Friday, February 6, 2015

Another Elephant Story

 Reproduction
Another Elephant Story 

It looks like the the good governance or law and order does not apply to politicians and their relations.

බැලූ බැල්මට නීති විරෝධීයැ’යි පෙනෙන අලි පැටවකු ලියාපදිංචි කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයදුම්පත‍්‍රයක් යොමු කර ඇත.

දැනගන්නට තිබෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම අලි පැටවා හිමිවී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සන්නසකට අනුවය. එම සන්නසට අනුව දෙනියාය කල්දිල්පාන රණසිංආරාමයේ භාරකරු වන එන්.ජී. රාජපක්ෂ යන අයට සංස්කෘතික කටයුතු සඳහා යොදවා ගැනීම සඳහායැ’යි කියමින් මෙම අලි පැටවා පිරිනමා ඇත.

සන්නසේ සඳහන් දිනය 2014/01/10 වන අතර ලංකාවේ කිසිදු බෞද්ධ විහාරයකට ගිහි භාරකරුවකු නොමැති බව බෞද්ධ හිමිවරුන් සනාථ කරන තත්ත්වය තුළ ඉහත සන්නසෙන් කර තිබෙන ප‍්‍රදානය සැකසහිතය. එමෙන්ම සන්නස ලැබී වසරක කාලයකට පසුව එම අලි පැටවා ලියාපදිංචියට ඉදිරිපත් කිරීමද සැකසහිතය.
 
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති උක්ත අයදුම්පත‍්‍රය පිළිබඳව රාවය අදාළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක මහතාගෙන් කළ කරුණු විමසීමේදී නුගේගොඩ, මිරිහාන, පැඟිරිවත්ත මාවත, 26ඒ යන ලිපිනයේ පදිංචි එන්.ජී. රාජපක්ෂ යන අය විසින් ගෝඨාභය රාජපක්ෂ යන අත්සනින් අලිපැටවකු ලියාපදිංචිය සඳහා අයදුමක් යොමුකර ඇති බව සනාථ කළේය.

මෙම අයදුම්පත‍්‍රයට අමතරව තවත් සන්නස් පත‍්‍ර දෙකකට අදාළ අලි පැටවුන් දෙදෙනකු සඳහාද අයදුම් තමන් වෙත ලැබී ඇතැ’යි ඔහු ප‍්‍රකාශ කළේය. එම අයදුම්පත‍්‍ර දෙක උපුල් දිසානායක සහ එන්. වන්නිආරච්චි යන අය විසින් යොමුකර ඇතැ’යි ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අයදුමට අදාළ අලි පැටවාගේ වයස අවුරුදු 4යි මාස 10ක් බවද ප‍්‍රකාශ කළේය.

පසුගිය අවුරුදු 20ක කාලය තුළ ලංකාවේ කිසිදු හීලෑ ඇතින්නියකට හෝ කෙනෙකට අලි හෝ ඇත් පැටවෙක් නොලැබී තිබෙන තත්ත්වය තුළ මෙම අලි පැටවා නීති විරෝධීව කැලයෙන් අල්ලාගෙන එන ලද එකකු නොවන්නේදැ’යි රාවය ඒ මහතාගෙන් විමසීමේදී ඔහු ප‍්‍රකාශ කළේ මෙම අයදුම්පත‍්‍රවලට සම්බන්ධ සියලූ අලි පැටවුන් පිළිබඳව මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බවය.

පසුගිය රජය සමයේ නොයෙක් බලපෑම් නිසා නීති විරෝධී අලි පැටවුන් පිළිබඳව පරීක්ෂණ අඩාල වූ බව ප‍්‍රකාශ කරන ඒ මහතා නව රජය යටතේ ඉදිරියේදී සියලූ නීති විරෝධී අලි පැටවුන් පිළිබඳව විමර්ශන සිදුකරන බව ප‍්‍රකාශ කළේය.

මෙම අලි අයදුම සහ අලි ගනුදෙනුව පිළිබඳව රාවය නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයකුට සන්නස් පත‍්‍රයක් මගින් මෙවැනි අලි පැටවුන් ප‍්‍රදානය කිරීමක් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් හෝ 2009 අංක 22 වනජීවී ආරක්ෂණ පනතේ කිසිදු ප‍්‍රතිපාදනයක් සලසා නොමැති බවය. ඒ නිසා මෙම ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

- See more at: http://ravaya.lk/?p=5691#sthash.JU95v2Ge.dpuf