Saturday, January 17, 2015

Waiting for the Next Step


 Waiting for the Next Step.

Reproduction.

ඔවුන්ගේ අසහනයට සහනය ලැබුණි.

පවුල් පාලනයට පණදීපු
මැර දේශපාලනය රජ කරවපු
මැර හමුදා නඩත්තු කරපු
ජාතික ධනය මංකොල්ල කාපු
ජාතිවාදය වපුරපු
ජාතිවාදී කල්ලි කණ්ඩායම් නඩත්තුකරපු
රාජපක්ෂ පාලනය බිඳවැටුන පසුවද
රාජපක්ෂලාගේ ආරක්ෂාව තහවූරුවිය
මෛත්‍රී පාලනයේ රනිල්
ඒ ආරක්ෂාවේ සාක්ෂි කරුවා විය
මෛත්‍රීගේ ජයග්‍රහණයෙන් පසු
මෛත්‍රීගේ අසහනය තුරන්විය
චන්ද්‍රිකාගේ අසහනයට පක්ෂය ලැබුණි
රනිල්ගේ බලාපොරොත්තුවෙන් භාගයක් ලැබුණි
ෆොන්සේකාගේ නැතිවුණු සියල්ල ලැබුණි
තුන් තේරවිලි කියූ 
අනුර දිසානායක 
ජයග්‍රහණයේ උරුමය බුක්ති විඳිමින් සිටියි
මහින්දගේ ලේකම්වරු වෙනුවට 
මෛත්‍රීගේ ලේකම්ලා පත්වෙමින් සිටිති
ශිරාණි Bandaranayake රාජපක්ෂ සාදාරනයි,  
ඉෂ්ට වෙනතුරු බලාසිටියි
මහින්ද චින්තනයෙන්
 මෛත්‍රී පාලනයට
සාමකාමිව 
බලය මාරුවෙමින් තිබෙයි
පැරදුන මහින්ද රාජ්‍ය මාධ්‍ය අහිමි වුනත්
මැදමුලනේ සිට 
සිංහල ජාතිවාදයට පණපොවමින් සිටි
ඊළාම් සිහින දකින්නෝ 
දෙමළ ජාතිවාදය අවූස්සමින්
මහින්දගේ පරාජය 
ඊළමේ ජයක් බව කියන්න දඟලයි
යුද ජයග්‍රහණ මානසිකත්වයෙන් සියල්ල දකින්නෝ
මහින්දගේ පරාජය නිසා අඩමින් සිටියි
මෛත්‍රීට වැඩ කල අය මෛත්‍රී පාලනය තුළ
තමන්ගේ පංගුව සොයමින් සිටියි
මේ ගෙවී යමින් තිබෙන්නේ ලංකා දේශපාලනයේ දක්ෂිණාංශික දේශපාලන කල්ලි දෙකක් අතර මතු පිටින් සාමකාමිව දේශපාලන බලය හුවමාරු වෙන දින කිහිපයකි.
 රට වැසියන් අන්දුන් කුන්දුන්වී මෛත්‍රී පාලනයට රට ඉදිරියට ගෙනයාමට පිබුරු පත් සකසන්නට ඉඩලබාදී බලා සිටින විවේකී අවදියකි.
 ඉතිං මේ දේශපාලන විවේකී කාලය අවසන් වු පසුව ජනතාවට බොහෝ ප්‍රශ්ණ අසන්නට හිතනු ඇත.
 මහින්දගේ පාලනයෙන් අසහනයට පත්වූ බොහෝ දෙනෙකු සිටියි.
 ඒ බොහෝ දෙනා අතුරින් කිහිප දෙනෙකු වෙනුවෙන් ජනතාව නැවත අවදිවෙන තුරු මෙසේ ප්‍රශ්ණ කිහිපයක් අසා තබමි .

santha-lasantha

එක්නැලිගොඩ මාධ්‍ය වේදියාට මොකද වුනේ කියා සොයනවද?

ලලිත් කූගන් කෝ කියා හොයනවද?

ශාන්ත විජේසුරිය මධ්‍යවේදියා ලංකාවට ආවොත් ආරක්ෂාව තහවුරු කරනවද ?

ලසන්ත ඝාතනයේ මිනීමරුවන් සොයනවද?

සුදු වෑන්වලින් උස්සපු මිනිසුන්ව සොයා දෙනවාද?

ඔවුන්ට සදාරණය ඉෂ්ඨ කරනවද?

ඉහත ඇත්තේ රාජපක්ෂ පාලන අවදියේදී ජනතාව නිතර ඇසුප්‍රශ්න කිහිපයකි.
ජනතාව ජනතාවගේ කොටස අවසන් කර තිබේ.
දැන් ඉතිරිව ඇත්තේ මෛත්‍රීගේකොටසය.


No comments:

Post a Comment