පාඩම 11
මැණික් තුනක් සහිත මහා නිධානයේ කතාව (සත්‍ය ගවේශණය)
'ධර්මය තුල සැගවුනු බණ නැත. රහස් බණ නැන' යනුවෙන් බුදු හිමියන් දෙසූ බව සැබෑය. එමෙන්ම මාගේ ඇවෑමෙන් මේ දහම එලෙසින්ම ත්‍රිපිඨකයේ පවතිනු ඇතැයි කියා බුදු හිමියන් නොදෙසූ බවද සැබෑය.
අද පවතින ත්‍රිපිඨකයේ විසිරී තිබෙන මේ පිරිසුදු බුදුදහම වටහා ගන්න නම් බුද්ධ ඉතිහාසය හරියට දැන ගත යුතුම වෙනවා.. නොමැතිනම් උන්වහන්සේ එදා උපමාවට කතවට ගත් බාහිර පරිසරය නොදැන කෙසේ දහම නිරවුල් කර ගන්නද? එසේම උන්වහන්සේ දේශණා කළ මාගධී බස් වහර හරියට තේරුම් නොගෙන කෙසේ නම් උතුම් දහමේ ඇති අර්ථ නිරුත්ති වටහා ගන්නද? ඉතින් මේවා අවුල් කරගෙන තමන් ධර්මය හොඳින් දන්නවා යැයි සිතිම කොතෙක් දුරට නිවැරදි වනු ඇතැයි වරක් දෙවරක් නොව බොහෝ වරක් නුවණින් විමසා බැලිය යුතුම නොවේද..?
රන් තැඹිලි කතාව
සත්‍ය ඉතිහාසයම පවතී නම් පමණක් ඒ ගැන සොයමින් කාළය වැය කරමින් සිටීමට අවශ්‍ය නොමැත. එහෙත් ගැටලුව නම් එය පසුකාලීනව බොහෝ අය එය පටලවා ගෙන ඇති කමයි. එයයි නිවැරදි කරගත යුත්තෙ. ඉතිහාසය අවුල් නම් පිරිසිදු ධර්මය එහි පවතීදැයි ස්ථිර වශයෙන් කෙසේ නම් කිව හැකිද? නිදානයක් ගන්නට නම් අන් තැන් හාරා පලක් නැත. නියම තැනටමයි අප යා යුත්තේ. එනිසයි අපි මේව මේ තරමට දැනුවත් කරන්නේ..
බුදුරදුන් තමන් ගැන සොයන්නට එපා කීවා යැයි කීම සාවද්‍ය මතයකි. උන්වහනේ කීවේ අවශ්‍ය නම් තමන්ගේ බුද්ධත්වය ගැනද විමසා සොයා සැක හැර ගත යුතු බවයි. කිසි විටෙකත් සිතීමට, විමසීමට ඇති නිදහස බුදුදහමේ අවහිර කර නැත. සත්‍ය දැකීමට නම් සියල්ලක්ම පට්ට ගසා (පට්ඨාන) විමසා බලා මුල, මැද, අග විභාග කර දත යුතු වෙනව. සූත්‍රයට විනයට නිසි ලෙස බහා බලන්නට වෙනවා..
නුවණින් බුදුන් දැක නිවන් දැකීමයි කළයුත්තේ. එසේනම් තම ගුරු උතුමාගේ ඉතිහාසයවත් හරියට නොදැක, වැරදියට පටලවාගෙන දහම් දකින්නේ කෙසේද කියා සිතන්න.. යමෙක් මනාව මේ පටිච්ඡ සමුප්පන්න ක්‍රියාවලිය දකීද ඔහු ධර්මය දකී..
යමෙක් ධර්මය මනාව දකීද ඔහු බුදුරදුන් නිවැරදිව නුවණින් දකියි.. එනම් උන්වහන්සේ දෙවියෙක් බඹෙක් ලෙස නොව, උන්වහන්සේ මේ හෙළ පොළවේම පා තියල ගිහින් (පයින් වැඩල) එදා සිටි දෙවි, මනුස්ස, අමනුස්ස කියන සියලු ගෝත්‍රවල ජනතාවට නිවෙන මග පෙන්වා දීපු උත්තමයෙක් කියල මනාව නුවණින් දකියි.
කොතැනද අපට වැරදුනේ?
ඉතින් යමෙක් මේ සත්‍ය සොයා ගැනීමට අදක්ෂවූ පමණින්, තම බුද්ධිය ඊට අඩුවූ පමණින් හා තමන් මවාගෙන සිටින් පුහු මනෝ ලෝකයෙන් මිදීමට ඇති අකමැත්තෙන් යුතුව අනිත් අයටත් මේ සත්‍යතාව දැන නිවනට යන මග වසාලන්නට තැත් කරාවි නම් එය තමන් බුදුසසුනට කරන කොතරම් අපරාධයක්දැයි තම තමන්ගෙන්ම විමසා බලත්වා...
බුදුහාමුදුරුවො කවුද? කොහේද හිටියෙ කියල දැනගැනීම අවශ්‍ය නැති දෙයක්ද?
සත්‍ය වශයෙන්ම ඝනඳුර නසාලන හිරු මෙන්, අවිද්යාඳුර දුරලන ප්රඤාලෝකය වූ, ශාක්‍ය හෙවත් සූර්ය වංශයෙන් පැවත ආ, අප සැමගේ මුණිවරයාණන්වූ, නායකයාණන්වූ, ගුරුවරයාණන්වූ, රජුන්වූ, පියාණන්වූ ගෝතම බුදුන්වහන්සේ බුදුවූයේත්, පන්සාළිස් වසක් පමණ සද්ධර්මය දේශනා කොට පිරිණිවන්පා වදාළේත් මේ ලක් හෙල දෙරණේ සිටමයි... එය පරම සත්‍යයි...
කළබල වෙන්න දෙයක් නෑ මිතුර,මිතුරිය.. අපිත් කලින් වැරදියට තමයි සිතන් සිටියේ.. ඒත් අපක්ෂපාතීව ඉවසීමෙන් කරුණු හොයාගෙන යනකොට අවිද්‍යා මුළාව දුරුවෙලා සත්‍ය මතුවෙනවා.. ඔබත් මුලින්ම තොරතුරු සොයන්න උත්සාහ ගන්න..
මේ ලොව සත්‍ය කියා දෙයක් තිබෙනවා. එය බොහෝ විටදී සැඟව යටපත්වයි පවතින්නේ. එයට හේතුව නම් මායාකරී විඤ්ඤාණය විසින් සත්‍ය සැම විටම වසා දමන නිසාය. එහෙත් ප්‍රඤ්ඤාවන්ත පුද්ගලයා අවිද්‍යා මායා මුළාවෙන් මිදී තමන් විසින්ම සත්‍ය වටහා ගනියි.. අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසත්වා..
ඉතින් මේ ඇත්ත සත්‍ය දැක දැකත්.. එය යටපත් කරගෙන මනෝ සංස්කාර ලෝක වල සැඟවෙන්නට වෙර දරන අය.. කෙසේ නම් ලෝබ ද්වේෂ මෝහ නැමැති කෙලෙස් මුල් ගලවා දමා සංසාරයෙන් මිදී නිවන දකින්නේ දැයි තමන්ම විමසා බලත්වා... මෙතන සත්‍ය වැසීමට තම සිත තුළම වංචක ධර්මයක් ක්‍රියාත්මක වන බව නුවණින් වටහා ගනිත්වා.. සත්‍ය යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි.. අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසමුද..? නොමැතිනම් ඇත්ත වසන් කොට බොරුවෙන් තනාගත් මනස්කල්පිත ලෝකයක මුළාවී සිටින්නෙමු ද..?
බුදුරදුන්ගේ උපන්බිම සත්‍ය අපට හෙළි කරනවාට ප්‍රධාන වශයෙන් විරුද්ධ කවුරුන්ද?
මෝහයෙන් මිදී නිවන් දැකීමට උපකාර කර ගනිත්වා...මිසදිටුව දහමට ගරහා පව් සිදු කර නොගනිත්වා... කිසිවෙක් අමනාප නොවෙත්වා.. සත්‍ය සොයා නිවැරදි මාවතේ යන ඔබට යහපතක්ම වේවා.. තවත් බොහෝ දෙනෙකුට මෙම පරම සත්‍ය පෙන්වා දීමට සහයෝගය දක්වා පිං සිදු කරගනිත්වා....
තෙරුවන් සරණයි...
සුසිත් ආර්යරත්න
Wednesday, October 1, 2025
පාඩම 11
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment