Tuesday, August 25, 2026

අනා ගැනීම සහ නා ගැනීම

නන්දා මාලිනී මෙන් නා නා නාන්නේ නෑ ඕස්ට්‍රේලියාවේ සීතලට, 
කියලා නැටුමක්‌ 
නටන්න හිතෙනවා
නමුත් ඊට වඩා වැදගත් කාරණායක් ගැන කියන්න තියෙනවා.

නීතිය සහ අධිකරණයේ ස්වාදීනත්වය ගැන නොදන්නා නරුමයන් ටිකක් පත් වුනාට පස්සේ,
ඉස්සෙලා  අනා ගන්නවා,

විනිශ්චකාරයන් කරමින් ඉන්නේ ඒ නියමිත සංසිදීය අනා ගෙන, අනා ගෙන, අනා ගෙන, යෑමයි. 

ඊට පස්සේ අපි මඩ ගොහෝරුවේ නාමින් අපි මඩ සුද්ද කරනවා කියන්නත් ඉඩ තියෙනවා.

මඩ නාගත්තට පස්සේ අමුඩය ගලවා ගත්තත් ප්‍රශ්නයක් නැහැ.

බලන්නත් හෝ පෙන්න දෙයක් නැති නිසා.

කොහම නමුත්,
"සුරසේන අහවලා, නඩු ඇහුවා වගේ, මචං" 
කියන ප්‍රස්ථාපිරුල නීතී පොතේ නැති උනත්, ජන මනසේ ස්ථාපිත වීම නියතයි, අනිවාර්යයි. 

No comments:

Post a Comment