Thursday, January 15, 2026

බෞද්ධකම රැක ගැනීම - ජයරත්න පතිරආරච්චි

ලංකාවේ බුදුදහම මේ තරමටවත් රැකි ඇත්තේ සිල්වත් සමනුන් නිසාය. 

බෞද්ධ වතාවත් අතර ධර්ම සවනය හා ධර්ම දේශනය වැදගත්ය. 

පිරිත් දේශනාව ඉන් කොටසක් පමණකි. කට පාඩමින් ඉගෙන ගත් දේ තහවරු කර ගැනීමට පිරිත් උපාය මාර්ගයක් වන්නට ඇත යන්න, මගේ උපකල්පනයයි.

එය බුද්ධ කාලයේ තිබුනේ නැත යන්න මගෙ නිගමනයයි.

දහම ඇත්තේ, අවබෝදය පිණිස මිස නැවත නැවත වර නගන්න නොවේ.

අවබෝද කරගත් තැනැත්තා එය නොපෙන් නන්න තරම් නිහතමානීය.

බුදු දහම, දමිලයන් විනාස කලාට පසුව, එය නැවත බුරුමයෙන් හෝ සියමයෙන් ලංකාවේ ස්තානොපගතවූ පසු පිරිත් දේශනා, දහම රැක ගැනීම සදහා උපාය මාර්ගයක්‌ ලෙස පාවිච්චි කරන්නට ඇත.

එය, ඉන්දියාවේ නිෂ්පාදනයක් වන්නට ඉඩ තිබේ.

මෙවැනි ක්‍රමයක් ඕස්ට්‍රේලියාවේ ආදීවාසින් පාවිච්චි කරන්නට ඇත.

පාලි භාෂාව ලංකාවේ උපන් භාෂාවක්‌ නොව ඉන්දියානුවන් විසින් ස්තානගත කළ එකක්‌ බව මගේ මතයයි.

සෙල්ලිපි වල පාලි අකුරු ඇත්තේම නැත.

හෙළ බස යටපත් වුවත් සෙල්ලිපිවල තවමත් රැදී ඇත.

ජයරත්න පතිරආරච්චි ඒ මගට යොමුවීම අනිත් අයටත් ආදර්ශයක්.

පිටරටක ඉදන් අපට එය කරන්න බෑ.

ලංකාව ඉන්දියන් ආක්‍රමණයෙන් මුදවා ගැනීමත්, නිරාගමිකයන් බලයෙන් පහ කිරීමත් යන කරනා දෙක, බෞද්ධ වතාවත් පවත්වනවාට අමතරව, අනිවාර්යෙන්ම කළ යුතුය.

No comments:

Post a Comment