Saturday, October 25, 2025

බුද්ධගෝෂ සහ මහානාම කල සංස්කෘතික සංහාරය

බුද්ධගෝෂ සහ මහානාම නැමැති දමිළ ඉන්දියානු සංක්‍රමිකයන් කල සංකෘතික සංහාරය අති විශාලය.
ඔඋන් ලංකාවට පැමිණියේ හෙළ පොත් නොහොත් පූස් කොළ පොත් පුච්චා විනාස කිරීමටය.  ඔඋන් පැමිණියේ හෙළ පොත් පාලියට පරිවර්තනය කිරීමටය යන බොරු උප්පර වැට්ටියකින්.

පරිවර්තනයෙ අඩුපාඩු එමටය.
එය සංෂිප්තය.
වැදගත් කොටස් හලා ඇත.
වැරදි දේ ආදේශ කොට ඇත.
බරපතලම කාරණය මුල් පිටපත් ගොඩ ගසා විනාස කිරීමය.
කාලිංග විනාශය වැනිය.

මෙයට දෙන නම මහාවිහාර සංස්කෘතික සංහාරයයි.

සිංහල බසට කිව්වේ හෙළ බස කියාය. අපට උරුම අක්ෂර මලාවකුත් තිබුනා.

පාලි භාෂාව ලාන්කික බසක් නෙවෙයි.
සංස්කෘතික මෙන් ඉන්දියාවෙන් ආදේශ උවකි. පාලි යනු බුදු දහමේ අර්ථය නිරුර්ථ කල භාෂාවකි

බොදු දහම අවබෝද කිරීමට ඇති ලොකුම බාදාව පාලි සහ එහි ව්‍යාකරනය.

මම ලොකු අනවබෝදයකින් සිටියෙමි.

බුදු දහම ඉගෙන ගැනීමට පාලි අනිවාර්යෙන්ම ඉගෙන ගත යුතුයි කියා මගේ මතයක් තිබුනා.

මම ලොකු පාලි ශබ්දකෝෂයක් මිලදී ගතිමි.
Dhamma යන වචනය යටතේ පිටු දහයකට වැඩි විස්තරයක්.

එය පසෙක තබා Bhikku Bodhi විසින් ඉන්ගිරිසියෙන් ලියන ලද  පොත් කියවන්න පටන් ගත්තා.

ඒ විතරක් නෙවේ සරල ඉන්ගිරිසියෙන් දහම් පොත් කිහිපයක් සංරක්ෂනය කලා.

සිංහලෙන් ලියන්න පටන් ගත්තේ ළඟදි.