Wednesday, November 5, 2025

සුදු ළුණු මිරිකන ආණ්ඩුව - සයිමොන් නවගත්තේගමගේ, මතක සටහන්

මම විශ්වවිද්‍යාලය ඉන්න කාලේ සිට, ඒ දවස්වල ජනතා විමුක්ති පෙරමුණ දැන් නම වෙනස් කලත් කොටියාගේ පුල්ලි වෙනස් නොවන, ජාතික ජන බලවේගය, නිර්දය ලෙස විවේචනය කරන්නේ, කැලුම් ජයසුමන මෙන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නිසයි. 

මට සයිමන් (සයිමා)  නවගත්තේගම, මතක් උනා. ඔහු නුවර දුෂ්කර ගමක සිට නගරයට පැමිණ, පැවැති දේශපාලන වතාවරණය නිර්දය ලෙස විවේචනය කල පුද්ගලයෙක්.

එවන්නන් දැන් යුටුබ් අවකාශය තුල දකින්න ලැබෙන්නේ නෑ.

විවේක කාලය විශ්රාමයෙන්, විදෙස් රටක ගත කරන නිසා, හුදීජනයාගේ, සයිමන් ගෙන්, ඉගෙනගත් වහරක්, පහන් සුවය සදහා යොදා ගනිමි. 

ලංකවේ සිටියානම්, මගේ කටට මුකවාඩම්, වැටීම අනිවාර්යයි.

බී ළුණු වගේ, ජාතික ජන බලවේගය, අනා ගන්න බව මට ඒ දවස්වල සිට වැටහුනා. 

නමුත්, මෙච්චර කලින් එය සිදුකර ගනියි කියලා සිතුනේ නෑ.

දැන් පත්තරවල කතුවැකි ලියන අය බිරන් තට්ටු වෙලා, උඩ බලාගෙන ඉන්නවා ඇති.

ඒ අඩුපාඩුව, පොඩියක් හරි පිරවීම මගෙ යුතුකම. 

ඉස්සර ඒක කලේ ඉංගිරිසියෙන්.

දැන් සුද්ද සිංහලෙන්.

හැමදාම අනිත් අය නිර්දය ලෙස විවේචනය කල අයට, තමන්ව විවේචනය කරන විට ඉවසන්න බෑ.

අටලෝ දහම, විස්වාස නොකරන නරුමයන්ගේ හැටි, කලින් සිටම අවබෝද කර ගත යුතුයි.

සිනහ වෙන්න බැරි, උපහාසය උපහාරයක්‌ ලෙස බලන්න බැරි, තමන්ගේ ඇසේ තියන රොඩු නොපෙනෙන අයගේ, දේශපාලන ඉදිරි ගමන අවදානම්ය.

No comments:

Post a Comment