Trick and Treat phrase of Halloween should change to Trick and Cheat in CEYLON.
බුදු දහමේ මූලධර්ම ඇතුලත් වුවත්, කියවන්නාට වෙහෙස නොදැනෙන ලෙස ඉදිරිපත් කරන්නට උත්සාහ කලා.
මෙයට පසුව, නත්තල් නිවාඩුව එන නිසා, ආයෙ සටහන් නොලියන්න, තිරණය කලා.
කොහොමටත්, මගේ Linux ව්යාප්රතිය දින කිහිපයකට පෙර අවසන් කල නිසා දිග නින්දක්, සිහින නොමැතිව ගත කලා.
මාතෳකාවක් නැතිකොට, සිහිනයක් පදනම් කොට පල් හෑල්ලක් ලියන්න පුරුදු වෙලා හිටියේ.
ජාතික ජන බල වේගයට, චන්දය දුන්නා නම්, මෙතනින් එහාට කියවන්න පෙර, දිව යට "Aspirin" පෙත්තක් දමා ගන්න.
එක සුබයි.
Blood Clot, නවත්තන්න හොදම ප්රතිකාරය, එයයි.
1. ජනතාව සිහින සාගරයක ගිලවා, ජයග්රණය කළ මොවුන්ට, දැන් කිසිම පොරොන්දුවක් ඉෂ්ට කරන්න බැරි බව පෙන්නුම් කරමින් ඉන්නවා
2. මහජනතාව මුලා කලා නේද?
Tricked?
3. ජනතාවට සංග්රහ කරන්නත් බෑ නේද?
4. බොරුවෙන්ම,
"ඉදිරියට යන්" කියන,
අපි පොඩි කාලේ,
"March Past" වල කියපු,
උදෘතපාට වලට පණ පොවමු නේද
5. මහජනතාව ගොනාට ඇන්දීම හොද නැත. මෙතක්කල් අනිත් පක්ෂත් කලේ ඔය ටිකමයි.
මහජනතාව රැවටීමයි.
පක්ෂයේ පාට මාරු උනාට, කපුටාගේ තටු සුදූ වෙන්නේ නෑ.
අපි පොඩි කාලේ කල, පොලිස්කාරයෙකුට උන අකරතැබ්බයක් මතක් උනා.
මිනිස්සු තොප්පි අදින කාලේ.
තොප්පියකින් යමක් වසා තිබුනා.
හොරෙක් පස්සේ පොලිස් කාරයෙක් පසුබඳ අවා.
තොප්පිය ළග, ළමයින් රැස්ව සිටිනවා දැක්ක පොලිස්කාරයා,
ඔය මොකක්ද කියලා ඇසුවා.
මයිනෙක්, මයිනෙක් කීවා.
ඊට පස්සේ වෙච්ච දේ දන්නේ අර පොඩි ළමයි විතරයි.
අපේ පොලිස් දෙපාර්තමේන්තුව, දැන් හත් පොලේ ගාගෙන.
ඊට වැඩිය හොද විස්තරයක්, පොලිසිය ගැන කියන්න නැති තරම්ය.
තමුන්ට අයිති රාජකාරිය, නොකර බොරු "YouTube" සංදර්ශන දම දමා හිටියොත් රාජකීය හොරු අනිත් පැත්තෙන් හිනා වෙන්න පටන් ගැනියි.
No comments:
Post a Comment