පාඩම 10
එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..
අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...
බුද්ධ ලෝකය නොදැන ධර්මය පමනක් සෙවීමේ මුළාව
'අවිද්‍යාව' කියන වචනයෙන් බොහෝ අර්ථ ගැබ් වෙන අතර එහි අර්ථය වටහා ගත යුත්තේ ඒ ඒ අවශ්ථාවන්ට අනුකූළවයි. සාමාන්‍යයෙන් මුළාව, යථා තතු නොදැනීම, අඳුර, මෝහය, මිත්‍යාව වැනි අදහස් එයින් ගම්‍ය වෙනවා. මෙය ලෞකික අර්ථයෙනුත් ලෝකෝත්තර අර්ථයෙනුත් යන දෙයාකාරයෙන්ම අවශ්ථානෝචිතව වටහා ගන්නට ඕනි.
පටිච්ඡ සමුප්පාද විග්‍රහයේදී අප ගත යුත්තේ එහි ලෝකෝත්තර අර්ථයයි. එනම් එහිදී ගත යුත්තේ සංයුක්ත නිකායේ පඨම අස්ස්සාද සූත්‍රයේ ඇති විග්‍රහයයි. එනම් මේ පංචස්ඛන්ධයේ ඇති අස්සාද ආදීනව නිශ්සරණ තතුසේ නොදැනීමම අවිජ්ජාව බව තේරුම් ගත යුතුයි.
එමෙන්ම සාමාන්‍ය ලෞකික ව්‍යවහාරයේදී යමෙකු මේ ලොව කුමක්දැයි මනාව වටහා නොගැනීමත් අවිද්‍යාව ලෙසමයි තේරුම් ගත යුත්තේ. සමහරු ලෝකය කියන්නේ ස්ඛන්ධ පංචකයෙන් නිර්මිත මේ බඹයක් පමණවු සිරුරටම පමණකැයි සිතා මුළාවෙයි. ඔවුන් වටහා ගන්නේ නෑ බුදුරදුන් ලෝකය කියා කිවේ සංස්ඛාර ලෝකය, අවකාශ ලෝකය හා සත්ව ලෝකය කියන මේ තුනටමයි කියාවත්. ඔවුන් සිතන්නේ තුන් ලෝකය කියන්නේ කාම, රූප හා අරුප ලෝක වලට කියායි. ඒ තුන සත්ව ලෝකයටම අයිති භූමි තුනක් පමනක් කියා ඔවුන් නොදනී. (මෙහි දී මා ලෝකය කියන්නේ පෘතුවියට යැයි වරදවා වටහා නොගන්න) කුමක්ද මේ ලෝකය?
උන් වහන්සේගේ ලෝකවිදූ ගුණයටවත් ගරු නොකරන ඔවුන්ගේ භෞද්ධකම ගැන කුමන කතාදැයි ඔවුන්ම තමන්ගේ විමසා ගනිත්වා.. මේ අය තමනුත් ධර්මය නැමති සර්පයා වැරදියට අල්ලාගෙන, අනුන්වත් නොමග යවන්නේ ඇයිදැයි සිතිය යුතු මොවේද? (සමහරුන්ට හිතට රිදෙයි..ඒත් මේව මෙහෙම කියන්නේ ඒ අයගේ යටිසිතේ තැන්පත්ව ඇති කෙළෙස් මළ කැඩී ගොස් මානය දුරුවී යාමටම විනා තරහකින් නම් නොවන බව නුවණැත්තෝ තේරුම් ගනිත්වා..)
ඉතින් සමහර ඒ අය ධර්මය පොඩ්ඩක් අල්ලාගෙන හිතනව පංචස්ඛන්ධය අනුසාරයෙන් සැකසුනු බාහිර හා අභ්‍යන්තර ලෝකය පමණයි විශ්වයේ තියෙන්නේ කියල. පස්සෙ හිතනව පංචස්ඛන්ධය වන ‘මම’ නැති කළොත් ඔක්කොම ඉවරයි කියල. ඒත් ඒ නැති කරන වැඩ පිළිවෙළවත් ඔවුන් හරියට දන්නේ නෑ. සමහර වෙලාවට ඔවුන් සිතනව මේ බාහිරව ඇති කිසිවක් නෑ ඒව ඔක්කොම හුදු මායාවල්ම පමණයි කියල. 'යමක් කරන කරවන කිසිවෙකුත් නෑ' යැයි ඔවුන් සිතයි. ඇත්තටම එය බරපතල මිත්‍යා දෘෂ්ඨියක්. බුදුරදුන් එවැනි අයට ඇමතුවේ මෝඝ පුරිෂය කියායි.
ඉතින් මෙතනදී සමහරුන්, සමහර වෙලාවට ත්‍රිලක්ෂණයත් අනිත්‍ය, දුක්ක, අනාත්ම වශයෙන් වැරදියට අල්ලාගෙන ආත්ම අනාත්ම දෘෂ්ටි වලටත් වැටෙනව. මෙලොවක් නැත, පරලොවක් නැත, ඔක්කොම ‘මම’ ඉවර කළාම ඉවරයි, වැනි මිත්‍යා දෘෂ්ටි වලමයි මේ ඉන්නේ කියලවත් ඔවුන්ට වැටහෙන්නේ නැති කමයි පුදුමය කියන්නේ. ලෞකික සම්මා දිට්ඨියෙවත් නැතිව ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන කවර කතාද? (මා සමග නොගැටෙන්න. තම සිත සමගම ගැටෙන්න)
බුදුරදුන් සියල්ල(සබ්බ) කීවේ කුමකටද කියාවත් පණ්ඩිත කතා කියන සමහරුන් දන්නේ නෑ. ඇත්තටම සියලු ලෝකය(සබ්බ) කියා බුදුරදුන් දෙසුවේ සංස්ඛාර ලෝකයටයි. මෙය පටලවා නොගත යුතු තැනක්ය. පින් පව් ධ්‍යාන කුසල් අකුසල් වැනි සංස්කාර ඔක්කොටමයි බුදු දහමේ සියල්ල කියා කියනුයේ. සියල්ල දුකයි කියා යමෙක් කීවොත් වැරදියි. ධ්‍යානවල හා පිනෙහි සුවයක් තියෙනවා. නමුත් ස්ථිරව තමන්ට කැමති පරිදි ඒවා පවත්වා ගන්නට නොහැකියි. එතනදීයි දුක හට ගන්නේ..
එහෙනම් නිවනට යෑමට ප්‍රථමව සියල්ලම අත් හරින්න කියා දහමේ කොහේද උගන්වා තියෙන්නේ? ඇත්තටම සියල්ල අත හරින්නේ අර්හත්වයේදීයි. ඒ දක්වාම හොඳ දේ අවශ්‍යයි නරක දේ පමණයි බැහැර කළ යුත්තේ.. මේ සමහර මිත්‍යා අදහස් නිසා පිරිසිදු දහමත් සමහරු අවුල් කරනවා.. ඇත්තටම අන් අයගේ ජීවිතත් අවුල් කරවනවා..
'සියල්ල' කියා කීවේ භෞතික දේවල් වලට නොවේ. පුද්ගල සංස්කාර ලෝකයටයි. භෞතිකව සකස් වුනු අවකාශ ලෝකයක් වෙනම පවතිනව. එම අවකාශ ලෝකයේ කෙළවරක් සොයන්න එපා කියා බුදුරදුන් කීවා යැයි කීම නිවැරදියි. ඒත් අවකාශ ලෝකය ගැන ඉගෙන ගන්න එපා, සොයන්න එපා වගේ වැරදි අදහසක් කොහෙත්ම එහි අදහස් වන්නේ නෑ.
‘ලෝකය’ තම තමන්ගේ බුද්ධි මට්ටමට අනුව තම තමන්ටම දැන ගන්න පුලුවන් දෙයක්. එනිසා මෙය තේරුම් ගැනීමට අපොහොසත් සමහර අයට බුදුරදුන් උත්තර නොදී නිහඬව හිටි අවශ්ථාත් තිබෙනවා. මොකද විලක ඉන්න මාලුවෙකුට මහ මුහුද ගැන කීවට වැටහෙන්නෙ නෑ. එනිසා ඒ ගැන කතා නොකර සිටීමමයි උචිත වන්නේ. නැත්නම් එම මාලුවා මුහුද සොයා වටහා ගන්නට ගියහොත් තම ජීවිත කාළයම නාස්ති කර ගන්න එකයි වෙන්නේ. එනිසා එම මාලුවාට වඩාත් සුදුසු වන්නේ එම විලේ සිටම ඒ වටා ඇති පරිසරය වටහාගෙන තමන්වම තේරුම් ගෙන මාරයාගෙන් (මාලු මරන්නාගෙන්) මිදෙන මග ගැන සිතීමයි.
මනුස්ස, ප්‍රේත, භූත, අසුර හා දිව්‍යලෝක?
නමුත් ගඟක සිටින මාලුවෙකු මුහුද ගැනත් ටිකක් දන්නවා වෙන්න පුලුවන්. ඒ ගඟේ සිටින මාලුවාට නම් අවශ්‍ය වුනොත් ගඟ දිගේ මුහුදට යන්නත් පුලුවන්. එහෙනම් ඒ මාලුවාට මුහුද ගැන තේරෙනවා. එනිසා මුහුද ගැන කියන්නට වෙනවා. නොකීවොත් එයා වැරදියට වටහා ගන්නවා. එයා හිතනවා මාරයාගෙන් බේරීමට මුහුදට ගියාම පුලුවන් කියල. එනිසා එයාට මුහුද ගැනත් ඇත්ත කියල දීල එතනත් මාලු මරන්නන් ඉන්නව කියල වටහා දෙන්න ඕනි..
ඉතින් ඔය වගේ තමයි ලෝකෙ ගැන දන්න අයට, විපරම් කරන අයට අවකාශ ලෝකයේ තතු පෙන්වා දෙන්නට වෙනවා. නැත්නම් එයාලට බොරු කියල මුදවා ගන්න බෑ. වටහා දිය යුත්තේ එහි කෙළවරක් නොමැති බව විතරයි..
චුල්ල මාලුංක්‍ය පුත්ත සූත්‍රය බුදුරදුන් මාලුක්‍ය පුත්ත තෙරුන් වහන්සේටයි දේශනා කලේ. එහිදී බුදු රදුන් මාලුක්‍ය පුත්ත හාමුදුරුවන්ට දුන් පිළිතුර වූයේ බඹයක් පමණ වූ ශරීරය පිළිබඳව බැලීමෙන් විසඳුම් සොයා ගත හැකි බවයි. ඔහුට කීවේ සංස්කාර ලෝකය පමනක්ම සොයන ලෙසයි.
සමහරුන්ට නොවැටහෙන දේවල් කියන්න ගියාම ඔවුන් ඒවා අනාගන්නවා. එක සූත්‍රයකින් පමණක් බුදුදහම විග්‍රහ කළ නොහැක. මක්නිසාදයත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර වලදී ධර්මය දේශනා කලේ ඒ ඒ පුද්ගලානු රූපවයි. එක එක්කෙනාට යමක් තේරෙන ආකාරය වෙනස්.. චුල්ල පන්ථක හාමුදුරුවන්ට දුන්නේ සුදු රෙදි කඩක් පමණයි..
බුදුරජාණන් වහන්සේ වටහා ගැනීමට හැකියාව ඇති අයට අවකාශ ලෝකය ගැන මනාව දේශනා කරල තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රය, බ්‍රහ්මජාල සූත්‍රය, නගර සූත්‍රය, චක්කවත්ති සීහනාද සූත්‍රය, සප්ත සූරියෝද්ගමන සූත්‍රය, චූළණිකා සූත්‍රය, ප්‍රථම කෝසල සූත්‍රය වගේ බොහෝ සූත්‍ර වල අවකාශ ලෝකය ගැන දේශනා කරල තියෙනවා කියල අමතක නොකළ යුතුයි.. ලෝකය කිව්වම තුන් වැදෑරුම් වෙනවා නම් ඉන් එකක් වූ සංස්කාර ලෝකය ගැන පමනක් කතා කිරීම ප්‍රමාණවත් නැති බව තෙරුම් ගන්න ඕනි. නැත්නම් එය හුදෙක් මුළාවක්ම වනු ඇත.
බුදුහාමුදුරුවොත් මුලින්ම ගවේශණය කළේ කුමක්ද මේ ලෝකය, එයින් මිදෙන්නට අන් තැනක් තිබෙනවාද කියා සොයන එකයි. උන් වහන්සේ පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත වැනි ඤාණයන් තුලින් එදා දැක්කා තමන් පෙර කාළයක් සිට නොයෙක් බව වල ඉපදෙමින් මැරෙමින් සැරිසරන ආකාරය.. අනෙක් සත්වයන්ද එසේම සසර ගමන් කරන ආකාරය මනාව දැක්කා.. මේ සත්වයා තමන් විසින්ම කරගන්නා කර්ම රටාවකට අනුකූළව නොයෙක් නොයෙක් ආකාරයට, නොයෙක් නොයෙක් තැන්වල, ලෝකවල උපදින ආකාරය උන් වහන්සේ දැක්කා..
කෙළවරක් නොපෙනෙන මේ අවකාශ විශ්ව ලෝකයේ සිටින සියලු සත්වයින් කාම,රූප,අරූපී සත්ව ලෝකයන්හි කොටුවී හිරවී දුකෙහිම වෙලී ඇති ආකාරය උන්වහන්සේ මනාව දැක්කා.. විශ්වයේ කෙළවරක් නොපෙනෙන අනෙකුත් ලෝක තල වලත් දුකෙන් මිදෙන්නට තැනක් නොමැති බව දැක්කා.. ඒ ලෝකයන්ගෙන් මිදීමත්, ඉන් එතෙර වී මිදෙන මගත් උන්වහන්සේ දැක අවබෝධ කළා..
අවිද්‍යාව නිසා රාග ද්වේෂ මෝහ කෙළෙස් වලින් බාහිර ලෝකයට බැඳිල පටිච්ඡ වෙලා සංඛාර කරමින් අස්සාද පසුපස්සේ දුවමින් අසාරවූ සංසාර ගමනක් පටිච්ඡසමුප්පන්නව යන සත්ව පුද්ගලයෙකු මේ මාර ලෝකයට කොටුවී ඇති බවත් උන්වහන්සේ මනාව දැක්කා. එයින් මිදිය යුතු ආකාරයත්, ඉන් මිදෙන්නට නම් මාරයා සමග කිසියම් ගනුදෙනුවක් පියවීමට ඇති බවත් උන්වහන්සේ අවබෝධ කළා.. එය මනාව දැක උන්වහන්සේ ඊට අනුගමනය කළයුතු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම ගැලැපෙන පිළිවෙතක් දේශනා කළා.
මේ සංසාරය කියන ගේ හදන වඩුවා තමන් තුලින්මත් අනෙක් සත්වයන් තුලිනුත් උන්වහන්සේ මනාව දැක අවබෝධ කළා... පංචස්ඛන්ධයෙන් නිර්මිත තම ලෝකය නියමිත ක්‍රමවේදයට අනුව, කිසිඳු සත්වයෙකුට හානියක් නොවන අයුරින්, අවසන් කළහොත් අනෙකුත් සියලු ලෝක වලින් මිදෙන්නට හැකි බවත් ඊට අදාළ ලෝකෝත්තර මගත් උන්වහන්සේ සියලු ලෝක සත්වයන්ට දේශනා කොට වදාළා...
ඉතින් මේ තුන් ලෝකය හරියට නොදැන නොවටහාගෙන යමෙක් නිවන් දකින්නට යනවානම් ඒ කවර විහිලු කතවක්දැයි අපම සිතිය යුතුය.. ලෝකවිදූ ගුණයෙන් අග තැන්පත් බුදුපියාණන් වහන්සේටත් ලෝකය උගන්නන්නට යන අය ලෝකෝත්තරයෝම නොවේද? (සමහරුන්ට හිතට රිදෙයි..ඒත් මේව මෙහෙම කියන්නේ ඒ අයගේ යටිසිතේ තැන්පත්ව ඇති කෙළෙස් මළ කැඩී ගොස් මානය දුරුවී යාමටම විනා තරහකින් නම් නොවන බව නුවණැත්තෝ තේරුම් ගනිත්වා..)
ඇත්තටම කියනවනම් පිරිසිදු දහමම පවතිනවනම්, නිවනම කරා ඒකායනව යන භික්ෂුවකට සසරින් මිදීමට අවශ්‍ය වන්නේ මේ සංස්කාර ලෝකයෙන් මිදෙන එකම තමයි. මොකද බුදුරදුන් ජීවමානව සිටි යුගයේදී උන්වහන්සේ පහළ වුනේ කොහේද කියල සොයන්නවත් දහමේ නිරවුල් බව පිළිබඳ සැකයක් ඇති වන්නේවත් නෑ. ඒත් බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 2500කට වැඩිවූ අද වනවිට ඒ දහම එලෙසම පවතිනු ඇතැයි සිතීම මුළාවක්.
මේ දහමට එකිනෙකාගේ අත්තනෝ මත තුලින් හා සතුරු බළපෑම් තුලින් සිදුවී ඇති හානිය ඉමහත්ය. ඒකයි මේ බුද්ධ ඉතිහාසය ටිකක් සොයා තෝරා බේරා දැන ගත යුතු වන්නේ. නැතුව වෙන අහවල් දේකට නොවෙයි. රන් තැඹිලි තෙල් හා පොල් තෙල් යන දෙක පටලවා ගත්තොත් හරියයිද..? මැණික් කියල තිරිවාණ ගල් තියාගෙන හිටියට වැඩක් තියෙනවද?
Wednesday, October 1, 2025
පාඩම 10
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment