Monday, June 6, 2016

New Sri-Lankan Protocol for Elephants


New Sri-Lankan Protocol for Elephants

This is a pretty good one for reproduction.

Difficult to translate and that takes the PUNCH out!

අලින්ට ප්‍රොටෝකෝල් එකක්

ඥානසිරි කොත්තිගොඩ

කට උත්තරයක් ගන්නට එන්නැයි කීවත් අලි මහේස්ත්‍රාත් සී.අයි.ඩී. එකට ගියේ නැත. සී.අයි.ඩී. එකට කට උත්තර නැතිවෙන්න අලි මහේස්ත්‍රාත් ගියේ බැචා ළඟටය.
බැචා යාග හෝම ශාන්තියක් කලේය.
ශක්‍රයාගේ පඬුපුල් අසුන රත්විය.
ශක්‍රයා වහාම සිය සම්බන්ධීකරක මාතලීට දැනුම් දුන්නේය.
මාතලී වට්සප් (What's up)එකෙන් බැචා හා සම්බන්ද විය.
ඒ අනුව අලි මහේස්ත්‍රාත් ගෙදර ගියේය.
මිනිස්සු කැළේ පදිංචියට ගියාට අලින්ට නගරයේ කරක් ගහන්න නීතියෙන් අවසර නැත.
ඒ මදිවාට විපක්‍ෂනායකවරයා හමුදා කඳවුරකට බලෙන් ඇතුල්වුනා වගේ මේ අලි පැටියාත් මහේස්ත්‍රාත්වරයෙකුගේ වත්තට බලෙන් ඇතුළ් වී ඇත.
වීරවංශ මන්ත්‍රීතුමා ඊට සාක්කිය.
අලි නිසා මිනිස්සු නිරපරාදේ අලි අමාරුවේ වැටෙන හැටි හොඳට දන්නේ එතුමාය.
මහේස්ත්‍රාත්වරයෙක් කියන්නේ කවුදැයි අවශ්‍ය නම් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගෙන්, ලෙනින් රත්නායකගෙන් හෝ සිසිර ආබ්බුරුගෙන් අලීන්ට අසා දැනගත හැක. ඒ නිසා මේ අලි පැටියාට පින්නවල හිරගෙදර හෝ පෙරහැරක ගෙනියන ලෙස උසාවියෙන් දඬුවමක් දිය යුතුය. ඒත් සමහරක් මාද්දිය සේවකයෝනම් ලියන්නේ සහ කියන්නේ පෙරහැරේ යන අලි හොඬවැල කටේ තියාගෙන යන්නේ ආඩම්බරයට කියලාය. හැබැයි එහෙම කිව්වේ කොයි අලියාද කියලා නම් ඔවුන් එළි කරන්නේ නැත. මූලාශ්‍රයන් හෙළි නොකිරීම මාධ්‍යට ඇති අයිතියක්‍ ය. ඒ නිසා ඒගැන අහන්නට කාටවත් අයිතියක්ද නැත. දෙමව්පියන් ගේ කීම් නොඅසා එක එකා එක්ක එහෙ මෙහෙ යන අලි පැටවුන්ට යහපාලනේ කියන්නේ මොකක්දැයි මේකෙන් ඉගෙන ගන්න පුලුවන. ඒක හොඳ ආදර්ශයක්‍ ය. ඒ එක්කම අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් හැම මොහෙතේම කියන්නේ දරුවන් වැදුවාට මදි රැක බලා ගැනීමත් දෙමව්පිය වගකීමක් කියලාය.
පූර්ණකාලීනව දේශපාලනේ කරන නිසා ඔවුන්ට මෙවැනි උතුම් අදහස් එනවා​. ඒත් අලි ඔලුවෙන් ඉන්න කැලෑ කොල කන අලි අම්මල තාත්තලාට මේවා තේරෙන්නේ නැතිය. ඒ නිසා උන්ටත් මේවා හොඳ පාඩම්‍ ය. අපේ හිටපු ජනාධිපතිතුමා යන යන හැම තැනකම සිය පවුල අරගෙන යන්න එයාර් බස් එකක් තමන්ටම කිය තබා ගත්තේ එනිසාය. දැන් ඉන්න අපේ ජනාධිපතිතුමාත් ඇමෙරිකාව වගේ දුරකට යනවානම් කොලු පැටියා එක්ක යනවාය. ඒ දරුදුක දන්නා නිසාය. අනෙක එහෙමත් එකක් බැරිනම් මේ ලබ්බෙන් ඇති ප්‍රයෝජනයකුත් නැත.
මීට පෙර මේ වගේ අලකලංචියක් වුනේ බුදුවෙන්න ඔන්න මෙන්න කියා ඉන්න අපේ උඩුවේ සාදුටය. බුදුන් ගේ කාලයේ පූර්වාරාම,වේළුවනාරාමය වගේ නම් තිබුනත් මෙතුමානන් වැඩ ඉන්නේ ඇලන්මැතිනියගේ (thankfully Allen Madam is dead, otherwise she would deliver a baby elephant herself, fathered by a saffron clothed guy)ආරාමයේය.
පාරිලෙයිය වනයට ගිය බුදුන්ට අලියෙක් උවටැන් කලත් පන්සලේ කවුදෝ දමාගිය අලි පැටියාට උවටැන් කලේ මෙතුමානන්‍ ය. වීරවංශ මන්ත්‍රීතුමා උගුර ලේ රහ වෙනකම් මේක කිව්වත් කවුරුත් පිලිගත්තේ නැතිය. පරෝපකාරය උන්වහන්සේගේ කාරයටත් වඩා ලොකුයි කිව්වා වාගේ අන්තිමේදී සිදුවුනේ කූඩුවට වඩින්නටය. මෙහිදීද සක්‍රයාගේ පාන්ඩුකම්බලය උනුවිය. අස්ගිරිය හිමිගේ මලගෙදරට සක්‍රභවනෙන් ආපු නියෝජිතයන් පිරිසක් අලුත් කඩේට විත් සාදුට ඇප ලබා දී චුත වුනේය. එලියට වැඩිය සාදු බනකදී කිව්වේ ගිය ආත්මයේ තලගොයා හිරකරන් හිටිය නිසා මේ දඩුවම ලැබුනු බවත් ඒ නිසා මේ ආත්මයේදීනම් තලගොයා හිරකරන් ඉන්නේ නෑ කියලාය.
දෙමළුන් ද අලින්ට ටිකක් සමානය.
අලි ඉන්න කැලෑවලට මිනිස්සු ගියාම මිනිස්සුන්ට ඉන්නට දෙන්නේ නැතිය.
මාද්දියේ සමහරක් මේවාට දමන්නේද අලි නම් .
එකක් අලි මිනිස් ගැටුමය.
අනෙක ඊළමය.
මිනිස්සු සමඟ සංහිඳියාවෙන් ඉන්න අලි දන්නේ නැතිවාක් මෙන්ම සිය ප්‍රදේශයන්ට පැමිනි සිංහල හමුදාවන් සමඟ සංහිඳියාවෙන් කල් ගෙවන්න දෙමළාද දන්නේ නැත.
සිංහල දෙමළ සංහිඳියාව වෙනුවෙන් සිංහලයාට දෙමළ භාසාව ඉගැන්විය යුතු යැයි අපේ අගමැතිතුමාගේ බුද්ධිමහිමයට වැටහුනත් අලි බාසාව අලි ගම්මානවල ඉන්නා අයට ඉගැන්විය යුතුයැයි පහල නොවුනේ අලින් ගේ වාසනාවට වියහැක.
කෙසේ වෙතත් අලි මහේස්ත්‍රාත්ගේ නීතිඥයන් කීවේ ඇප ලැබීම නීතියේ දෙව්දුව හරියට කිරා මැන බලා දුන් විසිස්ට තීන්දුවක් බවය. මාද්දිය කට්ටිය හොල්මන් වෙලා මයික් එක අල්ලා ගෙන සිටියා මිසක ප්‍රස්නයක් මතු කලේ නැත.
ඔවුන් ගේ මත ප්‍රකාසක මහින්ද මන්‍ත්‍රීතුමාවත් ලඟක හිටියා නම් කොහොමද සර් දැන් රටේ නීතිය කියා වොයිස් කට් පාරක් ගන්නට තිබුනේය. නැතිනම් ඉන්නට තිබුනේ නැගෙනහිරේ නාවික සෙබලා සහ එහි මහ ඇමැතිවරයාය. එහෙම වුනානම් අලින්ට ප්‍රොටෝකෝල් එක කියලා දෙන්නට තිබුනාය.
මේ අතර පසුගියදා සාගින්දරේ හිටි චන්දදායෙකුට උසාවිය ඇතුළේදී ඈනුමක් ගියේය. ඔහුට මාස හයක හිර දඩුවමක් නියම වුනි. සක්‍රයාගේ පාන්ඩුකම්බලය උනුවිය.
උසාවි තියෙන්නේ මහේස්ත්‍රාත්ලා,සාදුලා හා රටේ සම්මත වැදගතුන් නිදොස් කරන්නට මිස චන්දෙ කාලෙදී පමනක් ඕනෑවෙන එවුන්ට ඈනුම් අරින්නට නොවන බව උන් දැනගත යුතුය.
නීතියේ ආධිපත්‍යය කියන්නේ මේවාටය. එහෙම කෙරුවේ නැත්නම් නීතිය ඉදිරියේ කවුරුත් සමාන වන්නේද නැත. පනාමුරේ ඇත් රාජා නොහිටියේ යහපාලනයේ වාසනාවටය.

No comments:

Post a Comment