬සක්කස්ස දේව‭ ‬(සක්‍රදෙවි) විය.  දේවහෙළ වැසියන්‭ ‬තම නායකයාට කීවේ දේවයන්‭ ‬වහන්සේ කියාය. එක්‭ ‬කලෙක අසුර රජුන්ගෙ නායකය හෙවත්‭ ‬මහරජු‭ ‬වේපචිත්ති‭ ‬අසුරේන්ද්‍රයයි‭ ‬(අසුර+ඉන්ද්‍ර‭ ‬). ඉන්ද්‍ර කියන්නෙ සූර්‍යයාටයි. සූර්ය වංශය නම්‭ ‬රාවණ වංශය හෙවත්‭ ‬අසුර වංශයයි. අසුර කියන මනුස්ස ලොව වැසියන්‭ ‬තම නායකයාට කීවේ රජතුමා කියාය. 
පොදුවේ මේ දෙපිරිසම අප හෙළදිවයිනේද සිටි‭ ‬මිනිස්‭ ‬දෙපිරිසක්‭ ‬වන අතර ඔවුන්ගේ ගති‭ ‬පුරුදු‭ ‬ලක්ෂණ වලට අනුව සුරලොව වාසීන්-අසුර ලොව වාසීන්  (දෙව්ලොව වාසීන්- මනුස්සලොව වාසීන්) කියා විග්‍රහ කෙරිණි. සමහර කාළ වලදී‭ ‬මේ සුරයන්‭ ‬හා අසුරයන්‭ ‬අතර යුද්ධ හට ගන්නවා(දෙව්-මිනිස්‭ ‬කෝලාහළ). මේ සුරයන්ගේ අඟනුන්‭ ‬ සුරඟනන්ය(සුරංගනාවියන්ය). ඔවුන්‭ ‬ඉතාමත්‭ ‬ලස්සන පැහැපත්‭ ‬කම්සැපයට කැමති‭ ‬කාන්තා පිරිසකි.
අප සිදුහත්‭ ‬යුවරජුගේ පියා වන සුද්ධෝදන රජු‭ ‬අසුර පාර්ශවයේ වන අතර මව සුර පාර්ශවයේ අයෙකු‭ ‬විය. එනිසා මේ දෙදෙනාටම දාව උපන්‭ ‬කුමරුට සිව්හෙළයේම පාලක සක්විති‭ ‬රජකම ගන්නට සුදුසුකම්‭ ‬තිබෙන බව බොහෝ අය දන්නා නමුදු‭ ‬එයට පයින්‭ ‬ගසා ඒ මහා මුණීන්ද්‍රයන්‭ ‬සියලු‭ ‬ජාතී‭ ‬කුළ මළ එක්‭ ‬කරමින්‭ ‬ගෝතම යන මවගේ නාමය යොදාගනිමින්‭ ‬බුද්ධ වංශය පිහිටුවාලූහ. ඉන්පසු‭ ‬සියලුම දෙවි-මිනිසුන්ට නායකයා වූහ. රජු‭ ‬වූහ.  
කුස රක්ෂා කල හෙවත්‭ ‬ප්‍රධාන වශයෙන්‭ ‬කුඹුරු‭ ‬වැඩ කලේ රකුස්ය.. රාජ්‍ය පාලනයද මැනවින්‭ ‬ඔවුන්‭ ‬කළාහ. රාවණ පාර්ශවයට සමහරුන්‭ ‬රක්ඛ කියා හඳුන්වන්නේද මේ නිසයි. ඒ කියන්නෙ ගොවියන්‭ ‬හෙවත්‭ ‬ගොවිගම අය රාක්ෂ ගණයේ අය තමයි.. ඉතින්‭ ‬සුද්ධෝදන රජ්ජුරුවොත්‭ ‬ක්ෂත්‍රිය(කුඹුර) වංශයෙ ගොවි‭ ‬රජෙක්‭ ‬(රාක්ෂ) තමයි. ඒ කියන්නේ අසුර, රාක්ෂ රාවණ පරපුරේ ශාක්‍ය හෙවත්‭ ‬සූර්ය වංශිකයො තමයි.. උඩඟු‭ ‬වෙන්න එපා.. එත්‭ ‬අභිමාණය තියාගන්න. 
කුස රක්ෂා කළවුන්‭ ‬රකුස්‭ ‬බැවින්‭ ‬පසු‭ ‬කාලීන සාහිත්‍ය කළා නිර්මාණ වලදී‭ ‬කුස මගින්‭ ‬රකුස්‭ ‬බව පෙන්වා විශාල බඩක්‭ ‬සහිත රකුස්‭ ‬රූප නිර්මාණය විය. රක්ඛ හරිහැටි‭ ‬තේරුම්‭ ‬නොගත්‭ ‬පසුකාලීනයන්‭ ‬ඔවුන්‭ ‬මහා භයානක කොටසක්‭ ‬කියා සිතූහ. ඇත්තටම සුදොවුන්‭ ‬රජුත්‭ ‬(සිදුහත්‭ ‬කුමාරයගෙ තාත්තත්) මේ වැදගත්‭ ‬පරපුරේම බව ඔවුන්‭ ‬නොදනී.
ගෝතම බුද්ධ කාළයේදී‭ ‬දේව හෙළය පිහිටා තිබුණේ ඉහළ කදු‭ ‬භූමිය ආශ්‍රිතවය. එයිනුත්‭ ‬ඉහළම කොටසේ තව්තිසා දෙව්‭ ‬පුරය නමින්‭ ‬පුරයක්‭ ‬විය. මෙය සීත, වළාකුලු‭ ‬(මීදුම්) සහිත ලස්සන මල්, ඵළතුරු, ගස්‭ ‬වැල්‭ ‬සහිත සශ්‍රීක ප්‍රදේශයක්‭ ‬විය. සැබවින්ම එහි‭ ‬ඉපදුන වැසියන්‭ ‬පිං වන්තයෝය. ඔවුන්‭ ‬ලස්සනට ඇඳ පැළන්ඳාහ.  අවකාශයේ ඉහලින්‭ ‬සිටි‭ ‬ඔවුන්‭ ‬සමහරුන්ට අහසින්‭ ‬යන්නට අහස්‭ ‬යානාද‭ ‬(දඬුමොනර වැනි‭ ‬විමන්) වූහ.
 එක්‭ ‬කලෙක එහි‭ ‬නායක වූ‭ ‬සක්දෙව්‭ ‬රජුගේ යානයෙහි‭ ‬රි‍යැදුරා වූයේ මාතලී‭ ‬නම්‭ ‬කෙනෙකි. දෙවිවරු‭ ‬ලස්සනට රෙදි‭ ‬ආභරණ අඳිනව පළඳිනව. මිහිරි‭ ‬වචන කතා කරනව. අනුන්ට උදව්‭ ‬උපකාර කරන්න කැමතියි. හරි‭ ‬ලස්සනයි. ප්‍රේම කිරීමට කැමතියි. පලතුරු, මල්‭ ‬වලට ආසයි. (මේ කියන්නේ සම්මුති‭ ‬දේව ගැනයි)
අප බුදු‭ ‬පියාණන්ද මෙම තිදස පුරයට වැඩම කොට එහි‭ ‬දේව වැසියන්ට දහම්‭ ‬දෙසූහ. එසේ මෙම තව්තිසාවට වැඩම කොට වස්‭ ‬වැසූ‭ ‬එක්‭ ‬අවස්ථාවක අවසනදී‭ ‬සංකස්ස පුරය‭ ‬(සංඛපාල) පැත්තෙන්‭ ‬ඉනිමගක ආධාරයෙන්‭ ‬යුතුව මනුස්ස වැසියන්‭ ‬සිටි‭ ‬ප්‍රදේශයට වැඩි‭ ‬බවද සඳහන්ය. සිළුමිණි‭ ‬සෑය අදටත්‭ ‬මේ තව්තිසා පුරයේ දක්නට ඇත. (මුළාවන්‭ ‬පසෙක දා සත්‍ය වටහා ගැනීමට උත්සාහ කරන්න)
එදා ලක්දිවෙහි‭ ‬පිහිටි‭ ‬දඹදිව නමින්‭ ‬හැඳින්වූ‭ ‬හෙළයෙන්‭ ‬පරිබාහිරව මිනිසුන්‭ ‬සිටි ප්‍රදේශයේ යක්ඛ, නාග, කුම්භාණ්ඩ, ගන්ධබ්බ නමින්‭ ‬රාජ්‍යයන්‭ ‬සතරක්‭ ‬වූහ. එහි‭ ‬පාළකයින්‭ ‬සතර වරම්‭ ‬රජ දරුවන්ය. එම සතරටම ඉන්‭ ‬ප්‍රධාන රජුවූයේ වෙස්සවණ හෙවත්‭ ‬වෙසමුණි යක්‭ ‬රජුයි. ඔහුටම අයිති‭ ‬කොටසට කීවේ උතුරුකුරු‭ ‬දිවයින කියාය. එය යක්ඛ හෙලයේ සශ්‍රීකම ප්‍රදේශය විය.
 ජම්බුද්වීපයේ වැඩ හිටිය ගෝතම බුදුහාමුදුරුවන්ගෙ අනුගාමිකයන්ට යක්ක, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව කියන අනික්‭ ‬හෙළයන්හි‭ ‬හිටි‭ ‬පුද්ගලයො කරදර හිරිහැර හිංසා කළොත්‭ ‬එහෙම එයාලගෙ ඔලුව හත්‭ ‬කඩකට පළනව කියල මේ වෙසමුණි‭ ‬රජ්ජුරුවො(යක්ක හෙළයේ ප්‍රබලම නායකය) ආක්ඤාවකුත්‭ ‬නිකුත්‭ ‬කළා.
 දිවයිනේ සිටි‭ ‬සියලුම අමනුස්ස රාජ නායකයො ගෙන්නල මහා ලොකු‭ ‬රැස්වීමකුත්‭ ‬බුදුහාමුදුරුවො ඉදිරියේම තිබ්බා. ඒ ගැන සොයා බලන්න නියෝජිත පිරිසකුත්‭ ‬පත්‭ ‬කළා. ඒ එදා සම්මුති‭ ‬ගිවිසුම තමයි‭ ‬ඔය ආටානාටිය පිරිතෙන්‭ ‬අදටත්‭ ‬කියන්නෙ.
  
දෙව්, යක්, රක්, නා ආදී‭ ‬මේ සියලු‭ ‬නායකයෝම පිළිගත්තා බුදුහාමුදුරුවො තමයි‭ ‬එයාල ඔක්කොටම නායක රජාණන්‭ ‬වහන්සේ කියල. බුදුහාමුදුරුවෝ කීප අවශ්ථාවකදීම මේ යක්ඛ, නාග හෙළවැසියන්ගේ හටගත්‭ ‬යුධ ආරවුල්‭ ‬විසඳන්නට ඔය හෙළ ප්‍රදේශවලට වැඩම කළා. එසේ වැඩල බණ දහම්‭ ‬කියල එම ප්‍රශ්ණ සමතයකට පත්‭ ‬කළා. එහෙම ප්‍රශ්නයකට වැඩිය එක්‭ ‬අවශ්ථාවකදි‭ ‬සමනල කන්ඳ මත(හිමවත) තම සිරිපා සලකුණ පිහිටුවල දැනුම්‭ ‬දුන්න මේක දැන්‭ ‬බුදුන්ගෙ දේශය කියල. ඉන්පසු‭ ‬තමයි‭ ‬හටගත්‭ ‬ආරවුල ලිහුනේ. ඉතින්‭ ‬දැන්‭ ‬ඔය හැම ජාතියකම අය එතනට ගිහින්‭ ‬වඳිනව තමන්ගෙ නායකයගෙ සිරිපතුල කියල. 
තව සැරයක්‭ ‬නාග හෙළයේ කැළණි‭ ‬පුරයට(නාගද්වීපයට‭ ‬) වැඩළ එතනත්‭ ‬රජ පුටුවට තිබුණු‭ ‬ආරවුළක්‭ ‬විසඳුව. ඔවුනුත්‭ ‬අපේ නායකය බුදුන්‭ ‬කියළ පිළි‭ ‬අරගත්‭ ‬නිසා ඒ රජ පුටුව බුදුරදුන්ටම පැවරුවා.  එනිසයි‭ ‬බුදුරජුන්‭ ‬මේ මුළු‭ ‬ලෝකෙටම නායක රජාණන්‭ ‬වන්නේ.  බණ අහල සෝවාන්‭ ‬වුණු‭ ‬හා තෙරුවන්‭ ‬සරණ ගිය ගොඩාක්‭ ‬අයත්‭ ‬ඒ හෙළවල හිටියා.
  
මේ රාජ්‍යන්‭ ‬අවටින්‭ ‬පිහිටි‭ ‬දේව හෙළයේ කොටසකට මහමෙර කියාද කියනව. එහි‭ ‬මහා පර්වත කඳු‭ ‬වැටියක්ද විය. ඒ සුර දෙවිවරුන්‭ ‬මිහිරියාවෙන්‭ ‬සිටි‭ ‬මහමෙර පහලින් තමයි‭ ‬මේ රාජ්‍යන්‭ ‬ පිහිටා තිබුනේ. එය මුහුදටද සම්බන්ධයි. මේ අසුර(අමනුස්ස අසුර) පිරිස්‭ ‬වලින්‭ ‬කොටසක්‭ ‬නාවික කටයුතු‭ ‬කරමින්‭ ‬මුහුදේද වූහ.  
ඒ නාග ගොත්‍රික අසුරයන්ය. කොටින්ම කිවහොත්‭ ‬මේ අසුරයන් කියා කීවේ යක්ඛ, නාග, කුම්භාණ්ඩ, ගන්ධබ්බ හෙළවල සිටි‭ ‬අමනුස්ස පීරිස ඇතුලුව දේව හෙළයේ පහළ කොටසේත්(ජම්බුද්වීපය) සිටි‭ ‬මනුස්ස පිරිසටමය.  ජම්බුද්වීපය තුල සිටි‭ ‬අසුර මනුස්ස කොටස අනෙක්‭ ‬අමනුස්සයින්ට වඩා බල සම්පන්නයි. ඔවුන්ට අසුර රක්ඛ, කියාද කියනවා.  
මේ සුර-අසුර හෙවත්‭ ‬දේව-මනුස්ස කියන දෙපිරිස සමහර තැන්‭ ‬වලදී‭ ‬මේ කවුද මේ කවුද කියා තෝරා බේරා ගන්නත්‭ ‬අපහසු‭ ‬වුනා. හරියට කියනවනම්‭ ‬අද අප රටේ සිටින මුස්ලිම්, දෙමළ, සිංහළ මිනිසුන්‭ ‬සමහර වෙලාවට හඳුනා ගැනීමේදී‭ ‬පැටලෙනව වගේ තමයි. ඒත්‭ ‬අඳින පළඳින ආකාරයෙන්, කතා කරන හැටියෙන්‭ ‬ටිකක්‭ ‬හොයා ගන්න පුලුවන්.
 මේ අය ඇඳුම්‭ ‬පැළඳුම්‭ ‬වලින්‭ ‬වෙස්‭ ‬මාරු‭ ‬කරගෙන‭ ‬(වෙස්‭ ‬වළාගෙන) එහෙමත්‭ ‬සමහර ගමන්‭ ‬බිමන්‭ ‬ගියා. 
දෙවි‭ ‬වරුන්ට යක්කු, නාග වගේ මනුස්ස වෙස්‭ ‬ගන්න හරි‭ ‬පහසුයි. මොකද එයාලගෙ ශරීර ලස්සන නිසා අවලස්සන ස්වරූපයක්‭ ‬ආදේස කරගන්න එක පහසු‭ ‬කටයුක්තක්. ඒත්‭ ‬යක්කු‭ ‬ටිකක්‭ ‬කළු‭ ‬පැහැ නපුරු‭ ‬පෙනුමක්‭ ‬තිබුනු‭ ‬නිසා එයාලට දෙවියන්ගෙ රුවට සමානව වෙස්‭ ‬ගන්න ටිකක්‭ ‬දුරට අපහසුයි. ඒත්‭ ‬යක්ෂණියො(යක්ක කාන්තාවො) මේකප්‭ ‬දාල‭ ‬(වෙස්වළාගෙන) ගිහින්‭ ‬මිනිස්සු‭ ‬රවට්ටපු‭ ‬තැන්‭ ‬තියෙනව.
ඒ වගේම මේ නාගයොත්‭ ‬සමහර වෙලාවට මිනිසුන්ගෙ වෙස්‭ ‬වලාගෙන එහෙ මෙහෙ ගිහින්‭ ‬තියෙනව. නාග කන්‍යාවියොත්(නාග කෙල්ලො) වෙස්‭ ‬මාරු‭ ‬කර ගත්තම හොයන්න අමාරුයි. එනිසා ඔය මේකප්‭ ‬දැමිල්ල එදත්‭ ‬අදත්‭ ‬තිබුන බව තේරුම්‭ ‬ගන්න.
ඒ වගේම සමහර වෙලාවට මේ දෙවි‭ ‬මිනිස්‭ ‬අය තම තමන්ගේ ප්‍රදේශ වලින්‭ ‬අනෙක්‭ ‬ප්‍රදේශ වලට තාවකාලිකවත්, ස්ථිරවමත්‭ ‬හුවමාරු‭ ‬වුනා. 
මේ දෙවිවරු‭ ‬තව්තිසාව හැරදමා‭ ‬(චුතවී) මනුස්ස ලෝකයේ ජීවත්‭ ‬වුනා. මනුස්සයනුත්‭ ‬සමහර වෙලාවට තව්තිසා දෙව්‭ ‬ලොවට ගිහින්‭ ‬ආව. ඒත්‭ ‬හැම කෙනාටම යන්න බෑ ඒ පිංවන්ත පරිසරයට යන්න මුදල්‭ ‬හදල්‭ ‬ආදිය තියෙන්නත්‭ ‬ඕනි. ඉස්සර අද මෙන්‭ ‬යාන වාහන නොමැති‭ ‬කාලයේ කඳු‭ ‬තරණය කිරීම අමාරු‭ ‬කාර්‍යයක්. අහස්‭ ‬යානා තිබූ‭ ‬සීමිත පිරිසක්‭ ‬නම් උඩින්‭ ‬ආව ගියා.
එහෙම නැතුව ඔය ඕපපාතිකව සියුම්‭ ‬ශරීර සහිතව පහළ වන දිව්‍ය තල වල ඉන්න දිව්‍ය පිරිස්වත්, ඕපපාතිකව ‭ ‬සියුම්‭ ‬ශරීර සහිතව පහළ වන අසුර ලෝක වල ඉන්න යක්ඛ, භූත අමනුස්ස කොටස්‭ ‬වත්‭ ‬ඝන ශරීර වලින්‭ ‬ඇවිත්‭ ‬මිනිස්සුත්‭ ‬එක්ක ගනු‭ ‬දෙනු‭ ‬කරන්නේ නෑ. හැබැයි‭ ‬ඒ ඕපපාතිකව පහලවන සමහර අය මිනිස්සුන්ගෙ හා සත්තුන්ගෙ ඇඟට ඇතුල්‭ ‬වෙලා ‭ ‬යම්‭ ‬යම්‭ ‬හොඳ/නරක ක්‍රියා කරන බව නම්‭ ‬තේරුම්‭ ‬ගන්න.
 ඒක වෙනම පැත්තක්.
ඉතින්‭ ‬භෞතික වශයෙන්‭ ‬තිබෙන චාතුර්මහාරාජිකය හා තව්තිසාව තියෙන්නෙ මේ හෙළ දිවයින තුලම බව නුවණ තිබෙන අයට දැන්‭ ‬වැටහෙන්න ඕනි. ඒ වගේම මනෝමය වශයෙන්‭ ‬මැවී‭ ‬තිබෙන චාතුර්මහාරාජිකය, තාවතිංස ආදී‭ ‬වෙනම දිව්‍ය තල තිබෙන බවත්‭ ‬අමතක කරන්නත්‭ ‬එපා.. නැත්නම්‭ ‬දිව්‍යලෝක කියල දෙයක්‭ ‬නෑ මේ ඔක්කොම තියෙන්නෙ මේ පෙනෙන ලෝකෙම තමයි‭ ‬කියල වැරදි‭ ‬අවබෝධ ගන්න එපා. මේක ඉතා සියුම්ව ප්‍රවේශමෙන්‭ ‬විසඳා ගත යුතු‭ ‬තැනක්. 
කිසිවක්‭ ‬අවුල්‭ ‬කර ගන්නෙ නැතුව කල්පනාවෙනුයි‭ ‬මේ පටළැවිල්ල ලිහා ගත යුත්තේ. මේව අවුල්‭ ‬කරගත්තු‭ ‬නිසා තමයි‭ ‬සමහරු‭ ‬ධර්මයත්‭ ‬අනාගෙන තියෙන්නෙ. මොකද ත්‍රිපිඨකයෙ කියන දේවල්‭ ‬තේරුම්‭ ‬ගන්න නම්‭ ‬මේ මූලික ගැටලුව ලිහාගන්නම වෙනව. බුදුහාමුදුරුවො දහම්‭ ‬දෙසුවෙ මේ හෙළ පරිසරයෙම ඉඳල, මෙහි‭ ‬ඇති‭ ‬භෞතික දේ, උපමා, කතා ආදිය උපයෝගී‭ ‬කරගෙන හෙළ මාගධී‭ ‬බසින්, හෙළ වැසියන්ටම බව තේරුම්‭ ‬නොගත්තොත්‭ ‬මේ දහම වටහා ගැනීම අවුල්‭ ‬වෙනව. එහෙම වුනොත්‭ ‬වෙන්නෙ ඔක්කොම අනාගෙන ලෞකිකව අනාගාමී‭ ‬වෙන්න විතරයි.(තේරුනාද මන්ද)






No comments:

Post a Comment