Thursday, October 23, 2025

ආණ්ඩුව කුරියා ගැසීම අනිවාර්යය

මම සරුංගල් අරින්න කැමතිය.
ඒ සදහා  බෞතික විද්‍යා දැනුමක් අවශ්‍යය.
නැත්නම් අනිවාර්යෙන් කුරියා ගසනවාය. සරුංගලයේ නූල අත්හැරියේ නැත්නම්, නූල කඩාගෙන යනවා.
ආණ්ඩු කඩා වැටෙන්නෙත් එවැනි අන්දටමටයි.

මේ ආණ්ඩුව බලයට පත්වුයේ අහම්බෙන්. ආණ්ඩුවක් ගෙනියන්න තරම් පරිනත බවක් පෙන්නනේ නැතිය. 

ඒ නිසා ජාතික ජන බලවේගය කුරියා ගැසීම අනිවාර්යය. 

ඒ ගැන පුර්විකාවක් ලියන්න අවශ්‍ය නැත.

නමුත් කවරකුගෙන් හෝ ඉදියේදී එල්ල විය හැකි උපහාසයට හෝ බයට කට වසා ගෙන හිටියා යන උපකල්පනයට තිතක් තැබීමට සදහා මෙය ලියමි.

මගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය ඔහේ ඇනගන්න හෝ අනාගන්න ඉඩ හරිමය.

මම මෙවැනි දේශපාලනිකයන් බොහොමයක් දැක ඇත්තෙමි.

ඔඋන්ගේ කඩාවටීමට, උඩ වැටි තියන එක මගේ ප්‍රතිපත්තිය නොව, එය ඉබේටම වෙන්න හැර සද්ද නැතිව බලා සිටීම වඩා උචිතය.

ඔඋන්ට, කිසිම ප්‍රතිපත්තියක් නැත. ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්තෙම නැත.

එක වරදක් කරනු ඇත.
එය වාසගැනීමට තව වරදක් කරනු ඇත.

අන්තිමේ පඹගාලක පැටලෙනවා.

ඔඋන්ගේ පීඩනය මට ගන්න අවශ්‍ය නෑ.

No comments:

Post a Comment