Thursday, October 30, 2025

ප්‍රමතිකරණය දහමේත් තිබිය යුතුයි

බොහොම අමාරුවෙන් LibreOffice සහ AbiWord වලට සිංහල Font ඇතුළු කර ගත්තා. 

මගේ චූ නොට් එක AI එකෙන් පරිවර්තනය කලා. ඒ පරිවර්තනය post කලා නම් කව්රුවත් කියවන්නේ නෑ. 
එය ග්‍රාම්යයි කියලා මට එක විදිහකට පරිභවයකුත් කලා. මට තරහ ගියේ නෑ.

එම ප්‍රකාශණය ග්‍රාම්‍ය විය යුතුයි. 
නැත්නම් දොස්තර කෙනෙක් කියන දෙය රෝගියෙකුට තේරෙන්නේ නෑ. 
වෛද්‍ය වෘත්තියේ AI වලට මා විරුද්ද ඒ නිසයි.

සැම දෙයකටම ප්‍රමතිකරනයක් අවශ්‍යයි.
විශේෂයෙන් අධිකරණ පද්ධතිය තුළ.

YouTube කාරයන් උසාවියට පෙර නඩු තීරණයන් දෙන්න පටන්ගත්තේ, ජාතික ජනබල වේගය ආණ්ඩුව යටතේ.

ප්‍රමතිකරණය කරුණු 5ක්‌ යටතේ කල හැකිය.

ධර්මයේ අනුව භාවනායෝගී පුද්ගලයාටද ප්‍රමතිකරණය අවශ්‍යයයි.

1. Sort
භාවනා කල යුත්තේ ඇයිද? යන්න මනසින් තීරණය කල යුතුයි. 
එසේ නැතුව කරන්නාවාලයේ කිරීම උචිත නැත.

2. Set
ස්ටානය සකසා ගත යුතුය.

3. Shine
පරිසරය නිරවුල් සහ පිරිසිදු විය යුතුයි.

4. Standadize
පුද්ගලයාට අනුව කමටහන්, පලපුරුදු භාවනායෝගියකු විසින් පුහුණු කල යුතුය.

5. Sustain 
උගත් පාඩම් ගිලිහෙන්න නොදිය යුතුය. 
තව වැඩි දියුණු කල යුතුය.

ධ්‍යාන මට්ටම් 4ක්‌ ඇත.

මෙම කරුණු පහ සපුරා ගැනීමට බැරිවූ නිසා මම එම උත්සාහය අත් හරියෙමි.

නමුත් මෛත්‍රීය කිරීමට උත්සාහ කරමි.

උත්සාහය අත හැර නැත.

No comments:

Post a Comment