බුදුන් කෙනෙක් උපදින්නට අවශ්‍ය
කාලය
දීපය
දේශය
මව සහ
ශාක්‍ය කුලය සපුරන්නට
ඉන්දීයව වැනි කර්කශ දේශයකට නොහැකිය.
History is always written by the Victor and never by the Loser.
නමුත් සුද්දන්ට යටත්ව සිටින කාලයේදී බුද්ධ සමනයන් විසින් පුස්කොල පොත්වල සටහන් කළ දේ නිසා අපේ ඉතිහාසයේ ශේෂපත්‍රය තරමකටවත් ඉතිරිවී ඇත.
නමුත් පුස්කොල පොත්ද ඉංග්‍රීසින් විසින් විනාස කල අතර වැදගත් පුස්කොල පොත් ටික එංගලන්තයෙ පුස්තකාලවල සඟවා ගෙන ඇත.
මා එංගලන්තයට ගොස් පළමුවට කලේ සුද්දන් විසින් මරා දැමු මගේ පරපුරට අයත් අයගේ නම් ලැයුස්තුව කියවා බැලීමය. මගේ මුතුන් මිත්තන් මරා දැමුවන් යටතේ රාජකාරි කිරීමට මට අවශ්‍යතාවයක් තිබුණේ නැති නිසාත්, නිදහස් අද්‍යාපනය අපට උරුම කළ නුතන මිතුන් මුත්තා වූ C. W. W. කනනග්ගර ශ්‍රීමතුන් සිහි කිරීම සඳහාත් නැවත ලංකාවට පැමිණි නමුත්, විශ්වවිද්‍යාලට ඇතුළුවීම දුෂ්කර කරුණක් විය.
නමුත් ජපානුන්ගේ Japanese Internarional Corporation Agency (JICA) එකට පින්සිදුවන්න දන්තවෛද්‍ය විද්‍යාලයට රිංගගන්න පුළුවන් වුනා.
ඉතිරිය ඉතිහාසයට යටවි ගියදෙන්.
කාලිංග සහ මගධයන්ට පසුව අවුරුදු 150ක් පමණ කාලයක් ඉංග්‍රීසින්ට යටත්ව සිටි කාලයේදී ලියු ඉතිහාසය මට පිළිගන්න බැරිය.
මෙය ලියන්න අවශ්‍ය වූයේ, අපේ මොහාන් සමරනායක විසින්, YouTube අවකාශය තුල කළ ප්‍රකාශයක් සම්බන්දයෙන්.
බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා යන මතය ඔහු පිඬු පිඩක් සේ බැහැර කිරීමය.
මොහාන් සමරනායක යනු දේශපාලන ප්‍රකාශකයෙක් පමණි.
ඔහු නිදහස් මතදාරියෙක් ලෙස සැලකිය නොහැකිය.
ඔහූ පතපොත කියවා ඇත.
හරි පොත් කීවාද යන්නයි මගේ සැකය.
නමුත් ජයරත්න පතිරආරච්ච් මහතානම් සෙල්ලිපි සහ පතපොත ඇසුරෙන් බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන බවට සාක්ෂි ඉදිරිපත් කර ඇත.
සුද්දන්ගේ පතපොත කරේ උස්සගෙන සිටි පරනවීතානයන් වැන්නං මෙන්ම විද්‍යා චක්‍රවර්ති කියන එල්ලාවල මේධානන්දට වැරදුනු තැන් ගොඩක් ඇත.
ඉතිහාසය හරියට ලියන්න කාලය එළඹ ඇත. ජයරත්න පතිරආරච්චි පසුගිය අවුරුදු 45ක පමණ කාලයක් තුල ඒ උත්සාහය දරා ඇත.
එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.
අවශ්‍ය රාජකාරි අවශ්‍ය විට කළ නිසාත් පෞද්ගලික හේතු නිසාත් රටින් බැහැරව සිටියත් ලංකාවේ උන්නතිය ජෙප්පන් විසින් විනාශ කරමින් සිටින නිසා ඉහත කරුණු මේ මොහොතේ ඉතා වැදගත් බව මගේ වැටහීම ය.
No comments:
Post a Comment