Tuesday, February 12, 2019

Mind That Matters


Mind That Matters

There is fine line between psychic power and psychosis!

It is not that of Mind the matter” or “Mind the step” in English metaphor.
It is the Mind that Matters, in all living aspect of life and after life.
Mind is a powerful entity with boundless energy within.
It is very difficult to explain its repertoire.
 
The current entry is to bring into attention that some for the purpose of image building or financial gain distort its true potential use.
The focus of its development and attention to meditation is lost in the process.
Meditation is not easy.
It has to be practiced under guidance of an experienced guide.
Only a few are adept and many are amateurs.
1. The clairvoyance is useful but won’t grant self development.
It is a gift but not an end by itself.

2. The mediums are useful for commercial purpose but beyond that it is a wasted experience.

3. Remote viewing may be useful for espionage but brings little benefit of self control to the one who has that potential.

4. MKUltra and similar orientation programs are commercial enterprises.

5. Dealing with aliens and contact are not useful for self development.

Dealing with aliens are fraught with danger.
They are not transparent and their agenda is not clear.
We have to guard ourselves from deception, illusion, and delusion of grandiosity.

There is fine line between psychic power and psychosis!

I have refrained from talking about "Out of the body experiences" and "Near Death Syndromes", simply because of its unrealistic popularity and often of its wrong interpretation (seeing the God etc).

It can be fearful and terrible experience for some.

The light at the end of the tunnel can be illuminating for some (higher rebirth) or devastating for others (born in lower forms of the dungeon).


I will try to describe in simple English, the “Entity called Mind”, it is not all inclusive but a simplistic view.
1. Mind is Universal Entity in certain forms of life.
2. We believe it is related to the existence of the brain but if I ask the question myself, “Could I locate or pinpoint it for somebody to scientifically investigate it?”;
I run short of the methodology to project my mind out completely but tend to hide behind my mind in subtle ways.
It can be very secretive.
It seems to be intrinsically bound to every cell in my body not heart or brain.
I do not like the word conscious and unconscious since mind is never at rest even in one’s deep sleep.
It is a living entity and part and parcel of life.
So I prefer the word “Awareness” of itself and its surrounding irrespective of its proximity (far or near) in space dimension.
I can visit moon in a fraction of a second (faster than speed of light) while pulling my cigar and exhaling rounds and rounds of smoke circles in air.
Like the smoke circles from a cigar appear and disappear, my thought moments can appear and disappear with tremendous rapidity and next moment my mind is in mars or outside the known universe.
That is the beauty of the mind.
Next thing, I want to do is to address the “Level of Awareness”.
The base level is Awake State.
A lower level is Dream State.
Third level is “Knocked Out State”, hit on the head by a club or live electricity shock or ECT (Electro Convulsive Therapy) or Medical Drugs with anaesthetic properties.

Out of the body experience is a variation of the “Knocked Out State”.

Now the first bombshell.

Just as we can have substandard levels to awake state, I want to propose that there are seven or more levels of super-standard states of mind (for the purpose of my argument- it may be much more than seven, never less).
For a person of Western upbringing brought up with God Concept, God is BUT another “Spiritual Level”of Awareness much more than our base level.

Now the second bombshell.

There are life forms outside our domain, for the want of a better term I use, Alien Beings have Awareness Levels (going up to seven or more) far more superior to ours.
The caveat here is some of these beings are very inquisitive especially the level I (one) and II (two) civilizations and that may or may not visit us from time to time for formal investigations.

The question is can we reach them?
I tend to believe that we can.

How?
We can increase our level of awareness with Mind Training.

That Mind Training is Meditation.

It is within our brain (for want of better term) potential.
All this preamble is to find an answer to the question of “Mediums” and “Channels” or the Ancient Wisdom Masters (of Red Indians, of Aborigines and Indian Sages).
Christianity has suppressed these phenomena by their world domination by “Military Power” (both UK and USA).
Good example is Madam Helena Blavatsky and the attack on her by the Western authors (Theosophy) of profundity.
The domain of Christianity is in its wane, so it is time to address other states of mind including the “Aliens who would visit us” when we are ready.
For the sake of my argument, “Mediums” and “Channels” are altered states of mind of awareness of the bearer.
They are usually females who are amenable to such states of “fantasy”.
They should not be addressed as fakes (large majority are fakes for the purpose of publicity).
I tend to believe (my point of view) that these altered form of awareness are due to their ability slip into previous life experiences and also a lighter form of insight into current predicament (in life experience).

I do not like the English words, Ego, I, Soul and Spirituality.

To drop those entities from our minds’ vocabulary one has to attain a certain level of of meditative instances or Jhanas.

Reincarnation means the same thing as re-embodiment and rebirth.

It is the human soul returning to the earth again and again and taking up residence each time in a new physical body in order to continue the soul’s progressive journey of inner evolution, advancement, development, and of unfolding.

Death is not the end and Birth is not the beginning.

The soul reincarnates due to three main reasons.
(1) It still has lessons to learn
(2) It still has “karmic debts” which it needs to work off in order to further its Karmic journey
(3) It has not yet fully realized its own potential supreme nature or its absolute unity or oneness with nature.
Thus, in its, all forms of past life existences and future to come, it has not yet become or attained the ultimate goal of awareness or enlightened consciousness which is, its real potential and within its reach.

Reincarnation is a Law in Nature.

It is not true that “only some souls reincarnate” or that “reincarnation is the exception rather than the rule,” as some have claimed.

It is an ongoing cyclic process and necessity for each Soul / Mind Entity.

There are three possibilities regarding what happens to us when we die.

1. There is the view of the atheists and materialists, who say that we are nothing more than a lump of soulless purposeless matter and that we simply cease to be, when the physical body dies.

2. Then there is the “one life only” view held by some religions, who maintain that the soul only lives once on Earth and that after the body dies the soul either goes to Heaven for all eternity or burns in hell for all eternity. The religions which teach this concept usually insist that they are the only right religion and that only the people belonging to that particular religion will go to Heaven.

3. The third possibility is that of an ongoing process of rebirth or reincarnation.
25-30% of people in the West today say that they believe in reincarnation and it has been a standard belief in much of the East for thousands of years, having its origin in Hinduism, which is the world’s oldest religion. It is also a central feature of Buddhism and other Indic religions. Human beings have the freedom to decide which of these three possibilities sounds the most reasonable and plausible to them.

Of course one can say none of the above is true and the true nature is beyond our grasp with current methodology.


Monday, February 4, 2019

Reason for Leaving Ravaya

 
මා නික්ම ආවේ ඇයි?

මා ජනවාරි 24වැනි බදාදා ඉල්ලා අස්වීමේ ලියුම දී රාවයෙන් එළියට ආවේ රාවය නමැති පරිච්ඡේදය මගේ ජීවිතයෙන් ඉවත්කිරීම සඳහා දීර්ඝ ලෙස සිතා ගත් තීන්දුවක් අනුවය. මාසයක් කල් දී ආයතනයකින් ඉවත්වීමේ නියමය වුවමනාවෙන්ම නොසලකා හැරියේ, රාවය එවැනි ආයතනික නීති රීති පිළිපදින තැනක් හැටියට මට නොපෙනුණ නිසාය. එහි ඇත්තේ නීතියේ පාලනයක් නොවේ. තනි පුද්ගලයකුගේ, එනම් එහි නිර්මාතෘවරයාගේ ඕනෑඑපාකම් මත සියල්ල තීන්දු වන, අත්තනෝමතික පාලනයකි.

රාවයෙන් ඉල්ලා අස්වුණේ මාය. එනිසා, හරි නම්, රාවයට එරෙහිව චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කළ යුත්තේ මාය. එහෙත්, ඉක්මන්වී ඇත්තේ අයිවන් මහතාය. ඔහුගේ දීර්ඝ ලිපියෙන් කියන්නේ, ‘මා ඉල්ලා අස්වීමට කෙතරම් සුදුස්සකුද’ යන්න ගැනය. අයිවන්ගේ ලිපිය ගැන මගේ ස්ථාවරය කුමක්දැයි රාවය පාඨකයෝම මගෙන් විමසති. මා පිළිතුරු නොදුන්නොත්, අවසානයේ ඉතිහාසයට එකතුවනු ඇත්තේ ඔහුගේ අසත්‍යයන් පමණකි. එනිසා, රාවය පාඨකයන්ගෙන් සමාව අයදිමින් මේ දීර්ඝ ලිපිය ලියන්නේ එය කෙටියෙන් කිව හැකි ක‍්‍රමයක් නැති නිසාය. මේ ලිපියට අයිවන් මහතා පිළිතුරු දෙතොත් මම නැවතත් පිළිතුරු ලියන්නෙමි.

මා රාවයට ආවේ පිටු සැලසුම් ශිල්පියකු හැටියටය. එය පූර්ණකාලීන රැුකියාවකි. ඒ සඳහා මට වැටුපක් ගෙවන ලදි. පසුව කාටුන්ද ඇන්දෙමි. මා නීති විiාලයට තේරුණු පසුව පූර්ණකාලීන රැුකියාවෙන් ඉවත්වී කාටුන් දිගටම ඇන්දෙමි. ඒ කාටුන්වලට රාවයෙන් මට මුදල් ගෙව්වේය. මුදල් ගෙවීම නැවැත්තුවේ, අයිවන් රාවය පරිපාලකයාව සිටි කාලයේ, රාවය මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස, හැකි හැම වියදමක්ම කපාහැරීමට, මියගිය ලාල් පියසේන මහතාගේ මැදිහත්වීමෙන් දියත්කළ වැඩපිළිවෙළක ප‍්‍රතිඵලයක් ලෙසය. එනිසා, ‘ආර්ථික අමාරුකම් නොතිබුණු කෙනෙකු නිසා ඔහුට ගෙවීමක් කිරීම අවශ්‍යයැයි අප සිතුවේද නැත’ යනුවෙන් අයිවන් කියන්නේ අසත්‍යයකි.

අයිවන් කියන්නේ, සුදර්ශන ගුණවර්ධනගේ රාජ්‍ය නොවන සංවිධානයේ (රයිට්ස් නව්) අධ්‍යක්‍ෂවරයකු හැටියට මා සිටි බව ‘පසුව දැනගත් බව’යි. මෙය අසත්‍යයකි. පසුව දැනගන්නට දෙයක් නැත. 2008දී රාවයේ වැඩබලන කර්තෘ හැටියට එකතුවන විටම රයිට්ස් නව්හි ප‍්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්‍ෂ ධුරයේ වැඩකළ බව මම ඔහුට කීවෙමි. රයිට්ස් නව් ආරම්භයේ සිටම, එහි ව්‍යාපෘතියක් ලෙස, මුදල් ගෙවා රාවය පුවත්පතේ ‘සමබිම’ නමින් පිටුවක් කළ යුතු බව යෝජනා කරන්නේද මාය. ඒ නිසා විදේශ එන්ජී ඕ අරමුදල්වලින් රයිට්ස් නව් හරහා, මාසයකට සැලකිය යුතු මුදලක් රාවයට සමබිම නිසා ලැබුණේය. අදත් එයින් මාසිකව ලැබෙන මුදල රාවයේ ආදායමෙන් සැලකිය යුතු කොටසකි. රාවය හැමදාම එන්ජී ඕ සමග වැඩ කළේය. ඒවායින් මුදල් ගත්තේය. රාවයේ ආචාර ධර්ම හැදුවේත්, ‘ජන විවිධත්වය’ පොතට පාදක වුණු විශේෂ ජනකොටස් සොයාගොස් ලිපි සම්පාදනයට රාවයේ මාධ්‍යවේදීන්ට මුදල් ගෙව්වේත් එන්ජී ඕ මුදල්වලිනි. ඒ උදාහරණ දෙකක් පමණකි.

ඇත්ත. මම කාලයක් එක්ස් කණ්ඩායමේ පන්තිවලට සහභාගිවෙමින් සිටියෙමි. මා එක්ස් කණ්ඩායමේ සමීපතමයකු නිසා මගේ පත්වීමේ ලිපියේ මේ වාක්‍යය ඇතුළත් කොට තිබුණි. ‘පුවත්පත මොනම දේශපාලන පක්‍ෂයක හෝ කණ්ඩායමක අතකොළුවක් බවට පත් නොකළ යුතුය.’ 2008 තරම් ඈත කාලයක පුරවැසි බලයක් හෝ වෙනත් එවැනි දේශපාලන ව්‍යාපාරයක් ඇතිවේයැයි අනාගත වාක්‍ය කියන්නට අයිවන්ට බැරිවුණු නිසා, මේ තහංචිය දැම්මේ එක්ස් කණ්ඩායමේ දේශපාලනයට අදාළව පමණකි. එසේම, අද දක්වා මම ඒ එකඟතාවෙන් මිදුණේ නොවෙමි. එපමණක් නොව, 2014 අවසාන භාගයේ සිට මා සම්බන්ධවුණු ‘පුරවැසි බලයේ’ හෝ කිසිම දේශපාලන කාරණයක් ගැන වචනයක්වත් මම රාවයේ ලියා නැත්තෙමි. කළ එකම දෙය නම්, එහි රැස්වීම් ගැන දැන්වීමක් හෝ ප‍්‍රවෘත්තියක් නොමිලේ පළකිරීම පමණකි.

මගේ දේශපාලනය

රාවයට කළ විශාලතම විනාශය ලෙස පෙන්වන්නට අයිවන් උත්සාහ දරන්නේ මගේ දේශපාලන ක‍්‍රියාකාරිත්වයයි. 2014 අවසාන භාගයේ මහින්ද රාජපක්‍ෂ පාලනයට එරෙහිව පුරවැසියන් පෙළගැස්වීමේ අදහසක් මත අපි පුරවැසි බලය ගොඩනැගුවෙමු. ඒ අදහස මා මුලින්ම කී කිහිප දෙනා අතර අයිවන්ද කෙනෙකි. අපේ පළමු රැස්වීම 2014 දෙසැම්බර් 2වැනිදා හයිඞ් පිටියේ පවත්වන්නට එම පිට්ටනිය වෙන්කරගන්නට පුරපති මුසම්මිල්ට කතා කළේද අයිවන්ය. රාජපක්‍ෂ පාලනයට එරෙහිව හැකි සෑම දේශපාලන පෙරමුණක්ම එකම පුරවැසි වේදිකාවකට ගෙනඒම අපේ අරමුණ විය. ජවිපෙ නායකයාගේ සිට ද්‍රවිඩ ජාතික සන්ධානය හරහා චන්ද්‍රිකා කුමාරතුංග දක්වා සියලූ නායකයෝ, හයිඞ් පිටියේත් අවට මාර්ගවලත් සෙනග පිරී සිටි ඒ වේදිකාවට ආරාධනා ලදහ. ජවිපෙ නායකයා හැර අන් සියල්ලෝම එදා එහි ආහ. පුරවැසි බලයේ තනි නායකයකු නොසිටි අතර කැඳවුම්කාර මණ්ඩලයක් පමණක් විය. සියලූ දෙනාම එකා මෙන් එහි සාර්ථකත්වය සඳහා වැඩකළහ. මූල්‍යමය සහායද එකිනෙකාගෙන් ගන්නා ලදි. එහෙත් අයිවන් එම වැඩපිළිවෙළින් ඈත් විය. පසුව දැනගත් පරිදි, අයිවන්ද මහජන ව්‍යාපාරයක් ගැන බලාපොරොත්තුවෙන් සාකච්ඡුා වට කිහිපයක්ම සමීපතමයන් කිහිප දෙනකු සමග ඊට පෙර පවත්වා තිබේ. එහෙත් එවැන්නක් ගොඩනොනැගිණ.

මගේ දේශපාලනය පුරවැසි දේශපාලනයකි. එය රාවයේ දේශපාලනයටද එකහෙළා ගැළපෙන, හැංගි හොරා නොව ප‍්‍රසිද්ධියේ කරන එකකි. මා දන්නා රාවයද කිසිදාක අපක්‍ෂපාතී, මධ්‍යස්ථ පුවත්පතක් ලෙස පැවතියේ නැත. මගේ වටහාගැනීම අනුව රාවයේ තිබුණේ, යම් මතයක් දරමින්, ඊට වෙනස් මත දරන්නන්ටද ඉඩ දීමේ පිළිවෙතකි. එය සංවාදශීලී වන්නේ ඒ අරුතෙනි. අද දක්වාම මම එම පිළිවෙතින් වෙනස්වී නැති බව වගකීමෙන් කියමි.
කර්තෘ හැටියට මට පුරවැසි දේශපාලනය කරන්නට එපායැයි කියන අයිවන් කළ පක්‍ෂ දේශපාලනය ගැන හැමෝම දන්නවා ඇත. ඒ ගැන මෙහි ලිවිය යුතු නොවේ.

හැබෑවකි. මමත් අනෙක් පුරවැසි නියෝජිතයෝත් හැකි සෑම විටෙකම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හමුවෙමු. ඒ අපේ ඉල්ලීම් මත මෙන්ම ඒ දෙදෙනාගේද කැඳවීම මතය. එහෙත් ඒ අපේ පෞද්ගලික වුවමනා එපාකම් සපුරා ගැනීම සඳහා නම් නොවේ. රට යන අත ගැන කතාකිරීම සඳහාය. ඒ ගැන පුරවැසි නියෝජිතයන් හැටියට අපේ අදහස්, විවේචන කීම සඳහාය. ඒ බව ඒ ඒ දේශපාලන නායකයන් හොඳින්ම දන්නවා ඇත. ඒ සඳහා පුරවැසියන් හැටියට අපට අයිතියක් ඇතැ’යි අපි සිතමු. ඔවුන් හමුවී කියන දේම අපි එළියේද කියමු. ලියමු. එනයින්, වර්තමාන පාලනය ගැන බලවත්ම විවේචන පළවන එකම පුවත්පත රාවය බව මම අදත් එකහෙළා කියමි. ඒ බවක් නොපෙනෙන්නේ හිතේ වෙනෙකක් තියාගෙන බලන විටය.
රාවයෙන් හෝ පුරවැසි බලයෙන් හෝ උපයාගත් දැනහැඳුනුම්කම් උපයෝගි කරගෙන අබැටක තරම්වත් ලාභයක් වාසියක් මා කිසිවකුගෙන්, කිසිම ආයතනයකින් ලබාගෙන නැත.

රාජපක්‍ෂ පාලනය බිඳදමා මේ ආණ්ඩුව පත්කිරීමට රාවය විශාල මැදිහත්වීමක් කෙළේය. මමත් කර්තෘ මණ්ඩලයේ අනෙක් සාමාජිකයෝත් එකී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, එහෙත් ඉතාමත් බලවත් ඒකාධිකාරී පාලනය බිඳදැමීම සඳහා හැකි සෑම ආකාරයෙන්ම ලියුවෙමු. කතාකළෙමු. අවසාන කාලයේ අයිවන්ද ඒ මතයටම ආවේය. මේ බලන්න.: ‘දැන් රටේ ජනතාවට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ කාර්යක්ෂම හා සාධාරණ පාලනයක් සඳහා හා සංවරණය හා තුලනය සඳහා තිබුණු සියලූ ආයතන ක‍්‍රම බිඳවැටී මුළු රටම එක පුද්ගලයකුගේ දැඩි ආධිපත්‍යයකට නතුවූ අශීලාචාර වටාපිටාවකය… ආණ්ඩුව රට ප‍්‍රතිසංවිධානයට ලක් කෙරෙන ප‍්‍රතිසංස්කරණවලට තරයේ විරුද්ධය. ඒ මගින් රට පාලනය කිරීමට තිබෙන සදාචාරමය අයිතිය ආණ්ඩුව අහිමි කරගෙන තිබෙන අතර පවත්වන්නට නියමිතව තිබෙන මැතිවරණ දෙකෙන්ම ආණ්ඩුව පරාජය කොට රට ප‍්‍රතිසංවිධානයකට ලක් කෙරෙන ප‍්‍රතිසංස්කරණවලට බර තබා ක‍්‍රියාකරන ආණ්ඩුවක් ඇති කර ගැනීම රටේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්වී ඇතැයි කිව හැකිය.’ (වික්ටර් අයිවන්, 2014 නොවැම්බර් 3, රාවය) මේ කතාවේ දේශපාලනයක් නැතිද?

සරත් එන් සිල්වා සමග මා එකම වේදිකාවේ කතා කළ බව හැබෑය. ‘මහින්දට තුන්වරක් බෑ’ කියන සටන් පාඨය මුලින්ම ආවේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නීතිඥයන්ගේ රැුස්වීමකදී නමුත් ජවිපෙ එය සමාජයට ගෙනගියේය. ඒ සඳහා නව නගර ශාලාවේ පැවැත්වෙන ප‍්‍රසිද්ධ රැුස්වීමකට සහභාගිවන ලෙස අනුර කුමාර දිසානායක මට ආරාධනා කළේය. ඔහුත් මමත් සරත් එන් සිල්වාත් එහිදී කතා කළෙමු. සරත් සිල්වා ව්‍යවස්ථාව උපුටා දක්වමින් එම තර්කය පැහැදිලි කළේය. ජවිපෙ එම රැුස්වීම රට පුරා ගෙනගියත්, මට මතක හැටියට මා සහභාගි වුණේ ඉන් තවත් එකකට හෝ දෙකකට (මාතර හෝ අනුරාධපුර) පමණකි. අවසානයේ නුගේගොඩ සමරකෝන් එළිමහන් රංග පීඨයේදී අතිවිශාල ජනරැලියක් ඒ මාතෘකාව යටතේ සංවිධානය කිරීමට ජවිපෙ සමත්විය. එහිදී රතන හිමි, අමිල හිමි, ශ‍්‍රීනාත් පෙරේරා, වියන්ගොඩ, තේනුවර, අනුර කුමාර දිසානායක ඇතුළු සිවිල් සමාජ නියෝජිතයෝ බොහෝ පිරිසක් සරත් නන්ද සිල්වා සමග එකම වේදිකාවේ කතාකළහ. ගෙනා පුද්ගලයා සරත් සිල්වා වුණත්, ඔහුගේ තර්කය ශක්තිමත් බවත්, එය ඉදිරියට ගෙනයා යුතු බවත් අයිවන්ද කර්තෘ මණ්ඩලයේදී කිව්වේය. මගේ මතකය නිවැරදි නම්, ඔහු එම තර්කය සහිත ලිපියක්ද රාවයට ලිව්වේය. රාජපක්‍ෂ පාලනය පරාජය කිරීම සඳහා හැකි සෑම පෙරමුණකින්ම පිරිස් එකතුකළ යුතුව තිබුණු අසීරු අවස්ථාවකි ඒ. එහෙත් අයිවන් එය දකින්නේ හුදු ජනප‍්‍රියභාවය සඳහා මා කළ දෙයක් හැටියට පහත හෙළාය. ජනප‍්‍රිය වන්නට නම් ඒ කාලයේ කරන්නට බොහෝ දේ තිබුණි. ඒ වෙනුවට අප තෝරාගත්තේ ඉතාම බිහිසුණු පාලනයක් ගෙනගිය රාජපක්‍ෂ පාලනයේ උදහසට හේතුවන භයංකර මාවතකි. රාජපක්‍ෂ පාලනයට එරෙහිව, තනි තනිව, කිසිම ආරක්‍ෂාවක් නැතිව, අප කටයුතු කළ ඒ බිහිසුණු කාලය සරල ජනප‍්‍රියත්වයක් හඹා යන දෙයක් බවට ඌනනය කිරීම කුහකකමක් මිස අන් කුමක්ද? ඒ මොහොතට සාපේක්‍ෂව සරත් සිල්වා සමග එක වේදිකාවක නැගීමේ කිසිම වරදක් එදාත්, අදත් මා දකින්නේ නැත. එනිසා, ‘එය නොදැන සිදුවූ වරදක්’ හැටියට මා පිළිගත්තේයැයි අයිවන් කියන්නේ අසත්‍යයකි. ඊට පසුත් සරත් සිල්වා ලංකාවේ අපකීර්තිමත්ම අගවිනිසුරු බව මම ලියා, කියා ඇත්තෙමි. අද සරත් එන් සිල්වා ඔහුට හිමි තැන සිටින අතර, මම මා සිටිය යුතු තැනම සිටිමි.

අයිවන්ට කතාකළ ‘කම්පනයට ලක්වුණු පාඨකයා’ට වෙනස්ව අප කළ ඒ කාර්යය අගය කළ අතිවිශාල පිරිසක්ද සිටි බව මම අයිවන්ටම මීට පෙර කියා ඇත්තෙමි. එහෙත්, අධිනිශ්චය වී ඇත්තේ අයිවන්ට කතාකළ ‘කම්පනයට ලක්වුණු’ පාඨකයා පමණකි. අපේ කාර්යය අගය කරන පාඨකයන් ගැන රාවය ඉතිහාසයේ නොලියැවෙන්නේ රාවයේ එක පුද්ගලයකුගේ අභිමතය පමණක් ඉහළින් පවතින නිසාය. මේ එළැඹුමත්, ඊට පසුව ඇතිවුණු අවබෝධතාත් නිසා එතෙක් කාලයක් රාවයට වෛර කරමින් සිටි ජවිපෙ සාමාජිකයෝ රාවය ගැන අලූත් මිතුරුකමකින් බලන්නට පටන්ගත්තෝය. අයිවන්ගේ ඉතිහාසය පුරා ජවිපෙට එරෙහිව ප‍්‍රකට කළේ කුහක ප‍්‍රතිපත්තියකි. මම ඒ අවිශ්වාසය බිඳදැමුවෙමි. ජවිපෙ නායකයා, රාවය 30වැනි සංවත්සරයට පැමිණ ඉතාමත් විවේචනාත්මක දේශනයක්ද පැවැත්වීය. රාවයට සම්මුඛ සාකච්ඡුා ලබාදුන්නේය. මේවායේ අගයක් නැතිද? මේ වැදගත් කාරණා රාවය ඉතිහාසයේ නොලියැවෙන්නේත්, අයිවන්ගේ කතාව පමණක් ලියැවෙන්නේත් ඇයි?

මේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පත්වන්නට එක් හේතුවක් වුණු පුරවැසි දායකත්වයට අපත් එක් වී සිටියේ නම්, එසේ පත්කර ගත් ආණ්ඩුවත් නායකයනුත් දැන් පිස්සු කෙළිමින් සිටිනවා නම්, ඔවුන් හරිමගට ගැනීමටත්, ඔවුන් පොරොන්දුවුණු මහජන න්‍යාය පත‍්‍රය නැවත නැවත මතක්කරදීමටත් මැදිහත් විය යුතු නොවේද? කිසිදු හේතුවක් නිසා රට යළිත් රාජපක්‍ෂ පන්නයේ ඒකාධිකාරී අඳුරු යුගයකට ආපසු යා යුතු නැති බව අදත් මගේ ස්ථාවරයයි. එසේ නම්, පවතින පාලනයේ වැරදි නිවැරදි කරගැනීමට මැදිහත් වීම, බලපෑම් කිරීම අපේ වගකීමකි. එය කරන්නේ නායකයන් සමග යාළුකම් පැවැත්වීමෙන් නොවේ. ඔවුන් සමග ඍජුව හා පැහැදිලිව අපට කරන්නට ඇති විවේචන කරමිනි. වරද ඇත්තේ ආණ්ඩුවේ වැරදි අනුමත කරනවා නම්ය. ඒ නිසා අපි ‘ආණ්ඩුවේ බලවත් ආධාරකරුවෝ’ නොවෙමු. ‘මා ආණ්ඩුවේ විවිධ ව්‍යාපෘති ඍජු ලෙස හා අනියම් ලෙස ක‍්‍රියාවට නගන්නකු බවට පත්විය’ යන්නද පදනමක් නැති හුදු වාගාලංකාරයකි. හිතලූවකි. මා දායක වූ ආණ්ඩුවේ එක් ව්‍යාපෘතියක් හෝ ඇත්නම් එය පෙන්වන ලෙස අයිවන්ට මම අභියෝග කරමි.

මා ආණ්ඩුවේ නාලිකාවල (ගුවන්විදුලි සංස්ථාවේ හා ජාතික රූපවාහිනියේ* සංවාද වැඩසටහන් (සුභාරතී/ ප‍්‍රවිචාරණ) මෙහෙයවන්නකු හැටියට කටයුතු කළෙමි. ඒ වැඩසටහන්වලට ගෙන්වූ සුනන්ද දේශප‍්‍රිය, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, එම්ඒ සුමන්තිරන්, ශිරාල් ලක්තිලක, අනුර කුමාර දිසානායක, ආචාර්ය ලියනගේ අමරකීර්ති, බැසිල් ප‍්‍රනාන්දු, ඩිලාන් පෙරේරා, ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය චරිත හේරත් වැනි පුද්ගලයන් මේ ආණ්ඩුවට ආවඩන්නන් හැටියට අයිවන් දකින්නේද? අප සිතන්නේ අපට නිදහස් වී ඇති සීමිත ඉඩකඩ තුළ වුවද ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විසම්මුතිය පිළිබඳව ඇති අපේ විශ්වාසයන් අත්හදාබැලිය යුතුයැයි කියාය. එය වරදක්ද? එහෙත්, 2015 අගෝස්තු 1වැනිදා, මහමැතිවරණය මුවවිට තිබියදී අයිවන්, ජාතික රූපවාහිනියේ රනිල් වික‍්‍රමසිංහ සමග කළ සංවාදය වැනි සංවාද නම් මම කර නැත්තෙමි.

අයිවන්ගේ ලිපියකට ජයම්පති වික‍්‍රමරත්න ලියූ පිළිතුරක් ගැන මනෝභ‍්‍රාන්තියක්ද අයිවන්ගේ ලිපියේ ඇතුළත් වෙයි. අදාළ ලිපිය ලැබුණේ තැපෑලෙනි. එය ලියූ ලේඛකයාගේ නමද එහි විය. වැදගත් කරුණු එහි අන්තර්ගතව තිබුණු නිසා මම එය පළකළෙමි. අයිවන් එය ජයම්පතිගේ ලිපියක්යැයි සිතාගෙන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ඉලක්කකොට සුපුරුදු පෞද්ගලික ප‍්‍රහාර එල්ල කරමින් පිළිතුරක් ලිවීය. පසුගිය සතියේ ලිපියේදීද ඔහු ඒ ගැන යළිත් ලියා ඇති නමුත්, එය ජයම්පතිම වෙන නමකින් ලියූ ලිපියක් යැයි ගවේෂණාත්මකව සොයාගත් ආකාරය ගැන නම් ලියා තිබුණේ නැත. ඒ වෙනුවට, ‘එය කියවූ විට එය ජයම්පති විසින් ලියන ලද්දක් බව තේරුම් ගැනීමද අමාරු නොවීය. ජයම්පති විසින් ලියන ලද ලිපියක් වෙනත් නමකින් පළකළේ ඇයිදැයි මම ජනරංජනගෙන් ප‍්‍රශ්න කළෙමි. එය ජයම්පති විසින් ලියන ලද්දක් නොවන බව ඔහු තරයේ කියා සිටියත් ඔහු දෙන ලද පිළිතුරු මගේ විශ්වාසයට හේතුවූයේ නැත. ජයම්පති ජනරංජනගේ සමීප මිතුරෙකි. ජනරංජන පෙනීසිටියේද ජයම්පතිගේ ව්‍යවස්ථා සංශෝධන වැඩසටහන වෙනුවෙනි. මාගේ විවේචනයට ඉක්මන් පිළිතුරක් දිය යුතුයැයි දෙදෙනාම කල්පනා කළා විය හැකිය. පළමු පිළිතුර එහි ප‍්‍රතිඵලයක් වන්නට ඇති බව මගේ විශ්වාසය විය.’ වැනි මැක්කාගේ න්‍යායක් ගොතා තිබුණි. මා දිය යුතු පිළිතුර කුමක්ද? අදත් මා කියන්නේ, එය ලියුවේ ජයම්පතිදැයි මා නොදන්නා බවය. මට එය දැනගැනීමට අවශ්‍යද නැත. අයිවන් එය ජයම්පතිගේ්යැයි කියූ විට මා පිළිගත යුුත්තේ ඇයි? මේ කතාව අයිවන් තීරණ ගන්නා දෛනික විලාසිතාව මනාව ප‍්‍රකට කරන නිදසුනකි. පසුගිය අවුරුදු තුනක පමණ කාලය තුළ අයිවන් දිගින් දිගටම මේ පන්නයේ අසත්‍ය චෝදනා විශාල ප‍්‍රමාණයක් ආයතනය තුළදී වාචිකවත් ලිඛිතවත් මා වෙත එල්ලකොට තිබේ. මම ඒවාට සංයුක්ත පිළිතුරු දී ඇත්තෙමි. එහෙත්, ‘ඔහුගේ විශ්වාසයට හේතුවන පිළිතුරක්, එනම් ඔහු කැමති පිළිතුරක්’ ලැබෙන තෙක් ඔහු යළිත් ඒ ප‍්‍රශ්නම නගයි. රාවයේ කර්තෘකමට මා නොගැළපෙන බවට තීන්දු කරන්නේ මෙවැනි සිල්ලර තර්ක මත නම් අප සිටින්නේ කොතැනකද? අයිවන් අන් සියලූම අය විවේචනය කළත්, තමාට එරෙහිව එන විවේචන නොඉවසයි. ඒවායින් කිපෙයි. ඉන්පසු අතට හසුවන හැම දෙයකින්ම විවේචකයාට දමාගසා අඩපණ කරන්නට වෑයම් කරයි. තම විවේචකයන්ට එරෙහිව අයිවන් රාවයට ලියා ඇති පිළිතුරු ලිපි පමණක් වුවද සැලකිල්ලෙන් කියවූවොත් මේ බව පැහැදිලිව පෙනෙනු ඇත. මාද ඒ ඉරණමේ වින්දිතයෙකි. ඔහුගේ මතය පිළිගෙන, ඔහුට වුවමනා විදියට අන් අය නොසිටින කිසිම අවස්ථාවක් අයිවන් ඉවසන්නේ නැත.

දැන් කාර්ය මණ්ඩලයේ ‘කම්පනය කරවනසුලූ’ ලිපි දෙකට එන්නෙමි.

තමා විශ‍්‍රාම යන බැවින් ආයතනයේ පාලනය සඳහා සුදුසු පාලන ව්‍යුහයක් හදන ලෙස අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී කියූ අයිවන්, පසුව ඒ ගැන බලකරමින් ලිපිද ලියන්නට පටන්ගත්තේය. මා ඒ ගැන උනන්දුවක් නොවුණේ ඒවා ඍජුව මා අමතා කියන ලද දේ නොවන නිසාය. කොහොම වුණත්, 2015 ජනවාරි 27දා අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී රාවයේ එදිනෙදා පරිපාලන වගකීම මට භාරගන්නා ලෙස ඉල්ලා සිටින ලදි. එය පිළිගත් මම රාවයේ ඉදිරි ප‍්‍රගතිය සඳහා වැඩපිළිවෙළක් සකස් කර අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන බව කීවෙමි. ඒ වැඩපිළිවෙළ ගැන සාකච්ඡුා කිරීමට විශේෂ රැුස්වීමක්ද යොදාගන්නා ලදි. එහෙත්, ඒ දිනට පෙර ආයතනය තුළින් ලියුමක් (අයිවන්ගේ ලිපියේ දක්වා තිබුණි.) එළියට ආවේය. විමලනාත් වීරරත්න විසින් ලියන ලද එය, පළමුව අත්සන් කරන ලෙස ඉදිරිපත් කරන ලද්දේ මටයෟ ඒ අයිවන්ගේ ලේකම්වරිය විසිනි. අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පරිපාලන වගකීම මට පවරා, ඒ සඳහා වැඩපිළිවෙළක් සකසා, ඒ ගැන සාකච්ඡුා කිරීමට දිනයක්ද යොදා තිබෙන හෙයින් මා අත්සන් නොකරන බව මම කීවෙමි. ඊළඟ අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීමට ඒ ලියුම ඉදිරිපත් විය. මා හැර සියල්ලන්ම ඊට අත්සන් කර තිබුණි.

රැුස්වීමේදී මම ඉදිිරි වැඩපිළිවෙළ ඉදිරිපත් කළෙමි. එහෙත් ඒ ගැන සාකච්ඡුා කිරීමට අයිවන් උනන්දුවක් නොදැක්වීය. ඒ වෙනුවට ඔහු කීවේ කවර වැඩපිළිවෙළක් සකස් කළද ආයතනයේ සේවකයන්ගේ මතය බැහැර කර එය ක‍්‍රියාත්මක කළ නොහැකි බවත්, මේ ආයතනයේ සේවකයන් ආයතන පරිපාලනය කෙරෙහි විශේෂ බලපෑමක් කරන පිරිසක් බවත්ය. සේවකයන්ගේ මතයට වැඩි ඉඩකඩක් ලබා දිය යුතු බවත්ය.

රාවය සහයෝගිතාව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සිටි ගාමිණී වියන්ගොඩ හා උදාන් ප‍්‍රනාන්දු විසින්, සේවකයන් නියෝජනය කිරීම සඳහා ඔවුන්ගේ ඡුන්දයෙන් පත්වුණු නියෝජිතයන් දෙදෙනකු අධ්‍යක්‍ෂ මණ්ඩලය තුළ සිටින බැවින්, නැවතත් මුලට ගොස් සේවකයන්ගේ අදහසට ඉඩදීමේ පිළිවෙතක් මගින් ආයතන පරිපාලනය අවුල් නොවන්නේදැ’යි යන ප‍්‍රශ්නය නගන ලදි.

ඉන්පසු රැුස්වීම ඇමතූ මම, මේ ප‍්‍රශ්නයේ කේන්ද්‍රය මා ලෙස හැඟී යන බැවින් අදහස් පළකිරීමට කැමති බව කියා, එදින රැුස්වීම කැඳවූයේ 2015 ජනවාරි 27දා ඇතිකරගත් එකඟත්වය මත, රාවය සඳහා නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට බවත්, ඒ ගැන දළ සටහනක් ඉදිරිපත් කළ නමුත් දැන් තත්ත්වය වෙනස් වී ඇති බවත් කීවෙමි. 27දා එකඟතාවෙන් පසු, 28දා ආයතනය තුළ ලිපියක් අත්සන් කිරීම සඳහා සංසරණය වනු දක්නට ලැබුණු බවත් ඊට ආයතනයේ සියල්ලන්ම අත්සන් කර ඇති බවත් කීවෙමි. 27දා තීරණය ගත් අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීමට සහභාගිවූ අධ්‍යක්‍ෂ විමලනාත් වීරරත්නම මෙම ලියැවිල්ලත් සම්පාදනය කර තිබෙන බව පෙනෙන බවත්, එය අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීමේදී ගත් තීරණයට පටහැණි ක‍්‍රියාවක් බවත්, ඒ නිසා මා එහි අත්සන් නොකළ බවත් කීවෙමි. මේ තත්ත්වය මත තවදුරටත් කර්තෘධුරයේ වගකීම් ඉටුකරනවා විනා ආයතනයේ කිසිම පරිපාලන වගකීමක් දැරීමට හෝ භාරගැනීමට හෝ මම බලාපොරොත්තු නොවන බවත් කීවෙමි.

එහෙත්, පසුගිය සතියේ පළවූ ඒ ලිපිය කියවූවකුට හොඳින්ම පැහැදිලි වනු ඇත්තේ, සේවකයන් ඉල්ලා ඇත්තේ ‘රාවය සභාපතිත්වයේ් මෙන්ම උපදේශක කර්තෘ ධුරයේ සාධාරණ කාලයක් කටයුතු කරන ලෙස’ බවය. සභාපතිකමෙන් හෝ උපදේශක කර්තෘකමෙන් හෝ ඉවත්ව යන බව අයිවන් නම් කිසිදාක කීවේ නැත. කවුරුත් එසේ යන ලෙස ඉල්ලූවේද නැත. දිවි ඇති තෙක් ඔහු සභාපතිකමෙන් ඉවත්ව යනු ඇතැ’යි සාධාරණ මනසක් ඇති කිසිවකු අනුමාන කරන්නේද නැත. අදත් ඔහු එම තනතුරු දෙකේම සිටියි. ප‍්‍රශ්නය ඇතිවී තිබුණේ ආයතනයේ පරිපාලන නිලධාරී තනතුර සම්බන්ධයෙනි. තමාට ලැබුණු ලිපිය කොහේවත් යන පරිපාලන නිලධාරී තනතුර සමග එකට ඈඳුවේ අයිවන්ය. ඔහුගේ අධ්‍යාශය තේරුම්ගත් නිසා මම තනතුර බාරගැනීමෙන් වැළකුණෙමි. මා හැර අන් සියලූම දෙනා ඊට අත්සන් කිරීම ගැන මා පුදුම වන්නේ නැත. මන්ද යත්, එහි ඉල්ලා ඇත්තේ අයිවන්ට තවදුරටත් ඉහත තනතුරු දෙකේ රැුඳී සිටින ලෙසය. ඉතින්, ඊට විරුද්ධ වන්නේ කවුද? අයිවන්ට රැුඳී සිටින ලෙස කරන ආයාචනයකට ප‍්‍රසිද්ධියේ අත්සන් නොකර සිටින්නට ධෛර්යයක් ඇත්තේ කුමන සේවකයාටද? අනෙක් අතට, රාවයේ සේවකයන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සිදුවූ ක‍්‍රියාවලිය දැනගෙන සිටියේත් නැත. ඔවුන්ගෙන් අත්සන් ගත් අය ඒ ගැන කිසිවක් සේවකයන්ට කියා තිබුණේද නැත. ඒ ලියුමේ විදියට ආයතනයේ සියලූ සේවකයන් අතර සිය අනාගතය ගැන අවිනිශ්චිත හැඟීමක් ඇතිවන්නේ අයිවන් සභාපතිකමෙන් ගියා නම්ය. කිසිදා එවැන්නක් සිදුනොවේ.

එහෙත්, වත්මන් කර්තෘ විමලනාත් වීරරත්න විසින් ලියන ලද වාගාලංකාර බහුල එම ලිපියෙන් මා නම් තේරුම් ගත්තේ කවර තරමේ වහල් හා යැපුම් මානසිකත්වයකින් යුක්තව එය ලියා ඇත්ද යන්නයි. නවීන චින්තනයක් සහිත නවීන ලෝකයක් ගැන අනුන්ට න්‍යාය දෙසන රාවයේ සිටින සමහරුන් කොයිතරම් පසුගාමී, ආත්ම විශ්වාසයක් නැති වහලූන් පිරිසක්ද යන්න ඇෙඟ් හිරිගඩු පිපෙනසුලූ යෙදුම් ඇතුළත් ඒ ලිපියෙන් මනාව පැහැදිලි වෙයි. වැදගත් එය ලියූවන් වහලූන්ද යන්න නොවේ. එහි ඇතුළත් පුස්, හැඟීම්බර වාගාලංකාර නිසා තමා මහත් කම්පනය වූ බව අයිවන් කීමය. අවුරුදු තිහකට පසුවත් තමා සර්වබලධාරිත්වය දැරූ රාවය තුළ නිර්මාණයවී සිටින්නේ මෙවැනි වහලූන් පිරිසක් වීම ගැන නවීන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ව්‍යුහයන් ගැන සිහින දකින ප‍්‍රධානියකුට නම් ලජ්ජාවක් මිස අන් සිතුවිල්ලක් ආ නොහැකි බව මම සිතමි.

පසු අවස්ථාවකදී මා රාවයේ පරිපාලන නිලධාරී වගකීම භාරගත්තේ, අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජික සුමතිපාල කාරියවසම්ගේ බලකිරීම නිසාය. ඔහුගේ බලකිරීම මත, මට ඒ වගකීම දෙන්නට අයිවන් යොමුවුණත්, එදින රාත‍්‍රියේ තමා ඇමතූ අයිවන් මට ඒ වගකීම දෙන්නට මැදිහත්වීම ගැන තමාට දොස් කී බව කාරියවසම් මා සමග පසුව කීවේය. රාවයේ පරිපාලන වගකීම මා කිසිදාක ඉල්ලා භාරගත් එකක් නොවන බව නිසැකව කිව යුතුය. ඒ නිසා, ‘..ඔවුන්ගෙන් ලැබුණු ශක්තියෙන් ඔද වැඩුණු ඔබ සම්පූර්ණ පාලනය ඉල්ලා සිටි තැනකට තල්ලූ වුණායැ’යි අයිවන් කියා ඇත්තේ අමූලික අසත්‍යයකි. මා එසේ ඉල්ලා සිටි අවස්ථාවක් නිශ්චිතව දක්වන ලෙස අයිවන්ට මම අභියෝග කරමි.

පසුගිය ජනවාරි 20 දා මවෙත එවූ ලිපියක් මගින් ඒ පරිපාලන වගකීම මගෙන් ඉවත්කරන බව දන්වන ලදි. තමාගේ අරමුණට ගැළපෙන විදියට රාවයේ සේවකයන් මීට පෙර ලියූ ලියුම් ඉහළින් පිළිගත් අයිවන්, මා ඉවත් කිරීමට පෙර සේවකයන්ගෙන් ඒ ගැන අනුමැතියක් ගත් බවක් නම් දැනගන්නට නැත. ඒ ගැන සාකච්ඡුා කළා නම්, මා පරිපාලනය භාරගත් පසු ආයතනයේ සිදුවූ වෙනස්කම් ගැන කුහකයන් හා දෙබිඞ්ඩන් නොවන සේවකයන් අයිවන්ට පැහැදිලි කර දෙනු ඇත.

අයිවන් මේ ආයතනය පාලනය කළේ සිල්ලර කඩයක මුදලාලි කෙනකු පරිද්දෙනි. විකුණන බඩු තීරණය කරන්නේත්, ඒවා අසුරන හැටි කියන්නේත්, ඊට සේවකයන් බඳවා ගන්නේත්, සියලූ සේවකයන්ට අණ දෙන්නේත්, සේවකයන්ගේ වැඩ මාරු කරන්නේත්, සේවකයන්ගේ හොර අල්ලන්නේත්, සේවකයන්ගේ කේලාම් අහන්නේත්, සේවකයන් ඉවත්කර දමන්නේත්, කඩය පුළුල් කරන තරම තීරණය කරන්නේත් අයිවන්ය. අවුරුදු 30ක කාලයක් පුරා රාවය පැවතුණේ මේ විදියටය. දේශනවල හා ලියැවිලිවල තිබෙන නවීන මොඩලයේ ආයතන ක‍්‍රමයක් වෙනුවට රාවයේ තිබුණේ වැඩවසම් ලක්‍ෂණ සහිත, සර්වබලධාරි තනි පාලනයකි. ආයතනයේ පරිපාලන වගකීම භාරගත් පසු, මේ ‘මමය, මාගේය, මට වුවමනා විදියටය’ යන සංස්කෘතිය අවසන් කිරීමට මම කටයුතු කළෙමි. හැමෝටම වගකීම් පැවරුවෙමි. ආයතනයේ පරිපාලනය මා ද ඇතුළත් කළමනාකාර මණ්ඩලයකින් සිදුකෙරිණි. සතියක් ඇර සතියක් මේ කණ්ඩායම හමුවිය. සියලූ තීන්දු තීරණ ගත්තේද, ආයතනයේ එක් එක් අංශ දියුණු කරන හැටි කතාවුණේද සැලසුම් කළේද ඒ රැුස්වීමේදීය. ආයතනය ගැන නිවැරදි තොරතුරු අදාළ නිලධාරීන් ඒ රැුස්වීමට ඉදිරිපත් කරන බවට මගේ අපේක්‍ෂාව විය. කිසිදු තීරණයක් මා තනිව ගත්තේ නැත. මාසයකට වරක්, අංශ ප‍්‍රධානී රැුස්වීමක් පවත්වන ලදි. සියලූ අංශ ප‍්‍රධානීන්ට වෙන වෙනම අදහස් දැක්වීමට ඉඩ දෙන ලදි. ආයතනයේ ප‍්‍රගතිය සඳහා ඔවුන් වාර්ෂිකව සැලසුම් සකස් කළ යුතු විය. මාස දෙකකට පමණ වරක් මුළු ආයතනයේම සාමාජික රැුස්වීමක් පවත්වන ලදි. මගේ බලාපොරොත්තුව වුණේ, රැුස්ව සාකච්ඡා කොට, සියලූ දෙනා ඍජුව අදහස්, විවේචන ඉදිරිපත් කරන සංස්කෘතියක් ඇතිකිරීමයි. එහෙත් මා සිතුවා වැරදිය. ඒ රැුස්වීම්වලදී කිසිවක් නොකියා නිශ්ශබ්දව සිටි අය, අයිවන්ට වෙනම කේලාම් කීහ. අයිවන් ගැන සමීපව දන්නා සියලූ දෙනා එකඟ වන දෙයක් නම්, අයිවන් තදින් කේලාම් අසන බවයි. දිනපතා රාජකාරියක් ලෙස ඔහුට කේලාම් කියන දෙතුන් දෙනෙක් ආයතනයේ සිටියහ. කොහොම වුණත් මගේ පළමු වෑයම වුණේ ආයතනය තුළ ඉහත කී සංවිධාන ව්‍යුහය ගොඩනැගීමයි. ඒ සඳහා සේවකයන් අතර සුහදතාව ඇතිකිරීමට විවිධ වැඩසටහන් දියත් කළෙමි. සේවකයන්ගේම යෝජනාවෙන් ආයතනය පිරිසිදු ලස්සන පරිසරයක් බවට හැරවිණි. ආයතනයේ මුදල් තත්ත්වය යහපත් බව ගණකාධිකාරි කිවූ නිසා, 2017 වසරේ මුල සියලූ සේවකයන්ගේ වැටුප රුපියල් 3000කින් වැඩි කරන්නට අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් අවසර ගත්තෙමි. එහෙත් අයිවන් අකැමැත්තෙන් කීවේ වැටුප්වලට වැඩිපුර වැයවන මුදල සෙවීමේ වගකීම මා භාරගත යුතු බවය. ඒ වසරේ සිංහල අවුරුද්ද වෙනුවෙන්, මා දන්නා කාලයක නොවුණු ලෙස වැටුපට සමාන බෝනස් මුදලක් සියල්ලන්ට ගෙවන ලදි. සේවකයන්ගේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් ආයතනය තුළම ණය ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කෙරිණි. රාජකාරියේ යෙදී සිටියදී සිදුවන හානි වෙනුවෙන් රක්‍ෂණ ක‍්‍රමයක් පිහිටුවන්නට සැලසුම් කරමින් තිබුණි. සියලූ සේවකයන්ට සමාන ලෙස සලකන ප‍්‍රතිපත්තියක් ඇති කරන ලදි. කිසිවකු මට කේලාම් කියන්නට ආවේ නැත. අඩුපාඩුකම් තිබුණා වුණත් මා ඇඟිලි ගසන්නේ නැතිව ආයතනයේ කළමනාකාරිත්වය සුමටව දුවන තත්ත්වයක් ඇතිවිය. පුවත්පත තාක්‍ෂණික වශයෙන් වැඩිදියුණු කිරීමට විවිධ පෙරමුණුවලින් කටයුතු කරන ලදි. රාවය 30වැනි සංවත්සරය සියල්ලන්ගේ සහයෝගයෙන් ඉතා ඉහළින් සංවිධානය කොට, රුපියල් ලක්‍ෂ 18ක මුදලක් අවසානයේ රාවයට ඉතිරි කොට, ස්ථාවර ගිණුමක තැන්පත් කිරීමට හැකිවිය. මේවා ඇත්තදැයි අයිවන්ටම සිය සේවකයන්ගෙන් අසා දැනගත හැකිය.

රාවය කර්තෘ මණ්ඩලය තුළද සතියකට වතාවක් සිකුරාදා හමුවී පැය දෙක තුනක් පසුගිය සතියේ පුවත්පත, ඉදිරි සතියේ පුවත්පත හා අනාගත සැලසුම් ගැන දීර්ඝ ලෙස කතාකරන, සියල්ලන්ම සමාන ලෙස අදහස් දක්වන සම්ප‍්‍රදායක් ඇතිකෙරිණ. ක‍්‍රමයෙන් කර්තෘ මණ්ඩලය තුළ මහා බැඳීමක්, අවබෝධයක්, කණ්ඩායම් හැඟීමක් හා විවෘතභාවයක් ගොඩනැගුණේය. එකක් කියා අනෙකක් කරන දෙබිඞ්ඩන්ට එහි ඉඩක් නැතිවිය. කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගේ වැඩවල හොඳත් නරකත් මූණටම කියන, විවේචනය කරන සම්ප‍්‍රදායක් ඇතිවිය. සෑම කර්තෘ මණ්ඩල සාමාජිකයකුටම පුවත්පතේ පිටු කිහිපයක් බැගින් සංස්කරණයට භාරදෙන ලදි. එහි අන්තර්ගතය තීරණය කිරීමත්, සුදුසු ලෙස පිටු සැලසුම් කිරීමත් ඔවුන්ටම පැවරිණි. ඔවුහු ඒ වගකීම ඉහළින් ඉටුකළෝය. මා ඉල්ලා අස්වීමෙන් පසු පසුගිය ජනවාරි 24 වැනි හා 25වැනි දිනවල, මා නැතිව වුණත් (නියෝජ්‍ය කර්තෘ ලසන්තද විදේශගතවය.* කලට වේලාවට පුවත්පත එළියට ආවේ ඒ ආත්ම ශක්තිය කර්තෘ මණ්ඩල සාමාජිකයන් තුළ වර්ධනය වී තිබුණු නිසා බව ඔවුන්ට ගෞරවය පිණිස ලියමි. ඒ ගැන ඔවුන්ගෙන්ම අසා දැනගත හැකිය. රාවයේ මතයයැ’යි කියා මගේ (කර්තෘගේ) මතය පුවත්පතේ ලියන අයිවන්ගේ සම්ප‍්‍රදාය මම අත්හැරියෙමි. පුවත්පත යනු මමය, මාගේය කියන ඒකපුද්ගල රංගනයක් නොව සමූහයකගේ ශ‍්‍රමයක ප‍්‍රතිඵලයක් බව මා විශ්වාස කළ නිසාවෙනි. මේවා බොරුදැ’යි කියා, එකිනෙකාගේ කේලම් නොඅසා, දැනට සිටින කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගෙන්ම අයිවන්ට අසා දැනගත හැකිය. කෙටියෙන් කිවහොත්, අයිවන් වේදිකාවල කියන, ලිපිවල ලියන එහෙත් රාවය තුළ ක‍්‍රියාත්මක නොකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රාවය තුළ ඇතිකළේ මාය.
අතුරු කාරණයක් කියන්නට ඉඩදෙන්න. ලසන්ත රුහුණගේ රාවයේ නියෝජ්‍ය කර්තෘය. ඔහු ලංකාවේ ගෞරවනීය ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි. ඕනෑම විවේචනයක් මූණටම කියන, ප‍්‍රමිතියට නොගැළපේ නම් කිසිම ප‍්‍රවෘත්තියක් පළනොකරන (අයිවන් ලියූ ප‍්‍රවෘත්තිද එසේ ඉවත ලෑ වාර බොහෝය.) ලසන්ත කිසිවකුට වන්දනාමාන නොකරන ඍජු මිනිහෙකි. තියුණු දේශපාලන දැක්මකින් හෙබි අයෙකි. පුවත්පතේ පෙර කාලයේ පළවූ ගවේෂණාත්මක පුවත්වල වුණත් මුල් ගවේෂකයා ඔහුය. අවාසනාවකට, රාවයේ සමස්ත ගවේෂණාත්මක වාර්තාකරණය තනි පුද්ගල අයිතියට ලියැවෙද්දී, තොරතුරු හොයන්නට රට පුරා සැරිසැරූ ලසන්තගේත් ඔහු වැනි අනෙක් නියම ගවේෂණාත්මක කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගේත් නම් මැකීගොස් තිබුණි. මා ඉවත්ව ගිය විටෙක කර්තෘත්වය පැවරිය යුතුව තිබුණේ නියෝජ්‍ය කර්තෘ වන ඔහුටය. ඔහු ඊට හැම අතින්ම සුදුස්සෙකි. එහෙත්, කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන් ඉල්ලා සිටිද්දීත්, එය ලසන්තට නොදුන්නේ ඇයි? මා එය දකින්නේ අයිවන් මට කළ අසාධාරණය, දෙවැනි වරට ලසන්තටත් කිරීමක් ලෙසටය. ලසන්තට එය නොදෙන්නට අයිවන් තනි තීරණයක් ගෙන තිබුණු අතර, අනන්ත ආර්ථික අසීරුකම් මැද්දේ මුළු ජීවිතයම රාවයට කැපකළ ලසන්ත වෙනුවට වෙන අයකුට ඒ තනතුර දෙන්නට තීරණයක් ගෙන තිබුණේය. වෙන කිසිවක් නිසා නොවේ. ලසන්ත තමන්ගේ අන්තේවාසිකයකු හැටියට හසුරුවා ගන්නට බැරි බව අයිවන් දන්නා නිසා බව මම සැක හැර කියමි.

මා ආයතන ප‍්‍රධානි තනතුරෙන් ඉවත්කරන්නට පෙර, එනම් රාවයේ මහා සභා රැුස්වීමට පසු 2017. 12. 18 දින මට අයිවන් ලියූ ලියුමක්ද පුවත්පතේ පසුගිය සතියේ පළවී තිබුණි. (ඒ ලිපියට මා ලියූ පිළිතුර අයිවන් පළකොට තිබුණේ නැත.) එය සැලකිල්ලෙන් කියවුවහොත්, එහි ඇත්තේ පුවත්පතේ ‘කර්තෘ’ ලෙස මා කළ වැරදි ගැන චෝදනාය. එහෙත්, අවසානයේ ඔහු මට යෝජනා කරන්නේ ‘ආයතන ප‍්‍රධානී’ තනතුරෙන් ඉවත්වන ලෙසය. මේ හතරබීරි සම්බන්ධය තේරෙනවා ඇත්තේ අයිවන්ටම පමණකි. එහෙත්, ඊට පදනමක් තිබේ. අයිවන්ට වුවමනාවී තිබුණේ, පළමුව මා පරිපාලන වගකීමෙන්ද දෙවනුව කර්තෘ ධුරයෙන්ද ඉවත්කිරීමටය. ඔහු සිතුවේ මා, වියන්ගොඩ හා උදාන් ප‍්‍රනාන්දු සමග එකතුවී රාවය ඩැහැගන්නට කුමන්ත‍්‍රණය කරනවා කියාය. කෝපයට පත්වුණු අවස්ථාවක ඔහු අධ්‍යක්‍ෂ මණ්ඩලයේදීම ඒ බව කියා තිබේ. වියන්ගොඩත්, උදානුත් වික්ටර්ගේ අදහස්වලට අවශ්‍ය අවස්ථාවලදී ඍජුව විරෝධය දැක්වූහ. එය අයිවන් ඉවසුවේ නැත. මා පරිපාලන ප‍්‍රධානි තනතුරේ හිටියොත් ‘වියන්ගොඩලාගේ කුමන්ත‍්‍රණය’ සාර්ථක වේ. එනිසා එයින් ඉවත් කළ යුතුය. දෙවනුව, කර්තෘ ධුරයෙන් ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වීම සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය කිරීම සැලසුම විය. මම ඊට පෙර ක‍්‍රියාත්මක වුණෙමි.

අයිවන්ගේ ඒ ලිපිය පසුගිය සතියේ පළකර ඇත්තේ කොටසක් කළු කර ය. හංගන්නට දෙයක් නැත. ඒ හිස්තැනේ ඇත්තේ මෙසේය: ‘වියන්ගොඩ හා උදාන් තවදුරටත් අධ්‍යක්ෂ මණ්ඩලයේ තබා ගැනීම රාවයේ යහපතට හේතු නොවේය කියන අදහස මා තුළ ඇතිවී තිබුණා. ඔවුන් අපට ආධාර කළ බව ඇත්ත. එහෙත් ඔබේ පටු දේශපාලන වැඩ කෙරෙහි ඒ දෙදෙනාද බලපෑ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා. අනෙක් අතට තවදුරටත් රාවය අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමේ නීතිමය හෝ සදාචාරමය අයිතියක් ඔවුන්ට තිබුණේ නැත. පටලැවිල්ලක් ඇතිවූයේ ඔබ ඔවුන් දෙදෙනා කොන්දේසි විරහිතව ආරක්ෂා කරන ප‍්‍රතිපත්තියකට ගිය නිසාය.’ මේ කොටස කපාහැර ඇත්තේ එය අධ්‍යක්‍ෂ මණ්ඩලයට අදාළ වන දෙයක් නිසා නොවේ. (ඒ ලිපියේම වෙනත් තැන්වල අධ්‍යක්‍ෂ මණ්ඩලයට අදාළ දේ පළවී තිබේ.) අයිවන්ගේ නියම අවලස්සන අරමුණ ප‍්‍රකාශ වන්නේ ඒ වාක්‍ය කිහිපයෙන් නිසාය.

මා ඒ දෙදෙනා කොන්දේසි විරහිතව ආරක්‍ෂා කළේ නැත. මා කී එකම දෙය නම්, රාවය සහයෝගිතා කණ්ඩායමේ එම නියෝජිතයන් තවදුරටත් රාවය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තබාගත යුතුද යන්න ගැන තීන්දු කළ යුත්තේ, ඒ නියෝජිතයන් දෙදෙනාද සහභාගිවන රැුස්වීමකදී, ඔවුන්ගේ පැත්තෙන් කරුණුද විමසා බලා බවයි. අයිවන් කිපුණේ එයටයි. එදා මහා සභා රැුස්වීමේදීම ඔවුන් දෙදෙනා ඉවත් කිරීමට අයිවන්ට වුවමනා විය. අයිවන් ඒ රැුස්වීමේදී කතාකළේ, රාවයට රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක් එකතු කර දෙන්නට මූලික වූ දෙදෙනකු ගැන රාවය සේවකයන් තුළ කෝපයක් හා වෛරයක් ජනිතවන ආකාරයෙනි. අනෙක් අතට, සහයෝගිතාවේ සාමාජිකයන් විසින් තම නියෝජිතයන් ලෙස අධ්‍යක්‍ෂ මණ්ඩලයට එවන දෙදෙනා ඉන් ඉවත්කිරීමට අයිවන් තනියෙන් තීරණය කරන්නේ කෙසේද?

මිලින්ද මොරගොඩට රාවයේ අයිතිය විකුණන සැලැස්ම මුලින්ම අයිවන් මට කීවේය. මොරගොඩ ලක්‍ෂ දෙසීයක් ගෙවන බවත්, ඉන් සීයක් තමා ගෙන ඉතිරි සීය රාවයට යොදවන බවත් ඔහු මට පැහැදිලිවම කීවේය. දැන් ඔහු කියා ඇත්තේ තමා ගන්නට එකඟවුණේ සීයක් නොව හැටක් බවය. ඒ සඳහා ගිවිසුමක්ද තිබුණු බව ඔහු කියයි. මොරගොඩට කොටස් විකුණන බව රාවයෙන් මුලින්ම අයිවන් කීවේ මට නම්, ඊට පෙර කිසිම අවස්ථාවකදී ඒ ගැන කතා කර නොතිබුණි නම්, ඒ වන විටත් ගිවිසුමක් තිබුණේ කෙසේද? කාරණය පැහැදිලිය. අයිවන් තනි කැමැත්තට සියල්ල තීන්දු කොට, ඒ මාර්ගයේ බොහෝ දුර ගොස්, ගිවිසුම්ද සකස්කරගෙන සිටින්නට ඇත.

එහෙත්, රාවය තනි ව්‍යාපාරිකයකුගේ අයිතිය යටතට වැටෙනවාට අකමැති රාවයට ආදරේ පිරිස මහජනයාගෙන් මුදල් එකතු කර ඒ කොටස් ප‍්‍රමාණය මිලදී ගන්නට සැලසුම් කළහ. තමන්ගේ වැඩකටවත් කිසිවකුගෙන් ණයක්, ආධාරයක් නොඉල්ලන මේ පිරිස රාවය වෙනුවෙන්ම එක් එක්කෙනාට පිංසෙන්ඩු වෙමින් මුදල් එකතු කළහ. එපමණක් නොව, තමන්ගේම මුදලින්ද අඩුගණනේ ලක්‍ෂය බැගින්වත් අරමුදලට එකතු කළහ. ඔවුන් ඒ සඳහා කළ ඓතිහාසික කැපවීම රාවය පවත්නා තාක් කල් රන් අකුරෙන් ලියා තැබිය යුතුය. එහෙත්, අයිවන් ඒ වෑයම දුටුවේ මොරගොඩට පහසුවෙන් විකුණන්නට තමා කළ සැලසුම අවුල් කළ පිරිසකගේ වැඩක් හැටියටය. ඒ බව අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීම්වලදීද ඔහු කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඉහත දක්වා ඇති, පසුගිය සතියේ කළු කර තිබුණු වාක්‍ය දෙක තුන කියවන විට අයිවන්ගේ සිතුවිල්ල පැහැදිලි වනු ඇත. අසීරු අවස්ථාවක රාවයට උදව් කළ සියලූ දෙනා අයිවන්ට අනුව දත මැද වීසිකරන දැහැටි දඬුය.

රාවය සහයෝගිතාවේ මූලිකත්වයෙන් එකතු කළ මුදල් නැවත ඒ අයටම ගෙවා සිය අයිතිය නැවතත් සුරක්‍ෂිත කරගැනීම අයිවන්ගේ සැලසුම විය. අවශ්‍ය නම්, තවත් මුදල් යොදවන්නකු රාවයට තමාට ගෙන ආ හැකි බවත් ඔහු නිතර කීවේය.

රාවයේ පොත් ගැන විවේචන පළනොවීම ගැනද අයිවන් මට දොස් කියයි. කුමන හෝ හේතුවක් නිසා රාවයේ පොත් ගැන විවරණ, විචාර ලැබෙන්නේ නැත. ඉතින් පළකරන්නේ මොනවාද? කිසිවකුට බලහත්කාරයෙන් කියා කිසිම පොතක් ගැන විවේචන ලිපි ලියවා ගැනීමේ ක‍්‍රමයක් රාවය තුළ අනුගමනය නොකළෙමි. විචාර නොඑන්නේ නම් ඊට හේතුවිය හැක්කේ කුමක්දැයි අයිවන් නැවත සොයා බැලිය යුතුය.

මාස දෙක තුනක් වරින් වර රාවය පාඩු ලබන නිසා මා පරිපාලන තනතුරෙන් ඉවත්විය යුතු බව අයිවන්ගේ තීරණයයි. ඒ න්‍යාය එලෙසම ඔහුට ආදේශ කළහොත්, රාවයේ අවුරුදු 31ක ඉතිහාසය තුළ ඔහු කීවරක් ඉල්ලා අස්විය යුතුව තිබුණේද? රාවය සේවකයන්ට වැටුප්වත් ගෙවාගන්නට බැරිව වෙන අයගෙන් සල්ලි ඉල්ලා ගත් අවස්ථාවලදී, රාවය සේවකයන් හරි අඩක් රාවයෙන් ඉවත්කර ගිලෙන නැව බේරාගත් අවස්ථාවේදී ඒ න්‍යාය අනුව ඉල්ලා අස්විය යුතුව තිබුණේ ප‍්‍රධාන පරිපාලකයා වු ඔහුම නොවේද? අයිවන් රාවයේ අදත් නිරුපද්‍රිතව ඉන්නත්, රාවය වෙනුවෙන් රස්සාව අතහැර එළියට ගිය සමහරු නන්නත්තාරවී දුක්විඳින්නත්, ඉන් සමහරු ඛේදනීය ලෙස මියයන්නත් හේතුව අයිවන් රාවයේ අයිතිකාරයා වීමත්, අන් අය මෙහි සේවකයන් වීමත් හැර අන් කුමක්ද?

මා නිසා දක්‍ෂ මාධ්‍යවේදීන් රාවය හැරගියායැයි ද අයිවන් ලියා තිබේ. එසේනම් මෙතෙක් සිටියෝ දක්‍ෂ මාධ්‍යවේදීහු නොවෙත්ද? පසුගිය වසර තුනක් පුරාම කර්තෘ සංසද සම්ාන උළෙලේ හොඳම මාධ්‍යවේදියා හැටියට සම්මාන ලත් කේ සංජීව අදත් රාවයේ සිටියි. පසුගිය වසරේ හොඳම තරුණ ජනමාධ්‍යවේදියා වුණු තරිඳු උඩුවරගෙදර පසුගියදා රාවයෙන් ඉල්ලා අස්වුණේය. හොඳම පිටුසැලසුම වෙනුවෙන් රාවය දිනාගෙන ඇති සම්මාන ගණනාවකි. මේ දක්‍ෂයෝ තවමත් රාවයේ සිටිති. මා නිසා කිසිවකු රාවය හැර ගියායැයි කියන්නේ නම්, මා අයිවන්ට අභියෝග කරන්නේ අසත්‍යයන් නොවපුරා ඔවුන් කවුදැයි ඍජුව නම් කරන ලෙසය. මාත් රාවයේ ජ්‍යෙෂ්ඨයන් වන ලසන්ත, ටිරන් හා සංජීවත් ආධුනිකයන්ට සලකන්නේ කෙසේදැයි දැනට රාවයේ ඉතිරිව සිටින ආධුනිකයන්ගෙන්ද අයිවන්ට අසාගත හැකිය. ඒ කිසිවක් නොකොට එක පැත්තක් පමණක් අසා ඒ මත අසත්‍යයන් පතුරුවාලීම අයිවන් වැනි කෙනකුට නොගැළපෙයි.

මා ආයතනයේ පරිපාලන ප‍්‍රධානී තනතුරෙන් ඉවත්කරන බව දන්වමින් එවූ ලියුමෙහි දක්වා ඇත්තේ රාවය ආයතනයට හා පුවත්පතට අදාළ විධායක බලතල අයිවන්ට පවරන්නට අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කළ බවත්, පුවත්පතේ ඇතිකළ යුතු වෙනස්කම් පිළිබඳව අවශ්‍ය වන මගපෙන්වීම් සභාපතිවරයා මා වෙත ලබාදෙනු ඇති බවත්ය. අයිවන් මේ රටේ විශිෂ්ට මාධ්‍යවේදියකු බව ඇත්තය. එහෙත් ඔහු මේ මාර්ගෝපදේශ දෙන්නට යන්නේ පුවත්පතේ අයිතිකාරයා, විධායක බලධාරියා හැටියටය. මා හිතන්නේ එය සංස්කාරක මණ්ඩලයට අයිතිකරු කරන බලපෑමක් හැටියටය. එවැනි පුවත්පතකට සංස්කරණ නිදහසක් නැත. මේ බලය අයිවන්ට පැවරුවායැයි කියන අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීමේ ඒ මොහොතේ සිට ඇත්තේ අයිවන්, ආයතනයේ සේවක නියෝජිතයන් දෙදෙනෙකු හා ඔහුගේ සමීපතම මිත‍්‍රයකු වන අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු (සුමතිපාල කාරියවසම්) පමණකි. ආචාර්ය උදාන් ප‍්‍රනාන්දු හා වියන්ගොඩ ඒ මොහොතේ සිටියේ නැත. රැුස්වීම අතරතුර මට විරුද්ධව ඇති කරුණු ගැන සාකච්ඡුා කරන්නට වුවමනා බව අයිවන් කී විට මම නැගී සිටියෙමි. අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ගැන කරුණු සාකච්ඡුා කරන අවස්ථාවකදී අදාළ සාමාජිකයා එම රැුස්වීමේ නොසිටීම සාමාන්‍ය ආයතනික සම්ප‍්‍රදාය බව පැවසූ මම, ඊට අමතරව මා යටතේ සේවය කරන සේවකයන් දෙදෙනාටද අවශ්‍ය වුවහොත් මා ගැන අදහස් දැක්වීමට අවශ්‍ය ඉඩ සලසනු පිණිස රැුස්වීමෙන් ඉවත්ව යන බව කියා ඉවත්ව ගියෙමි. මා දන්නා ආයතනික සම්ප‍්‍රදාය එයයි. සුමතිපාල කාරියවසම් ඒ මොහොතේ මට නොයන්නැයි කී නමුත්, පසුව දුරකථනයෙන් කතාකොට මා නැගිට යෑම නිවැරදි සම්ප‍්‍රදාය යැයිද තමා එය අනුමත කරන බවද කීවේය. අයිවන් පෙන්වන්නේ මා එලෙස නැගිට යෑම මගේ වරදක් ලෙසය.

අයිවන් රාවය පාලනය කරන්නේ ‘මමය, මාගේය, මට වුවමනා විදියටය’ යන ක‍්‍රමයට බව යළිත් කියමි. ‘රාවයේ මගේ භූමිකාව එක දේකට සීමාවූ භූමිකාවක් ලෙස සැලකිය නොහැකිය. එය බහුවිධ භූමිකාවක් වීයැයි කිව හැකිය. රාවයේ නිර්මාණ සැලැස්ම මගේය. එම සැලැස්ම මෙහෙයවන්නා වූයේද මාය. ප‍්‍රතිපත්ති සම්පාදකයා වූයේද මාය.’ (වික්ටර් අයිවන්, 2015 ජුලි 5, රාවය) යනුවෙන් අයිවන්ම එය ස්ථිර කර තිබේ. මහින්ද රාජපක්‍ෂ කීවේ, යුද්ධය ජයගත්තේ තමා නිසා යාවජීව ලෙස සිය තනි කැමැත්ත අනුව රට පාලනයට තමාට ඉඩ තිබිය යුතුය කියාය. අයිවන් කියන්නේ, රාවය තමා නිර්මාණය කළ නිසා එහි සියල්ල තමාට වුවමනා විදියට විය යුතු බවය. දෙකම එකය. ‘ප‍්‍රතිපත්තිවලදී අඩියක් පස්සට ගෙන රාවයේ ප‍්‍රතිපත්තිවලට අනුකූලව ක‍්‍රියා කළේ නම් ලැබෙන ප‍්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට තිබුණි’යැයි අයිවන් ලියා ඇත. අඩුලූහුඬුකම් තිබිය හැකිවා වුණත්, මා දන්නා විදියට මා ක‍්‍රියාත්මක කළේ රාවයේ ප‍්‍රතිපත්ති හැටියට මා තේරුම්ගෙන තිබූ දේය. එහෙත් අයිවන්ගේ සර්වබලධාරී ප‍්‍රතිපත්ති නොවේ. අඩියක් පස්සට ගන්නට කියන්නේත් අයිවන්ගේ මතය ස්ථිර කරගන්නටය.

අයිවන් රටේ මහා ජනමාධ්‍යවේදියෙකි. ඇත්ත වශයෙන්ම කාලයක් ඔහු අපේ ජීවිතාදර්ශයකි. එහෙත් අවුරුදු දහයක කාලයක් ඔහු සමීපව ඇසුරුකරන විට, ඔහුගේ ආයතනයේ සේවකයකු වන විට ඒ ජීවිතාදර්ශය ක‍්‍රමයෙන් දියාරු වන්නට පටන්ගත්තේය. පුද්ගලයන්ගේ ජීවිතවල සීමිතකම් තිබිය හැකිය. එහෙත් ඒ සීමිතකම්වල වින්දිතයන් වීමට යුතුකමක් අපට නැත. මට සුරුවම් වන්දනාවද හුරු නැත. එනිසා මම පිටතට ආවෙමි. අවසානයේ මේ තාක්‍ෂණික කාරණා ඉක්ම යන වැදගත් ප‍්‍රශ්න මට තිබේ. ලෝකයාට මානව අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නවීන චින්තනය, නූතන පාලන මොඩල දේශනා කරන පුද්ගලයන්ගේ ජීවිතවල ඒවා නැත්තේ ඇයි? අත්හැරීම දේශනා කරන්නන්ට සැබෑ ලෙස අත්හරින්නට බැරි ඇයි? ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට වැඩවසම් ක‍්‍රමයම අදත් අපේ ජීවිත හා ආයතනවල දෛනික න්‍යාය වන්නේ ඇයි?

This is how it works -Legally in Ceylon

 Reproduction
This is how it works - Legally in Ceylon
වික්ටර් අයිවන්
යහපාලන ආණ්ඩුවේ ආරම්භක කාලයේදී ආණ්ඩුව වෙත පැවරී තිබෙන වැදගත්ම වගකීම කොට සලකන ලද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ සිදුවූ දූෂණ හා භීෂණ ගැන සෙවීමය. 
 ජනාධිපති හා අගමැති අතර පැවති දේශපාලන දීගය අවසන්වීමෙන් පසු ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ දූෂණ ගැන සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කර තිබේ.
මහා පරිමාණයෙන් රාජ්‍ය මට්ටමෙන් කෙරෙන දූෂණය ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී නොව, එජාපය ආණ්ඩුවක් පැවති 1977දීය. ඉන්පසු මහා පරිමාණයේ දූෂණය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වූ අතර මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී දූෂණය උපරිම තත්ත්වයකට වර්ධනය වී යැයි කිව හැකිය. මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවැනි අදියරයේදී දූෂණය ප්‍රසිද්ධියේ කෙරෙන දෙයක් බවට පත්වූ අතර යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නැවත දූෂණය හොර රහසේ කෙරෙන දෙයක් බවට පත්වී යැයි කිව හැකිය. එම විෂයේදී එම පාලනයන් දෙක අතර දැකිය හැකි එකම වෙනස ලෙසද සැලකිය හැකිය.
වස්තු කොල්ලය 1977 සිට අද දක්වා ලංකාවේ රාජ්‍ය පාලනයේ දක්නට තිබෙන නිත්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. 1977 සිට මේ දක්වා ගතවී තිබෙන කාලය අවුරුදු 42ක් තරම් දීර්ඝ වුවද දූෂණය මර්දනය කිරීම සඳහා මහජන වියදමින් පවත්වාගෙන යන අනේක විධ ආයතන තිබියදීත් මෙම දීර්ඝ කාලය තුළ දූෂණයේ ප්‍රධානතම ප්‍රභවය ලෙස සැලකිය හැකි රාජ්‍ය පාලනයට සම්බන්ධ එක දේශපාලකයකුට හෝ දඬුවම් කිරීමට ලංකාව සමත් වී නැත. අල්ලස හා දූෂණය මර්දනය කිරීම සඳහා ලංකාව පවත්වාගෙන යන ආයතනවල අසාර්ථකභාවයේ තරම ඉන් තේරුම් ගත හැකිය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, උසස් රාජ්‍ය නිලධාරීන්ට එල්ල වී තිබෙන දූෂණ චෝදනා ගැන සොයන්නට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ කොලින් තෝමේගේ සභාපතිත්වයෙන් 1986 මාර්තුවලදී ජනාධිපති කොමිසමක් පත් කරන ලදි. එම කොමිසමට පැමිණිලි ගලා ආවේය. ඇමතිවරුන් ගණනාවකට එරෙහිවද පැමිණිලි ඉදිරිපත් විය. කොමිසම පත් කොට මාස 18කට පසුව එහි කටයුතු අවසන් කරන්නට පෙර ජනාධිපතිවරයා කිසිදු හේතු දැක්වීමකින් තොරව කොමිසම විසුරුවා හරින ලදි. 1997 සැප්තැම්බර්වලදී එම කොමිසම විසුරුවා හරින අවස්ථාව වන විට කොමිසමට ලැබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 1973කි. ඉන් විමර්ශන කටයුතු අවසන් කර තිබූ පැමිණිලි සංඛ්‍යාව 634කි. 
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ අල්ලස් හා දූෂණ ගැන සොයා බලන්නට පත්කර තිබෙන ජනාධිපති කොමිසම බලයේ සිටින ආණ්ඩුවක දූෂණ සොයා බලන්නට පත්කර තිබෙන දෙවැනි ජනාධිපති කොමිසම ලෙස සැලකිය හැකිය.
අධිකරණයේ පරිහානිය
ජනාධිපති ජයවර්ධන පත් කළ ජනාධිපති කොමිසමේ ප්‍රධානියා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු වනවිට ජනාධිපති සිරිසේන පත් කර තිබෙන කොමිසමේ ප්‍රධානියා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. නමින් උපාලි අබේරත්නය. එහෙත් ඔහු කීර්තිමත් අධිකරණ ඉතිහාසයකට උරුමකම් කියන පුද්ගලයකු නොව අපකීර්තිමත් අධිකරණ ඉතිහාසයකට උරුමකම් කියන පුද්ගලයෙකි. 
මා 2002 වසරේදී ‘නොනිමි අරගලය’ නමින් පොතක් ලියා පළකරන ලද අතර 2003 වසරේදී එහි ඉංග්‍රීසි පරිවර්තනයක්ද පළ කරන ලදි. එම පොත කලක් නීතිපති ලෙසත්, තවත් කලක් රටේ අගවිනිසුරු ලෙසත් ක්‍රියාකළ සරත් නන්ද සිල්වා ගැන විශේෂ වශයෙනුත්, ඔහුගේ කාලයේ අධිකරණය ගැන පොදුවේත් ලියන ලද සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටින කාලයේදීම ලියා පළකරන ලද පොතක් ලෙසද සැලකිය හැකිය. දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිකමට පත්කර තිබෙන උපාලි අබේරත්නද එම කෘතියේ එන වැදගත් චරිතයක් ලෙස සැලකිය හැකිය.
මාගේ මතය අනුව අධිකරණය මහා අගාධයකට ඇද දමන ලද්දේ අගවිනිසුරු සරත් සිල්වාගේ පාලන කාලයේදීය. ඊට පෙර යම් යම් වැරදි සිදු වුවද පොදුවේ ගත් කල අධිකරණය මහජනයාගේ ගෞරවයට හේතුවූ ස්වාධීනත්වය ආරක්ෂා කරගත් අධිකරණයක් ලෙස පැවතුණි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉතාමත් බලවත් ජනාධිපතිවරයකු ලෙස සැලකිය හැකි වුවත් ඒ කාලයේදී පවා අධිකරණය විධායකයේ අනිසි බලපෑම්වලට යටවූයේ නැත. 
එය ජනාධිපතිවරයා කෝපයට පත්කිරීමට හේතුවූ තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය.
අධිකරණය විධායකයේ අතකොලුවක් බවට පත්කිරීමෙන් නොනැවතී සදාචාරාත්මක අර්ථයෙන්ද අධිකරණය අවලස්සන තැනක් බවට පත්කරන ලද්දේ සරත් සිල්වා විසින් ඔහුගේ පාලන කාලයේදීය. සරත් සිල්වා මුල් කාලයේදී ජනාධිපති චන්ද්‍රිකාගේ විශ්වාසවන්තම සගයකු වී යැයි කිව හැකිය. අධිකරණය පවත්වාගෙන යමින් තිබූ ස්වාධීනත්වය ජනාධිපතිනිය තේරුම් ගත්තේ ආණ්ඩු විරෝධී ප්‍රවණතාවක් ලෙසය. ඇයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොතිබුණු අතර ඒ නිසා වෙනත් ජනාධිපතිවරුන්ට මෙන් ව්‍යවස්ථා සංශෝධනවලට මුවාවී හිතුවක්කාරී දේවල් කිරීමේ හැකියාව නොතිබුණි. අධිකරණය අතකොලුවක් කරගනිමින් ඒ දේවල් කරගන්නට ඇයට අවශ්‍ය වූ අතර සරත් සිල්වා නීතියට පටහැනිව අගවිනිසුරු ධුරයට පත් කළේ ඒ අරමුණ සපුරා ගැනීම සඳහාය.
ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීකම් අහිමි කරගැනීමකින් තොරව මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරුකිරීමේ හැකියාවක් නොතිබුණි. තමන්ට තිබෙන පාර්ලිමේන්තු බලය වර්ධනය කරගැනීම සඳහා ඇය විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එකතු කරගත් අතර ඔවුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා කිරීමට හේතුවන ක්‍රමයක් සරත් සිල්වා සිය නඩු තීන්දුවලින් ඇති කර දුන්නේය.  
ඒ මගින් රටේ අගවිනිසුරුවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙලෙසුවා පමණක් නොව සමස්ත ආණ්ඩුක්‍රමයද අවුල් ජාලාවක් බවට පත් කළේය. මන්ත්‍රීවරුන් මිලියන ගණන්වලට විකිණෙන ක්‍රමයක් ස්ථාපිත වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
ජනාධිපතිනිය සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත් කළේද නීතියට පටහැනිව සේ ම අවලස්සන ආකාරයකටය. එම පත්වීම සිදුවන අවස්ථාව වනවිට නීතිපති ධුරයේ සිටි සරත් සිල්වාට එරෙහිව දූෂණ චෝදනා මත මා විසින් හා රසායන ඉංජිනේරුවකු වන ජයසේකර විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි දෙකක් පදනම් කොටගෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සරත් නන්ද සිල්වා පිළිබඳ පරීක්ෂණ දෙකක් ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබුණි. මාගේ පැමිණිල්ල මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක පාදක කොටගත් පැමිණිල්ලක් වූ අතර රසායන ඉංජිනේරු ජයසේකරගේ පැමිණිල්ල දිසා විනිසුරු උපාලි අබේරත්න පාදක කොටගත් පැමිණිල්ලක් විය. 
අධිකරණ සේවා කොමිසම විසින් පත් කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටු දෙකක් විසින් මේ විනිසුරුවරුන් දෙදෙනාම වරදකරුවන් කර තිබුණි. ඒ නිසා නීතිපති සරත් සිල්වාගේ දූෂිතභාවය සනාථ කිරීම ඉතා පහසු දෙයක් බවට පත්ව තිබුණි. ඒ වනවිට නීතිපති සරත් සිල්වා සිටියේ බෙල්ල හිරවෙන තත්ත්වයකය. ජනාධිපතිනිය ඔහු අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් බෙල්ල හිරවුණු තත්ත්වයක සිටි සිය මිත්‍රයා එම උගුලෙන් ගලවා ගන්නා අතර ඔහු අගවිනිසුරු ධුරයට පත් කොට ඒ මගින් අධිකරණය අතකොලුවක් බවට පත්කර ගැනීම ඇගේ අභිලාෂය විය.
ජනාධිපතිනිය එම පත්කිරීම සිදුකළ වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ හා නීතිඥ විෂය භාර ප්‍රධාන නිලධාරියා වූ පරම් කුමාරස්වාමි එම පත්කිරීමට සිය විරෝධය පළ කළේය. දූෂණ චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් පවත්වාගෙන යන පුද්ගලයකු අගවිනිසුරු ධුරයට පත්කිරීම පිළිගත් නීතියටද, සම්ප්‍රදායන්ටද පටහැනි බව ඔහු කියා සිටියේය. මා ඊට විරෝධය පළ කළේ මාගේ කර්තෘත්වයෙන් පවත්වාගෙන ගිය රාවය පුපත්පතේ මුල් පිටුව කළු කොට නව අගවිනිසුරුවරයා ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා පළකිරීමෙනි. පුවත්පත් ඉතිහාසයේ එවැනි පළකිරීමක් සිදුවූ පළමු අවස්ථාව එය විය යුතුය.

දිසා විනිසුරු උපාලි අබේරත්න
නීතිපති තනතුරේ සිටියදී සරත් සිල්වා සමග ගැටුමක් ඇතිකර ගැනීමට මට සිදුවූයේ අධිකරණයේ පැත්ත පළාතකවත් තබාගත යුතු නැති වර්ගයේ වංචාකාර හා ස්ත්‍රී දූෂක විනිසුරුවරයකු පිළිබඳව මා කරන ලද හෙළිදරව්වකදී එම විනිසුරුවරයාගේ නියම ස්වභාවය තේරුම් ගැනීමට අවශ්‍ය පරීක්ෂණ වාර්තාවක් ඔහු ළඟ තිබියදී එය නොසලකා ඔහු එම විනිසුරුවරයාව ආරක්ෂා කරන දැඩි පිළිවෙතක පිහිටා ක්‍රියාකිරීම නිසාය. එම විනිසුරුවරයා අධිකරණ සේවයට එන්නට පෙර සේවය කර තිබුණේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේය. තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ සිද්ධියක් මත ඔහු විධිමත් පරීක්ෂණයකින් පසුව සේවයෙන් පහකර තිබුණු අතර ඔහු අධිකරණ සේවයට එකතු වී තිබුණේ එම සිද්ධිය වසන් කොටය. නීතිපති සරත් සිල්වා මෙම මහේස්ත්‍රාත්වරයාව ආරක්ෂා කරන දැඩි පිළිවෙතක පිහිටා ක්‍රියා කළේ ඔහු මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු බව තේරුම් ගැනීමට අවශ්‍ය තරම් කරුණු ඔහු ඉදිරියේ තිබියදීය. මම ඒ ගැන එවකට අධිකරණ ඇමතිවරයාව සිටි මහාචාර්ය ජී.එල්. පීරිස්ට පැමිණිලි කළෙමි. අධිකරණ ඇමතිවරයා නීතිපතිවරයාගෙන් කරන ලද ලිඛිත කරුණු විමසීමකට පිළිතුරු වශයෙන් අධිකරණ ඇමතිවරයා වෙත එවන රහස්‍ය වාර්තාවක් මගින්ද නීතිපතිවරයා මෙම ස්ත්‍රී දූෂක වංචාකර මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කර තිබුණි.
එම රහස්‍ය වාර්තාව කියවීමෙන් පසු නීතිපති සරත් සිල්වාද දූෂිත පුද්ගලයකු විය යුතු බව මා ඇති කරගත් නිරීක්ෂණය විය. එය සනාථ කිරීම සඳහා මට අතිරේක සාක්ෂි අවශ්‍ය වූ අතර මට උපාලි අබේරත්න විනිසුරුවරයාගේ කතාව හමුවන්නේ ඒ සඳහා කරන ලද සොයා බැලීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.
සරත් සිල්වා අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු වශයෙන් ක්‍රියාකරමින් සිටියදී ඔහු සිය බිරිඳගෙන් දික්කසාද නොවී ඔහු ඇසුරු කළ මිත්‍රයකුගේ විවාහක බිරිඳක් සිය පර අඹුව බවට පත්කරගනිමින් සිය නිවසේ ජීවත් විය. මෙම ආරාවුල ගොඩින් බේරා ගැනීමට එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා උත්සාහ කළත්, එය සාර්ථක නොවීම නිසා ඔහු සරත් සිල්වා හා සිය බිරිඳ සම වගඋත්තරකරුවන් කොට කොළඹ දිසා අධිකරණය ඉදිරියේ නඩු පැවරීය. මෙම නඩුවෙන් රසායන ඉංජිනේරුවා ඉල්ලා සිටි සහනය වූයේ තම බිරිඳ සරත් සිල්වා සමග ගෙවන අනාචාර ජීවිතය සලකා සිය විවාහය විසුරුවා හරින ලෙසත්, සරත් සිල්වාගේ ක්‍රියාකලාපය නිසා සිය පවුලේ ජීවිතය අවුල්වීමෙන් තමන්ට සිදුවී තිබෙන අලාභය වෙනුවෙන් රුපියල් පනස් ලක්ෂයක වන්දියක් නියම කරන ලෙසත්ය.
මෙම නඩුව විභාග කළ දිසා විනිසුරුවරයා වූයේ උපාලි අබේරත්නය. පැමිණිලිකරුට තීන්දු දැනුම්දීමකින් තොරවම විනිසුරුවරයා පැමිණිල්ල ඉවත දැමුවේය. තමන්ගේ පැමිණිල්ල අවසන්වීය යන්න නොදත් රසායන ඉංජිනේරුවරයා තවත් කලකට පසුව එම දෙපළ සම වගඋත්තරකරුවන් කරමින් අලුත් පැමිණිල්ලක් අධිකරණය වෙත යොමු කළේය.
එහිදී මෙම විනිසුරුවරයා පැමිණිල්ලෙන් කරන විමසීමකින් තොරවම සරත් සිල්වා වගඋත්තරකාර තත්ත්වයෙන් ඉවත් කරන නියෝගයක් පනවා ඉංජිනේරු ජයසේකරගේ බිරිඳට එරෙහිව පමණක් සිතාසි නිකුත් කළේය. සරත් සිල්වා නඩුවෙන් ඉවත් කිරීම සඳහා දෙන ලද නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ නොතැබීම සඳහා නියෝගයේ පිටපතක් දින 14ක් තුළ ලබාගත නොහැකි තත්ත්වයක්ද ඇති කළේය.
දෙවැනි නඩු තීන්දුවේදී නඩුව සමතයකට පත්කර ගැනීමේ හැකියාව ගැන පැමිණිල්ලෙන් කරුණු විමසීමක් කළේය. ඒ වනවිට පැමිණිල්ලෙන් නඩු ගාස්තු අයකර ගැනීම සඳහා නියෝගයක් ඉල්ලා විශේෂ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි. විනිසුරුවරයා අභියාචනාධිකරණයේ සභාපති සරත් සිල්වා සමග අනාචාර ජීවිතයක් ගතකරමින් සිටි එම කාන්තාවට එරෙහිව මසකට රුපියල් 10,000ක නඩත්තු ගාස්තුවක්ද රුපියල් 50,000ක නඩු ගාස්තුවක්ද ගෙවන ලෙස පැමිණිලිකරුට නියම කළේය. අනාචාර ජීවිතයක් ගත කරන කාන්තාවකට නඩත්තු ගාස්තුවක් නියම කිරීම නඩත්තු විධාන සංග්‍රහයට පටහැනිය. එය දික්කසාද නඩු ඉතිහාසයට මෙම විනිසුරුවරයා එකතු කළ නව වාර්තාවක් ලෙස සැලකිය හැකිය.
පැමිණිල්ලේ නීතිඥයා නඩු ගාස්තු හා නඩත්තු ගාස්තු සඳහා දෙන ලද නියෝගයට එරෙහිව අභියාචනයක් ගොනු කළේය. ඒ සඳහා නඩුව අඬ ගැසුණු දිනයේදී විනිසුරුවරයා ප්‍රතිශෝධනය සලකා බැලීම පසෙකලා ඇයට දික්කසාදවීමට අවසරදෙමින් ඇගේ නඩු ගාස්තුව වශයෙන් රුපියල් දස ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස පැමිණිල්ලට නියම කළේය. ඒ වනවිට දිසා විනිසුරුවරයාගේ නීතියට පටහැනි නියෝග දෙකට එරහිව පැමිණිලිකරු අභියාචනාධිකරණය වෙත පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම් දෙක ඉවත් නොකර ගන්නේ නම් නියම කර තිබෙන දස ලක්ෂයේ වන්දිය අයකර ගැනීම සඳහා ජයසේකරගේ දේපළ අත්පත් කරගැනීම සඳහා නියෝගයක්ද ලබා ගැනීම සඳහා ක්‍රියාකරන බවට විත්තියේ නීතිඥයන් ජයසේකරට දැනුම් දීම නිසා තමන්ගේ නිවස පවරා ගැනීමෙන් තමන්ට මුහුණ දෙන්නට සිදුවන ලැජ්ජාව සලකා ඔහු එම පෙත්සම් දෙක ඉවත් කර ගත්තේය.
පරීක්ෂණය යටපත් කිරීම
නැවත ප්‍රකෘති මානසික තත්ත්වයකට පැමිණීමෙන් පසුව ජයසේකර මෙම දිසා විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේය. එම කොමිසම සමන්විත වූයේ අගවිනිසුරු ජී.පී.එස්. සිල්වා හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් වන තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්‍රනාන්දුගෙනි. අගවිනිසුරුවරයා ජයසේකර පුද්ගලිකව හඳුනන කෙනකු වූ නිසා ජයසේකරගේ පැමිණිල්ල විභාග කොට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරුන් දෙදෙනා වෙත පවරන ලදි. මෙම විනිසුරුවරුන් දෙදෙනා උපාලි අබේරත්න වෙත ජයසේකරගේ පැමිණිල්ලේ පිටපතක් යවා ඒ ගැන ඔහුගේ ලිඛිත නිරීක්ෂණ ගෙන්වා ගනිමින් පසුව ඔහු කොමිසමට කැඳවා දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසු තදබල චෝදනා පත්‍රයක් සකස් කොට සේවයෙන් පහ කිරීමට හෝ අන් දඬුවමක් නොපැමිණවීමට හේතු ඇතොත්, එක් මාසයක කාලයක් තුළ ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට දැනුම් දුන්නේය. උපාලි අබේරත්න විනිසුරුවරයා වෙත මෙම චෝදනා පත්‍රය යවා තිබුණේ 1996 පෙබරවාරි 12 වැනිදාය. ඔහු ඊට ලිඛිතව පිළිතුරක් දිය යුතු අවසාන දිනය ලෙස සැලකිය හැක්කේ 1996 මාර්තු 12 වැනිදාය. සරත් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වී ජනාධිපතිනියගේ බලවත් ආධාරකරුවකු වශයෙන් නීතිපති ධුරයට පත්වන්නේ 1996 මාර්තු 12වැනිදාය. මේ අතරතුර කාලයේදී තිස්ස බණ්ඩාරනායක විනිසුරුවරයා විශ්‍රාම ගියේය. ඉන්පසු මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා අධිකරණ සේවා කොමිසමෙන් ඉවත් කරවා එම කොමිසම නීතිපතිවරයාට අනියම් ලෙස පාලනය කළ හැකි තත්ත්වයකට පත්කර ගත්තේය. ඒ සමග උපාලි අබේරත්න විනිසුරුවරයා චෝදනා පත්‍රයට පිළිතුරුදීමෙන් වැළකී සිටියා පමණක් නොව, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමද යටපත් කෙරුණු දෙයක් බවට පත්විය.
ඉන්පසුව මා මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහිව කරන කෑගැසීමට දිසා විනිසුරු උපාලි අබේරත්න හා නීතිපති සරත් සිල්වාට එරෙහිව කරන කෑගැසීමක් බවට පත්කර ගැනීමට මට සිදුවිය. මාගේ එම කෑගැසිල්ල නොකඩවා කෙරෙන කෑගැසිල්ලක් බවට පත්වීම නිසා එවකට නීතිඥ සංගමයේ සභාපතිව සිටි රොමේෂ් ද සිල්වාට මා එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු දැයි නිර්දේශ කිරීම පිණිස නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සාකච්ඡාවක් කැඳවීමට සිදුවිය. එම දැනුම්දීම කිරීම සඳහා යවන ලද ලිපිය සමග මා එම තිදෙනා ගැන විටින් විට ලියන ලද ලිපිවල ඡායා පිටපත් එකතුවක්ද යවා තිබුණි. හිටපු සභාපතිවරුන්ගේ සාකච්ඡාව පවත්වන ලද්දේ ඒ කාලයේ නීතිඥයන් අතර සිටි ප්‍රමුඛයා ලෙස සැලකිය හැකි එච්.එල්. ද සිල්වාගේ නිවසේදීය. එහි ගනු ලැබූ තීරණයන් මෙසේය. ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන්ට මා විසින් එල්ල කර තිබෙන චෝදනා ගැන අධිකරණ සේවා කොමිසම විභාගයක් පැවැත්විය යුතුය. විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව එල්ල කරන චෝදනා සනාථ නොවුවහොත් රාවය කතුවරයාට එරෙහිව නීති මගින් ක්‍රියා කළ යුතුය. එම චෝදනා සනාථ වුවහොත් නීතිපතිවරයාට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්විය යුතුය.
අවසානයේ අධිකරණ සේවා කොමිසම අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත් කැරිණි. ලෙනින් රත්නායක පරීක්ෂණ කමිටුව රක්ෂණ සංස්ථා සේවයෙන් පහකළ පුද්ගලයකු බව සඟවා අධිකරණ සේවයට එකතුවීම, තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකක ස්ත්‍රීන් දෙදෙනකු දූෂණය කිරීම ඇතුළු චෝදනා හතරටම ලෙනින් රත්නායක වැරදිකරු කරන ලදි. ඔහු අධිකරණ සේවයෙන් පහකොට ස්ත්‍රී දූෂණ දෙකට අදාළව හා මුදල් වංචාවක් මත රක්ෂණ සංස්ථා සේවයෙන් පහකිරීමේ සිද්ධිය වසන් කොට අධිකරණ සේවයට එකතුවීම මගින් කරන ලද වංචාවට අදාළව නඩු පවරන ලෙස නිර්දේශ කළේය. එම පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ හෙක්ටර් යාපා, අසෝකා ද සිල්වා හා ටී.බී. වීරසූරිය යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙනි. උපාලි අබේරත්න ගැන සොයා බැලීමට පත් කරන ලද පරීක්ෂණ කමිටුවද ඔහුට එල්ල වී තිබෙන චෝදනාවලට වැරදිකරු කළේය. ඔහුද අධිකරණ සේවයෙන් ඉවත් කරන ලෙස නිර්දේශ කළේය.
අධිකරණ සේවා කොමිසම 1999.07.31 වැනි දින සිට උපාලි අබේරත්න විනිසුරුවරයා අනිවාර්ය පදනම මත සේවයෙන් විශ්‍රාම ගන්වන ලදි. අගවිනිසුරු සරත් නන්ද සිල්වා තමන්ගේ නඩුව බලාගත් උපාලි අබේරත්න දිසා විනිසුරුවරයාව ආරක්ෂා කරන දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළ බව පැහැදිලිව දැකිය හැකිය. අධිකරණ සේවා කොමිසම ඔහු සේවයෙන් විශ්‍රාම යවන ප්‍රතිපත්තියෙන් බැහැර වී දඬුවම ලිහිල් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. 1999.02.19 වැනි දින සිට බලපාන පරදි විශේෂ ශ්‍රේණියට උසස් කිරීම අවුරුදු දෙකක කාලයකට අත්හිටුවා මොනරාගල අධිකරණයට දඬුවම් මාරුවක් ලබා දුන්නේය.
ඉන්පසු අවුරුදු දෙකේ දඬුවම් කාලය අවසන් වන්නට පෙර මහාධිකරණයට උසස් කළේය. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම යන්නට පෙර අභියාචනාධිකරණයට පත්වීමක් ලබා ගත්තේය. ඉන්පසු අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමක් ලබාගැනීමටද සමත් විය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම යෑමෙන් පසු දූෂණ සොයා බැලීමකට පත්කරන ජනාධිපති කොමිසමක සභාපතිකමට පත්වීමටද වාසනාවන්ත වී තිබෙන්නේ යැයි කිව හැකිය.

සරත් නන්ද සිල්වාට අදාළ නඩුවේදී මෙම විනිසුරුවරයා ක්‍රියාකර තිබෙන ආකාරය නීතියට පටහැනි අන්ත දූෂිත වනවා පමණක් නොව ඉතාමත් සාහසික වී යැයිද කිව හැකිය. මෙම නඩුවේදී සරත් සිල්වාගේ මෙහෙයවීම මත උපාලි අබේරත්න විනිසුරුවරයා ක්‍රියාකර තිබෙන බවද දැකිය හැකිය. අධිකරණ කටයුත්තක් තුළ මෙවැනි බිහිසුණු වංචාවක් හා දූෂණයක් කළ පුද්ගලයකු දූෂණ විමර්ශන කොමිසමක සභාපතිවරයකු බවට පත්කිරීම යහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිය.

Sunday, February 3, 2019

Only Silver Lining-The Weekly Paper Aniddha or Tomorrow

Only Silver Lining-The Weekly Paper Aniddha or Tomorrow

Only Silver lining in the political arena is the emergence of the weekly Sinhala Paper-Aniddha.
or “Tomorrow”.

Thanks to Victor Ivan for not giving these writers who started Aniddha-proper place or space in Ravaya weekly.

Ravaya started with lot of potential and Ma Ra Regime tried to buy (in other words to shut it) it through Milinda Moragoda.

Ravaya was not running at break even point economically, then.

People who were starved of alternative political views got together to help (on Ravaya's request) it by contributing money.

It survived but Victor for some hegemonic reasons did not look after the views of  the younger generation and many felt fault with Victor and gave up journalism, temporarily.

There was no freedom of expression or rather frustration at Ravaya (editorial level sanctions and more concerned with business model)
These journalists have emerged with a weekly paper called Aniddha.

It is now outperforming Ravaya politically and my belief is, it is selling better than Ravaya.
Good on them” and I hope Aniddha will look after its economic aspects (it is not an easy task) well until the next round of elections.
We need few balanced journalists (not political stooges) to charter the ordinary public (Sinhala and Tamil especially) through the troubled waters.

Already divisive and racist forces are blazing for the next round (to hoodwink the masses). 
Beware!
Read Aniddha and help it (I have no connection with it and still keeping my fiercely independent views on "World Politics".
Freedom Expression is the Driving Force.
I have inadvertently given some prominence to Ravaya.
Please excuse me, the Aniddha loyalists.

Tuesday, January 29, 2019

Soul Searching and Goal Seeking Behaviour


Soul Searching and Goal Seeking Behaviour
I must apologize, I have left out, our politicians by default since defining them is extremely difficult.
They are like quicksand changes overnight in the direction of the political wind.

Good citizens took trouble in 2015 to create a new vision called “Good Governance”.

See what happened?

What was the outcome?

Did the citizens reach any of the goals set out by the mass movement?

Instead, what happened was the present government and the president took advantage to come to power and did sweet nothing afterward.

They took hostage of the “Good Governance” protocol.

Those in power presently and those who were ousted have no clue to come out of the mess we are now in.

There is no political cue (billiard terminology).

 
I will look at it in a different perspective in a new piece somewhat philosophically.

It is call none of the above. 

In other words none of the politicians is suitable to govern.

Let me dish out the broad categories of soul searchers and goal seekers.

Group I
Seeking solace from Meditation

Group II
Extreme Sports at tremendous personal cost and sacrifices

Group III
Drug Addicts and Alcoholics

Group IV
Gamblers and Lottery Addicts

Group V
Spiritualists and Gurus or Messiahs dishing out techniques including Yoga

Group VI
Undesirable politicians

All these groups are attempting to reach their target goals by physical or mental efforts.

Now, let me tell you the biochemical basis of the psychedelic components that are produced by the body, by its own biochemical mechanisms.

They are few in number of endogenous chemicals.
1. Adrenaline
2. Acetylcholine
3. Serotonin
4. Dopamine
5. GABA (Gamma-aminobutyric acid)
6. Melatonin
7. DHEA (dehydroepiandrosterone)

The mind is taken for a ride by these chemicals in various combinations.

The end result is an illusion, surreptitiously an addiction of some sort.

It is interesting to note that chocolates which is non addictive can dish out over 30 feel good chemicals far in excess of the above list.
So my advice is for one who does not reach the desired goal/s (attempted) have a chocolate one before and one after the protocol they practice.

It works.

In my case good snooze with or without dreams have more benefits.

Please do not be an addict to any but choose whatever which works for self.

I am not against any of the techniques but moderation is my bone of contention (not addiction).

Wednesday, January 23, 2019

An addiction to Deception-The Internet


An addiction to Deception-The Internet

The deception is the default operational mean in mankind.

It begins with self deception by the time one is an adult.

There is nothing wrong with this, if it is self contained.
But deception morphs into an addiction of some kind.
Addiction to become a messiah is the next evolutionary state which can be very virulent, like a potent virus.

It begins, to infect others who come into contact, be that, he/she a teacher, a preacher, a sociologist, a politician, a scientist or a financier.

(Becoming a philanthropist is the ultimate goal).
All of them ultimately tag into a dogma or dogmata and they need followers to spread the message.
The next stage is to gamble with odds on stage.

The stage is the Internet.

Internet has no restraints.

There is Youtube, Facebook, Twitter and blog space for any soul to activate this self deception in grand scale.

There is information overload since the Internet has the capacity to take any junk without filtering or screening.

Then comes the mass surveillance by the Internet Giants and providing that infrastructure to big spy agents like CIA and KGB.

The Internet that came as "a Free Forum" is now “a in spy catcher” of global scale.

That is where one loses his or her FREEDOM but become a part of self deception and perpetuate it in an endless cycle.

My addiction was blogging almost one piece day, thinking it might inspire creative thinking of my self and others who may interact.

Then I found that it was a self deception and most of the visiting (over 50% by me-to correct errors in spellings and language and content) was done by myself.

A revelation that made me to cut down on blogging to almost zero!

With that revelation, I found more time for me and my family.
Unfortunately, the dog is no more and I sometime wonder that it would have lived little longer had I spent less time in front of the "Global Idiot Box", my computer.
It is far better to spend more time in the pantry and make the soup tastes better and relieve oneself of global Internet deception whether it comes from your local politician or Trump or Putin.

Art of Deception


Art of Deception
Mankind loves lies.
In fact, the whole humanity is based on layers of lies, one on top of the other.
The modern history is concocted lies whether Eastern or Western.

Please do not blame only the CIA, which is of course is 'a factory of lies'.

One recent example is going to the moon on the first attempt.

This is the culmination of set of lies that started with the “god created the world and humanity” for his/her own fun.

So why Sworn on the Bible and makes a lie a truth?

Friday, January 18, 2019

Mind/Matter Conflict


Mind/Matter Conflict

This piece is hypothetical and any interpretation or mis-interpretations are all mine.

It should not be dissected out or expanded beyond context.

The bias here is on Buddhist point of view.

There is the universal concept of mind body duality.

Then the added confusion is that there is a creator behind this duality.

On the above duality there are two creative products.

One is the material (body).

The other is the subtle mind entity.

Which came first, the mind first or the matter first, is another dimension to this conundrum.

This has to be read in conjunction with Linda Moulton Howe’s Truth Hunter presentation in YouTube.

Her obsession is about alien agenda and genetic manipulation by two or three alien (greys, blonds and reptilian) entities.

Then there is an entity / entities called EBENs (Extraterrestrial Biological Entities).

If I say, for the point of view of the present discussion, the mind can exist on its own and the presence of body is the biggest hindrance (Sansara and Rebirth in Buddhist context) to the liberation of mind (the body grappling it out of control).

In that context, Meditation and Mind Control (not MK-Ultra) and attaining that state of liberation, what we call Nibbana is a meaningful exercise.

If that state can be achieved, then the awakening of the mind is limitless and would permeate the universe of understanding and reality of the Mind itself.

Nibbana is not an empty shell, after all.


To that extend EBENs are without a mind (the corollary that body/matter can exist without mind) and that is what escaped the discussion by Linda Moulton Howe.