බෞද්ධ වතාවත් අතර ධර්ම සවනය හා ධර්ම දේශනය වැදගත්.
පිරිත් දේශනාව ඉන් කොටසක් පමණකි. කට පාඩමින් ඉගෙන ගත් දේ තහවරු කර ගැනීමට පිරිත් උපාය මාර්ගයක් වන්නට ඇත යන්න මගේ උපකල්පනයයි. එය බුද්ධ කාලයේ තිබුනේ නැත යන්න මගෙ නිගමනයයි.
දහම ඇත්තේ, අවබෝදය පිණිස මිස නැවත නැවත වර නගන්න නොවේ.
අවබෝද කරගත් තැනැත්තා එය නොපෙන් නන්න තරම් නිහතමානීය.
බුදු දහම, දමිලයන් විනාස කලාට පසුව, එය නැවත බුරුමයෙන් හෝ සියමයෙන් ලංකාවේ ස්තානොපගතවූ පසු පිරිත් දේශනා දහම රැක ගැනීමට උපාය මාර්ගයක් වන්නට ඇත. එය ඉන්දියාවෙන් උවත් එන්නට ඉඩ තිබේ.
මෙවැනි ක්‍රමයක් ඕස්ට්‍රේලියාවේ ආදීවාසින් පාවිච්චි කරන්නට ඇත.
පාලි භාෂාව ලංකාවේ උපන් භාෂාවක් නොව ඉන්දියානුවන් විසින් ස්තානගත කළ එකක් බව මගේ මතයයි.
සෙල්ලිපි වල පාලි අකුරු ඇත්තේම නැත.
හෙළ බස යට පත් වුවත් සෙල්ලිපිවල තවමත් රැදී ඇත.
ජයරත්න පතිරආරච්චි ඒ මගට යොමුවීම අනිත් අයටත් ආදර්ශයක්.
පිටරටක ඉදන් එය කරන්න බෑ.
ලංකාව ඉන්දියන් ආක්‍රමණයෙන් මුදවා ගැනීමත්, නිරාගමිකයන් බලයෙන් පහ කිරීමත් බෞද්ධ වතාවත් පවත්වන අතර අනිවාර්යෙන්ම කළ යුතුයි.
No comments:
Post a Comment