Elephant Protocol
මේ නිසා අප අවධාරණය කරන්නේ හීලෑ අලි – ඇතුන් රැුකබලා ගැනීමේ නිවැරදි
ක්‍රමවේදයක් හා ප්‍රතිපත්තියක් රට තුළ කි‍්‍රයාත්මක කළ යුතු ව ඇති බව ය.
එය පසුවිපරම් කිරීමේ නිසි යාන්ත්‍රණයක් ද ඇති කළ යුතු ව ඇත. එපමණක් නොව
හීලෑ අලි – ඇතුන්ගේ සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා නීති විරෝධීව රදවා තබාගෙන
සිටින සියළුම අලි – ඇතුන් අත් අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීම හා එම
සතුන්ව නිසි පරිදි පුනුරුත්තාපනය කිරීම ද කළ යුතු ය. මීට අමතර ව හිංසාකාරී
ලෙස අලි – ඇතුන් ව කොටන් ඇදීමේ හා සංචාරක කටයුතු වල යෙදවීම වහාම නතර කිරීමට
අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත යුතු ව ඇත. අලි ගහනයේ සුරක්ෂිතතාව උදෙසා හීලෑ අලි
– ඇතුන් බෝ කිරීමේ විධිමත් කි‍්‍රයාවලියක් ඇති කළ යුතු අතර ස්වාභාවික අලි
ගහනයේ පැවැත්මට මොනයම් ආකාරයක හෝ බලපෑමක් ඇති වන ආකාරයෙන් අලි – ඇතුන් හීලෑ
කිරීමේ කටයුතු සිදු නොකිරීමට කටයුතු සම්පාදනය කළ යුතු ය.
සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය