Wednesday, October 1, 2025

පාඩම 12

 පාඩම 12

සුර-අසුර, රාම-රාවණ , දෙවි- මිනිස් හා බුදුහාමුදුරුවෝ ?



By බුදුවරුන් පහළවන හෙළබිම ගවේශණය at 


එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම.. 




අපගේ සම්බුදු‭ ‬පියාණන්‭ ‬වහන්සේ අපේ දඹදිව කොටසේවූ‭ ‬රජගහ නුවරට ‭ ‬නුදුරෙහි‭ ‬වු, ගිජ්ජකූට නමින්‭ ‬එදා ප්‍රකට වූ, පර්වත විහාරයෙහි‭ ‬වැඩ වසනවා. එක්‭ ‬දවසක්, එවකට ලක්දිව කොටසේවූ‭ ‬යක්ඛ ගෝත්‍රික මහ රජවරු‭ ‬හතර දෙනා ඇතුලු‭ ‬වගකිව යුත්තන්‭ ‬තම සේනාවන්‭ ‬ද සමග බුදුපියාණන්‭ ‬බැහැදකින්නට පැමිණියා. 
මොවුන්‭ ‬මෙසේ පැමිණියේ යම්‭ ‬විශේෂ කතිකාවක්‭ ‬සඳහායි. ඉතා වැදගත්‭ ‬යමක්‭ ‬ප්‍රකාශ කිරීමටයි..  ඒ එන්නේ බෞද්ධ ජනතාවට යක්ඛ නාගාදීන්ගෙන්‭ ‬වන හිරිහැර නිසා ඉදිරියට එවන්දේ නොවන්නට සම්මුති‭ ‬ගිවිසුමක්‭ ‬ඇතිකර ගන්නයි. මොකද යක්කු‭ ‬බෞද්ධයන්ට කරදර හිරිහැර කරනවා කියල පැමිණිලි‭ ‬ගොඩාක්‭ ‬තිබුනා..

ඉතින්‭ ‬බුදුහාමුදුරුවො දිවයිනේ ඒ හිටි‭ ‬ඒ යක්ඛ. නාග ජාතිවල නායකයින්ව කැඳවනවා.. එහෙනම්‭ ‬බුදුහාමුදුරුවන්ගේ අණට යක්කු‭ ‬අවනත වෙන්න කිසියම්‭ ‬විශෙෂ හේතු‭ ‬කීපයක්‭ ‬තියෙනවා. ඉන්‭ ‬එක හේතුවක්‭ ‬තමයි‭ ‬ඔවුන්‭ ‬හා තිබුණු‭ ‬ඤාති‭ ‬සම්බන්ධය. (ඒක ඉස්සරහට කතාකරමු‭ ‬) කොහොමහරි‭ ‬එදා සිටි‭ ‬හැම ජාතියක්ම පිළිගත්තා බුදුරජුන්‭ ‬ඔවුන්ගේද නායක රජුන්‭ ‬හැටියට.. ඒ නරසීහයාණන්‭ ‬වහන්සේ තමයි‭ ‬එදා මේ හෙළයේ මහා සීහළයාණන්‭ ‬වහන්සේ වුනේ...
බුදුරදුන්‭ ‬එදා වැඩසිටි‭ ‬රජගහ නුවරත්, ගිජ්ජකූට නම්‭ ‬පර්වත විහාරයත්, යක්ඛ රාජ්‍යයත්‭ ‬පිහිටියේ එකම දීපයක්‭ ‬වූ‭ ‬මේ හෙළදීපයේමය.. ඒ බව මේ ආටානාටිය සූත්‍රයේ පැහැදිලිවම සඳහන්‭ ‬වේ. නමුත්‭ ‬පාලන ප්‍රදේශ දෙකක්ය. (පසු‭ ‬කාලයේදී‭ ‬තමයි‭ ‬මේ දෙකම එකක්‭ ‬වන්නේ.)
ඉතින්‭ ‬ඒ ලංකා පාළන ප්‍රදේශයේ පිහීටි‭ ‬අනු‭ ‬රාජ්‍ය හතරේම නායක මහා රජු‭ ‬තමයි‭ ‬වෙසමුණි‭ ‬පෙළපතෙන්‭ ‬එන පණිත රජු‭ ‬කියන්නේ. ඔහුටම කුවේර/වෙසමුණි/වෙස්සවන යන නාමයනුත්‭ ‬භාවිතා වුනා. ඒ වගේම යක්ඛ කියන ජනතාවගේ මහ රජු‭ ‬නිසා මහ යකා කියලත්‭ ‬සමහරු‭ ‬ඔහුට කියනවා. ඔය නාග, කුම්භන්ඩ, ගන්ධබ්බ කියන අනු‭ ‬රාජ්‍ය නායකයින්‭ ‬හා ඒ වැසියනුත්‭ ‬මොහු‭ ‬යටතේමයි‭ ‬හිටියේ.. කවුරුත්‭ ‬මේ මහා යකාගේ අණට උඩින්‭ ‬යන්නේ නෑ. 

ඉතින්‭ ‬පොදුවේ මේ ජන කොටස්‭ ‬හතරටම කීවේ යක්ඛ හෙවත්‭ ‬අසුර ජනතාව කියායි. එසේම ඔවුන්ට අමනුස්සයො කියාත්‭ ‬කීවා.. මේ දිවයිනේම එදා මේ අය සිටි‭ ‬රාජ්‍ය කොටසට කීවේ ලක්දිව හෙවත්‭ ‬යක්ඛ හෙළය කියායි. ඔවුන්‭ ‬එක එක ජාති‭ ‬ආගම්‭ ‬මිශ්‍ර අයයි. (දෙමළ, මුස්ලිම්‭ ‬අය වගේ කියල දැනට හිතා ගන්නකෝ.) ඔවුන්‭ ‬බෞද්ධ අයත්‭ ‬නොවේ. '' මේ යක්කුත්‭ ‬එක්ක අපිට එකට ඉන්න බෑ'' ''මේ අමනුස්සයොත්‭ ‬එක්ක මොනවත්‭ ‬කරන්න බෑ'' වගේ පැරණි‭ ‬කියමන්‭ ‬වලින්‭ ‬එන්නේ මේ කතාව තමයි.
ඉතින්‭ ‬ඔය ජන කොටස්‭ ‬එහෙම පැත්තක ඉන්න අතරේ මේ දිවයිනේම වූ‭ ‬දඹදිව කියන කොටසේ හිටියේ කවුද? ඔවුන්‭ ‬තමයි‭ ‬මනුස්ස හා දේව කියන්නේ. මනු‭ ‬රජුගෙන්‭ ‬පැවතෙන ජන කොටස තමයි‭ ‬මනුස්ස කියන්නේ. කඳුකර ප්‍රදේශ වල බහුලව සිටියේ දේව ජනයායි.. ඔය දෙවි, මනුස්ස කියන දෙකොටසත්‭ ‬සමහර කාල වලදී‭ ‬ඇන කොටා ගන්නවා. යුද්ධ කරනවා. ඔය යුද්ධ ගැටුම්‭ ‬වලදී‭ ‬බොහෝ වෙලාවට යක්ඛ ජනතාව දේව ජනයාටත්, නාග ජනතාව මනුස්ස ජනතාවටත්‭ ‬සහාය දක්වලා තියෙනවා..

ඉතින්‭ ‬අපි අපේ මහා සීහෙළයාණන්ගේ සුලමුල හරියට හොයා නොගෙන අන්ධයෝ වගේ වැඩ කරන්න හොඳ නෑ..  අවුරුදු‭ ‬2600 කට කලින්‭ ‬එදා ජාති‭ ‬කුළ මල වශයෙන්‭ ‬බෙදී‭ ‬ගිය සිව්‭ ‬හෙළයා එක්සේසත්‭ ‬කල ඒ මහා සීහළයාණන්‭ ‬කවුද කියලා මුලින්ම හරියට දැන ගැනීම ඉතා වැදගත්. ඒ මුදුන්‭ ‬මුල විනාශ කරල කොහොමද අපි‭ ‬ගහ රැක ගන්නේ..? ඉතින්‭ ‬අපේ කොඳු‭ ‬නාරටි‭ ‬කඩපු‭ ‬තැන්‭ ‬දැනගෙන ඒ තැන්වලට මුලින්ම බෙහෙත්‭ ‬කර ගත යුතුයි.. ඒ කියනේ ඉතිහාසය වෙනස්‭ ‬වුනු‭ ‬තැන්‭ ‬දැන හදා ගන්න ඕනි..
 එනිසා මුලින්ම ඇත්ත ඇති‭ ‬සැටියෙන්‭ ‬හොයමු.. ඒකට ඉතිහාසය හදා නිවැරදි‭ ‬ගන්නම වෙනවා.. ඉතින්‭ ‬අපි‭ ‬අපේ මහා සීහෙළයා පරදේශයකට තල්ලු‭ ‬කරලා රටක්‭ ‬ජාතියක්‭ ‬සමයක්‭ ‬රකින්නේ කොහොමද..? අපේත්, දරුවන්ගෙත්‭ ‬සතුටුදායී‭ ‬අනාගතයක්‭ ‬හදන්නෙ කොහොමද?
සිංහයෝ කියන අපි‭ ‬හිතන්‭ ‬හිටිය අපේ මහ එක්කෙනා සිංහ කියන තිරිසනෙක්ගෙන්‭ ‬පැවත එන විජය කියල.. අපිත්‭ ‬බූරුවෝ වගේ පොතේ තියෙන විදියට එහෙමම පිළි‭ ‬අරගෙන හිටියා..දැනටත්‭ ‬සමහරු‭ ‬ඉන්‭ ‬එහාට කිසිවක්‭ ‬හොයන්න යන්නෙත්‭ ‬නෑ.. අපි‭ ‬කිව්වට පිළි‭ ‬ගන්නෙත්‭ ‬නෑ..  එයාල අහන්නේ, පිළිගන්නේ ඉන්දියානුවෙක්‭ ‬හරි‭ ‬සුද්දෙක්‭ ‬හරි‭ ‬කිව්වනම්‭ ‬විතරයි.. ඉතින්‭ ‬ඒකනේ අපේ බුදුහාමුදුරුවොත්‭ ‬පිට රටකට තල්ලු‭ ‬කරල හිඟන්නො වගෙ කට ඇරන්‭ ‬බලන්‭ ‬ඉන්නේ..
  
 බුදුහාමුදුරුවෝ කියන්නේ මේ හෙළ රටේ හිටි‭ ‬අති‭ ‬උත්තම හෙළ රජෙක්.. උන්වහන්සේට කලින්‭ ‬එවැනිම තවත්‭ ‬බුදුවරු‭ ‬තුන්‭ ‬නමකුත්‭ ‬හිටියේ මේ හෙළ රටේම තමයි.. යුගයෙන්‭ ‬යුගයට එවැනි‭ ‬උත්තමයින්‭ ‬පහලවෙලා බෙදී‭ ‬ගිය මේ රට එක්සේසත්‭ ‬කරල, ධර්ම මාර්ගය පෙන්වා දීල විමුක්තිය උදා කරනවා.. ඒක මුලින්ම හරියට තේරුම්‭ ‬ගත යුතුයි...
විවිධ ජන වර්ග එදත්‭ ‬මේ දිවයිනේ හිටිය.. නාග, යක්ඛ, මනුස්ස, දේව ආදී‭ ‬වශයෙන්‭ ‬කියන්නේ ඒ කට්ටිය තමයි. මෙයාල එදත්‭ ‬දෙතුන්‭ ‬පැත්ත බෙදිල ගහගත්ත, මරාගත්ත.. 
    ශාක්‍ය, කෝළීය කියන්නේත්‭ ‬එහෙම දෙපැත්තක්‭ ‬තමයි.. ඔය ගහ මරා ගැනිල්ල නතර කරන්න ගහපු‭ ‬පොලිටික්ස්‭ ‬ප්ලෑන්‭ ‬එක තමයි‭ ‬එදා අපේ සුද්ධෝදන රජ්ජුරුවො කලේ.. එතුමා තමන්ගේ ශාක්‍ය වංශික මානය බිඳ දමල අඩු‭ ‬වංශයක රාජ දියණියක්‭ ‬සරණපාවා ගන්නවා.. ඇය තමයි‭ ‬කෝලීය වංශික මහාමායා කියන්නේ.. 
එදා මේ දිවයින ප්‍රධාන කොටස්‭ ‬දෙකයි.. ඒ දෙක තමයි‭ ‬ලක්දිව හා දඹදිව කියන්නේ.. මේ කියන හෙළ දඹදිව කොටසේ කපිලවස්තු‭ ‬පුර තමයි‭ ‬සුද්ධෝදන රජ්ජුරුවො හිටියේ.. එතකොට ලක්දිව කොටසේ හිටි‭ ‬ප්‍රබල රජ්ජුරුවො තමයි‭ ‬පණිත හෙවත්‭ ‬වෙසමුණි‭ ‬කියන්නේ.. ඔහුගේ පුතා සුමන සමන්.. දුව තමයි‭ ‬මහාමායා කියන්නේ.. ඇත්තටම මෙයාලා යක්ඛ කියන ජන වර්ගයටයි‭ ‬අයිති‭ ‬වුනේ.. 

ඒ වගේම එදා ලංකා කොටසට අයිතිවුණු‭ ‬කැළණිය, කල්පිටිය වගේ ප්‍රදේශ වල හිටියේ නාග ජන වර්ගයායි.. මණි‭ ‬අක්ඛික, චූලෝදර, මහෝදරලා තමයි‭ ‬ඒ නාගයින්.. මේ නාග, යක්ඛ ජාති‭ ‬දෙකම එකම ලංකා කොටසේ සිටියා.. තව කුම්භන්ඩ, ගන්ධබ්බ වගේ අයත්‭ ‬හිටියා.
එහෙනම්‭ ‬දඹදිව කොටසේ සිටි‭ ‬රජු‭ ‬ලක්දිව කොටසේ හිටි‭ ‬යක්ඛ රාජ දියණියක්‭ ‬හා විවාහ වන්නේ ඇයි? 
ඇත්තටම බෙදුණු‭ ‬මේ දිවයින එක්‭ ‬කරන්නට වෙන ක්‍රමවේදයක්‭ ‬නෑ.. ඒ වංශ දෙකේ සංකලනයෙන්‭ ‬උපදින දරුවාට සක්විති‭ ‬රාජ පදවිය ලබන්නටත්‭ ‬කිසිම බාධාවක්‭ ‬නොපැමිණෙන බව ඔවුන්‭ ‬දැන සිටියා.. එතන කාලයද, දීපයද, දේශයද, කුළයද, මවද මනාව ගැලපී‭ ‬තිබුණා..
අන්තිමට මේ බෙදීගිය සියලු‭ ‬ජන කොටස්‭ ‬එක්‭ ‬කරමින්‭ ‬පිංවත්‭ ‬කුමරුවෙක්‭ ‬බිහි‭ ‬වෙනවා.. ඒ කුමරා සීදන්ත/ සිද්ධත්ත/ සිද්ධාර්ථ/ සිදුහත්/ සීහ යන නම්‭ ‬වලින්‭ ‬හැඳින්වෙනවා..  පියා ඇතුලු‭ ‬ඤාති‭ ‬පිරිස ඔහුව සක්විති‭ ‬රජෙක්‭ ‬කරවන්නට බලවත්‭ ‬උත්සාහයක්‭ ‬ගන්නවා..  එහෙත්‭ ‬එතුමා ඒ රජකම පසෙක දමා පැවිදිව පසු‭ ‬කලෙක ලොව්තුරා බුද්ධත්වයට පත්‭ ‬වේනවා.. ඉන්‭ ‬පසු‭ ‬බෙදී‭ ‬ගිය සියලු‭ ‬ජාති‭ ‬කුල මල කොටස්‭ ‬එක්‭ ‬කොට සීහළ වංශයක්‭ ‬ප්‍රතිනිර්මාණය කරනවා.. ඒ සිහෙළ වංශයට කිසිම ජාති, කුල, මල භේදයක්‭ ‬නෑ.. සිව්මහ ගංගා වලින්‭ ‬ජලය ගොස්‭ ‬මහ මුහුදට එක්වූ‭ ‬පසු‭ ‬එකක්‭ ‬වන්නාක්‭ ‬මෙන්ය..
ඉතින්‭ ‬මෙන්න මේක තමයි‭ ‬ඇත්තම කතාව.. ඒ මහා මුණීන්ද්‍රයාණන්‭ ‬වහන්සේ සිව්‭ ‬හෙලයාට නායකයෙක්, ගුරුවරයෙක්, පියෙක්, මවක්‭ ‬මෙන්ම රජෙක්‭ ‬වන බවත්‭ ‬සියලු‭ ‬දෙනාම දැන ගත යුතුයි...

උන්‭ ‬වහන්සේ ලෞකික, ලෝකෝත්තර කියන දෙමගෙහිම යන අයට යහපත පෙන්වා දුන්නා.. හරසුන්‭ ‬සසර ගමනින්‭ ‬මිදෙන මග පෙන්වා දුන්නා.. සැමටම සමානාත්මතාවය මැනවින්‭ ‬පෙන්නා දුන්නා.. 
උන්වහන්සේ සිව්‭ ‬හෙළයේ රජාණන්‭ ‬වහන්සේ කෙනෙක්‭ ‬හැටියට සෑම රාජ පරිපාළන ගැටලුවක්ම විසඳුවා.. එක්‭ ‬විටෙක සතුරන්‭ ‬විසින්‭ ‬ආක්‍රමණය කොට තිබුණු‭ ‬මහියංගන හා හිමගිරට වැඩම කොට එහි‭ ‬ගැටලු‭ ‬විසඳුවා..එහිදී‭ ‬හිමගිර ප්‍රදේශය ආරක්ෂ කරන්නට තම මාමා වූ‭ ‬සමන්‭ ‬රජුට භාර කළා.. මහියන්ගන සිටි‭ ‬යක්ඛ ජනයාගේ ප්‍රශ්නයත්‭ ‬විසඳුවා.. 
තවත්‭ ‬විටෙක උන්‭ ‬වහන්සේ කැළණියේ සිටි‭ ‬නාග වැසියන්ගේ රජ පුටු‭ ‬හබය එහි‭ ‬ගොස්‭ ‬විසඳුවා.. ඒ ගමනේදී‭ ‬කල්පිටිය මොක්කෙම සිටි‭ ‬නාග වැසියන්ගේත්‭ ‬ප්‍රශ්න විසඳා සිරිපතුල්‭ ‬පිහිටුවා සමගිය උදා කළා.. ඔවුන්ගේ ඤාතීන්‭ ‬අදටත්‭ ‬සවුදි‭ ‬අරාබියේ මක්කම කියා වන්ඳනා කරන්නේ බුද්ධ සිරි‭ ‬පතුලකටයි.. එය මේ සිරිපතුල එහි‭ ‬ගෙන ගොස්‭ ‬හෝ නොමැතිනම්‭ ‬පෙර සිටි‭ ‬කාශ්‍යප බුදුන්වහන්සේගෙ සිරිපතුලකි..  

ඇත්තටම මේ පෙර හෙළදිව වැඩ සිටි‭ ‬කාශ්‍යප බුදුරදුන්ද හිමගිර සිරිපතුල්‭ ‬පිහිටුවා තිබෙනවා.. අන්‍යාගමිකයින්‭ ‬අල්හා, ආදම්‭ ‬වගේ නම්‭ ‬හදාගෙන සමන්ගිර වඳින්නට පුරුද්දට මෙන්‭ ‬අදටත්‭ ‬යන්නේ නොදැනුවත්ව හෝ ඒ අපේ පෙර වැඩ සිටි‭ ‬බුදුවරයින්ගේද සිරිපා සටහන්‭ ‬වඳින්නටයි.. 
මේ නාග, යක්ඛ කියන දෙපිරිසම කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයේත්‭ ‬වෙන නම්‭ ‬වලින්‭ ‬සිට තිබෙනවා.. ආලවක යකා අප බුදුන්ගෙන්‭ ‬ප්‍රශ්න හතරක්‭ ‬අහන්නේද ඒ පරපුරේ අය කාශ්‍යප බුදුන්වහන්සේගෙන්‭ ‬උගත්‭ ‬දහම්‭ ‬කොටසක්‭ ‬පරම්පරාවෙන්‭ ‬කටපාඩම්‭ ‬කර ගෙන තීබූ‭ ‬නිසායි.. අන්තිමට ඒ යකා මෙල්ල වන්නේද අප බුදුන්‭ ‬නියම පිළිතුර දුන්‭ ‬නිසායි..
එසේම කාශ්‍යප බුදුන්වහන්සේගේ කාළයේ සිට එන නාග අයත්‭ ‬සිටියා.. ඔවුන්ගෙන්‭ ‬තමයි‭ ‬සෙට්ටි‭ ‬වරු‭ ‬හෙවත්‭ ‬සිටුවරු‭ ‬එන්නේ.. ඔවුන්‭ ‬එකල මුදල්‭ ‬පොලියට දුන්‭ ‬අයයි. ඔය අනේපිඩු‭ ‬සිටු‭ ‬වගේ අයත්‭ ‬ඒ කට්ටියම තමයි.. 

අප ගොතම බුදුරදුන්ටත්‭ ‬මේ නාග ජනතාව ඉහලින්ම සැලකුවා.. ඇත්තම කියනවනම්‭ ‬යක්කුන්ට වඩා නාගයින්‭ ‬බුදුරදුන්ට සත්කාර කලා කියන්න පුලුවන්.. මුචළින්ද නා රජ්ජුරුවො ගොතම බුදුරදුන්ට නොතෙමී‭ ‬ඉන්න ආවසයකුත්‭ ‬හදලා දුන්නා. එසේම මණි‭ ‬අක්ඛික නා රජ්ජුරුවො සිදුහත්‭ ‬කුමරුට මාළිගයක්‭ ‬හදාගන්නට ඉඩමකුත්‭ ‬කැළණි‭ ‬පුරය පැත්තෙන්‭ ‬තෑගි‭ ‬දීල තියෙනවා..
ඉතින්‭ ‬ඔය නාග කියන අය අපේ බුදුරදුන්ට ගොඩාක්‭ ‬හිතවත්වයි‭ ‬ඉඳලා තියෙන්නේ.. ඒක අද ඉන්න බොහෝ අය දන්නෙ නෑ..  මේවායේ සුල මුල හරියට දන්නවනම්‭ ‬මෙච්චර ගහ මරා ගන්නේත්‭ ‬නෑ.. ඒකමයි‭ ‬අපි‭ ‬මෙච්චර මේ කෑ ගහන්නේ ඉතිහාසය හරියට හොයා නිවැරදි‭ ‬කර ගනිමු‭ ‬කියලා.. 
 එහෙනම්‭ ‬අප කවුරුත්‭ ‬අන්තගාමී‭ ‬නොවී‭ ‬මධ්‍යස්ථව හිතන්නට අවශ්‍යයි..මේ සිව්‭ ‬හෙළය සිංහ, නාග, යක්ක ආදී‭ ‬කියන ඔක්කොටම අයිතියි‭ ‬කියන එක ඇත්ත.. හැබැ‍යි‭ ‬කුමන ලෙසකින්‭ ‬හරි, කවදත්‭ ‬මේ දිවයිනේ මහ ජාතිය වුනේ සිංහලයින්මයි.. කවුරුවත්‭ ‬එය අමතක කරන්නත්‭ ‬හොඳ නෑ.. ඔවුන්‭ ‬තමයි‭ ‬මේ බුදු‭ ‬දහම රකින්නේත්..

වසර ලක්ෂ ගනනක මේ සංසාර චක්‍රයේ සෑම කාලෙකම පෙරුම්‭ ‬පුරා බුදුවන හෙළයන්ටද, ඒ බුදුන්‭ ‬වහන්සේලාගේ ශාසනය තුල නිවන්‭ ‬අවබෝධ කරගන්නා හෙළයන්ද, ඒ සාසනය ආරක්ෂා කරන්නට දිවිපුදන හෙළයන්ටද මිස මේ රටේ සැබෑ අයිතිය වෙන කාටවත්ම නැහැ..
ඒක නොදත්‭ ‬පණ්ඩිතයනුත්, අශිෂ්ඨ පාළකයිනුත්‭ ‬මේ අති‭ ‬උතුම්‭ ‬හෙළබිමට කරන්නේ මහා විපතක්මය.. මේ දිවයිනේ රජා වෙන කෙනා කවුරු‭ ‬වුනත්‭ ‬ඔහු‭ ‬අනිවාර්‍යයෙන්ම බෞද්ධයෙක්‭ ‬විය යුතුය.. බුදු‭ ‬දහමටත්, සිංහල ජනතාවටත්‭ ‬මුල්‭ ‬තැන දිය යුතුමය.. හැම යකෙක්ම, නාගයෙක්ම ඊට අවනත විය යුතුය.. එය තෙරුවන්‭ ‬බළයයි.. එය බුද්ධ අණයි. එසේම යක්ඛ නායකයින්ගේද අණයි. 
එනිසා මේක ධර්මද්වීපයම බව සියලු‭ ‬දෙනාම දැන ගත යුතුයි.. බුද්ධ අණට ගරු‭ ‬කළ යුතුයි.. ආනාටිය සූත්‍රයේ සඳහන්‭ ‬පරිදි‭ ‬එදා යක්ක, නාග ආදී‭ ‬අනෙක්‭ ‬ජාතීන්‭ ‬බුදු‭ ‬වදනට ගරු‭ ‬කොට බුදුරජුන්ව ඔවුන්ගේද, දිවයිනේද නායකයා ලෙසට ඔවුන්ගේම මුතුන්‭ ‬මිත්තන්‭ ‬පිළිගත්‭ ‬බව දැන ගත යුතුයි.. 

යමෙක්‭ ‬බුදු‭ ‬දහමටත්, බුද්ධ ශ්‍රාවකයෙකුටත්‭ ‬හිරිහැර කළොත්‭ ‬එදා සිටි‭ ‬වෙසමුණි‭ ‬රජු‭ ‬ඇතුලු‭ ‬ඔවුන්ගේ නායක රජවරුන්‭ ‬එම ගොත්‭ ‬වල අයට දෙන දඬුවම වූයේ හිස ගසා දැමීමයි. (ඔලුව සත්කඩකට පැලීම).  බුදුරදුන්‭ ‬ඉදිරියේ එදා සම්මත කරගත්‭ ‬ඒ මහා ගිවිසුම, වෙසමුණි‭ ‬රජුගේ ආක්ඤාව කුමක්ද කියා කවුරුත්‭ ‬දැන ගත යුතුයි.. එදා අනෙකුත්‭ ‬ජාති‭ ‬වල සියලුම නායකයන්‭ ‬වගකීමෙන්‭ ‬භාරගන්නවා බෞද්ධයින්ව ආරක්ෂා කරන්නට. ඒ වෙනුවෙන්‭ ‬නියෝජිත පිරිසකුත්‭ ‬පත්‭ ‬කරනවා නීතිය ක්‍රියාත්මක කරවන්නට..
     ආටානාටිය පිරිත කියන්නේ නිකම්ම ඉවත දැමිය යුතු‭ ‬පිරිතක්‭ ‬නම්‭ ‬නොවේ.. එහි‭ ‬හරයක්‭ ‬හරියට වටහා නොගෙන කොතරම්‭ ‬රැ එලිවෙනකම්‭ ‬ජප කළත්‭ ‬ඉන්‭ ‬නියම වටිනා කමක්‭ ‬ගන්නට නම්‭ ‬බැහැ.. මේ උතුම්‭ ‬පිරිත භෞතිකව ඝණ ශරීර හා අභෞතිකව සියුම්‭ ‬ශරීර වලින්‭ ‬යුත්‭ ‬දෙකොටසටමයි‭ ‬වැදගත්‭ ‬වන්නේ..

      අපේ නායක වූ‭ ‬බුදුරජාණන්‭ ‬වහන්සේ අපිට ඉගැන්නුව, කාත්‭ ‬එක්කත්‭ ‬සහයෝගයෙන්, සමගියෙන්, සමානාත්මතාවයෙන්, කරුණා මෛත්‍රියෙන්‭ ‬ඉන්න ඕනි‭ ‬ආකාරය. ඒ පරිදි‭ ‬මේ දිවයිනේ කවුරුත්‭ ‬තම සීමා උල්ලංඝනය නොකර ඉන්නට ඕනි.. අපි‭ ‬අපේ අභිමාණය සහ උරුමය ලෝකයටම පෙන්වාදී‭ ‬සාධාරණ ධාර්මික මිනිසුන්‭ ‬බව පෙන්වා දිය යුතුයි.. අපි‭ ‬එක ලේ බිඳුවක්වත්‭ ‬නොසලා සියලු‭ ‬සතුරු‭ ‬බලවේග පරාජය කරන්නට එකමුතු‭ ‬විය යුතුයි..
එනිසා පින්‭ ‬සිදුවෙයි, හාමුදුරුවනේ, නෝනාවරුනේ, මහත්වරුනේ, ඔක්කොටම කලින්‭ ‬ඔය මිත්‍යා මත පැත්තකින්‭ ‬තියලා බුද්ධිමත්‭ ‬ලෙසින්‭ ‬ඉතිහාසය නිරවුල්‭ ‬කර ගමු..

දැන්වත්‭ ‬ඉන්දියානුවොයි, ජර්මන්‭ ‬කාරයොයි‭ ‬ලියල දීපු‭ ‬බොරු‭ ‬ඉතිහාසය දොහොත්‭ ‬මුදුනෙන්ම පිළි‭ ‬අරගෙන, ඊට මුළාවෙලා, ධර්මය පසෙක තබා සිහි‭ ‬බුද්ධියක්‭ ‬නැතුව දෙවි‭ ‬වරුන්ට බුදුවරුන්ට වන්දො වගේ වැඳ වැඳ ඉන්න ආගමක් ‭ ‬පමණක්‭ ‬කරේ තියාගෙන දිව්‍ය ලෝකෙම යන්න බලාගෙන ඉන්න අන්ධ භක්තිය පැත්තකින්‭ ‬තබා නුවණින්‭ ‬විමසන්නට පුරුදු‭ ‬විය යුතුයි.. 
මෙහි‭ ‬කිසිම පුද්ගලික හෝ පටු‭ ‬දේශපාලනික අරමුණක්‭ ‬නැහැ.. කවුරුත්‭ ‬පක්ෂ භේද අත හැරල එකා වගේ රටක්‭ ‬ජාතියක්‭ ‬හැටියට නැගී‭ ‬සිටිමු. අපත්‭ ‬හැදෙමු.. රටත්‭ ‬හදමු.. සසරින්‭ ‬එතෙර වන නිවැරදි‭ ‬මගත්‭ ‬සොයා ගමු.

    අපට වැරදුන තැනක්‭ ‬තියෙනවා.. අප රැවටුන තැනක්‭ ‬තියෙනවා.. මුල වරද්දාගෙන අප මුළා වෙලයි‭ ‬ඉන්නෙ.. ඒක හදා ගන්නෙ නැතිව රටටත්, දැයටත්, අපටත්‭ ‬අපේ දරුවන්ටත්‭ ‬යහපතක්‭ ‬වෙන්නෙ නෑ.. තවත්‭ ‬මෝඩ නොවෙමු.. දැන්වත්‭ ‬තේරුම්‭ ‬ගමු.. දැන්වත්‭ ‬වැරැද්ද නිවැරදි‭ ‬කරගමු.. මේ ඊට නිසි‭ ‬කාළයයි.. මේ ඊට නිසි‭ ‬සමයයි…
සියලු‭ ‬දෙනාටම තෙරුවන්‭ ‬සරණය

No comments:

Post a Comment