Wednesday, October 15, 2025

ගොත්ත්‍රිකවාදය

මම දේශපාලනිකයෙක් නොවෙමි.
 
කාලයකට පෙර වෛද්‍ය වෟර්තියෙන් ඉවත්ව සමාජය දෙස වපර ඇසින් (හරි වචනය sarcasm) නැත්නම් උපහාසයෙන් බලන්නෙකු හැටියටය. එයට මට අයතියක් දැන් තිබෙනවාද යන්න නොදිනිමි.

මේ ගෝත්‍ර (tribalism) සන්ධර්බය අපට එන්නත් කලේ, ජනතා විමුක්ති පෙරමුණය. ඒ විස බීජය දේශ ප්‍රේමි විමුක්තිය තව දුරටත් ඉදිරියට ගෙන ගියා මිස එහි අහිතකර ප්‍රතිපල ගැන, එය පසු හැරී විපරම් නොකොළහ.

"ජාතික ජන බලවේගය" කියලා තවත් කාර්ඩ්බෝර්d එකක් අටවා ගෙන මෝඩ ජනතාව රැවටුවා.

දැනට අටවා ගෙන සිටින බැටළු හමෙන් අතීතයේ කල විනාසය වසා ගත නොහැකිය.
එය ජාතියටම ශාපයකි.
සත්‍යය එයයි.
දැන් බලයට පැමිණ කරන්නේ මොකක්ද කියා තේරුමක් නැතුව අදුරේ අත පත ගාමින් සිටිති.
මම කියා සිටින්නේ මොවුන්ට අවුරුදු හතරක්ම ඇදගෙන යාමට ඉඩ දිය යුතුයි කියලා.
නැත්නම් ආයෙත් නහයෙන් අඩන්ට ඉඩ තියෙනවා. 
ඉතිහාසය විසින්ම අතුගෑව් යාමට ඉඩ හරිය යුතුයි.

මේ ටිකමයි L. T. T. E. එකට කියන්න තියෙන්නේ.
දෙකම ජාතියට ශාපයකි.

විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍යයෙකු හැටියටත් ආචාර්ය පදවි හෙබුවෙකු ලෙසත් මා එය අත් දුටුවා. 
විශ්වවිද්‍යාලයෙන් සමුගත් දවස තමයි මගේ ප්‍රීතිමත්ම දවස.
එනමුත් රාජකාරිය අකුරටම කලා.
විශ්වවිද්‍යාල සල්ලි වලින් පිටරට සවාරි ගියේ නෑ. 
ඊට පෙර ලෝකයේ සවාරි ගහල තිබ්බ නිසා.

No sabbatical at all.

No comments:

Post a Comment