Sunday, August 16, 2020

Mathematical Analysis of Politics in Details

Mathematical Analysis of Politics in Details

1.Every thirds person did not bother to cast his or her vote.

In other words 3 out of ten.

 

2. Every third person does not have a representative of his or choice.

In other words 3 out of ten but two out of three have a representative of choice.

In other words 7 out of ten.

 

3. 12 million out of 16 million did bother to vote.

In other words 4 million stayed at home.

 

4. 5% out of the total 76% voting public had destroyed or incorrectly marked the ballot paper.

In other words 1 out of 20 does not give a scant regard to its validity (staying at home was a better option).

A (5%) statistically significant figure.

 

5. Election commissioner and his team has done a wonderful job of putting out this data accurately within 10 to 11 hours of counting which is a creditable task.

I wish our super-grade public servant Mahinda Deshapriya and his brother Sunanda Deshapriya (old time leftist politician) in political wilderness in USA happy retirement out of politics in Ceylon.

In a way, the voter has closed the door for democracy by his own wish for a long time to come.

You cannot complain but bite the teeth or dust, in return.

Active opposition is the live wire of democracy but that little kindle has extinguished, after 70 years of vibrant but eventful history of our politics.

ප්‍රතිඵලවලින් පසු ප්‍රතිඵල සෙවීම

නිමල් අබේසිංහ

මහ මැතිවරණයක් අහවරව පවතින මේ මොහොතේ ඒ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් මැතිවරණ ප්‍රතිඵල ගැන විවිධාකාරයේ අර්ථ දැක්වීම් එළියට පැමිණෙමින් තිබේ.


ඔවුන් වෙතින් නැගෙන පළමු තර්කය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් මහ මැතිවරණයේදී ලබාගෙන ඇති බවය. මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව වන 6853698 හා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව වන 6924255 ගත් විට එම සංඛ්‍යාවන්හි මුහුණතින් ගත් විට ඡන්ද ලක්ෂයක ප්‍රමාණයක් අඩුවී ඇති බව පෙනුණත් සැබැවින්ම අඩුවී ඇති බව පෙනෙන්නේ ඡන්ද 70557ක් බව පැහැදිලි වේ.


පරාජයක් නොවේ


මෙම අඩුව දක්නට ලැබුණද සැබැවින්ම එය ජනාධිපතිවරණය හා මහ මැතිවරණය සසඳන විට අඩුවීමක් නොවන බව පැහැදිලිය. ඊට හේතුවන්නේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ සහායට සිටි තවත් දේශපාලන පක්ෂ කීපයක දායකත්වය සැපයූ බව දන්නා බැවිනි. එසේ සහාය දැක්වූවන් මෙවර මහ මැතිවරණයේදී තරග වැදුණේ තනි තනිවමය. එම පක්ෂ සහ ඔවුන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව මෙසේ පෙළ ගැසිය හැකිය. ඊපීඩීපී 61464, අපේ ජන බලවේගය 67752, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 66572, තමිල් මක්කල් වඩිතලෙයි 67692 සහ ජාතික කොංග්‍රසය 34428 වශයෙනි. මෙම පක්ෂවල ඡන්ද එකතුව ඡන්ද 297908කි. මෙම පක්ෂවල ඡන්දද ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ යැයි උපකල්පනය කළහොත් මහ මැතිවරණයේදී පොදු පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව (6853693+297908) = 7151601කි. එනිසා කිසිවෙකු හෝ මෙවර මහ මැතිවරණයේදී පොදු ජන පෙරමුණට ඡන්ද අඩුවී ඇතැයි තර්කයක් නගතහොත් එය සත්‍යයක් නොවේ.


මෙම ඡන්ද ප්‍රතිඵල සමග දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් 1978දී හඳුන්වා දුන් විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු වූ මොහොතක එනම් 19 වැනි ව්‍යවස්ථාව පවතින අවස්ථාවේදී පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලය හිමිවීමය.


යක්ෂයා බිහිසුණුද?


“ඡන්ද ප්‍රතිඵලය දකින විට ලංකාවේ අනාගතය ගැන ලංකාවේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගැන ඇඟ හිරිවැටෙන බියක් දැනේ.”
මේ ඡන්ද ප්‍රතිඵලය ගැන ලංකාවේ සුප්‍රසිද්ධ වෙබ් අඩවියක පළවූ අදහසකි. මෙරට මැතිවරණවලදී ඡන්දදායකයන්ගේ හැසිරීම් රටාව ගැන නිරීක්ෂණයක යෙදුණහොත් මේ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ගැන අමුතු බියක් මේ මොහොතේ ඇතිකර ගැනීමේ වුවමනාවක් නැත.


එක් දහස් නවසිය හැත්තෑවේ මහ මැතිවරණයේදී සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ සමගි පෙරමුණේ ප්‍රධාන සටන් පාඨය වූයේ හඳෙන් හෝ හාල් ගෙනත් දෙනවා යන්නය. එයට මේ රටේ ඡන්දදායකයන් කොතරම් වශීකෘත වූයේද යත් ඔවුන් නැවතුණේ සමගි පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබාදෙමිනි.


ඊළඟ අවස්ථාව නවසිය හැත්තෑ හතේ මහ මැතිවරණයය. සමගි පෙරමුණ ගෙන ගිය පාලනය ගැන කලකිරීමට පත්ව සිටි ජනතාවට ජේ.ආර්. ප්‍රමුඛ එජාපය පැවසුවේ සෑම අයෙකුටම සතියකට ධනය රාත්තල් අටක් නොමිලේ දෙන පොරොන්දුවය. එයින් මුසපත් වූවෝ ජේ.ආර්. ජයවර්ධනට සැලකුවේ දෝත පුරා හයෙන් පහක බලයක් පිරිනමමිනි.
ඉන් අනතුරුව මෙරට මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනුයේ 2020 අගෝස්තු මහ මැතිවරණයය. එය වඩාත් වැදගත් වනුයේ මෙතෙක් කිසිදු මැතිවරණයකදී කිසිදු පක්ෂයක් තමන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඉල්ලා නොසිටි වාතාවරණයක් තුළ 2020 මහ මැතිවරණයේදී තමන්ට තුනෙන් දෙකක බලයක් ලබා දෙන්නැයි ප්‍රසිද්ධියේම ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියේ මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ හවුලය. මේ වනවිට එකී ඉල්ලීම රටවැසියා විසින් ඉටුකර දී තිබේ. පොදු ජන පෙරමුණට තුනෙන් දෙකක් නොවූවත් ඊට ආසන්නම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් (මන්ත්‍රී ධුර 145ක්) ලබාදී ඇති අතර පොදු ජන පෙරමුණට සහාය දක්වන පක්ෂ ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාවද සලකා බලන විට මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාවද සලකා බලන විට මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව තුනෙන් දෙකද ඉක්මවා තිබේ. මෙම පසුබිම තුළ ඇතැමෙකු මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් බියක් දක්වන බවක්ද පෙනෙන්නට ඇත.
සමහරවිට මේ බිය දනවනු ඇත්තේ රාජපක්ෂවරුන්ගේ පූර්වාදර්ශයන් තරම්ම යහපත් නොව බැවින් විය හැකිය. එහෙත් මෙවර ජයග්‍රහණය ඔස්සේ එබඳු ක්‍රියාකාරකම් කෙරෙහි යොමුවන්නට තරම් රාජපක්ෂවරු අඥාන නොවනු ඇතැයි සිතිය හැකිය. එයට හේතුව මෙවර ජනතාව ඔවුන් කෙරෙන් අපේක්ෂාසහගත වන දේවල් ඉටු කිරීම හෝ නොකිරීම මත තමන්ගේ අනාගතය තීන්දු වන බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා බැවිනි. එලෙසම ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ එවැනි සංසිද්ධීන්ද ඇති බැවිනි.
අභියෝග ජය ගැනීම
මැතිවරණය ආසන්න සමයේදී මෙන්ම මැතිවරණයට පෙරදීත් රට තුළ පැන නැගුණු ප්‍රධාන ප්‍රශ්න දෙකක් විය. ඉන් පළමුවැන්න සුප්‍රසිද්ධ එම්සීසී ගිවිසුමය. ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යෝජනාවෙමින් තිබූ මෙම ගිවිසුම කෙරෙහි රටෙහි ජනයා තුළ දැඩි විරෝධයක් මතුවීම හේතු කොටගෙන එවකට පැවති භාරකාර රජය ලෙසින් රාජපක්ෂ ආණ්ඩුවට මෙම ගිවිසුම සම්බන්ධයෙන් නැගුණ ජනතා විරෝධය ප්‍රබල විය. ගිවිසුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක්ද පත් කිරීමට ඔවුනට සිදුවූයේ එනිසාය. ආර්ථික විද්‍යාව පිළිබඳ උගතෙකු වූ ආචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණ මේ කමිටු වාර්තාව අනුවද එම්සීසී ගිවිසුම ශ්‍රී ලංකාවට යහපත් ආකාරයෙන් බලනොපාන බවට කරුණු ඉදිරිපත්ව ඇත.
මැතිවරණ සමයේදීම පැන නැගුණු ඊළඟ බරපතළ ප්‍රශ්නය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගැටලුවය. එය ඉන්දියාවට පැවරීමට යන්නේය යන කාරණය මත සියලු වරාය සේවකයන්ගේ දැඩි විරෝධයක් මතුවූ අතර එයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඍජුවම මැදිහත්වීමටද සිදුවිය. ආණ්ඩුව පත්වීම සමගම කුළුඳුලේම මේ ප්‍රබල ප්‍රශ්න දෙකට මුහුණදීමට ඔවුනට සිදුවනු අනිවාර්යය. විශේෂිතම කාරණය වන්නේ රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණ උදෙසා දායක වූ පිරිස් බොහොමයක්ම එම්සීසී ගිවිසුම අත්සන් කරනවාට මෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරනවාට විරුද්ධවූවන් වීමය.
කිසියම් අයුරකින් මෙම ගිවිසුම් අත්සන් කිරීමට නව ආණ්ඩුව පෙළඹුණහොත් කුමක් වනු ඇතිද? එහිදී මේ ගිවිසුම්වල තිබෙන මෙරටට අයහපත් ලෙස බලපාන කොන්දේසි සංශෝධනය කර මේ ගිවිසුම් අත්සන් කරන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත්වීමේ ඉඩක්ද තිබේ. එහෙත් එවැනි හුරතල් කතාවලට රැවටෙන්නට තරම් රාජපක්ෂවරුන් බලයට පත් කළ පිරිස් සූදානම් වේවිද? එය ආණ්ඩුව අනාගතයේදී මුහුණ දෙන ප්‍රබල ගැටලුවකි.
කොවිඞ් 19 වසංගතය හේතුවෙන් මේ වනවිටත් රටේ ආර්ථිකය පවතින්නේ පතුළ නොපෙනන නාරාවළකය. කොවිඞ් 19හි බලපෑම නිසා රටේ විදේශ ආදායම හොඳටම පල්ලම් බැස තිබේ. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම, ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන ආදායම මෙන්ම සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඇනහිටි තත්ත්වයක පවතී. මේ හේතුව නිසා රටේ විදේශ සංචිත පෙට්ටගමේ පවතින විදේශ මුදල් ප්‍රමාණය සොච්චමක් වී ඇත. ලෝකයේම කොවිඞ් තත්ත්වය නිසා ඇතිවුණ ආර්ථිකය කඩා වැටීම මෙරටට එන බලපෑමද සුළුපටු නොවේ. එම ආර්ථික දුර්විපාක 2021 වනතුරුත් බලපාන බව නොරහසක් වන්නේ ඒ බැව් ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන්ද අනතුරු අඟවා ඇති බැවිනි.
මෙකී අටෝ රාශියක් ප්‍රශ්න අබිමුව තුනෙන් දෙකක බලයක් ගත් රාජපක්ෂවරුන් කුමක් කරනු ඇතිද යන්න වඩාත් හොඳින් බලා සිටින්නේ ඔවුන්ට ඡන්දය දුන් බහුතරයක් ජනතාවම බව ඔවුන් අමතක කළ යුතු නැත. ලිපිය ලියන මොහොත වන 2020 අගෝස්තු 12 වන විට නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කර හමාරය. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කළ හැකි උපරිම කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ක් වුවත් රාජපක්ෂවරුන් සිය කැබිනට් මණ්ඩලය ඇමතිවරු 26කට සීමා කර තිබේ.

කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 26ක් වුවත් රාජ්‍ය ඇමතිවරුන් 39ක්ද පත් කරන බව ප්‍රකාශයට පත්ව ඇත. ඒ අනුව ඇමති ධුර සංඛ්‍යාව 65ක් වී තිබේ. තිබෙන තොරතුරු අනුව තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවක්ද පත් කිරීමට නියමිතය. මේ සා විසල් ඇමතිවරුන් සංඛ්‍යාවක් පත් කිරීම තුළ සිය සගයන් සංතුෂ්ටියට පත් කිරීම උදෙසා සිදුකරන්නක් සේ පෙනේ. මෙය රටෙහි පවතින ආර්ථික අර්බුදය හමුවේ රටට ඔරොත්තු නොදෙන්නකි.

රාජපක්ෂවරුන්ට බලය පැවරූ අයගේ අභිමතාර්ථයන්ට පටහැනිවීමක්ද වේ. පොදු ජන පෙරමුණට බලය පැවරූ පිරිස මේ කෙරෙහි කුමන ප්‍රතිචාරයක් දක්වාවිද යන්න තවමත් තීරණය කළ නොහැක.


ඕනෑම අයකුට ලැබෙන අසීමිත බලය බොහෝ විට තමන්ගේම විනාශයට හේතුවන බවට කියමනක් තිබේ. මේ බලයෙන් ඉදිමී වරක් අත පුච්චා ගත් රාජපක්ෂවරුන් මෙවර ලබා ගත් බලයෙන්ද ඉදිමී කටයුතු කළහොත් එය ඔවුන්ගේ විනාශය කැඳවා ගැනීමක් වන බව නොසලකා කටයුතු කරාවිද?


එජාපයට කුමක් වේද?


මෙවර මහ මැතිවරණයේදී අන්ත අසරණ වූ දේශපාලන පක්ෂය වූයේ එක්සත් ජාතික පක්ෂයය. ශ්‍රී ලංකාවේ පැරණිතම හා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂය වන එජාපය මෙවර මැතිවරණයේදී නොසිතූ වීරු පරාජයක් උරුම කරගත්තේය. මෙවර මෙන් නොවුණත් ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක එජාපයෙන් ඉවත් වී ගිය පසුව පැවති 1956 මහ මැතිවරණයේදී එජාපයට උරුම වූයේ අන්ත පරාජයකි. එවැනිම තත්ත්වයකට 1970 මැතිවරණයේදීද ගොදුරු වන්නට එජාපයට සිදුවිය. මේ අවස්ථා දෙකෙහිදීම එවකට සිටි නායක කාරකාදීහු එජාපය යළි නැඟිටුවන්නට සමත් වූහ. 1994න් පසුව එජාපයේ ගමන් මග එතරම් සාර්ථක වූවක් නොවේ. 2015දී ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවන්නට හැකි වුවත් එය අනුන්ගේ අත්වාරුවේ පිහිටෙන් අත්පත් කර ගත්තකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තද එය අබල දුබල ආණ්ඩුවකි. ඒ බැව් වඩාත් පැහැදිලිවන්නේ මෙවර එජාපයට හිමිවුණු පරාජයෙනි. පෙනෙන අන්දමට නම් උහුලාගත නොහැකි පැරදුමකි. එහෙත් ඔවුන්ටද යළි හිස එසවීමේ හිඩැසක් මැතිවරණ ප්‍රතිඵල තුළම ප්‍රදර්ශනය වේ. ඒ වෙන කිසිවක් නොව මෙවර මහ මැතිවරණයේදී ලියාපදිංචි ඡන්දදායකයන් අතුරින් ඡන්දය භාවිත නොකළ පිරිස ගැන සලකන විටය. එය ගණනකින් 3920493කි. ඒ අතරේ මෙවර කවරදාකටවත් වැඩියෙන් ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. එම සංඛ්‍යාව 744373කි. ඉකුත් ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය වන 135452ක් හා සලකන විට හය ගුණයක පමණ වැඩිවීමකි. මේ කරුණු සලකන විට විශාල ඡන්ද සංඛ්‍යාවක් මෙවර භාවිත වී නැත. එජාපයේ ඡන්ද නිධානය ඇත්තේ එහිය. මේ තුළ අවම වශයෙන් ලක්ෂ තිහක පමණවත් එජාප ඡන්ද සංඛ්‍යාවක් තිබිය හැකි බව පෙනේ. මේ නිධානය ගොඩ ගැනීමට එජාපයේ නායකයන් සමත් වේ නම් ඔවුනටද අළු ගසා බසා දමා නැවත ශ්‍රී ලාංකේය දේශපාලනයේ නියැලෙන්නට ඉඩක් ඇත. එය ඔවුන්ගේ හැකියාව මත පමණක් තීන්දු වන බව අපට කිව හැකිය.


සජබය කොයිබටද?


සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් යුතු සමගි ජන බලවේගය මෙවර මැතිවරණයේ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2771980කි. එය ඔහු ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව වන 5564239න් අඩකටත් අඩුය. එනම් ඡන්ද 2792259කි. මෙම ඡන්ද ප්‍රමාණය අඩු වුවත් ඒවා එජාප ඡන්දම නොවේ. ඒ මන්දයත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දුන් පක්ෂ මෙවර වෙනම තරග කර ඡන්ද ලබාගෙන ඇති බැවිනි. එම පක්ෂ වන ඉලංගෙයි තමිල් අරසුකච්චි, අභිල ඉලංගෙයි තමිල් කොන්ග්‍රස්, එජාපය, තමිල් මත්තල් වඩිකලෙයි පුලික්කල්, මුස්ලිම් ජාතික සංවිධානය සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 1465633කි. මෙම සංඛ්‍යාවට සජිත් මෙවර ලබා ගත් ඡන්ද සංඛ්‍යාව වන 2771980 එකතු කළ විට මුළු ඡන්ද සංඛ්‍යාව 4237613කි. එයින් එජාපය ලබා ගත් ඡන්ද 249436කි. අඩු කළ විට මුළු ඡන්ද සංඛ්‍යාව 3988177කි.
මේ අනුව සජිත් ප්‍රේමදාසට මෙවර ලැබී ඇති ඡන්ද සංඛ්‍යාවට සහාය වූ අනෙක් පක්ෂවල ඡන්ද සංඛ්‍යාවද එකතු කර ජනාධිපතිවරණයේදී ලද ඡන්ද සංඛ්‍යාවෙන් අඩු කළ විට (5564239-3988177) ලැබෙන උත්තරය 1576062කි. ඒ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ලැබී මෙවර මහ මැතිවරණයේදී නොලැබුණු ඡන්ද සංඛ්‍යාව වේ.
විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය කුමන ආකාරයෙන් කටයුතු කරාවිද යන්න ගැන අපට තවමත් අනාවැකි පවසන්නට නොහැකිය. එහෙත් ඔවුන්ගේ ඉදිරි ක්‍රියාදාමය අනුව ඔවුන්ගේ ගමන් මග තීරණය වනු ඇති බව නම් ඉඳුරාම පැවසිය හැකි වේ.