Wednesday, October 1, 2025

එදා හෙළදිව-03

 පාඩම 03

හෙළයේ මහා සම්මත මනු පරපුර, ගෝතම බුදු සසුන දක්වා... 

ඔන්න එහෙනම්‭ ‬අපේ ඉතිහාස අවුලේ අමාරුම ගැටය මෙතනින්‭ ‬හෙමින්‭ ‬ලිහාගන්න..‭ 

විශේෂ දැන්වීම‭ ‬

මෙම ඉතිහාස කතාව සම්මත පාසල්‭ ‬විෂය නිර්දේශයට වෙනස්‭ ‬කතාවක්‭ ‬වන බැවින්‭ ‬විභාග වලට පෙනී‭ ‬සිටින සිසුන්‭ ‬උත්තර හැටියට මෙහි‭ ‬අන්තර්ගත දේ නොලියන ලෙස දන්වා සිටින අතර සම්මතයෙන්‭ ‬ඔබ්බට සිතා පිරිසිදු‭ ‬බුදුදහම හා සත්‍ය ඉතිහාසය සොයා යන නැවණැති අයට පමණක්‭ ‬ඉතා වැදගත්‭ ‬වන බව සඳහන්‭ ‬කරමු.

මහා මුනීන්ද්‍ර වූ‭ ‬අපගේ සර්වඥයන්‭ ‬වහන්සේ මහා සම්මත රාජවංශයෙහි‭ ‬මෙම කල්පය ආරම්භයෙහිදී‭ ‬මහා සම්මත නම්‭ ‬රජුව සිටියාහ. 

අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන්‭ ‬සත්ව ලොව පහළ වීමේ කතාවට අනුවද හෙළ බිමේ පළමු‭ ‬රජු‭ ‬ලෙස හැදින්වෙන්නේ මහා සම්මත මනු‭ ‬රජුය. පංචකාමයට ඇලුනු‭ ‬සුර කියන දේව ජනයන්ගෙන්‭ ‬සමහර පිරිස්‭ ‬පහත්‭ ‬අයුරින්‭ ‬විෂමාචාරීව කටයුතු‭ ‬කරන්නට ටිකෙන්‭ ‬ටික පෙළඹුනා. 

ඔවුන්‭ ‬පංච ශීලය ආරක්ෂා කළේ නෑ. 

එනිසා ධර්මවාදි කවුරුත්‭ ‬එකතු‭ ‬වෙලා මොවුන්ගේ අධර්මවාදි‭ ‬කම්‭ ‬පාළණය කරන්නට පාළකයෙක්‭ ‬පත්‭ ‬කරන්නට තීරණය කළා.  

මහා සම්මතයෙන්‭ ‬රටට රජ කෙනක්‭ ‬තෝරන අවස්ථාවේ, මනු‭ ‬නැමැත්තා තම දස්කම්‭ ‬පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම්‭ ‬කීවා. ඔහු අංගම්‭ ‬සටනේ සුරයෙක්‭ ‬බවටද සඳහන්‭ ‬වෙනවා. එතැනින් ඇරඹි‭ ‬මේ මනු‭ ‬රජ පරපුර ක්ෂත්‍රිය වංශිකයන් බවට පත්වූහ.

මේ අයටම මනුස්ස කියාද තවත්‭ ‬තැනකදී‭ ‬අසුර කියාද කියනවා.

රෝජ, වරරෝජ, කල්‍යාණ.. ආදී‭ ‬ලෙසින්‭ ‬මේ මනුරජ පරපුර ඉදිරියට පැමිණියා.  බ්‍රහ්මදත්ත, මඛාදේව, නාගසේන, කුස, දසරථ, ඔක්කාක, වෙස්සන්තර, කනශ ආදී‭ ‬රජවරුද මෙම මනුරජ පරපුරෙන්ම පැමිණි‭ ‬අය වූවාහ. 

මෙසේ පැමිණි‭ ‬රජවරු‭ ‬අතරින්‭ ‬කාශ්‍යප බුදුරදුන්‭ ‬පහළවී‭ ‬කාළයක්‭ ‬යනවිට ජයසේන(දෙව්දහ) නම්‭ ‬රජෙක්‭ ‬මේ හෙළදිවේම පිහිටි‭ ‬ජම්බුද්වීපයේ සිටියේය. ඔහුගෙන්‭ ‬ශාක්‍ය වංශයේ ආරම්භ විය. ඔහුගේ රාජධානිය වූයේ දෙව්දහ නුවර හා කපිලවස්තු‭ ‬පුරයි. ජයසේන රජුගේ පියා කුම්බා රජු‭ ‬වූ‭ ‬අතර සීයා කනශ රජු‭ ‬විය.

මේ ජයසේන රජුට සීහහනු‭ ‬නම්‭ ‬පුතෙක්ද මහා යශෝධරා නම්‭ ‬දුවෙක්ද විය. ජයසේන රජුගේ පුත්වූ‭ ‬මෙම ක්ෂත්‍රිය හෙවත්‭ ‬ශාක්‍ය වංශික සීහහනු‭ ‬රජු‭ ‬රාජ්‍ය මෙන්ම නාවික වැනි‭ ‬වෙළඳ කටයුතු‭ ‬වලදී‭ ‬සිංහ රූප ලාන්ඡන යොදාගෙන ඇත. කෙසේ හෝ මේ සීහහනු‭ ‬රජුගේ රාජධානිය වූයේ කපිල වස්තුපුර හෙවත්‭ ‬කිඹුල්වත්‭ ‬පුරයයි. 

කිඹුලෙකුගේ හැඩය ගත්‭ ‬පර්වතයක්‭ ‬නිසා එම නුවරට එනම්‭ ‬විය.

සීහහනු‭ ‬රජුගේ සොයුරිය වූ‭ ‬මහා යශෝධරා දේවිය අංජන රජු‭ ‬හා විවාහවී‭ ‬දෙව්දහ නුවරම රජකම්‭ ‬කරමින්‭ ‬විසීය. 

සීහහනු‭ ‬රජුගේ බිසව කාංචනා හෙවත්‭ ‬කච්චායනා නම්‭ ‬විය. එසේම ඔහුට සුද්ධෝදන, ශුක්ලෝදන, දෝතෝදන, අමිතෝදන, මිතෝදන නමින්‭ ‬පුතුන්‭ ‬පස්‭ ‬දෙනෙක්ද අමිතා, ප්‍රමිතා නමින්‭ ‬දූවරු‭ ‬දෙදෙනෙක්ද විය. 

ඉතින්‭ ‬මේ සීහහනු‭ ‬රජුගේ එක්‭ ‬මුණුපුරෙකු‭ ‬සීදන්ත හෙවත්‭ ‬සිද්ධාර්ථ කුමරු‭ ‬විය. එනම්‭ ‬සිද්ධාර්ථ කුමරුගේ පියා සුද්ධෝදන රජු‭ ‬විය. 
සිද්ධාර්ථ යුවරජ කුමරු‭ ‬තම අමිතා නැන්දනියගේ දුවණියවූ‭ ‬ගෝපා කුමරිය හෙවත්‭ ‬යශෝධරා කුමරිය සමග විවාහ විය. තම සීයා වූ‭ ‬සීහහනු‭ ‬රජුගේ නාමයෙන්‭ ‬අනුවර්ත සීහ යන නමද මේ සීදන්ත රජ කුමරුට ආදේශ විය. 

සක්විති‭ ‬රජකමටද සුදුසුකම්‭ ‬තිබූ‭ ‬මේ සීදන්ත රජ කුමරු‭ ‬එය පසෙක දමා පසුකලෙක මේ හෙළ ධරණි‭ ‬තලයේදී‭ ‬උතුම්‭ ‬ලොව්තුරා බුද්ධත්වයට පත්වී‭ ‬සීහළ වංශයේ නව නිර්මාතෘවරයාණන්‭ ‬බවටද පත්වී‭ ‬වදාළහ. 

ගෝතම බුදුරජාණන්‭ ‬වහන්සේ සක්විති‭ ‬රජ කෙනෙකුන්‭ ‬මෙන්ම ඉන්‭ ‬එහා ගිය බුදුවරයෙකුද වූ‭ ‬බැවින්‭ ‬දිවයිනේ සිටි‭ ‬සියලු‭ ‬දේව, මනුස්ස, අමනුස්ස රජවරුන්ගේ නොහොත්‭ ‬සුර අසුර රජවරුන්ගේ නායක මහ රජුන්‭ ‬බවට ඒකමතිකව සියල්ලෝම එදා පිළිගත්තාහ. 

එතෙක්‭ ‬කලක්‭ ‬බෙදී‭ ‬තිබුනු‭ ‬සියලු‭ ‬ජන කොටස්‭ ‬එක්‭ ‬සේසත්‭ ‬කළේ ඒ ශාක්‍ය මහා මුණීන්ද්‍රයාණන්‭ ‬වහන්සේමය.

එසේම මේ බුද්ධ කාළයේදී‭ ‬කිඹුල්වත්‭ ‬පුර හා දෙව්දහ නුවර රාජධානි‭ ‬දෙකට අමතරව අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල.. ආදී‭ ‬වශයෙන්‭ ‬තවත්‭ ‬ජනපද දහසයක්‭ ‬පමණ වෙනත්‭ ‬රජවරුන්‭ ‬යටතේ මේ ජම්බුද්වීප කොටසේ රාජ්‍ය පාළනයන්‭ ‬ගෙන ගිය බවද මෙහි‭ ‬අප මතක තබා ගත යුත්තකි. 

එහිදී‭ ‬මගධයේ සිටි‭ ‬බිම්බිසාර රජු‭ ‬හා කෝසලයේ සිටි‭ ‬පසේනදී‭ ‬රජු‭ ‬බලවන්තයින්‭ ‬වූහ. 

එසේම ජම්බුද්වීප කොටසේ ඉහළ භූමි‭ ‬භාගවල දේව ජනයා සිටි‭ ‬දේවහෙළ කොටසක්ද විය.

ඉන්‭ ‬පරිබාහිරව යක්ක, නාග, කුම්භණ්ඩ, ගන්ධබ්බ නමින්‭ ‬තවත්‭ ‬ජන කොටස්‭ ‬4ක්‭ ‬රාජ්‍ය පාළනයන්‭ ‬ගෙන ගිය බවද දත යුතුයි. 

එහි‭ ‬ප්‍රධාන මහරජු‭ ‬වෙසමුණි‭ ‬හෙවත්‭ ‬වෛශ්‍රවණ රජුවූ‭ ‬අතර, ඔහුගේ රාජධානිය වූයේ උතුරුකුරු‭ ‬දිවයින නම් වූ‭ ‬ආලක මන්දාව නම්වූ‭ ‬යක්ක පුරයයි. 

අලංකාර පුරය නමින්ද හැඳින්වූ‭ ‬මෙයටම පසුව ලංකා පුරය කියාද කියන ලදහ. 

අද ලංකාව කියා අප මුළු‭ ‬දිවයිනටම කියන්නාක්‭ ‬මෙන්ම සමහරුන්‭ ‬එදා පොදුවේ මේ වෙසමුණි‭ ‬මහ රජුගේ මුළු‭ ‬රාජධානියටම ලංකා පුරය කියා කීවාහුය.

එවකට ලංකා පුර කොටසේ පිහිටි‭ ‬මහියංගණ රාජධාණියද පනිත රජුගේ පාළනය යටතේ පැවති‭ ‬අතර එහි‭ ‬භාණ්ඩාගාරිකා වශයෙන්‭ ‬ප්‍රාදේශීය පාලකයෙකු‭ ‬වූ‭ ‬සමන්‭ ‬දේවයන්‭ ‬කටයුතු‭ ‬කර තිබෙනවා. 

පසුව ඇතිවූ‭ ‬දේශපාළන ආරවුල්‭ ‬නිසා ඔහු‭ ‬සබරගමුවට ගොස්‭ ‬වාසය කලා. 

බුද්ධත්වයෙන්‭ ‬9 වන මස බුදුරදුන්‭ ‬මහියංගනයට වැඩම කොට එහි‭ ‬තිබූ‭ ‬යුධ ගැටුම්‭ ‬මෙල්ල කොට සමන්ගිරට වැඩ සිරිපතුල්‭ ‬පිහිටුවා මෙය බුද්ධ භූමිය බවට සියල්ලන්ට දන්වා තම මාමා වූ‭ ‬සමන්‭ ‬දෙව්ට එම ප්‍රදේශය බලාකියා ගැනීමට බාර කළ බවද සඳහන්ය.

සුමන සමන්‭ ‬රජුගේ දෙටුපුත්‭ ‬දමරජ(යමරජු) වූ‭ ‬අතර ඔහුගේ පුතු‭ ‬මහාතිස්ස නම්‭ ‬විය. 

මහාතිස්ස රජුගේ දියණිය වූයේ අබිසවෙර දේවියයි. ඇය දඹදිව කොටසේ සිටි‭ ‬ගෝඨාබය රජුගේ පුත්‭ ‬තිස්ස රජු‭ ‬හා විවාහ වූවාය.. 

සුද්ධෝදන රජුගෙන්‭ ‬පසු‭ ‬එම රජකමට උරුමකම්‭ ‬කියන සියලු දෙනාම පැවිදිවූ‭ ‬බැවින්‭ ‬රජ කිරුළ සඳහා කිසිවෙක්‭ ‬නොවීය. එහෙත්‭ ‬සුද්ධෝදන රජුගේ මළනුවන්‭ ‬වූ‭ ‬අමිතෝදන රජුට පණ්ඩුශාක්‍ය යයි‭ ‬පුතෙකු‭ ‬සිටි‭ ‬බව අප දනිමු. මේ පණ්ඩුශාක්‍ය රජුට දීඝායු‭ ‬ඇතුලු‭ ‬පුතුන්‭ ‬සත්‭ ‬දෙනෙක්ද, භද්දකච්චායනා නමින්‭ ‬එක්‭ ‬දියණියක්ද විය. 

භද්දකච්චායනා කුමරිය තම පරපුරට ඤාති‭ ‬සම්බන්දයක්‭ ‬ඇති‭ ‬පණ්ඩුවාසදේව නම්‭ ‬රජෙකු‭ ‬සමග විවාහ වූවාය.  මේ පණ්ඩුවාසදේව නමින්‭ ‬අභිෂේක ලැබුවේ ලංකාපුරයේ පිහිටි‭ ‬තම්මැන්නාවේ සිටි ‭ ‬විජය නම්‭ ‬වූ‭ ‬රජුමයි. 

පණ්ඩුවිජයාගම හෙවත්‭ ‬පඬුවස්නුවරදී‭ ‬භද්දකච්චායනා දේවිය හා විවාහවී‭ ‬පණ්ඩුවාසදේව නමින්‭ ‬රාජාභිෂේක ලබන්නට අවුරුදු‭ ‬38කට පමණ කලින්‭ ‬මේ හිතුවක්කාර විජය කුමරුවා තම්මැන්නාව ආක්‍රමණය කලා. 

ඔහු එහි‭ ‬සිටි‭ ‬වෙසමුණි‭ ‬පරපුරේ යක්ක ගෝත්‍රික රැජිණියකගේ(කුවිණියගේ) ද සහාය ඇතිවයි‭ ‬විජයග්‍රහණය කොට එහි‭ ‬රජකම්‭ ‬කළේ.  

එසේ යක්ක ජාතිකයින්‭ ‬ඝාතනය කොට එහි‭ ‬රජකම්‭ ‬කරමින්‭ ‬සිටි‭ ‬ඔහු‭ ‬නැවතත්‭ ‬තම පියාගේ නගරයවූ‭ ‬මේ පණ්ඩුවිජයාගමට ආවේ තම වඩිමල්‭ ‬සොහොයුරා හා ඔහුගේ පුතු‭ ‬පැවිදි‭ ‬වූ‭ ‬පසුවයි.  

මේ විජය හෙවත්‭ ‬පණ්ඩුවාසදේව රජුගේ සීයා සිංහහනු‭ ‬නම්වූ‭ ‬සීහ වංශයේ ආරම්භකවරයා විය හැකි‭ ‬අතර ඔහුගේ දෙමව්පියන්‭ ‬සිංහහනු‭ ‬පරපුරේම අයයි. 

නෑනා සහ මස්සිනා විවාහය මේ පරපුරේ විශේෂ ලක්ෂණයකි. 

සුද්ධෝදන-ප්‍රජාපතී, අමිතා-සුප්පබුද්ද, සිදුහත්-යශෝධරා වැනි‭ ‬නෑනා මස්සිනාලාගේ විවාහයන්‭ ‬ගැන ඔබ දන්නවා. 

ඉතින්‭ ‬ඒ පරපුරෙන්ම ආ මේ විජයගේ දෙමාපියන් වූ සිංහබාහු‭ ‬හා සිංහසීවලී ද එසේම වූ‭ ‬අය විය යුතුය. 

අප මේ සිංහ වංශයේ හෙළ ඉතිහාස පටලැවිල්ල බොහෝ ප්‍රවේශමෙන්‭ ‬ලිහාගත යුතුයි. 

මන්ද යත්‭ ‬එදා එකම හෙළ දිවයිනේ වෙන්ව පැවති‭ ‬ලංකාපුර රාජධාණිය හා ජම්බුද්වීපය දෙකක්‭ ‬සේ නොගෙන ජම්බුද්වීපය යනු‭ ‬ඉන්දියාව කියා වැරදියට ආරෝපණය කොට පසුකාලීනව ඉතිහාසය ලියන්නට ගොස්‭ ‬ඔවුන්‭ ‬දැන හෝ නොදැන අවුල්‭ ‬ජාලයක්‭ ‬සිදු‭ ‬කළ නිසයි.

බුද්ධ පරිණිර්වාණයෙන්‭ ‬අවුරුදු‭ ‬950කට පමණ පසු‭ ‬මහානාම හිමියන්‭ ‬විසින්‭ ‬ලංකාපුර රාජ නාමාවලියෙන්‭ ‬පමනක්‭ ‬පටන්‭ ‬ගෙන ලියූ‭ ‬ලංකා මහාවංශ කතාව වැරදියට ග්‍රහණය කර ගැනීම අද ගැටලු‭ ‬රාශියකට හේතුප්පන්නවී‭ ‬ඇත. 

එම මහාවංශ කතාව තුලද යම්‭ ‬යම්‭ ‬අඩුපාඩු‭ ‬සහගත තැන්‭ ‬පැවතීම වෙනම විසඳා ගත යුතු‭ ‬දෙයකි. 

අපගේ ජම්බුද්වීපය අලලා ලියූ‭ ‬රාජ නාමාවලිය දීප වංශයයි. දීප වංශ රාජාවලිය මහාසම්මත මනු‭ ‬රජුගෙන්‭ ‬පටන්‭ ‬ගෙන ලියන ලදී. 

එහෙත්‭ ‬යක්ක හෙළයේ ලංකාපුර සිටි‭ ‬අධ්‍යාත්මිකව එතරම්‭ ‬දියුණු‭ ‬තත්වයක නොසිටි‭ ‬ජනයාට ග්‍රන්ථ සාහිත්‍ය පිළිබඳ උනන්දුවක්‭ ‬නොවූවාහ. 

පසු‭ ‬කල ජම්බුදීපයේ(රජගහනුවර‭ ‬) සිටි‭ ‬මිහිඳු‭ ‬මාහිමියන්‭ ‬එහි‭ ‬වැඩ රාජ්‍යානුග්‍රහය සහිතව බුදුදහම හා බුද්ධාගම එහි‭ ‬ස්ථාපිත කොට දියුණු‭ ‬ජන සමාජයක්‭ ‬බවට පත්‭ ‬කළාහ.

අප ගෝතම බුදුරදුන්‭ ‬පිරිනිවී‭ ‬ටික කාලයකට පසු‭ ‬ක්‍රමයෙන්‭ ‬ජම්බුද්වීපයේ හා දේව හෙලයේ සිටි‭ ‬රජ පරපුර අතුරුදන්‭ ‬වී‭ ‬ගියා. ඊට බළපාන ලද හේතුන්‭ ‬අතර පාළන තන්ත්‍රයේ බොහෝ දෙනෙකුන්‭ ‬ප්‍රවුජ්‍යා දිවියට යොමු‭ ‬වීමත්, සොළී‭ ‬වැනි‭ ‬ආක්‍රමණත්, අජාසත්ත වැනි‭ ‬පීතෲ ඝාතක පරපුරවල්‭ ‬සමූළ ඝාතනයට ලක්විමත්‭ ‬වැනි දේ විෂේශ හේතුන්‭ ‬ලෙස දැක්විය හැකිය.

කෙසේ හෝ පඬුවස්නුවර රජකම්‭ ‬කල පණ්ඩුවාසදෙව්‭ ‬රජු‭ ‬හා භද්දකච්චායනා දෙදෙනාට ගිරිකණ්ඩශිව ඇතුලු‭ ‬පුතුන්‭ ‬10 දෙනෙක්ද උන්මාදචිත්‍රා නමින්‭ ‬දුවක්‭ ‬ද වූවා. මේ උන්මාදචිත්‍රා කුමරිය තම දීඝායු‭ ‬මාමාගේ පුතුවූ‭ ‬දීඝගාමිනී‭ ‬අයියා සමග විවාහ වුනා. මේ දෙදෙනාට දාව උපන්‭ ‬පණ්ඩු‭ ‬කුමරා අභය නම්‭ ‬වුනා. කුඩා කළ සිටම සැඟවී‭ ‬සිටි‭ ‬මේ අභය කුමරා පසු‭ ‬කලෙක තම මාමාවරුන්‭ ‬ඝාතනය කොට පණ්ඩුකාභය නමින්‭ ‬රාජාභිෂේක ලැබ අනුරාධපුරයේ රාජධාණිය කරගෙන විසුවා.

ඔහුට මුටසීව නම්‭ ‬පුතෙක්ද ඉන්පසු‭ ‬දේවානම්පිය තිස්ස කියා මුණුපුරෙක්ද වුනා.

එම කාළ සීමාවේදී‭ ‬දඹදිවට අයිති‭ ‬කොටසේ අබිසවෙර දේවිය හා තිස්ස රජුගේ පුත්වූ‭ ‬මහරජ අභය හෙවත්‭ ‬අශෝක නම්‭ ‬ප්‍රබල ධාර්මික රජෙකු‭ ‬සිටියා. බුදු‭ ‬සසුන නගා සිටුවිමට මහත්‭ ‬මෙහෙවරක්‭ ‬සිදුකල එම මහරජුගේ අනුග්‍රහයෙන් මොග්ගලීපුත්තතිස්ස මහ රහතන්‭ ‬වහන්සේගේ මූලිකත්වයෙන්  තුන්වන ධර්ම සංගායනාවක්ද පවත්වා ශාසන සංශෝධනයක්‭ ‬කළා. 

එතෙක් ධර්මය ව්‍යාප්ත නොවූ‭ ‬අනෙකුත්‭ ‬ප්‍රදේශ, රටවල්‭ ‬සඳහාද ධර්මප්‍රචාරක කණ්ඩායම්‭ ‬පිටත්කර හරිමින්‭ ‬වෙහෙර විහාරද ගොඩ නගමින්‭ ‬මුළු‭ ‬දිවයිනම ධර්මද්විපයක්‭ ‬බවට පත්කළා. එහිදී‭ ‬එම අශෝක රජුගේ පැවිදි‭ ‬පුතුවූ‭ ‬මහින්ද මහරහතුන්‭ ‬වහන්සේ ලංකාපුරයට වැඩ එහි‭ ‬ධර්මය ස්ථාපිත කොට දියුණු‭ ‬ජන සමාජයක්‭ ‬බවට පත්‭ ‬කළා.

අප හෙළබිමේ සිටි‭ ‬මේ ධර්මාශෝක රජතුමා රජතුමා මුළු‭ ‬දිවයිනම දැහැමින්‭ ‬පාළනය කළ නිසා සමහරුන්‭ ‬එතුමා සක්විති‭ ‬රජෙකු‭ ‬වශයෙන්ද හැඳින්වූවා. ඉන්පසු‭ ‬මුලු‭ ‬දිවයිනම එකම ධජයක්‭ ‬යටතේ පාළණය වූ‭ ‬අතර දඹදිව හා ලංකාපුර කියා වෙන්‭ ‬වශයෙන්‭ ‬නැතිව මේ දිවයිනටම ලක්දිව නොහොත්‭ ‬හෙළදිව කියා ව්‍යවහාර කළා..

මෙම කාළයට සමගාමීව මෙන්‭ ‬භාරත දේශය හෙවත්‭ ‬සින්ධු දේශයේ ‘දේවානම්පියදස්සී’ නම්‭ ‬ඇති‭ ‬යුධ කිරීමට ශූරයෙකු‭ ‬වූ‭ ‬චණ්ඩ වූ‭ ‬ප්‍රබල රජෙකු‭ ‬සිටියා. ඔහුගේ පියා බින්දුසාර නම්‭ ‬වූ‭ ‬අතර ඔහුගේ සීයා චන්ද්‍රගුත්ත නම්‭ ‬විය. 

එම කාලයේ භාරත දේශය මහා ඇලෙක්සැන්ඩර්‭ ‬රජු‭ ‬යටතේ වූ‭ ‬ග්‍රීකවරුන්ගේ අධිරාජ්‍යයක්‭ ‬විය.

සෙලියුකස්‭ ‬නිකේටර්‭ ‬නම්‭ ‬ග්‍රීක සෙම්පතියාගේ දුවණිය වූ‭ ‬හෙලේනා විවාහ කරගත්‭ ‬චන්ද්‍රගුත්ත රජු‭ ‬භාරතයේ බලය නැවත ලබාගත්‭ ‬නමුදු‭ ‬නිතර යුධ ගැටුම්‭ ‬එහි‭ ‬දිගටම පැවතියා.

මේ චන්ද්‍රගුත්ත රජුගේ මුණුපුරුවූ එමෙන්ම බින්දුසාර රජුගේ පුත්වූ‭ ‬දේවානම්පියදස්සී‭ ‬රජු‭ ‬චණ්ඩ යුධ ශූරයෙකුවූ‭ ‬අතර ඔහු‭ ‬කාලිංග වැනි‭ ‬මහා යුද්ධ ජනසංහාර කොට යුධ ජයග්‍රහණය කොට භාරත අධිරාජයා බවට පත්වුනා. එහෙත්‭ ‬ඔහුතුල කිසිඳු‭ ‬තෘප්තියක්‭ ‬නොවීය. 

මේ දේවානම්පියදස්සී‭ ‬රජුට හෙළදිව ජම්බුද්වීපයේ සිටි‭ ‬අශෝක රජුගේ ධර්මප්‍රචාරක පණිවුඩය ලැබුණා. යුද්ධ කොට කළකිරී‭ ‬සිටි‭ ‬දේවානම්පියදස්සී‭ ‬(දේවානම්පියතිස්ස) අධිරජු‭ ‬එම බුදුදහම ඉහළින්ම පිළිගත්තා.. 
         බුදුදහම වැළඳගත්‭ ‬මේ භාරත දේවානම්පියතිස්ස අධිරජු‭ ‬තම චණ්ඩත්වය පසෙක දමා දැහැමින්‭ ‬රාජ්‍ය පාළනය කරන්නට සිතා ගත්තා.. 

ඉන්පසු‭ ‬එතුමා භාරතය පුරා වෙහෙර විහාර සාදවා හෙළදිවට අනුරූපීව දඹදිවක්‭ ‬එහි‭ ‬නිර්මාණය කොට ජනතාවට වඳින්න පුදන්නට අවශ්ථාව උදා කළා. හෙළදිව පැවැති‭ ‬බුදුදහම ඇතුලු‭ ‬සියලු‭ ‬දේම වාගේ අනුකරණය කරමින්‭ ‬ධාර්මිකවූ‭ ‬එතුමාට පසුකලෙක ජනතාව කීවේ ධර්මාශෝක රජු‭ ‬කියායි. 

කෙසේ හෝ භාරතයට බුදුදහම පැමිනීමත්‭ ‬සමග විශාල වෙනස්කම්‭ ‬රැසක්‭ ‬එහි‭ ‬ඇතිවුනා. එවකට අධ්‍යාත්මිකව එතරම්‭ ‬දියුණු‭ ‬තත්වයක නොසිටි‭ ‬එරට දියුණු‭ ‬ජන සමාජයක්‭ ‬බවට ක්‍රමයෙන්‭ ‬පත්‭ ‬වුණා. ක්‍රමාණුකූළව ලියූ‭ ‬ඉතිහාසයක්වත්‭ ‬නොතිබූ‭ ‬ඔවුන්‭ ‬ග්‍රන්ථ සාහිත්‍ය පිළිබඳ උනන්දුවක්‭ ‬ඇති‭ ‬වුණා. ඔවුන්‭ ‬ඉන්පසු‭ ‬අධ්‍යාපන පැත්තෙන්‭ ‬කොතරම්‭ ‬දියුණු‭ ‬වූවාද කිවහොත්‭ ‬පසුව නාලන්දා වැනි‭ ‬විශාල අධ්‍යාපන ආයතන බිහිවුණා. විදෙස්‭ ‬රටවලින්‭ ‬පවා එහි‭ ‬අධ්‍යාපනය ලබන්නට බොහෝ අය පැමිණියා.  බු.ව. 900 පමණ වනවිට නාලන්දාවේ අධ්‍යාපනය ලබා මෙහි‭ ‬පැමිණි‭ ‬බුද්ධඝෝෂ වැනි‭ ‬ඉන්දීය භික්ෂුන්‭ ‬වහන්සේලා අපගේ හෙළ අටුවා ත්‍රිපිටක පොත්පත්‭ ‬පවා පාළියට පරිවර්ථනක කර ලියා තැබුවා. 

එසේම ඉන්පසු‭ ‬පැමිණි‭ ‬මහානාම වැනි‭ ‬හිමිවරුන්ද ඉතිහාස පොත්‭ ‬මෙහි‭ ‬පැමිණ ලියා තැබුවා.

ඉන්‭ ‬සුලු‭ ‬කලකට පසු‭ ‬ඇතිවූ‭ ‬මහාවිහාර අභයගිරි‭ ‬ගැටුමේදී‭ ‬අභයගිරිකයන්‭ ‬විසින්‭ ‬දේශපාළන සහායද ඇතිව දිවයිනේ තිබූ‭ ‬සියලුම ත්‍රිපිඨක හා ඉතිහාසගත පොත්පත්‭ ‬ගෙන්වා මහාසෑය අභියස ඇතුන්‭ ‬හත්‭ ‬දෙනෙකුගේ උසට ගොඩ ගසා ගිනිතබා විනාශ කර දමන ලදී.. 

ඇත්තටම මෙය දේශපාළණික කුමන්ත්‍රණ යක්ද නැතිනම්‭ ‬අන්‭ ‬දෙයක්ද කියා සිතා ගන්නට තවමත්‭ ‬අපහසුය. කෙසේ හෝ ඉන්‭ ‬අනතුරුව බෞද්ධ අපට ඉතිරි‭ ‬වූයේ බුද්ධඝෝෂ හිමියන්‭ ‬විසින්‭ ‬ලියන ලද පෙළ පොත්පත්‭ ‬ටික හා පතංජලී, වෛදික භාෂා පොත්පත්‭ ‬ටිකයි. 

ඉන්පසුවයි‭ ‬සියල්ල අවුල්‭ ‬සහගත තත්වයට පත්වූයේ.. 

මේ ලංකාපුර දේශය ගෝතම බුද්ධ කාලීනව අදට වඩා තරමක්‭ ‬විශාල භූමිභාගව තිබුණා. ඉන්දියාව පැත්තට වෙන්නට විශාලව තිබූ‭ ‬එම භූමිය බුද්ධ පරිණිර්වාණයෙන්‭ ‬පසු‭ ‬කාලයක ඇතිවූ‭ ‬මහා මුහුදු‭ ‬ගොඩගැලීමකින්(සුනාමියකින්) පසු‭ ‬නාග හෙළ දීපයට අයිති‭ ‬කොටසක්‭ ‬මුහුදට යට වුනා. 

අප බුදුරදුන්‭ ‬පහල වන්නට අවුරුදු‭ ‬250කට පමණ ප්‍රථමත්‭ ‬ඊටත්‭ ‬වඩා විශාලව තිබූ‭ ‬ලංකාපුර තවත්‭ ‬විශාල කොටසක්‭ ‬මුහුදු‭ ‬ගොඩ ගැලීමකින්‭ ‬යටවී‭ ‬ගියා. 

එනම්‭ ‬ඒ රාම රාවණ යුධ ගැටුම්‭ ‬පැවති‭ ‬කාලයේදීයි.

කාශ්‍යප බුදුරදුන්‭ ‬පිරිණිවී‭ ‬කාලයක්‭ ‬ගියපසු‭ ‬රාවණ නමින්‭ ‬චක්‍රවර්ති‭ ‬රජ පරපුරක්‭ ‬ලංකාපුර සිටියා. 

එහි‭ ‬විශ්‍රවස්‭ ‬මුණිවරයා අවසන්‭ ‬සක්විති‭ ‬රජු‭ ‬වුනා. 

විශ්‍රවස්‭ ‬මුණිවරයාගේ පියා පුලස්ති‭ ‬සෘෂිවරයා වූ‭ ‬අතර එතුමන්ගේ පුතු‭ ‬වූයේ‭ ‬8 වන රාවණ රජුයි. ඔහුගේ චක්‍රවර්ති‭ ‬බලය පිරිහී‭ ‬ගියා..

එවකට මේ විශාල හෙළ දිවයින දේවහෙළ හා ලංකාපුර වශයෙන්‭ ‬කොටස්‭ ‬දෙකකින්‭ ‬යුත්ත වූවා. දේවහෙළයේ දසරථ රජු‭ ‬අයෝද්‍යා නුවර රජකම්‭ ‬කළ අතර මේ රාවණ පරපුරේ‭ ‬8 වන රාවණ රජු‭ ‬සිටියේ ලංකාපුර කියන කොටසේයි. එවකට දකුණු‭ ‬ඉන්දියාවට කිට්ටු‭ ‬වෙනකම්ම වාගේ මේ ලංකාපුර හෙළ භූමිය පැවතියා. 

ඒ සීයල්ලේම පාළකයා වූයේ එම රාවණ අසුර රජුමයි.

එවිට රාම රජු‭ ‬සිටියේ කොහේද? 

ඇත්තම කියනවනම්‭ ‬රාම රජු‭ ‬සිටියේ අප දිවයිනේ දේවහෙළ කොටසේ පිහිටි‭ ‬අයෝද්‍යා නුවරයි. ඔහුගේ පියා දසරථ රජුයි. රාම කුමරා ලංකා කොටසට ගොස්‭ ‬ඒ අසුර රාවණ රජු‭ ‬සමග යුධ වැදුනා. ප්‍රදේශ දෙකේ ඇතුවූ‭ ‬කිසියම්‭ ‬දේශපාළනික ගැටලුවක්‭ ‬නිසා රාවණ රජු‭ ‬විසින්‭ ‬රාම කුමරුගේ පෙම්වතිය වූ‭ ‬සීතා කුමරියව පැහැරගෙන ප්‍රාණ ඇපයක්‭ ‬වශයෙන්‭ ‬සිරකොට තබා ගැනීමයි‭ ‬යුද්ධයට මූළික හේතුවක්‭ ‬වූයේ. 

එම යුද්ධයේදී‭ ‬රාම කුමරුට සහාය දැක්විමට ඉන්දියාවේ සිට වානර නම්‭ ‬යක්ක හමුදාවක්ද මුහුදෙන්‭ ‬පාළමක්‭ ‬සාදාගෙන ලංකාපුරට ආවා. රාවණ රජුගේ සොයුරෙකු‭ ‬වූ‭ ‬කැළණිය ප්‍රදේශයේ සිටි‭ ‬විභීෂන රජුගේ සහායද රාම කුමරුට හිමි‭ ‬වුනා. එම ලංකාවේ කොටසක්‭ ‬තමයි‭ ‬ඒ කාළයේ මුහුදට ගිලා බැස්සේ.  

කෙසේ හෝ එම රාවණ අසුර රජුගේ වියෝවෙන්‭ ‬පසු‭ ‬ඉන්ද්‍රජිත්‭ ‬රජු‭ ‬ලංකා අසුර කොටසේ පාළනය කළා. එහිදී‭ ‬එම රාවණ රජුන්ගේ සොයුරන්‭ ‬වන කුවේර, විභීෂණ, කුම්භකර්ණ ආදීන්ගෙන්‭ ‬යක්ක, නාග, කුම්භණ්ඩ ආදී‭ ‬වෙනම රාජ්‍යයන්‭ ‬බිහිවී‭ ‬වෙනම පාළණය වුනා. 

ජම්බුද්වීපය හා දේවහෙළය වෙනම එකට පිහිටියා. 

කෙසේ හෝ අප ගෝතම බුදුන්‭ ‬වහන්සේගේ කාළය වන විට යක්ක හෙළ හෙවත්‭ ‬ලංකාපුර කොටස වෙස්සවන මහ රජුගේ පාළණය යටතේ පැවති‭ ‬අතර ජම්බුද්වීපයේ ජනපද‭ ‬16ක්‭ ‬පමණ වෙන වෙනම රජ වරුන්‭ ‬යටතේ පාළනය වුනා. එහි‭ ‬තිබූ‭ ‬කිඹුල්වත්‭ ‬පුරයේ තමයි‭ ‬සිදුහත්‭ ‬කුමරුගේ පියාවූ‭ ‬සුද්ධෝදන රජුත්‭ ‬සිටියේ. ඉන්‭ ‬ඉහළ දේව හෙළයේ පුරවල දේවයන්‭ ‬වහන්සේලා සිටියා..

එහෙනම්‭ ‬මේ සියලු රජවරු‭ ‬හිටියේ ඉන්දියාවේද? 

නැත. 

මේ අප උපන්‭ ‬හෙළබිම සියලු‭ ‬බුදුවරු‭ ‬උපන්‭ ‬දේශයමයි‭…‬ 

අද අපේ සමහර අය විවිධ මනස්ගාත හේතූන්‭ ‬නිසා දැන හෝ නොදැන මුළාවී‭ ‬අපේ මහා වීර මීමුත්තන්ට පයින්‭ ‬ගසමින්‭ ‬ඔවුන්ව ඉන්දියාවට තල්ලු‭ ‬කරමින්‭ ‬සිටිති. 

මේ රටට යහපතක්‭ ‬වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි‭ ‬තැන්‭ ‬ලබාදුනහොත්‭ ‬පමණයි…

මේ රටේ ඉතිහාසය යලි‭ ‬නිවැරදි‭ ‬වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි‭ ‬තැන්‭ ‬ලබාදුනහොත්‭ ‬පමණයි… 

මේ රටේ අනාගත පරපුර රටට ආදරය කරන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි‭ ‬තැන්‭ ‬ලබාදුනහොත්‭ ‬පමණයි…

මේ රට නැවත බුදුන්ගේ දේශය වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි‭ ‬තැන්‭ ‬ලබාදුනහොත්‭ ‬පමණයි…

උතුම්‭ ‬ලක්‭ ‬මවගෙන්‭ ‬ජනිතවූ‭ ‬ සුජාත, අතිජාත, සජාත, අනුජාත වැදගත්‭ ‬හොඳ දරුවන් මෙන්ම පාළක වරුත්, පූජක වරුත්‭ ‬නින්දෙන්‭ ‬නැගිට ඇස්‭ ‬ඇර බලත්වා... 

මටත්‭ ‬අනෙක්‭ ‬අයටත්‭ ‬ටික දෙනෙක්‭ ‬බනියි. ඒත්‭ ‬ගොඩාක්‭ ‬දෙනෙක්‭ ‬මෙතනින්‭ ‬ගොඩ යයි. කාලයක්‭ ‬පටන්‭ ‬ලියන්න කියා හිතන්‭ ‬සිටි‭ ‬දේවල්‭ ‬ගොඩක්‭ ‬මේ වන විට මා හෙළ සමාජයට කියල පෙන්වල දීල තියෙනවා.. මේ උතුම්‭ ‬හෙළ මව්‭ ‬රටට මා නය ගැති‭ ‬නෑ කියා සිතෙන මගේ සිත දැන්‭ ‬ටිකක්‭ ‬නිදහස්.. 

මේ හෙළ රටට හොඳ හෙළ පරපුරක්‭ ‬නැවතත්‭ ‬ඉක්මනින්ම බිහිවනු‭ ‬ඇතයි‭ ‬මා විශ්වාස කරනවා... 

තෙරුවන්‭ ‬සරණයි...

No comments:

Post a Comment