1. කප් සිටුවීම
කිරි ගසකිං අලුත් ලීයක් නොහොත් දැවැයක්යක් සකස් කිරීම
පොත්ත ගලවලා පිරිසිදු සුදු රෙදි කඩකින් වසා අලුත්නුවර දැඩිමුන්ඩ රජමහා දේවස්ථානයේ සිට මහනුවර ගෙන ඒම.
මෙම ලීය කොටස් 4කට කපා සතර දේවාල වල සිටවීම
උඩු වියන් සහිත සතර පැති වලින් වටවු කොටුවක් සකස් කිරීම.
මෙය කපුවාගේ යුතුකම වේ.
මේවා සියල්ලම ද්‍රවිඩ රජවරුන්ට යටත්ව සිටින කාලයේදී ලංකාවට ඉන්දියාවෙන් ආදේශ කල පුහු වතාවත්ය.
කුලය, පුද්ගලවාදය සහ පිරිමින්ගේ ප්‍රමුඛත්වය තහවුරු කරගන්න සාදාගත් මානසික මෙහෙයවීම්ය.
මේවා බෞද්ධ මුල ධර්මයන්ට පටහැනිය.
මම සංකෘතික වටිනාකම බැහැර නොකරමි.
පොඩි ගසක් හෝ කපනවාට මම විරුද්ද වන්නෙමි.
ගැහැණුන් මෙම උත්සව වලින් සම්පුර්ණයෙන්ම බැහැර කර ඇත
කොස් හෝ අඹ ගසකින් ලබා ගැනෙයි.
2. ගැටඹේ දිය කපන උත්සවය
පාරම්පරික වශයෙන් මෙය වැදගත්ය.
ජලය ජිවයේ මුල් පුරුකය.
කෘෂිකාර්මික රටක් පවතින්නේ කලට වැසි වසීමත් ඇස්වනු නෙලන විට වියළි
දේශගුණයක් පැවැත්මයි.
පාලකයන් දුර්ධාන්ත වෙනවිට දේශගුණ විපර්යාස වෙනබවට ජනමනසේ පැලපදියන් වී ඇත්තේ ඒ නිසාය.
පෙරහැර අවසන් වූ බව දන්වන්නේ කලගෙඩියකට මහවැලි ගංගාවේ ජලය පෙරහැරින් වඩමවා මාලිගාවේ සහ සතර දේවාලවල තැන්පත් කිරීමෙන් පසුවය.
කළගෙඩිය අපේ උරුමයකි.
කලගෙඩියක වතුර සිසිල්ය.
මුදල් වැයවන ශිතකරන අවශ්‍ය නැත.
දුර්ධාාන්ත ජනතා විමුක්ති පෙරමුණට මේවා අරහන් වුනාට ඔඋන් සිටින විටත් නැති විටත් අපේ සංඝසමාජය මේ උරුමයන් ආරක්ෂා කරනු ඇත.
සුද්දන් කාලේ කරපුවා කාඩිනල්ට ඕනෑකමට නටබුන් කරන්න දෙන්න එපා.
No comments:
Post a Comment